යෙදුමෙන් කියවන්න

පඨම අස‍්සාද සුත‍්තං

1. 3. 5.

1. 1. 3. 5.

පඨම අස‍්සාද සුත‍්තං

පළවැනි අස්සාද සූත්‍රය

26. සාවත්‍ථියං–

26. සැවැත්නුවර–

පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි:

මහණෙනි, සම්බෝධියෙන් පළමු මැ අභිසම්බෝධියට නො පත් බෝසත් වූ මැ මට මේ සිත පහළ විය:

කො නු ඛො රූපස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණං: කො වෙදනාය -පෙ- කො සඤ‍්ඤාය -පෙ- කො සඞ‍්ඛාරානං -පෙ- කො විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණන‍්ති:

රූපයාගේ ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ, නිස්සරණය කිමෙක: වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්ගේ … විඥානයෙහි ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ. නිස්සරණය කිමෙකැයි.

තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එතදහොසි: යං ඛො රූපං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං රූපස‍්ස අස‍්සාදො. යං රූපං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං රූපස‍්ස ආදීනවො. යො රූපස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං රූපස‍්ස නිස‍්සරණං.

මහණෙනි, ඒ මාහට තෙල සිත විය: රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද විපරිණාම සැහැවි ද, මේ රූපයාගේ ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මේ රූපයාගේ නිස්සරණ යි.

යං වෙදනං පටිච‍්ච -පෙ- යං සඤ‍්ඤං පටිච‍්ච -පෙ- යං සඞ‍්ඛාරෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං සඞ‍්ඛාරානං අස‍්සාදො. යෙ සඞ‍්ඛාරා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං සඞ‍්ඛාරානං ආදීනවො. යො සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං සඞ‍්ඛාරානං නිස‍්සරණං.

වේදනාව නිසා … සංඥාව නිසා … සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙසංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්ගේ යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද, මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි.

යං විඤ‍්ඤාණං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො. යං විඤ‍්ඤාණං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං විඤ‍්ඤාණස‍්ස ආදීනවො. යො විඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං.

විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්සාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මේ විඥානයාගේ ආදීනව යි. විඥානයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.

යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං න අබ‍්භඤ‍්ඤාසිං, නෙවතාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං

මහණෙනි, යම්තාක් මම් මෙ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනව ආදීනව වශයෙන් ද නිශ්ශරණ නිශ්ශරණ වශයෙන් ද මේ සෙයින් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි නො ම ප්‍රතිඥා කෙළෙමි.

යතොච ඛො’හං භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං එවං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණෙතිතො යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති. නත්‍ථිදානි පුනබ‍්භවොති.

මහණෙනි, යම් කාලෙක පටන් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් ගේ ආස්වාදය ආස්වාද විසින් ද ආදීනව ආදීනව විසින් ද නිශ්ශරණය නිශ්ශරණ විසින් ද මෙ සෙයින් යථාභූත කොට අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැයි ප්‍රතිඥා කෙළෙමි. මට ඥානදර්‍ශනය ද උපන, මාගේ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) අකෝප්‍ය යැ, මේ අන්තිම ජාතිය යි, දැන් පුනර්‍භවයෙක් නැති යි.