යෙදුමෙන් කියවන්න

සුරාධ සුත‍්තං

1. 2. 2. 10.

1. 2. 2. 10.

සුරාධ සුත‍්තං

සුරාධ සූත්‍රය

72. සාවත්‍ථියං:

72. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා සුරාධො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාධො භගවන‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:

කථන‍්නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානාපගතං මානසං හොති, විධා සමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති?

වහන්ස, කිසෙයින් දන්නාහුගේ කිසෙයින් දක්නාහුගේ සිත සවිඥානක වූ මේ කයෙහිත් බැහැර රූපාදි සියලු නිමිති විෂයෙහිත් අහිඞ්කාර (-දිට්ඨි) මමිඞ්කාර (-තණ්හා) මාන පහවූයේ වේ ද, මාන කොටස් මැනැවින් ඉක්මැ වූයේ ක්ලේශව්‍යපශමයෙන් ශාන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදුණේ වේ දැ යි?

යං කිඤ‍්චි සුරාධ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති.

සුරාධ, ආධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම්කිසි රූපයෙක් ඇත් ද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක් ප්‍රඥාවෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.

යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති.

යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්සිකි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.

එවං ඛො සුරාධ, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානාපගතං මානසං හොති විධා සමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති -පෙ- අඤ‍්ඤතරො ච පනායස‍්මා සුරාධො අරහතං අහොසී’ති.

සුරාධ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ විඥාන සහිත කයෙහි ද, බාහිර සියලු නිමිත්තයන්හි ද දිට්ඨි - තණ්හා - මානයෙන් පහවූයේ වෙයි, මාන කොටස් මොනොවට ඉක්මැවූයේ ශාන්ත වූයේ මොනොවට මිදුණේ වෙයි. ... ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර කෙනෙක් වූහ යි.

අරහන‍්තවග‍්ගො දුතියො

දෙවැනි අරහන්තවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

උපාදිය මඤ‍්ඤමානො අථොපි අභිනන්‍දනා අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා ච අනත‍්තනියං රජනීයසණ‍්ඨිතං රාධ සුරාධෙන චෙව දුතියො පූරිතො වග‍්ගො.

උපාදිය, මඤ්ඤමාන, යළි අභිනන්‍දනා අනිච්ච, දුක්ඛ, අනත්ත, අත්තනිය, රජනීය, රාධ, සුරාධ දැ යි සූත්‍ර දශයකින් දෙවැනි වර්‍ගය පිරුණේ වෙයි.