යෙදුමෙන් කියවන්න

පඨම නතුම‍්හාක සුත‍්තං

1. 1. 4. 1.

1. 1. 4. 1.

පඨම නතුම‍්හාක සුත‍්තං

පළවැනි නතුම්හාක සූත්‍රය

33. සාවත්‍ථියං–

33. සැවැත්නුවර–

තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි ‘භික‍්ඛවො’ති, ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ මහණහු ද ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල වදාළසේක:

යං භික‍්ඛවෙ, න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති.

මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය (ඡන්‍දරාගප්‍රහාණ විසින්) දුරු කරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යැ.

කිඤ‍්ච භික‍්ඛවෙ, න තුම‍්හාකං:

මහණෙනි, කවරක් තොපගේ නො වේය යත්:

රූපං භික‍්ඛවෙ, න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සතීති.

මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය තොපගේ නො වෙයි. එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යං ඉමස‍්මිං ජෙතවනෙ තිණකට‍්ඨසාඛාපලාසං තං ජනො හරෙය්‍ය වා ඩහෙය්‍ය වා යථාපච‍්චයං වා කරෙය්‍ය. අපිනු තුම‍්හාකං එවමස‍්ස: “අම‍්හෙ ජනො හරති වා ඩහති වා යථාපච‍්චයං වා කරොතී”ති.

මහණෙනි, යම්සේ මේ දෙව්රම්හි තණ - දැව - අතු කොළ ඇත් ද ජනයා එය රැගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති පරිදි කරන්නේ හෝ වේද, (එකල්හි) මහණෙනි, තොපට මේ සිත වන්නේ ද: “ජනයා අප හැරගෙන යෙයි හෝ දවයි හෝ කැමැති පරිදි කෙරෙයි හෝ” යි?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැයි.

තං කිස‍්ස හෙතු?

ඒ කවර හෙයිනැ?

න හි නො එතං භන‍්තෙ, අත‍්තා වා අත‍්තනියං වාති.

වහන්ස, තෙල අපගේ ආත්ම හෝ ආත්ම පිළිබඳ හෝ නො ම වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, රූපං න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා න තුම‍්හාකං -පෙ- සඤ‍්ඤා න තුම‍්හාකං -පෙ- සඞ‍්ඛාරා න තුම‍්හාකං -පෙ- විඤ‍්ඤාණං න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස‍්සතීති.

මහණෙනි, එ පරිදි ම රූපය තොපගේ නො වෙයි, එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරව, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.