යෙදුමෙන් කියවන්න

දුතිය අස‍්සාද සුත‍්තං

1. 1. 3. 6.

1. 1. 3. 6.

දුතිය අස‍්සාද සුත‍්තං

දෙවැනි අස්සාද සූත්‍රය

27. සාවත්‍ථියං–

27. සැවැත්නුවර–

රූපස‍්සාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො රූපස‍්ස අස‍්සාදො තදජ‍්ඣගමං. යාවතා රූපස‍්ස අස‍්සාදො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. රූපස‍්සාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො රූපස‍්ස ආදීනවො තදජ‍්ඣගමං. යාවතා රූපස‍්ස ආදීනවො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. රූපස‍්සාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං රූපස‍්ස නිස‍්සරණං තදජ‍්ඣගමං. යාවතා රූපස‍්ස නිස‍්සරණං පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං.

මහණෙනි, මම රූපයාගේ ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආස්වාදයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය ද අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ නිශ්ශරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී.

වෙදනායාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං -පෙ- සඤ‍්ඤායාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං -පෙ- සඞ‍්ඛාරානාහං, භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං -පෙ- විඤ‍්ඤාණස‍්සාහං භික‍්ඛවෙ, අස‍්සාදපරියෙසනං අචරිං. යො විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො තදජ‍්ඣගමං. යාවතා විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. විඤ‍්ඤාණස‍්සාහං භික‍්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො විඤ‍්ඤාණස‍්ස ආදීනවො තදජ‍්ඣගමං. යාවතා විඤ‍්ඤාණස‍්ස ආදීනවො පඤ‍්ඤාය මෙ සො සුදිට‍්ඨො. විඤ‍්ඤාණස‍්සාහං භික‍්ඛවෙ, නිස‍්සරණපරියෙසනං අචරිං. යං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං තදජ‍්ඣගමං. යාවතා විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං පඤ‍්ඤාය මෙ තං සුදිට‍්ඨං.

මහණෙනි, මම වේදනාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි, … මහණෙනි, මම සංඥාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම සංස්කාර පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම විඥානය පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආස්වාදයක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මහණෙනි, මම විඥානය පිළිබඳ ආදීනව පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම විඥානයාගේ නිශ්ශරණපර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද එය මා විසින් ප්‍රඥායෙන් දක්නා ලදී.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං. නෙවතාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං.

මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු නුවණින් අවබෝධ නො කෙළෙම් වේ ද, මහණෙනි, මම ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය මොනවට අවබෝධ කෙළෙමි යි පිළින නො කෙළෙමි.

යතොච ඛො’හං භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණෙතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති. නත්‍ථිදානි පුනබ‍්භවොති.

මහණෙනි, මම යම් කලෙක මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ මෙසේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු මොනොවට අවබෝධ කෙළෙම් වේ ද, මහණෙනි, එසඳ මම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යී ප්‍රතිඥා කෙළෙමි. මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය යැ. මේ අන්තිම ජාති වෙයි, දැන් පුනර්‍භවයෙක් නැති යි මට ඥානදර්‍ශනය ද උදා විය.