8. පිණ්ඩොල්ය සුත්තවණ්ණනා අට්ඨකථා
8. පිණ්ඩොල්ය සුත්තවණ්ණනා
8. පිණ්ඩොල්ය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කිස්මිඤ්චිදෙව පකරණෙති කිස්මිඤ්චිදෙව කාරණෙ. පණාමෙත්වාති නීහරිත්වා. කිස්මිං පන කාරණෙ එතෙ භගවතා පණාමිතාති? එකස්මිඤ්හි අන්තොවස්සෙ භගවා සාවත්ථියං වසිත්වා වුත්ථවස්සො පවාරෙත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො සාවත්ථිතො නික්ඛමිත්වා ජනපදචාරිකං චරන්තො කපිලවත්ථුං පත්වා නිග්රොධාරාමං පාවිසි. සක්යරාජානො “සත්ථා ආගතො”ති සුත්වා පච්ඡාභත්තෙ කප්පියානි තෙලමධුඵාණිතාදීනි චෙව පානකානි ච කාජසතෙහි ගාහාපෙත්වා විහාරං ගන්ත්වා සඞ්ඝස්ස නිය්යාතෙත්වා සත්ථාරං වන්දිත්වා පටිසන්ථාරං කරොන්තා එකමන්තෙ නිසීදිංසු. සත්ථා තෙසං මධුරධම්මකථං කථෙන්තො නිසීදි. තස්මිං ඛණෙ එකච්චෙ භික්ඛූ සෙනාසනං පටිජග්ගන්ති, එකච්චෙ මඤ්චපීඨාදීනි පඤ්ඤාපෙන්ති, සාමණෙරා අප්පහරිතං කරොන්ති. භාජනීයට්ඨානෙ සම්පත්තභික්ඛූපි අත්ථි, අසම්පත්තභික්ඛූපි අත්ථි. සම්පත්තා අසම්පත්තානං ලාභං ගණ්හන්තා, “අම්හාකං දෙථ, අම්හාකං ආචරියස්ස දෙථ උපජ්ඣායස්ස දෙථා”ති කථෙන්තා මහාසද්දමකංසු.
අටවන සූත්‍රයේ “කිස්මිඤ්චි දෙව පකරණෙ” යනු කිසියම් කරුණකින්ය. “පණාමෙත්වා” යනු බැහැරකර යනුයි. කවර කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූහු බැහැර කළ සේක්ද? එක් ඇතුල් වසක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් වැස, පවාරණය කළ සේක් මහත්වූ භික්ෂු සමූහයක් පිරිවරාගෙන සැවතෙන් නික්ම ජනපද චාරිකාවෙහි හැසිරෙමින් කපිලවස්තුවට පැමිණ නිග්‍රෝධාරාමයට වැඩම කළ සේක. ශාක්‍ය රජවරු බුදුරදුන් වැඩම කළබව අසා පසුබත් කළ, කැපවූ තෙල්, මීපැණ, උක්පැණි මෙන්ම නොයෙක් සියගණන් පානවර්ග පිරි කත් ද ගෙන්වාගෙන විහාරයට ගොස් සංඝයාට පවරා දී, බුදුරදුන්ට වැඳ - පිළිසඳර කථා කරමින් එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට මිහිරි ධර්මකථාවක් කරමින් වැඩහුන්හ. එකෙණෙහි ඇතැම් භික්ෂූහු සෙනසුන් පනවති. ඇතැම්හු ඇඳ-පුටු පණවති. සාමණේරවරු බැහැර කරවීම් ආදිය කරති. බඳුන් තබන තැන් පැමිණි භික්ෂූන්ද ඇත. නොපැමිණි භික්ෂූන්ද ඇත. පැමිණි භික්ෂූහු, නොපැමිණි භික්ෂූන්ට ලැබෙන දේද ගනිමින් “අපට දෙන්න” “අපගේ ආචාර්යවරයාට දෙන්න” “අපගේ උපාධ්යායවරයාට දෙන්න” යනුවෙන් පවසමින් මහාශබ්ද පැවැත්වූහ.
සත්ථා සුත්වා ථෙරං පුච්ඡි “කෙ පන තෙ, ආනන්ද, උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ”ති? ථෙරො එතමත්ථං ආරොචෙසි. සත්ථා සුත්වා “ආමිසහෙතු, ආනන්ද, භික්ඛූ මහාසද්දං කරොන්තී”ති ආහ. “ආම, භන්තෙ”ති. “අනනුච්ඡවිකං, ආනන්ද, අප්පතිරූපං. න හි මයා කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි චීවරාදිහෙතු පාරමියො පූරිතා, නාපි ඉමෙ භික්ඛූ චීවරාදිහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතා, අරහත්තහෙතු පබ්බජිත්වා අනත්ථං අත්ථසදිසං අසාරං සාරසදිසං කරොන්ති, ගච්ඡානන්ද, තෙ භික්ඛූ පණාමෙහී”ති.
ශාස්තෲන් වහන්සේ මේ ශබ්දය අසා තෙරුන් වහන්සේගෙන් විචාළ සේක. “ආනන්දය! මෙසේ මාළු විකුණන තැනක කෙවුලෝ මෙන් මහාශබ්ද-උස් ශබ්ද කරන්නෝ කවරහුද?” යනුවෙනි. තෙරුන්වහන්සේ මේ බව දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ ඒ අසා “ආනන්දය! ආමිස හේතුවෙන් භික්ෂූහු මහා ශබ්ද කරති”යි වදාළහ. “එසේය ස්වාමීනි!” “ආනන්දය මෙය සුදුසු දෙයක් නොවේ. ප්රතිරූප වූ දෙයක් නොවේ. මවිසින් කල්ප ලක්ෂයකට අධික වූ සතර අසංඛෙය්‍ය කාලයක් පාරමී සම්පූර්ණ කරන ලද්දේ සිවුරු ආදී ප්‍රත්‍ය පිණිස නොවේ. මෙම භික්ෂූහුද සිවුරු ආදී ප්‍රත්‍ය ලැබීමටම ගිහිගෙයින් නික්ම පැවිදි වූවාහුද නොවෙති. රහත්බව පිණිස පැවිදි වූවාහු අනර්ථය අර්ථය හා සමාන කරති. අසාර වූ දෙය සාරවූවක් හා සමාන කරති. “ආනන්දය! යන්න. ඒ භික්ෂූහු නෙරපන්න.”
පුබ්බණ්හසමයන්ති දුතියදිවසෙ පුබ්බණ්හසමයං. බෙලුවලට්ඨිකාය මූලෙති තරුණබෙලුවරුක්ඛමූලෙ. පබාළ්හොති පබාහිතො. පවාළ්හොතිපි පාඨො, පවාහිතොති අත්ථො. උභයම්පි නීහටභාවමෙව දීපෙති. සියා අඤ්ඤථත්තන්ති පසාදඤ්ඤථත්තං වා භාවඤ්ඤථත්තං වා භවෙය්ය. කථං? “සම්මාසම්බුද්ධෙන මයං ලහුකෙ කාරණෙ පණාමිතා”ති පසාදං මන්දං කරොන්තානං පසාදඤ්ඤථත්තං නාම හොති. සලිඞ්ගෙනෙව තිත්ථායතනං පක්කමන්තානං භාවඤ්ඤථත්තං නාම. සියා විපරිණාමොති එත්ථ පන “මයං සත්ථු අජ්ඣාසයං ගණ්හිතුං සක්ඛිස්සාමාති පබ්බජිතා, නං ගහෙතුං අසක්කොන්තානං කිං අම්හාකං පබ්බජ්ජායා”ති? සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තනං විපරිණාමොති වෙදිතබ්බො.
“පුබ්බණ්හසමයං” යනු දෙවැනි දිනයේ පෙරවරු සමයෙහිය. “බෙලුවලට්ඨිකාය මූලෙ” යනු තරුණ(ලා) බෙලිගස්මුලයි. “පබාළ්හො” යනු බැහැර කරන ලදී යනුයි. “පවාළ්හො” යන පාඨය ද සුදුසුය. එළවා දැමූ යන අර්ථයි. පද දෙකින්ම බැහැර කරන ලද බව කියැවේ. “සියා අඤ්ඤථත්තං” යනු ප්‍රසාදයෙන් අන්‍ය ස්වභාවයකට යෑම හෝ අදහස්වලින් අන්‍ය තත්වයකට යෑම හෝ වන්නේය යනුයි. කෙසේද? සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අපි සැහැල්ලු කරුණක් නිසා එළවා දමන ලදැයි ප්‍රසාදය-ශ්‍රද්ධාව අඩුකර ගැනීම, ප්‍රසාදයෙන් අන්‍ය භාවයකට පත්වීම නම් වේ. තම පැවිදි පිරිකර සහිතවම වෙනත් අන්‍යාගමික ආයතනයකට යෑම භාවයෙන් (අදහස් වලින්) අන්‍ය භාවයකට යෑමකි. “සියා විපරිණාමො” යනු මෙහිදී - “අපි ශාස්තෲන් වහන්සේගේ අදහස් උකහා ගැනීමට සමත් වන්නෙමු” යි සිතා පැවිදි වූයෙමු. එසේ ගැනීමට අපි අසමත් වෙමු. (බුදුරදුන් හා අනුව පැවතීමට අපට නොහැක.) කුමක් නිසා අපි පැවිදිව සිටිමුද?”යි ශික්ෂා ප්‍රතික්ෂේප කර - ගිහි බවට පත්වීම විපරිණාමයකියි දතයුතුයි.
වච්ඡස්සාති ඛීරූපකවච්ඡස්ස. අඤ්ඤථත්තන්ති මිලායනඅඤ්ඤථත්තං. ඛීරූපකො හි වච්ඡො මාතු අදස්සනෙන ඛීරං අලභන්තො මිලායති කම්පති පවෙධති. විපරිණාමොති මරණං. සො හි ඛීරං අලභමානො ඛීරපිපාසාය සුස්සන්තො පතිත්වා මරති.
“වච්ඡස්ස” යනු කිරිබොන වසුපැටවාටයි. “අඤ්ඤථත්තං” යනු මැලවීමෙන් අන්‍ය තත්ත්වයකට පත්වූ යනුයි. කිරිබොන වස්සා මව නොදැකීමෙන්-කිරි නොලැබ මැලවේ. කම්පා වේ. වෙවුලයි. “විපරිණාමො” යනු මරණයයි. වසුපැටවා කිරි නොලබා, කිරි පිපාසාවෙන් වියලී වැටී මැරේ.
බීජානං තරුණානන්ති උදකෙන අනුග්ගහෙතබ්බානං විරූළ්හබීජානං. අඤ්ඤථත්තන්ති මිලායනඤ්ඤථත්තමෙව. තානි හි උදකං අලභන්තානි මිලායන්ති. විපරිණාමොති විනාසො. තානි හි උදකං අලභන්තානි සුක්ඛිත්වා විනස්සන්ති, පලාලමෙව හොන්ති. අනුග්ගහිතොති ආමිසානුග්ගහෙන චෙව ධම්මානුග්ගහෙන ච අනුග්ගහිතො. අනුග්ගණ්හෙය්යන්ති ද්වීහිපි එතෙහි අනුග්ගහෙහි අනුග්ගණ්හෙය්යං. අචිරපබ්බජිතා හි සාමණෙරා චෙව දහරභික්ඛූ ච චීවරාදිපච්චයවෙකල්ලෙ වා සති ගෙලඤ්ඤෙ වා සත්ථාරා වා ආචරියුපජ්ඣායෙහි වා ආමිසානුග්ගහෙන අනනුග්ගහිතා කිලමන්තා න සක්කොන්ති සජ්ඣායං වා මනසිකාරං වා කාතුං, ධම්මානුග්ගහෙන අනනුග්ගහිතා උද්දෙසෙන චෙව ඔවාදානුසාසනියා ච පරිහායමානා න සක්කොන්ති අකුසලං පරිවජ්ජෙත්වා කුසලං භාවෙතුං. ඉමෙහි පන ද්වීහි අනුග්ගහෙහි අනුග්ගහිතා කායෙන අකිලමන්තා සජ්ඣායමනසිකාරෙ පවත්තිත්වා යථානුසිට්ඨං පටිපජ්ජමානා අපරභාගෙ තං අනුග්ගහං අලභන්තාපි තෙනෙව පුරිමානුග්ගහෙන ලද්ධබලා සාසනෙ පතිට්ඨහන්ති, තස්මා භගවතො එවං පරිවිතක්කො උදපාදි.
“බීජානං තරුණානං” යනු ජලයෙන් අනුග්‍රහ කළයුතු වැපිරූ බීජයන්ටය. “අඤ්ඤථත්තං” යනු මැලවෙන ස්වභාවයකට මය. ඒවා ජලය නොලැබ - වියලී වැනසී යයි. පිදුරු බවට පත්වේ. “අග්ගනුහීතො” යනු ආමිෂ අනුග්‍රහයෙන් මෙන්ම ධර්මානුග්රහයෙන්ද අනුග්‍රහ කරන ලද්දේ යනුයි. “අනුග්ගණ්හෙය්ය” යනු මේ දෙයාකාර වූම අනුග්රහයන්ගෙන් අනුග්‍රහ කරන ලද්දේ යනුයි. “අචිර පබ්බජිතා” යනු සාමණේරවරු හා ළදරු භික්ෂූහුය. සිවුරු ආදී ප්‍රත්‍ය විකලත්වය (අඩුපාඩු) ඇතිවිට හෝ ගිලන් වූ විට හෝ ශාස්තෲන් වහන්සේ හෝ ආචාර්ය-උපාධ්‍යායවරු ආමිෂ අනුග්‍රහයෙන් අනුග්‍රහ නොකරන ලද විට ක්ලාන්ත වූවාහු සජ්ඣායනා කිරීමට හෝ මෙනෙහි කිරීමට අසමත් වෙති. ධර්මානුග්රහයෙන් අනුග්‍රහ නොලැබුවාහු උදෙසීමෙන් මෙන්ම අවවාද අනුශාසනාවන්ගෙන් ද පිරිහුනාහු අකුසල් දුරලා කුසල් වැඩීමට අසමත් වෙති. මේ දෙවිධ අනුග්රහයන්ගෙන් අනුග්‍රහ ලැබූ සාමණේරවරු ක්ලාන්ත නොවී සජ්ඣායනා කළ දේ සිතෙහි තබාගෙන තත්වූ පරිදි පිළිපදිනු ලබන්නාහු, මෑත කාලයෙහි එම අනුග්රහයන් නැතුව ගියත් - මුලදී ලබන ලද ශක්ති ඇති බැවින් සසුනේ නොපිරිහී පිහිටා සිටිති. එනිසා භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතුවිල්ලක් පහළවිය.
භගවතො පුරතො පාතුරහොසීති සත්ථු චිත්තං ඤත්වා – “ඉමෙ භික්ඛූ භගවතා පණාමිතා, ඉදානි නෙසං අනුග්ගහං කාතුකාමො එවං චින්තෙසි, කාරණං භගවා චින්තෙසි, අහමෙත්ථ උස්සාහං ජනෙස්සාමී”ති පුරතො පාකටො අහොසි. සන්තෙත්ථ භික්ඛූති ඉදං සො මහාබ්රහ්මා යථා නාම බ්යත්තො සූදො යදෙව අම්බිලග්ගාදීසු රසජාතං රඤ්ඤො රුච්චති, තං අභිසඞ්ඛාරෙන සාදුතරං කත්වා පුනදිවසෙ උපනාමෙති, එවමෙව අත්තනො බ්යත්තතාය භගවතා ආහටඋපමංයෙව එවමෙතං භගවාතිආදිවචනෙහි අභිසඞ්ඛරිත්වා භගවන්තං යාචන්තො භික්ඛුසඞ්ඝස්ස අනුග්ගහකරණත්ථං වදති. තත්ථ අභිනන්දතූති “මම සන්තිකං භික්ඛුසඞ්ඝො ආගච්ඡතූ”ති. එවමස්ස ආගමනං සම්පියායමානො අභිනන්දතු. අභිවදතූති ආගතස්ස ච ඔවාදානුසාසනිං දදන්තො අභිවදතු.
“භගවතො පුරතො පාතුරහොසි” යනු ශාස්තෲන් වහන්සේගේ සිත දැන මේ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් බැහැර කරන ලදී. දැන් ඔවුන්ට අනුග්‍රහ කරනු කැමතිව මෙසේ සිතු සේක. භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ සිතූ සේක. “මම මේ සඳහා උත්සාහ උපදවමි” යි මහා බ්‍රහ්මයා උන්වහන්සේ ඉදිරියෙහි පහළවිය. “සනෙතත්ථ භික්ඛු” යනු මේ ඒ මහා බ්‍රහ්මයා යම්සේ ව්‍යක්ත-දක්ෂ අරක්කැමියා ඇඹුල් ආදී රස රජුට රුචි වේ යැයි එය මනාව පිළියෙල කර, දෙවැනි දිනයෙහි රජුට පිරිනමන්නේද මේ අයුරින්ම තමාගේ දක්ෂතාවයෙන් භාග්‍යවතුන් වහන්සේට උපමාවක් දක්වන ලදී. “එවමෙතං භගවා” යන වචනවලින් පිළිතුර පිළියෙල කර - භාග්‍යවතුන් වහන්සේට යාඥා කරනුයේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන ලෙස පවසයි. එහි “අභිනන්දතු” යනු මගේ සමීපයට භික්ෂු සංඝයා පැමිණේවායි මෙසේ උන්වහන්සේලාගේ පැමිණීම ප්රියකරනු ලබන්නේ සතුටු වේවා!” යනුයි. “අභිවදතු” යනු පැමිණියා වූ භික්ෂූන්ට අවවාද අනුශාසනා දේශනා කරත්වා යනුයි.
පටිසල්ලානාති එකීභාවා. ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසීති ඉද්ධිං අකාසි. එකද්වීහිකායාති එකෙකො චෙව ද්වෙ ද්වෙ ච හුත්වා. සාරජ්ජමානරූපාති ඔත්තප්පමානසභාවා භායමානා. කස්මා පන භගවා තෙසං තථා උපසඞ්කමනාය ඉද්ධිමකාසීති? හිතපත්ථනාය. යදි හි තෙ වග්ගවග්ගා හුත්වා ආගච්ඡෙය්යුං, “භගවා භික්ඛුසඞ්ඝං පණාමෙත්වා අරඤ්ඤං පවිට්ඨො එකදිවසම්පි තත්ථ වසිතුං නාසක්ඛි, වෙගෙනෙව ආගතො”ති කෙළිම්පි කරෙය්යුං. අථ නෙසං නෙව බුද්ධගාරවං පච්චුපට්ඨහෙය්ය, න ධම්මදෙසනං සම්පටිච්ඡිතුං සමත්ථා භවෙය්යුං. සභයානං පන සසාරජ්ජානං එකද්වීහිකාය ආගච්ඡන්තානං බුද්ධගාරවඤ්චෙව පච්චුපට්ඨිතං භවිස්සති, ධම්මදෙසනඤ්ච සම්පටිච්ඡිතුං සක්ඛිස්සන්තීති චින්තෙත්වා තෙසං හිතපත්ථනාය තථාරූපං ඉද්ධිං අකාසි.
“පටිසල්ලානා” යනු එකඟතාවයෙනි. “ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි” යනු ඍද්ධියක් කළ සේක යනුයි. “එකද්වීහිකායා” තනි තනි වී, දෙදෙනා බැගින් වී යනුයි. “සාරජ්ජමානරූපා” පවට බියවන ස්වභාව ඇතිව භයවෙමින් යනුයි. කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙසේ පැමිණීමට සෘද්ධියක් පහළ කල සේක්ද? යහපත ප්‍රාර්ථනා කරමිනි. “ඉදින් ඔවුහු සමූහ-සමූහව පැමිණියේ නම් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හැරදමා කැළයට ගොස්, එහි එක දවසක්වත් විසීමට නොහැකිව වහා මෙහි පැමිණියේ යැයි කෙළිකවටකම් කරන්නෝය. ඔවුන්ට බුද්ධ ගෞරවයක් නම් ඇති නොවන්නාහුමය. ධර්මදේශනාව පිළිගැනීමට සමර්ථ නොවන්නාහුමය. භය සහිතව සැක සහිතව තනිව හෝ දෙදෙනා බැගින් පැමිණෙන්නවුන්ගේ බුද්ධ ගෞරවයද එළඹ සිටියේ වන්නේය. ධර්මදේශනාවද පිළිගැනීමට හැකිවන්නෝයැ”යි සිතා ඔවුන්ගේම යහපත පිණිස මෙබඳු ප්රාතිහාර්යයක් කළ සේක.
නිසීදිංසූති තෙසු හි සාරජ්ජමානරූපෙසු ආගච්ඡන්තෙසු එකො භික්ඛු “මමංයෙව සත්ථා ඔලොකෙති, මංයෙව මඤ්ඤෙ නිග්ගණ්හිතුකාමො”ති සණිකං ආගන්ත්වා වන්දිත්වා නිසීදි, අථඤ්ඤො අථඤ්ඤොති එවං පඤ්චභික්ඛුසතානි නිසීදිංසු. එවං නිසින්නං පන භික්ඛුසඞ්ඝං සීදන්තරෙ සන්නිසින්නං මහාසමුද්දං විය නිවාතෙ පදීපං විය ච නිච්චලං දිස්වා සත්ථා චින්තෙසි – “ඉමෙසං භික්ඛූනං කීදිසී ධම්මදෙසනා වට්ටතී”ති? අථස්ස එතදහොසි – “ඉමෙ ආහාරහෙතු පණාමිතා, පිණ්ඩියාලොපධම්මදෙසනාව නෙසං සප්පායා, තං දස්සෙත්වා මත්ථකෙ තිපරිවට්ටදෙසනං දෙසෙස්සාමි, දෙසනාපරියොසානෙ සබ්බෙ අරහත්තං පාපුණිස්සන්තී”ති. අථ නෙසං තං ධම්මදෙසනං දෙසෙන්තො අන්තමිදං, භික්ඛවෙතිආදිමාහ.
“නිසීදිංසූ” යනු ඔවුන් අතර සැකබිය සහිතව පැමිණෙන්නා වූ එක් භික්ෂුවක් බුදුහු “මා දෙසම බලා සිටිති. මා ගැනම සිතමින් නිග්‍රහ කරනු කැමතිව සිටීයැ”යි ඉක්මණින් නොගොස් වැඳ එකත්පසෙක වැඩසිටියේය. අනතුරු සෙසු පන්සියයක් භික්ෂූහු ද එසේම සිතමින් අවුත් නිශ්ශබ්දවම වැඩසිටියහ. මෙසේ හුන්නා වූ භික්ෂු සංඝයා සීදන්තරයෙහි හුන්නා වූ මහා සමුද්‍රය මෙන්ද සුළං නැති තැන ඇති පහනක් මෙන්ද නිශ්චලව සිටිනු දැක ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූ සේක. “මේ භික්ෂූන්ට කවරාකාර ධර්මදේශනාවක් සුදුසුද?” එවිට උන්වහන්සේට මෙසේ සිත්විය. “මොවුහු ආහාර හේතුවෙන් එළවා දැමූ නිසා පිණ්ඩපාතය පිළිබඳ ධර්ම දේශනාවක්ම මොවුන්ට ගැලපේ. එය දක්වා පසුව දේශනාව අවසන්හි තිපරිවට්ට දේශනාව දක්වන්නෙමි. දෙසුම අවසන්හි සියල්ලෝම රහත් බවට පත්වන්නෝය.”යි යනුවෙනි. ඉක්බිති එම භික්ෂූන්ට ධර්මදේශනා කරන සේක් “අන්තමිදං භික්ඛවෙ” (මහණෙනි! මේ ජීවිකා අතුරින්....) යනුවෙන් දේශනා කළහ.
තත්ථ අන්තන්ති පච්ඡිමං ලාමකං. යදිදං පිණ්ඩොල්යන්ති යං එවං පිණ්ඩපරියෙසනෙන ජීවිකං කප්පෙන්තස්ස ජීවිතං. අයං පනෙත්ථ පදත්ථො – පිණ්ඩාය උලතීති පිණ්ඩොලො, පිණ්ඩොලස්ස කම්මං පිණ්ඩොල්යං, පිණ්ඩපරියෙසනෙන නිප්ඵාදිතජීවිතන්ති අත්ථො. අභිසාපොති අක්කොසො. කුපිතා හි මනුස්සා අත්තනො පච්චත්ථිකං “චීවරං නිවාසෙත්වා කපාලං ගහෙත්වා පිණ්ඩං පරියෙසමානො චරිස්සතී”ති අක්කොසන්ති. අථ වා පන “කිං තුය්හං අකාතබ්බං අත්ථි, යො ත්වං එවං බලවා වීරියසම්පන්නොපි හිරොත්තප්පං පහාය කපණො විය පිණ්ඩොලො විචරසි පත්තපාණී”ති? එවම්පි අක්කොසන්තියෙව. තඤ්ච ඛො එතන්ති එවං තං අභිසාපං සමානම්පි පිණ්ඩොල්යං. කුලපුත්තා උපෙන්ති අත්ථවසිකාති මම සාසනෙ ජාතිකුලපුත්තා ච ආචාරකුලපුත්තා ච අත්ථවසිකා කාරණවසිකා හුත්වා කාරණවසං පටිච්ච උපෙන්ති.
එහි “අන්තං” යනු අන්තිම, ලාමක වූ යනුයි. “යදිදං පිණ්ඩොල්යං” යනු මෙසේ පිඬු සෙවීමෙන් ජීවිකාව ගෙනයන්නාගේ ජීවිතයයි. මෙය වනාහී මේ පදයේ අර්ථයයි. පිඬු පිණිස හැසිරේ යනු “පිණ්ඩෝල” නම් වේ. පිණ්ඩෝල කර්මය-ක්‍රියාව නම් “පිණ්ඩොල්යං” පිඬු සෙවීමෙන් පෝෂණය වන ජීවිතය යන අර්ථයයි. “අභිසපො” යනු ආක්රෝශයයි. අක්‍රෝශ පරිභව කරනු කැමති මිනිස්සු “තමාගේ විරුද්ධකාරයෝ සිවුරක් පොරවාගෙන කබලක් අතින් ගෙන පිඬු සොයමින් හැසිරෙන්නේ” යැයි ආක්‍රෝශ කරති. නැතිනම් “නුඹලාට කිම නොකටයුත්තක් ඇද්ද? නුඹලා මෙසේ බල-වීර්ය සහිතව හිඳගෙනත් ලැජ්ජා බිය අත්හැර දිළින්දන් මෙන් අතින් පාත්‍රයක් ගෙන පිඬු පිණිස හැසිරෙන්නහුද?”යි ආක්‍රෝශ කරත්මය. “තඤ්ච ඛො එතං” යනු මෙසේ ඒ ශාප කිරීමට සමාන වූ “ පිණ්ඩපාතයේ හැසිරීම”යි. “කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා” යනු මගේ සසුනේ ජාති කුලපුත්‍රයෝ ද ආචාර කුලපුත්‍රයෝ ද අර්ථය-ප්‍රයෝජනය
රාජාභිනීතාතිආදීසු යෙ රඤ්ඤො සන්තකං ඛාදිත්වා රඤ්ඤා බන්ධනාගාරෙ බන්ධාපිතා පලායිත්වා පබ්බජන්ති, තෙ රාජාභිනීතා නාම. තෙ හි රඤ්ඤා බන්ධනං අභිනීතත්තා රාජාභිනීතා නාම. යෙ පන චොරෙහි අටවියං ගහෙත්වා එකච්චෙසු මාරියමානෙසු එකච්චෙ “මයං සාමි තුම්හෙහි විස්සට්ඨා ගෙහං අනජ්ඣාවසිත්වා පබ්බජිස්සාම, තත්ථ යං යං බුද්ධපූජාදිපුඤ්ඤං කරිස්සාම, තතො තුම්හාකං පත්තිං දස්සාමා”ති තෙහි විස්සට්ඨා පබ්බජන්ති, තෙ චොරාභිනීතා නාම. තෙපි හි චොරෙහි මාරෙතබ්බතං අභිනීතාති චොරාභිනීතා නාම. යෙ පන ඉණං ගහෙත්වා පටිදාතුං අසක්කොන්තා පලායිත්වා පබ්බජන්ති, තෙ ඉණට්ටා නාම, ඉණපීළිතාති අත්ථො. ඉණට්ඨාතිපි පාඨො, ඉණෙ ඨිතාති අත්ථො. යෙ රාජචොරඡාතකරොගභයානං අඤ්ඤතරෙන අභිභූතා උපද්දුතා පබ්බජන්ති, තෙ භයට්ටා නාම, භයපීළිතාති අත්ථො. භයට්ඨාතිපි පාඨො, භයෙ ඨිතාති අත්ථො. ආජීවිකාපකතාති ආජීවිකාය උපද්දුතා අභිභූතා, පුත්තදාරං පොසෙතුං අසක්කොන්තාති අත්ථො. ඔතිණ්ණාම්හාති අන්තො අනුපවිට්ඨා.
සොයන්නෝ ම වී හේතු නිසාම පිඬු පිණිස හැසිරීමට පැමිණෙති යනුයි. “රාජාභිනීතා” යනාදියෙහි, යමෙක් රජුගේ සමීපයේ කා, රජු බන්ධනාගාරයෙහි දැමූවිට ඉන් පලාගොස් පැවිදි වන්නෝද ඔවුහු “රාජාභිනීත” නම් වෙති. ඔවුහු රජු විසින් බන්ධනයෙන් ඉදිරියට පමුණුවන ලද බැවින් “රාජාභිතීතා” නම් වෙති. යම් සොර කැලක් කැලයට ගොස් එක එකා මරන කල්හි ඇතැම්හු “ස්වාමීනි! අපි නුඹලාට අපගේ ගෙවල් දොරවල් පවරා දී පැවිදි වන්නෙමු. එසේ සිටිමින් අපි මල් ආදිය පූජා කරමින් නුඹලාට පින් අනුමෝදන් කරන්නෙමු”යි සොරු විසින් අත්හරින ලදුව පැවිදිවෙති. ඔවුහු “චොරාභිනීතා” නම් වේ. ඒ සොරුන් විසින් මැරිය යුතු බවට පමුණුවන ලද්දාහු චොරාභිනීත නම් වේ. යමෙක් ණය ගෙන එය නැවත ගෙවීමට අසමත්ව පලාගොස් පැවිදි වෙති. ඔවුහු “ඉණට්ටා” නම් වෙති. ‘ණයෙන් පෙළුණු’ යන අර්ථයි. “ඉණට්ඨා” යන පාඨයද සුදුසුය. ‘ණයෙහි සිටි’ යන තේරුමයි. ඇතමෙක් රජ-සොර දුර්භික්ෂ-රෝග-ණය ආදී භයකින් පෙලණු ලැබුවාහු පැවිදි වෙති. ඔවුහු “භයට්ටා” නම් වෙති. “භයෙන් පෙළුණු” යන යන අර්ථයයි. “භයට්ඨා” යන පාඨයද යෙදේ. භයෙහි සිටි යන අර්ථයයි. “ආජීවිකා පකතා” යනු දිවිපැවැත්මෙන් උපද්‍රව කරන ලද්දාහු, ඉන් පෙළුණාහු, අඹුදරුවන් පෝෂණය කිරීමට නොහැකිවන්නාහු යන අර්ථයි. “ඔතිණ්ණම්හා” යනු ඇතුලට පිවිසියාහු යනුයි.
සො ච හොති අභිජ්ඣාලූති ඉදං සො කුලපුත්තො “දුක්ඛස්ස අන්තං කරිස්සාමී”තිආදිවසෙන චිත්තං උප්පාදෙත්වා පබ්බජිතො, අපරභාගෙ, තං පබ්බජ්ජං තථාරූපං කාතුං න සක්කොති, තං දස්සෙතුං වුත්තං. තත්ථ අභිජ්ඣාලූති පරභණ්ඩානං අභිජ්ඣායිතා. තිබ්බසාරාගොති බහලරාගො. බ්යාපන්නචිත්තොති පූතිභාවෙන විපන්නචිත්තො. පදුට්ඨමනසඞ්කප්පොති තිඛිණසිඞ්ගො විය ගොණො දුට්ඨචිත්තො. මුට්ඨස්සතීති භත්තනික්ඛිත්තකාකො විය නට්ඨස්සති, ඉධ කතං එත්ථ නස්සති. අසම්පජානොති නිප්පඤ්ඤො. ඛන්ධාදිපරිච්ඡෙදරහිතො. අසමාහිතොති චණ්ඩසොතෙ බද්ධනාවා විය උපචාරප්පනාභාවෙන අසණ්ඨිතො. විබ්භන්තචිත්තොති බන්ධාරුළ්හමගො විය සන්තමනො. පාකතින්ද්රියොති යථා ගිහී පුත්තධීතරො ඔලොකෙන්තො අසංවුතින්ද්රියො හොති, එවං අසංවුතින්ද්රියො.
“සොච හොති අභිජ්ඣාලූ” යනු මෙය ඒ කුලපුත්‍රයා දුක් කෙළවර කරන්නෙමි”යි ආදී වශයෙන් සිත් උපදවා පැවිදි වූවාහු, මෑත කාලයේ දී ඒ පැවිද්ද ඒ කියූ ආකාරයෙන් ඉටුකිරීමට අසමත් වෙති. එය දැක්වීමට මෙය දෙසූහ. එහි “අභිජ්ඣාලූ” යනු අනුන්ගේ සම්පත් කෙරෙහි තන්හහා බහුල වීමයි. “තිබ්බසාරාගො” යනු බහුල රාග ඇති බවයි. “බ්‍යාපන්න චිත්තො” යනු කුණු වූ බැවින් විපතට පත් සිත් ඇති යනුයි. “පදුට්ඨමනසංකප්පො” යනු තියුණු අං ඇති ගොනෙකු මෙන් දුෂ්ට සිත් ඇත්තාහු යනුයි. “මුට්ඨස්සති” බත් දමනු ලැබූ කපුටකු මෙන් නැසෙන්නේය. මෙහි කෙසේ නම් නැසේද? “අසම්පජානො” යනු ප්‍රඥාවක් නොමැතිකමිනි. ස්කන්ධාදී වෙන් වෙන් කිරීම් රහිතවයි. “අසමාහිතො” යනු සැඩ දියපහරක බඳින ලද නැව මෙන් උපචාර අර්පණා භාවයෙන් නොපිහිටි. ස්ථිර නොවූ යනුයි. “විබ්භන්ත චිත්තො” යනු බැම්මෙන් බැඳුණු මෘගයෙක් මෙන් භ්‍රාන්ත වූ සිත් ඇතිවය. “පාකතින්ද්රියො” යනු යම්සේ ගිහියන්ට දූපුතුන් බැලීමේදී ඇතිවන සංවර නොවූ ඉඳුරන් ඇති බව මෙන් අසංවර වූ ඉඳුරන් ඇත්තේ යනුයි.
ඡවාලාතන්ති ඡවානං දඩ්ඪට්ඨානෙ අලාතං. උභතොපදිත්තං මජ්ඣෙ ගූථගතන්ති පමාණෙන අට්ඨඞ්ගුලමත්තං ද්වීසු ඨානෙසු ආදිත්තං මජ්ඣෙ ගූථමක්ඛිතං. නෙව ගාමෙති සචෙ හි තං යුගනඞ්ගලගොපානසිපක්ඛපාසකාදීනං අත්ථාය උපනෙතුං සක්කා අස්ස, ගාමෙ කට්ඨත්ථං ඵරෙය්ය. සචෙ ඛෙත්තකුටියං කට්ඨත්ථරමඤ්චකාදීනං අත්ථාය උපනෙතුං සක්කා, අරඤ්ඤෙ කට්ඨත්ථං ඵරෙය්ය. යස්මා පන උභයථාපි න සක්කා, තස්මා එවං වුත්තං. ගිහිභොගා ච පරිහීනොති යො අගාරෙ වසන්තෙහි ගිහීහි දායජ්ජෙ භාජියමානෙ භොගො ලද්ධබ්බො අස්ස, තතො ච පරිහීනො. සාමඤ්ඤත්ථඤ්චාති ආචරියුපජ්ඣායානං ඔවාදෙ ඨත්වා පරියත්තිපටිවෙධවසෙන පත්තබ්බං සාමඤ්ඤත්ථඤ්ච. ඉමඤ්ච පන උපමං සත්ථා න දුස්සීලස්ස වසෙන ආහරි, පරිසුද්ධසීලස්ස පන අලසස්ස අභිජ්ඣාදීහි දොසෙහි උපහතස්ස පුග්ගලස්ස ඉමං උපමං ආහරි.
“ඡවාලාතං” යනු මළමිනී දවපු ස්ථානයේ ඇති ගිනිපෙනෙල්ලකි. “උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං” යනු ඇඟිල්ලක් පමණ මුලින් හා අගින් දැවුණු, මැද අශූචි ගැවසුණු යනුයි. “නෙවගාමෙ” ඉදින් ඒ වියදඬු නඟුල්-ගොණැසි-පක්ෂ පස ඇට ආදිය සෑදීම සඳහා භාවිතයට ගත හැකියි. “කට්ඨත්තං ඵරෙය්ය” ඉදින් තෙත් කුටියක (කුඹුරේ පාලක) මැසි-ඇඳ ආදිය සාදාගැනීම සඳහා භාවිතයට ගතහැකිය. “අරඤ්ඤෙ” කැළයෙහි දර-මැසි සඳහා ගත්තේය. යම්හෙයකින් මේ දෙතැනදීම (ගමේ-කැළයේ) මෙසේ භාවිතයට නොගත හැකිය යන අර්ථයයි. “ගිහිභොගා ච පරිහීනො” යනු යමෙක් ගිහිගේ වසමින් ගිහියන්ගේ පරිත්යාගාදියට බඳුන් වී දායාද බෙදනවිට භාගයක් භාගයක් ලැබිය යුතු වන්නේ ද ඉන් ද පිරිහුණේ යනුයි. “සාමඤ්ඤත්ථඤ්ච” යනු ආචාර්ය උපාධ්යායවරුන්ගේ අවවාදයේ සිට පර්යාප්ති-ප්‍රතිවේද වශයෙන් පැමිණිය යුතු ශ්‍රමණ බවේ ඵලයකුත් නොලබයි. මේ උපමාව බුදුපියාණන් වහන්සේ දුශ්ශීලයාගේ වශයෙන් නොදැක්වූහ. පිරිසිදු සිල් ඇති අලසයාගේ දැඩිලෝභාදී දෝෂයන්ගෙන් පලුදු වූ පුද්ගලයාට ම මේ උපමාව ගෙනහැර දැක්වූහ.
තයොමෙ, භික්ඛවෙති කස්මා ආරද්ධං? ඉමස්ස පුග්ගලස්ස ඡවාලාතසදිසභාවො නෙව මාතාපිතූහි කතො, න ආචරියුපජ්ඣායෙහි, ඉමෙහි පන පාපවිතක්කෙහි කතොති දස්සනත්ථං ආරද්ධං. අනිමිත්තං වා සමාධින්ති විපස්සනාසමාධිං. සො හි නිච්චනිමිත්තාදීනං සමුග්ඝාතනෙන අනිමිත්තොති වුච්චති. එත්ථ ච චත්තාරො සතිපට්ඨානා මිස්සකා, අනිමිත්තසමාධි පුබ්බභාගො. අනිමිත්තසමාධි වා මිස්සකො, සතිපට්ඨානා පුබ්බභාගාති වෙදිතබ්බා.
“තයො මෙ භික්ඛවෙ” යන්න කුමක් නිසා ඇරඹූසේක් ද? මේ පුද්ගලයාගේ සොහොන් දරකඩක් හා සමානබව - ඔහුගේ මවුපියන් විසින් නොකළ දෙයකි. ආචාර්ය-උපාධ්‍යායවරු විසින් නොකළ දෙයකි. ඔහුගේ ම පාපී විතර්ක සිතුවිලිවලින් ම කරන ලද්දකැයි දැක්වීමට මෙය ආරම්භ කරන ලදහ. “අනිමිත්ත වා සමාධිං” යනු විදර්ශනා සමාධියයි. එය නිතර නිමිති ආදිය වනසා දමන හෙයින් ‘අනිමිත්ත’ යැයි කියයි. මෙහිද සතර සතිපට්ඨානයෝ මිශ්‍රවී අනිමිත්ත සමාධිය පූර්වභාග වේ. අනිමිත්ත සමාධිය හෝ මිශ්‍ර වූ සතිපට්ඨානය හෝ පූර්වභාග වේයැයි දතයුතුයි.
ද්වෙමා, භික්ඛවෙ, දිට්ඨියොති ඉදං පන න කෙවලං අනිමිත්තසමාධිභාවනා ඉමෙසංයෙව තිණ්ණං මහාවිතක්කානං පහානාය සංවත්තති, සස්සතුච්ඡෙදදිට්ඨීනම්පි පන සමුග්ඝාතං කරොතීති දස්සනත්ථං වුත්තං. න වජ්ජවා අස්සන්ති නිද්දොසො භවෙය්යං. සෙසමෙත්ථ උත්තානමෙව.
“ද්වෙ මා භික්ඛවෙ” මෙය හුදෙක් අනිමිත්ත සමාධි භාවනාවයි. මේ ත්‍රිවිධ මහාවිතර්කයන් ම ප්රහාණය කිරීම පිණිස මෙය පවතියි. ශාස්වත හා උච්ඡේද දෘෂ්ටිද සහමුලින් නසාදමන්නේ යැයි දැක්වීමට කියන ලදී. “න වජ්ජවා අස්සං” යනු නිර්දෝෂයෙක් වන්නේය යනුයි. ඉතිරි පද අර්ථ ප්‍රකටම ය.
ඉති භගවා ඉමස්මිම්පි සුත්තෙ දෙසනං තීහි භවෙහි විනිවත්තෙත්වා අරහත්තෙන කූටං ගණ්හි. දෙසනාවසානෙ පඤ්චසතා භික්ඛූ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණිංසූති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ත්‍රිවිධ භවයන්හි පෙරලා දමා “රහත්බව”ම ප්රධානත්වයට පත්කළ සේක. දේශනාව අවසානයේ පන්සියයක් භික්ෂූහු සිවුපිළිසිඹියා පත් රහත් තත්ත්වයට පත්වූහ.
අට්ඨමං.
අටවන සූත්‍රය