යෙදුමෙන් කියවන්න

රජනීය සුත‍්තං

1. 2. 2. 8.

1. 2. 2. 8.

රජනීය සුත‍්තං

රජනීය සූත්‍රය

70. සාවත්‍ථියං:

70. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

එකල්හි එක්තරා මහණෙක් ... එකත්පස්වැ හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා ව කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට දේශනා කරනසේක් නම් මැනැවැ යි.

යං ඛො භික‍්ඛු, රජනීයසණ‍්ඨිතං තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බොති.

මහණ, රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටි යමක් ඇත් ද, එහි තාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි.

අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතාති.

භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.

යථාකථං පන ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි?

මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ යි?

රූපං ඛො භන‍්තෙ, රජනීයසණ‍්ඨිතං, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා රජනීයසණ‍්ඨිතා, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං රජනීයසණ‍්ඨිතං, තත්‍ර මෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො’හං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමී’ති.

වහන්ස, රූපය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ ය, එහිලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. වේදනාව රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියා යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.

සාධු සාධු භික‍්ඛු, සාධු ඛො ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි. රූපං ඛො භික‍්ඛු, රජනීය සණ‍්ඨිතං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං රජනීයසණ‍්ඨිතං, තත්‍ර තෙ ඡන්‍දො පහාතබ‍්බො. ඉමස‍්ස ඛො භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති.

මහණ, මැනවි මැනවි. මහණ මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර විසින් දනිවු. ඒ මැනවි. මහණ, රූපය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි. එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි, එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු.

අථ ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමි. අථ ඛො සො භික‍්ඛු එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ අභිවාදනා කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කරනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වෙත් ද , බඹසර කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත්‍වය තමා මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ යි. “ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මෙ රහත් බව සඳහා කළමනා අන් කිසෙක් නැතැ”යි වෙසෙසින් දත්තේ යැ. ඒ මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වූයේ යි.