පඨම භික්ඛු සුත්තං
1. 1. 4. 3.
1. 1. 4. 3.
පඨම භික්ඛු සුත්තං
පළවැනි භික්ඛු සූත්‍රය
35. සාවත්ථියං–
35. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙය වූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් දේශනා කරන සේක්වයි.
යං ඛො භික්ඛු, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති, යං නානුසෙති, න තෙන සඞ්ඛං ගච්ඡතීති.
මහණෙනි, යමක් අනුශය කෙරේද, ඒ අනුශය ධර්මය කරණ කොට (පුද්ගල රක්තයැ, දුෂ්ට යැ, මුඪ යයි) සංඛ්‍යාවට යෙයි. යමක් අනුශය නො කෙරේ ද, ඒ කරණ කොට සංඛ්‍යාවට නො යෙයි.
අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන්වහන්ස, දන්නාලදැයි.
යථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
මහණ, මා විසින් සැකෙවින් කියනලද ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් කිසෙයින් දන්නහු ද?
රූපං චෙ භන්තෙ, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. සඤ්ඤං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. සඞ්ඛාරෙ චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. විඤ්ඤාණං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති.
වහන්ස, ඉදින් රූපය අනුශය කෙරේ නම් ඒ අනුශය හේතු කොට ගෙන (පුඟුල් රක්තාදි) ප්රඥප්තියට යෙයි, ඉදින් වේදනාව අනුශය කෙරේනම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් සංඥාව අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් සංස්කාර අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි.
රූපං චෙ භන්තෙ, නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති, සඤ්ඤං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. සඞ්ඛාරෙ චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. විඤ්ඤාණං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛොහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
වහන්ස, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව අනුශය නො කෙරේ නම් ප්රඥප්තියට නො යෙයි, ඉදින් සංඥාව අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් සංස්කාර අනුශය නො කෙරේ නම් එයින් ප්රඥප්තියට නො යෙයි, ඉදින් විඥානය අනුශය නො කෙරේ නම්, ප්රඥප්තියට නො යෙයි. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථය මම් විස්තර විසින් මෙසෙයින් දනිමියි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං චෙ භික්ඛු, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ -පෙ- සඤ්ඤං චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති.
මැනවි මැනවි මහණ, මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් දන්නහු, ඒ මැනැවි. මහණ, ඉදින් රූපය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි, ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්රඥප්තියට යෙයි.
රූපං චෙ භික්ඛු, නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ -පෙ- සඤ්ඤං චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
මහණ, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව … සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්රඥප්තියට නො යෙයි. මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ ය.
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යැ. අනතුරු වැ ඒ මහණ, එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මැනැවින් මැ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, මඟ බඹසර අවසන්හි වූ ඒ උත්තමාර්‍ත්‍ථය (රහත් බව) මේ අත්බව්හි තෙමේ මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්ෂය වූවාය, මඟ බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැ” යි (පස් විකුමි නැණින්) දන්නා ලදී. ඒ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වී.