යෙදුමෙන් කියවන්න

දුතිය ආනන්‍ද සුත‍්තං

1. 1. 4. 6.

1. 1. 4. 6.

දුතිය ආනන්‍ද සුත‍්තං

දෙවැනි ආනන්‍ද සූත්‍රය

38. සාවත්‍ථියං–

38. සැවැත්නුවර–

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච:

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියහ. … එකත්පසෙකැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

සචෙ තං ආනන්‍ද, එවං පුච‍්ඡෙය්‍යුං: “කතමෙසං ආවුසො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. කතමෙසං ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. කතමෙසං ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතී. එවං පුට‍්ඨො ත්‍වං ආනන්‍ද, කින‍්ති බ්‍යාකරෙය්‍යාසීති?

ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනුණේ ද, ව්‍යය පැනුණේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ ද, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනෙන්නේ ද, ව්‍යය පැනෙන්නේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වයපැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැයි ප්‍රකාශ කරන්නාහු දැ යි?

සචෙ මං භන‍්තෙ, එවං පුච‍්ඡෙය්‍යුං: කතමෙසං ආවුසො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. කතමෙසං ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. කතමෙසං ආවුසො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතීති. එවං පුට‍්ඨො අහං භන‍්තෙ, එවං බ්‍යාකරෙය්‍යං: යං ඛො ආවුසො, රූපං අතීතං නිරුද‍්ධං විපරිණතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. යා වෙදනා අතීතා නිරුද‍්ධා විපරිණතා, තස‍්සා උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතාය අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා අතීතා නිරුද‍්ධා විපරිණතා, තෙසං උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතානං අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. යං විඤ‍්ඤාණං අතීතං නිරුද‍්ධං විපරිණතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. ඉමෙසං ඛො ආවුසො, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ.

වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනුණේ ද, විනාශය පැණුනේ ද, සිටියහුගේ වෙනස පැනුණේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනෙන්නේ ද, විනාශය පැනෙන්නේ ද සිටියහුගේ වෙනස පැනෙන්නේ ද, කවර ධර්‍ම කෙනකුන්ගේ උත්පත්තිය පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස පැනේ දැ” යි. වහන්ස, මෙසේ විචාරන ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙම්: “ඇවැත්නි, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැණුනේ යැ, ව්‍යය පැනුණේ යැ, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ, සිටි වේදනාවගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. යම් සංඥාවක් … අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ සංස්කාරයන්ගේ උත්පාදය පැනුණේ යැ, ව්‍යය පැනුණේ යැ. සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇද්ද, ඒ විඥානයාගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ.

යං ඛො ආවුසො, රූපං අජාතං අපාතුභූතං. තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං අජාතං අපාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. ඉමෙසං ඛො ආවුසො ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතානං අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති.

ඇවැත්නි, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ.

යං ඛො ආවුසො, රූපං ජාතං පාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං ජාතං පාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතීති. එවං පුට‍්ඨොහං භන‍්තෙ, එවං බ්‍යාකරෙය්‍යන‍්ති.

ඇවැත්නි, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ යයි. “වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙසේ විසඳා කියන්නෙමි යි.

සාධු සාධු ආනන්‍ද, රූපං අතීතං නිරුද‍්ධං විපරිණතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං අතීතං නිරුද‍්ධං විපරිණතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ. ඉමෙසං ඛො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිත්‍ථ, වයො පඤ‍්ඤායිත්‍ථ, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිත්‍ථ.

මැනවි මැනවි ආනන්‍ද, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ ය. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් ... අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ යි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පෙනුණේ ය. විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පෙනුණේ යි.

යං ඛො ආනන්‍ද, රූපං අජාතං අපාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං අජාතං අපාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති. ඉමෙසං ඛො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායිස‍්සති, වයො පඤ‍්ඤායිස‍්සති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායිස‍්සති.

ආනන්‍ද, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පැනෙන්නේ යැ. විනාශය, පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යි.

යං ඛො ආනන්‍ද, රූපං ජාතං පාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං ජාතං පාතුභූතං, තස‍්ස උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. ඉමෙසං ඛො ආනන්‍ද, ධම‍්මානං උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතීති. එවං පුට‍්ඨො ත්‍වං ආනන්‍ද, එවං බ්‍යාකරෙය්‍යාසීති.

ආනන්‍ද, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි. ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍දය මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ විසඳා ප්‍රකාශ කරන්නාහු යි.