යෙදුමෙන් කියවන්න

අභිනන්‍දනං සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 3. 8.

1. 1. 3. 8.

අභිනන්‍දනං සුත‍්තං

අභිනන්‍දන සූත්‍රය

29. සාවත්‍ථියං–

29. සැවැත්නුවර–

යො භික‍්ඛවෙ, රූපං අභිනන්‍දති, දුක‍්ඛං සො අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො වෙදනං අභිනන්‍දති -පෙ- යො සඤ‍්ඤං අභිනන්‍දති -පෙ- යො සඞ‍්ඛාරෙ අභිනන්‍දති -පෙ- යො විඤ‍්ඤාණං අභිනන්‍දති, සො දුක‍්ඛං අභිනන්‍දති. යො දුක‍්ඛං අභිනන්‍දති අපරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, යමෙක් රූපය අභිනන්‍දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්‍දනා කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.

යො ච ඛො භික‍්ඛවෙ, රූපං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමි. යො වෙදනං නාභිනන්‍දති -පෙ- යො සඤ‍්ඤං නාභිනන්‍දති -පෙ- යො සඞ‍්ඛාරෙ නාභිනන්‍දති -පෙ- යො විඤ‍්ඤාණං නාභිනන්‍දති, දුක‍්ඛං සො නාභිනන්‍දති. යො දුක‍්ඛං නාභිනන්‍දති, පරිමුත‍්තො සො දුක‍්ඛස‍්මාති වදාමීති.

මහණෙනි, යමෙකුන් රූපය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් විංඥානය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි යි.

1. 1. 3. 9.

1. 1. 3. 9.

උප‍්පාද සුත‍්තං

උප්පාද සූත්‍රය

30. සාවත්‍ථියං–

30. සැවැත්නුවර–

යො භික‍්ඛවෙ, රූපස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො , දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො රොගානං ඨිති ජරාමරණස‍්ස පාතුභාවො. යො වෙදනාය උප‍්පාදො -පෙ- යො සඤ‍්ඤාය උප‍්පාදො -පෙ- යො සඞ‍්ඛාරානං උප‍්පාදො -පෙ- යො විඤ‍්ඤාණස‍්ස උප‍්පාදො ඨිති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, දුක‍්ඛස‍්සෙසො උප‍්පාදො රොගානං ඨිති ජරාමරණස‍්ස පාතුභාවො.

මහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වේදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් ප්‍රාදුර්‍භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.

යො ච ඛො භික‍්ඛවෙ, රූපස‍්ස නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස‍්ස අත්‍ථඞ‍්ගමො. යො වෙදනාය නිරොධො -පෙ- යො සඤ‍්ඤාය නිරොධො -පෙ- යො සඞ‍්ඛාරානං නිරොධො -පෙ- යො විඤ‍්ඤාණස‍්ස නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, දුක‍්ඛස‍්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස‍්ස අත්‍ථඞ‍්ගමොති.

මහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්‍යුපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.

1. 1. 3. 10.

1. 1. 3. 10.

අඝමූල සුත‍්තං

අඝමූල සූත්‍රය

31. සාවත්‍ථියං–

31. සැවැත්නුවර–

අඝඤ‍්ච ඛො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි, අඝමූලඤ‍්ච. තං සුණාථ -පෙ-

මහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:

කතමඤ‍්ච භික‍්ඛවෙ අඝං:

මහණෙනි, දුඃඛය කවරෙ යත්:

රූපං භික‍්ඛවෙ, අඝං, වෙදනා අඝං, සඤ‍්ඤා අඝං, සඞ‍්ඛාරා අඝං, විඤ‍්ඤාණං අඝං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අඝං.

මහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, අඝමූලං:

මහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:

යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, අඝමූලන‍්ති.

පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.

1. 1. 3. 11.

1. 1. 3. 11.

පභඞ‍්ගු සුත‍්තං

පභඞ්ගු සූත්‍රය

32. සාවත්‍ථියං–

32. සැවැත්නුවර–

පභඞ‍්ගුඤ‍්ච වො ඛො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි අප‍්පභඞ‍්ගුඤ‍්ච. තං සුණාථ. -පෙ-

මහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.

කිඤ‍්ච භික‍්ඛවෙ, පභඞ‍්ගු, කිං අප‍්පභඞ‍්ගු:

මහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:

රූපං භික‍්ඛවෙ, පභඞ‍්ගු. යො තස‍්ස නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, ඉදං අප‍්පභඞ‍්ගු. වෙදනා පභඞ‍්ගු. යො තස‍්සා නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, ඉදං අප‍්පභඞ‍්ගු. සඤ‍්ඤා පභඞ‍්ගු යො තස‍්සා නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, ඉදං අප‍්පභඞ‍්ගු, සඞ‍්ඛාරා පභඞ‍්ගු. යො තෙසං නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, ඉදං අප‍්පභඞ‍්ගු. විඤ‍්ඤාණං පභඞ‍්ගු. යො තස‍්ස නිරොධො වූපසමො අත්‍ථඞ‍්ගමො, ඉදං අප‍්පභඞ‍්ගූති.

මහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.

භාරවග‍්ගො තතියො.

තෙවැනි භාරවර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

භාරං පරිඤ‍්ඤං අභිජානං ඡන්‍දරාගෙන තයො ච අස‍්සාදා අභිනන්‍දනා ච උප‍්පාදො අඝමූලං පභඞ‍්ගු චා ති.

භාරසූත්‍රය, පරිඤ සූත්‍රය, අභිජානසූත්‍රය, ඡන්‍දරාග සූත්‍රය හා අස්සාද සූත්‍ර තුණය, අභිනන්‍දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූලසූත්‍රය, පභංගු සූත්‍රය යන එකොළොස යි.