අනිච්ච සුත්තං
1. 2. 2. 4.
1. 2. 2. 4.
අනිච්ච සුත්තං
අනිච්ච සූත්‍රය
66. සාවත්ථියං:
66. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- භගවන්තං එතදවොච:
එකල්හි එක්තරා මහණෙක් ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’න්ති.
“වහන්ස, මම් යම් දහමක් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන්වූයෙම් නො පමාවූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම්, නිවන් කරා යොමු කළ සිත් ඇතියෙම්, වාස කෙරෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් දෙසනසේක් නම් මැනැවි” යි.
යං ඛො භික්ඛු, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො’ති.
මහණ, යමෙක් අනිත්‍ය ද, එහි තොපගේ තෘෂ්ණා ඡන්දය දුරලියයුතු යි.
අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා’ති.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
යථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති.
මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු ද?
රූපං ඛො භන්තෙ, අනිච්චං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො, වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛ්වා’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
වහන්ස, රූපය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්රහාණය කළ යුතු වෙයි. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ, ... සංස්කාර අනිත්‍ය යැ, ... විඥානය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති.
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථ මෙසේ විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් භාෂිත ධර්මයාගේ අර්ත්ථ මෙසේ දතයුත්තේ යි.
අථ ඛො සො භික්ඛු, භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.