රාධ සුත‍්තං
1. 2. 2. 9.
1. 2. 2. 9.
රාධ සුත‍්තං
රාධ සූත්‍රය
71. සාවත්‍ථියං:
71. සැවැත්නුවර:
අථ ඛො ආයස‍්මා රාධො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
“කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහඞ‍්කාරමමිඞ‍්කාර මානානුසයා න හොන‍්තී”ති?
වහන්ස, කිසෙයින් දන්නා කිසෙයින් දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍වනිමිත්තයන්හිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ යි?
යං කිඤ‍්චි රාධ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං
රාධය, අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, ආධ්‍යාත්ම හෝ බාහිර හෝ ඖදාරික හෝ සූක්‍ෂම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුරැ හෝ ළඟැ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරැ වේවයි ළඟැ වේවයි යම් කිසි විඥානයෙක්
විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. එවං ඛො රාධ, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්තීති. -පෙ- අඤ‍්ඤතරො ච පනායස‍්මා රාධො අරහතං අහොසීති.
ඇත් ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දකියි. රාධය මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍ව නිමිත්ත විෂයෙහිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයයෝ නො වෙත් යි ... ආයුෂ්මත් රාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.