යෙදුමෙන් කියවන්න

පරිඤ‍්ඤා සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 3. 2.

1. 1. 3. 2.

පරිඤ‍්ඤා සුත‍්තං

පරිඤ්ඤා සූත්‍රය

23. සාවත්‍ථියං–

23. සැවැත්නුවර–

පරිඤ‍්ඤෙය්‍යෙ ච භික‍්ඛවෙ ධම‍්මෙ දෙසිස‍්සාමි පරිඤ‍්ඤඤ‍්ච. තං සුණාථ -පෙ-

මහණෙනි, පරිඥේය ධර්‍මයනුදු දෙසමි. පරිඥා ද දෙසමි. ඒ අසව …

කතමෙ ච භික‍්ඛවෙ පරිඤ‍්ඤෙය්‍යා ධම‍්මා:

මහණෙනි, පරිඥේය ධර්‍මයෝ කවරහ යත්:

රූපං භික‍්ඛවෙ, පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො, වෙදනා පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො, සඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො, සඞ‍්ඛාරා පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො, විඤ‍්ඤාණං පරිඤ‍්ඤෙය්‍යො ධම‍්මො. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, පරිඤ‍්ඤෙය්‍යා ධම‍්මා.

මහණෙනි, රූපය පරිඥේය (සමතික්‍රම කළයුතු) ධර්‍ම යැ, වේදනා පරිඥේය ධර්‍ම යැ සංඥා පරිඥේය ධර්‍ම යැ සංස්කාර පරිඥේය ධර්‍ම යැ විඥාන පරිඥේය ධර්‍ම යි. මහණෙනි, මොහු පරිඥේය ධර්‍මහ යි කියනු ලැබෙත්.

කතමා ච භික‍්ඛවෙ, පරිඤ‍්ඤා:

මහණෙනි, පරිඥා කවර යත්:

යො භික‍්ඛවෙ රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො. අයං වුච‍්චති භික‍්ඛවෙ පරිඤ‍්ඤාති.

මහණෙනි, යම් රාගක්‍ෂයෙක් දෝසක්‍ෂයෙක් මෝහක්‍ෂයෙක් ඇත් ද, මහණෙනි, මේ පරිඥා යි කියනු ලැබේ.

1. 1. 3. 3.

1. 1. 3. 3.

අභිජාන සුත‍්තං

අභිජාන සූත්‍රය

24. සාවත්‍ථියං–

24. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. වෙදනං අනභිජානං -පෙ- සඤ‍්ඤං අනභිජානං -පෙ- සඞ‍්ඛාරෙ අනභිජානං -පෙ- විඤ‍්ඤාණං අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය.

මහණෙනි, රූපය ඥාතපරිඥා වශයෙන් නො දන්නේ, තීරණ පරිඥා වශයෙන් නො දන්නේ, ප්‍රහාණපරිඥා වශයෙන් නො ඉක්මවනුයේ, නො හරනේ, දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යැ, වේදනා ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් නො දන්නේ … සංස්කාර ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … විඥාන ඥාතපරිඥා වශයෙන් නො දන්නේ තීරණ පරිඥාවශයෙන් නො දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් නො ඉක්ම වනුයේ නො හරනේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යි.

රූපඤ‍්ච ඛො භික‍්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. වෙදනං අභිජානං -පෙ- සඤ‍්ඤං අභිජානං -පෙ- සඞ‍්ඛාරෙ අභිජානං -පෙ- විඤ‍්ඤාණං අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායාති.

මහණෙනි, රූපය ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණපරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙයි. වේදනා ඥාතපරිඥාවශයෙන් දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් දන්නේ … සංස්කාර ඥාතපරිඥා වශයෙන් දන්නේ … විඥාන ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණ පරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණපරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වේ.

1. 1. 3. 4.

1. 1. 3. 4.

ඡන්‍දරාග සුත‍්තං

ඡන්‍දරාග සූත්‍රය

25. සාවත්‍ථියං–

25. සැවැත්නුවර–

යො භික‍්ඛවෙ, රූපස‍්මිං ඡන්‍දරාගො, තං පජහථ. එවං තං රූපං පහීනං භවිස‍්සති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවංකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ රූපය, ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ අනභාව කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වෙයි.

යො වෙදනාය ඡන්‍දරාගො තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස‍්සති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.

වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇති වෙයි. මුදුන් සුන් තලක් සෙයින් කරණ ලද අවස්තුකභාව ඇති වෙයි. අනභාව කරන ලද වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ.

යො සඤ‍්ඤාය ඡන්‍දරාගො තං පජහථ -පෙ- යො සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගො තං පජහථ. එවං තෙ සඞ‍්ඛාරා පහීනා භවිස‍්සන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.

සංඥායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය හැරපියව … සංස්කාරයන්හි යම් ඡන්‍ද රාගයෙක් ඇත් ද, එය දුරුකරව, මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.

යො විඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගො තං පජහථ. එවං තං විඤ‍්ඤාණං පහීනං භවිස‍්සති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවංකතං ආයතිං අනුප‍්පාදධම‍්මන‍්ති.

විඥානයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය නෙරව. මෙසේ ඒ විඥානය, ප්‍රහීණ වූයේ. උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ, අනභාව කරන ලදුයේ. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වේ.