දුතිය භික්ඛු සුත්තං
1. 1. 4. 4.
1. 1. 4. 4.
දුතිය භික්ඛු සුත්තං
දෙවැනි භික්ඛු සූත්‍රය
36. සාවත්ථියං–
36. සැවැත්නුවර–
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය … එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන්වහන්සේට තෙල සැල කෙළේ ය.
‘සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
“වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ වාස කෙරෙම් නම් මට එබඳු දහමක් දෙසනසේක්ව” යි.
යං ඛො භික්ඛු, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. යං නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡතීති.
මහණ, යමක් අරමුණු කොට (කාමරාගාදිය) උපදී ද, ඒ (අනුසයිත වූ) රූපාදිය (නැසෙන) අනුසය සමඟ නැසෙයි, යමක් (අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය) කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මුඪ යැයි) ගිණීමට යෙයි. යමක් (අනුසය සමඟ) නූපදී ද, එය, (නැසෙන අනුසය සමග) නො නැසෙයි. යමක් (අනුසය සමග) නො නැසේ ද, ඒ අනුසය කරණ කොට ගෙන (රක්තාදී) සංඛ්‍යාවට නොයේ යයි.
අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
භාග්‍යවතුන් වහන්ස, (මා විසින්) දන්නා ලද, සුගතයන් වහන්ස, දන්නා ලදැයි.
යථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
මහණ, තෙපි මා විසින් සැකෙවින් (පැවසූ) භාෂිතයාගේ අර්ත්ථය විස්තර විසින් කිසෙයින් දැනගත්තවු යැයි.
රූපං චෙ භන්තෙ, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ අනුසෙති -පෙ- සඤ්ඤං චෙ අනුසෙති -පෙ- සඞ්ඛාරෙ චෙ අනුසෙති -පෙ- විඤ්ඤාණං චෙ අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති.
වහන්ස, ඉදින් රූපය (අරමුණු කොට කාමරාගාදි අනුසය) පවතී ද ඒ (අනුසයිත රූපය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ අනුසය කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට යෙයි. ඉදින් වේදනාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංඥාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත සංස්කාරය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් සංස්කාරයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය කරණ කොටගෙන (රක්ත යැ ආදී) සංඛ්‍යාවට යෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත විඥානය නැසෙන අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (නැසෙන අනුසය සමඟ) නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (කේතයැ දුෂ්ට යැ මූඪ යැයි) ගිණීමට යේ.
රූපං චෙ භන්තෙ, නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ නානුසෙති -පෙ- සඤ්ඤං චෙ නානුසෙති -පෙ- සඞ්ඛාරෙ චෙ නානුසෙති -පෙ- විඤ්ඤාණං චෙ නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛො’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
වහන්ස ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (නානුසයිත) රූපය නැසෙන අනුසය සමඟ නො නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නො නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් වේදනාව අරමුණු කොට (අනුසය) නූපදී ද ඒ (නො අනුසයිත වේදනාව නැසෙන අනුසය සමග) නො නැසෙයි. යම් වේදනාවක් නැසෙන අනුසය සමඟ නො නැසේ ද ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්තයැ යනාදී) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) නූපදීද ඒ (නානුසයිත සංස්කාරය නැසෙන අනුසය සමඟ) නො නැසෙයි, යම් සංස්කාරයක් අනුසය සමඟ නො නැසේ ද ඒ කරණ කොට ගෙන, (රක්ත යැ යනාදීන්) ගිණීමට නොයෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) නූපදී ද, ඒ (විඥානය නැසෙන අනුසය සමග) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ නො නැසේ ද, ඒ) අනුසය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටය, මූඪ යැයි) ගිණීමට නොයේ. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්ත්ථය දැන ගතිමි යි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි: රූපඤ්චෙ භික්ඛු, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනඤ්චෙ -පෙ- සඤ්ඤඤ්චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණඤ්චෙ අනුසෙති, තං අනුමීයති. යං අනුමීයති, තෙන සඞ්ඛං ගච්ඡති.
මහණ මැනවැ මැනවැ, මහණ මනා මැ ය. තෙපි මා විසින් සැකෙවින් පවසන ලද භාෂිතයා ගේ විස්තරයෙන් අර්ත්ථය දන්නවුය. මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) උපදී ද ඒ (අනුසයිත රූපය අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නැසේ ද ඒ කරණ කොට ගෙන (රක්තයැ දුෂ්ට යැ මූඪයැ යි) ගිණීමට යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) පවතී ද ඒ (අනුසයිත විඥානය අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (අනුසය සමඟ) නැසේ ද ඒ අනුසය කරණ කොට ගෙන (රක්තයැ යනාදීන්) ගිණීමට යෙයි.
රූපඤ්චෙ භික්ඛු, නානුසෙති, න තං අනුමීයති. යං නානුමීයති, තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනඤ්චෙ -පෙ- සඤ්ඤඤ්චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණඤ්චෙ නානුසෙති, න තං අනුමීයති. යං නානුමීයති, න තෙන සඞ්ඛං ගච්ඡති, ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (විඥානය අනුසය සමග) නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නො නැසේ ද ඒ (අනුසයිත රූපය) අනුසය සමග නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමඟ) නො නැසේ ද, ඒ කරණ කොට ගෙන, (රක්තයැ යනාදීන්) ගිණීමට නො යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අනුසය සමග) නූපදී ද ඒ (අනනුසයිත විඥානය අනුසය සමඟ) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ) නො නැසේ ද ඒ විඥානය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටයැ, මූඪ යැයි) සංඛ්‍යාවට නොයේ. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්ත්ථය ගත යුත්තේ යි.
අථ ඛො සො භික්ඛු, භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි. අථ ාඛා සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දන කොට අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති ඒ මහණ එකලා වූයේ කාය විවේක ඇතියේ නො පමාවූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරනුයේ … තවද ඒ මහණ රහතුන් අතුරෙන් අන්‍යතරයෙක් වූයේ යි.