යෙදුමෙන් කියවන්න

අනත‍්ත සුත‍්තං

1. 2. 2. 6.

1. 2. 2. 6.

අනත‍්ත සුත‍්තං

අනත්ත සූත්‍රය

68. සාවත්‍ථියං:

68. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:

සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මනා යි.

යො ඛො භික‍්ඛු, අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො’ති.

මහණ, යමක් අනාත්ම ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍ද ප්‍රහාණ කළයුතු.

අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතාති.

භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.

යථාකථං පන ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසී’ති?

මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි කිසෙයින් විතර විසින් දනිවු දැ යි?

රූපං ඛො භන‍්තෙ, අනත‍්තා, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා අනත‍්තා -පෙ- සඤ‍්ඤා අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො’හං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමී’ති.

වහන්ස, රූපය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කළයුතු වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ... සංස්කාර අනාත්ම යි ... විඥානය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම මෙසේ විස්තර වශයෙන් දනිමි යි.

සාධු සාධු භික‍්ඛු, සාධු ඛො ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි. රූපං ඛො භික‍්ඛු, අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො’ති.

මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි විතර විසින් මෙසේ දනිවු, ඒ මැනවි. මහණ, රූපය අනාත්ම යි, එහි ලා තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු. මහණ, මා විසින් සැකෙවින් පැවසූ වචනයාගේ අරුත් විතර විසින් මෙසේ දතයුත්තේ යි.

අථ ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා -පෙ- අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.