පඨම ආනන්ද සුත්තං
1. 1. 4. 5.
1. 1. 4. 5.
පඨම ආනන්ද සුත්තං
පළවැනි ආනන්ද සූත්‍රය
37. සාවත්ථියං–
37. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සචෙ තං ආනන්ද, එවං පුච්ඡෙය්යුං: කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී ති. එවං පුට්ඨො ත්වං ආනන්ද, කින්ති බ්‍යාකරෙය්‍යාසීති?
ඉදින් ආනන්ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්, “ඇවැත්නි ආනන්දයෙනි, කවර ධර්ම කෙනෙකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්යථාත්වය (ජරාව) පැනේ දැ” යි. ආනන්ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැ යි ප්‍රකාශ කරන්නාහු ද?
සචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: රූපස්ස ඛො ආවුසො, උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. වෙදනාය උප්පාදො -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො, ආවුසො, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
වහන්ස, ඉදින් මා මෙසේ පුළුවුස්නාහු නම් “ආනන්ද කවර ධර්ම කෙනකුන්ගේ ඉපැත්ම පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස (ජරාව) පැනේ දැ” යි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙ පරිදි ප්‍රකාශ කරන්නෙමි: ඇවැත්නි, රූපයාගේ උත්පාදය පැනෙ යි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනෙයි, වේදනාවගේ උත්පාදය … සංඥාවගේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනේ. ඇවැත්නි, මේ ධර්මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි සිටියහුගේ අන්යථාත්වය පැනෙයි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙමි යි.
සාධු සාධු ආනන්ද, රූපස්ස ඛො ආනන්ද, උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨො ත්වං ආනන්ද, එවං බ්‍යාකරෙය්‍යාසීති.
මැනවි මැනවි, ආනන්ද. ආනන්ද, රූපයාගේ ඉපැත්ම පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ වෙනස්වීම් සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. වේදනාවේ … සංඥාවේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනේ. ආනන්ද, මේ ධර්මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්යථාත්වය පැනේ. ආනන්ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙලෙසින් ප්‍රකාශ කරන්නාහුයි.