දුක්ඛ සුත්තං
1. 2. 2. 5.
1. 2. 2. 5.
දුක්ඛ සුත්තං
දුක්ඛ සූත්‍රය
67. සාවත්ථියං:
67. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
වහන්ස, මම් ... නිවන් කරා යොමුකළ සිතැති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මැනවි යි.
යං ඛො භික්ඛු, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො’ති.
මහණ, යමක් දුක් ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි.
අඤ්ඤාතං භගවා’ අඤ්ඤාතං සුගතා’ති.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
යථා කථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති?
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්ත්ථ කවර අයුරකින් තෙපි විස්තර වශයෙන් දනිවු දැයි.
රූපං ඛො භන්තෙ, දුක්ඛං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛ්වා’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
වහන්ස, රූපය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වේදනාව දුක් යැ, ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්මයාගේ අර්ත්ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් කියන ලද වචනයාගේ අර්ත්ථ තෙපි විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය දුක් යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව දුක් යැ ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ. ... එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්ත්ථ විස්තර වශයෙන් මෙසේ දතයුත්තේ යි.
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
එ කල්හි, ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.