යෙදුමෙන් කියවන්න

අනත‍්තනිය සුත‍්තං

1. 2. 2. 7.

1. 2. 2. 7.

අනත‍්තනිය සුත‍්තං

අනත්තනිය සූත්‍රය

69. සාවත්‍ථියං:

69. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

එකල්හි එක්තරා මහණෙක් ... එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:

සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මනා යි.

යං ඛො භික‍්ඛු අනත‍්තනියං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.

මහණ, යමක් තමා අයත් ද, එහි තෘෂ්ණාච්ඡන්‍ද හළයුතු යි.

අඤ‍්ඤාතං භගවා අඤ‍්ඤාතං සුගතා’ති.

භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.

යථාකථං පන ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසී’ති?

මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර වශයෙන් දනිවූ දැ යි?

රූපං ඛො භන‍්තෙ, අනත‍්තනියං, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා අනත‍්තනියා, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො, සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තනියා, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො, විඤ‍්ඤාණං අනත‍්තනියං, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො’හං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, රූපය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වේදනාව තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. සංඥාව ... සංස්කාර තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. විඥානය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.

සාධු සාධු භික‍්ඛු, සාධු ඛො ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි. රූපං ඛො භික‍්ඛු, අනත‍්තනියං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා අනත‍්තනියා -පෙ- සඤ‍්ඤා අනත‍්තනියා -පෙ- සඞ‍්ඛාරා අනත‍්තනියා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තනියං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති

මහණ, මැනවි, මැනවි. මහණ මා විසින් සැකෙවින් පැවසූ වචනයේ අරුත් මෙසේ තෙපි විතර විසින් දනිවු. මහණ, රූපය තමා සතු නොවෙ යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව තමාසතු නො වෙයි, ... සංඥාව තමා සතු නො වෙයි ... සංස්කාර තමා සතු නො වෙයි ... විඥානය තමා සතු නො වෙයි. එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු. මහණ මා විසින් සැකෙවින් පැවසූ මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් දතයුත්තේ යි.

අථ ඛො සො භික‍්ඛු, භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා -පෙ- අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් ද වූයේ යි.