9. පාරිලෙය්‍යක සුත්තවණ්ණනා අට්ඨකථා
9. පාරිලෙය්‍යක සුත්තවණ්ණනා
9. පාරිලෙය්‍යක සූත්‍ර වර්ණනාව
නවමෙ චාරිකං පක්කාමීති කොසම්බිකානං භික්ඛූනං කලහකාලෙ සත්ථා එකදිවසං දීඝීතිස්ස කොසලරඤ්ඤො වත්ථුං ආහරිත්වා “න හි වෙරෙන වෙරානි, සම්මන්තීධ කුදාචන”න්තිආදීහි (ධ· ප· 5) ගාථාහි ඔවදති. තංදිවසං තෙසං කලහං කරොන්තානංයෙව රත්ති විභාතා. දුතියදිවසෙපි භගවා තමෙව වත්ථුං කථෙසි. තංදිවසම්පි තෙසං කලහං කරොන්තානංයෙව රත්ති විභාතා. තතියදිවසෙපි භගවා තමෙව වත්ථුං කථෙසි. අථ නං අඤ්ඤතරො භික්ඛු එවමාහ – “අප්පොස්සුක්කො, භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු, මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමා”ති. සත්ථා “පරියාදිණ්ණරූපචිත්තා ඛො ඉමෙ මොඝපුරිසා, න ඉමෙ සක්කා සඤ්ඤාපෙතු”න්ති චින්තෙත්වා – “කිං මය්හං ඉමෙහි, එකචාරවාසං වසිස්සාමී”ති? සො පාතොව සරීරපටිජග්ගනං කත්වා කොසම්බියං පිණ්ඩාය චරිත්වා කඤ්චිපි අනාමන්තෙත්වා එකොව අදුතියො චාරිකං පක්කාමි.
නවවන සූත්‍රයේ “චාරිකං පක්කාමි” යනු කෝසම්බිය නුවර භික්ෂූන්ගේ කලහ කාලයේ දී එක්දිනක් බුදුරජාණන් වහන්සේ දීඝිති කෝසල රජුගේ කථාවස්තුව ගෙනහැර දක්වා - “නහි වෙරෙන වේරානි, සම්මන්තීධ කුදාචනං” යන ගාථාවෙන් අවවාද දුන් සේක. එදින රාත්‍රිය ගෙවුණු කල්හි දෙවන දවසෙහිද එම කලහකාරීන්ටම බුදුපියාණෝ එම කථාවම ගෙනහැර දැක්වූහ. එදවසද ඔවුන්ට කලහ කිරීමෙන්ම රාත්‍රිය ගතවිය. තෙවැනි දිනයේදී බුදුහු මේ කථාවම දේශනා කළහ. එවිට එක්තරා භික්ෂුවක් මෙසේ කීවේය. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ අල්ප උත්සාහ ඇතිවන සේක්වා. දිට්ඨධම්මසුඛ විහාරයේ යෙදී වැඩවාසය කරන සේක්වා. අපි මෙසේ කලහ කිරීමෙන්, කෝලාහල කිරීමෙන් විග්රහ කිරීමෙන්, විවාද කිරීමෙන් ප්‍රකට වන්නෙමු”යි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ “හාත්පසින් රූප චිත්තයෙන් මඬනා ලද මේ හිස් පුරුෂයෝ, සන්සිඳවීමට, සමාදාන කිරීමට නොහැක. මා දැන් කුමක් කරම්ද? හුදකලාව වාසය කරමි”යි සිතා උදෑසනම සිරුර පිළිදැගුම්කොට, කොසඹෑවෙහි පිඬුපිණිස හැසිර, කිසිවෙකුට නොදන්වා තනිව හුදකලාවම චාරිකාවෙහි පිටත්වූ සේක.
යස්මිං, ආවුසො, සමයෙති ඉදං ථෙරො යස්මාස්ස අජ්ජ භගවා එකෙන භික්ඛුනා සද්ධිං පක්කමිස්සති, අජ්ජ ද්වීහි, අජ්ජ සතෙන, අජ්ජ සහස්සෙන, අජ්ජ එකකොවාති සබ්බො භගවතො චාරො විදිතො පාකටො පච්චක්ඛො, තස්මා ආහ.
“යස්මිං ආවුසො සමයෙ” යනු මේ තෙරුන්වහන්සේට යම්හෙයකින් අද භාග්‍යවතුන් වහන්සේ එක් භික්ෂුවක් සමග වඩින සේක. අද දෙදෙනෙකු සමග, අද සියයක් සමග, අද දහසක් සමග, හුදකලාවම වඩින සේකැ”යි සියලුම භාග්‍යවතුන් වහන්සේගේ හැසිරීම් දන්නා ලදී. ඉතා ප්රකටය. ඉතා ප්රත්යක්ෂය. එනිසා මෙසේ වදාළහ.
අනුපුබ්බෙනාති ගාමනිගමපටිපාටියා පිණ්ඩාය චරමානො එකචාරවාසං තාව වසමානං භික්ඛුං පස්සිතුකාමො හුත්වා බාලකලොණකාරගාමං අගමාසි. තත්ථ භගුත්ථෙරස්ස සකලපච්ඡාභත්තඤ්චෙව තියාමරත්තිඤ්ච එකචාරවාසෙ ආනිසංසං කථෙත්වා පුනදිවසෙ තෙන පච්ඡාසමණෙන පිණ්ඩාය චරිත්වා තං තත්ථෙව නිවත්තෙත්වා “සමග්ගවාසං වසමානෙ තයො කුලපුත්තෙ පස්සිස්සාමී”ති පාචීනවංසමිගදායං අගමාසි. තෙසම්පි සකලපච්ඡාභත්තඤ්චෙව තියාමරත්තිඤ්ච එකචාරවාසෙ ආනිසංසං කථෙත්වා තෙ තත්ථෙව නිවත්තෙත්වා එකකොව පාලිලෙය්ය නගරාභිමුඛො පක්කමිත්වා අනුපුබ්බෙන පාලිලෙය්යනගරං සම්පත්තො. තෙන වුත්තං – “අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාලිලෙය්යකං, තදවසරී”ති.
“අනුපුබ්බෙන” යනු ගම් නියම්ගම් පිළිවෙලින් පිඬු පිණිස වඩින සේක් හුදකලාවම වසන භික්ෂුවක් දකිනු කැමති වී බාලකලෝණකාර ග්‍රාමයට වැඩි සේක. එහි භගු තෙරුන් වහන්සේගේ සියලු පසුබත් කාලයේද තුන්යම් රාත්‍රියේද හුදකලා වාසයේ අනුසස් දේශනා කළසේක්, දෙවැනි දිනයේ ඔහු පසුපස කොටගෙන පිඬු පිණිස හැසිර, උන්වහන්සේ එහිම නවත්වා, සමගිව වෙසෙන කුලපුතුන් තිදෙනා දකින්නෙමි” යි ප්‍රාචීන වංස මිගදායට වැඩිසේක. ඔවුන්ට ද මුළු පසුබත් කාලයේත් තුන්යම් රාත්‍රිය මුළුල්ලේත් හුදකලා වාසයේ අනුසස් දේශනා කළසේක. ඔවුහු එහිම නැවැත්වූ උන්වහන්සේ තනිවම පාරිලෙය්‍ය නගරයට අභිමුඛව වැඩ අනුපිළිවෙලින් පාරිලෙය්‍ය නුවරට පැමිණි සේක. එනිසා කියන ලදී. - “අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්යනගරං තදවසරි” යැයි කියන ලදී.
භද්දසාලමූලෙති පාලිලෙය්යවාසිනො භගවතො දානං දත්වා පාලිලෙය්යතො අවිදූරෙ රක්ඛිතවනසණ්ඩො නාම අත්ථි, තත්ථ භගවතො පණ්ණසාලං කත්වා “එත්ථ වසථා”ති පටිඤ්ඤං කාරෙත්වා වාසයිංසු. භද්දසාලො පන තත්ථෙකො මනාපො ලද්ධකො සාලරුක්ඛො. භගවා තං නගරං උපනිස්සාය තස්මිං වනසණ්ඩෙ පණ්ණසාලසමීපෙ තස්මිං රුක්ඛමූලෙ විහරති. තෙන වුත්තං “භද්දසාලමූලෙ”ති.
“භද්දසාලමූලෙ” යනු පාරිලෙය්‍ය වැසියෝ භාග්‍යවතුන් වහන්සේ දන් දුන්හ. පාරිලෙය්‍ය නුවරට නුදුරෙහි ‘රක්ෂිත’ නම් වන ලැහැබක් ඇත. එහි භාග්‍යවතුන් වහන්සේට පන්සලක් කරවා දී, එහි වසනු මැනව’යි ප්‍රතිඥා දී වාසය කරවූහ. එහි භද්‍රසාල යන නම ඇති ප්‍රියජනක-සිත්කලු සල්රුකක් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒ නගර ඇසුරු කරගෙන ඒ වන ලැහැබෙහි පන්සල සමීපයේ එම රුක්මුලෙහි වැඩවාසය කරන සේක. එනිසා ‘භද්දසාල මූලෙ’ යනුවෙන් කියන ලදී.
එවං විහරන්තෙ පනෙත්ථ තථාගතෙ අඤ්ඤතරො හත්ථිනාගො හත්ථිනීහි හත්ථිපොතකාදීහි ගොචරභූමිතිත්ථොගාහනාදීසු උබ්බාළ්හො යූථෙ උක්කණ්ඨිතො “කිං මෙ ඉමෙහි හත්ථීහී”ති? යූථං පහාය මනුස්සපථං ගච්ඡන්තො පාලිලෙය්යකවනසණ්ඩෙ භගවන්තං දිස්වා ඝටසහස්සෙන නිබ්බාපිතසන්තාපො විය නිබ්බුතො හුත්වා සත්ථු සන්තිකෙ අට්ඨාසි. සො තතො පට්ඨාය සත්ථු වත්තපටිවත්තං කරොන්තො මුඛධොවනං දෙති, න්හානොදකං ආහරති, දන්තකට්ඨං දෙති, පරිවෙණං සම්මජ්ජති, අරඤ්ඤතො මධුරානි ඵලාඵලානි ආහරිත්වා සත්ථුනො දෙති. සත්ථා පරිභොගං කරොති.
මෙසේ තථාගතයන් වහන්සේ වැඩවෙසෙන කල්හි එක්තරා ඇත්නායකයෙක්, ඇතින්නියන්-ඇත් පැටවුන් විසින් ගොදුරු බිමේදී, නානතොටේදී කරදරයට පැමිණියේ; රැළ කෙරෙහි කළකිරි “මට මේ ඇතුන්ගෙන් කවර වැඩක්ද?” යි රැළ අත්හැර මිනිස් පථයට යනුයේ පාරිලෙය්‍ය වනලැහැබෙහි වැඩහුන් බුදුපියාණන් වහන්සේ දැක කළදහසකින් නිවන ලද සන්තාපයක් (තැවීමක්) මෙන් නිවුණු සිතැතිව තථාගතයන් සමීපයේ සිටියේය. ඒ ඇතා එතැන් පටන් ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කරමින් මුව දෝනා පැන් සපයයි. නෑමට දිය ගෙනවුත් දෙයි. දත්මදින උපකරණ ගෙනවිත් දෙයි. පිරිවෙන අමදියි. කැළයෙන් මිහිරි ඵලවැල ගෙනවුත් උන්වහන්සේට දෙයි. බුදුහු ඒවා පරිභෝග කරති.
එකදිවසං සත්ථා රත්තිභාගසමනන්තරෙ චඞ්කමිත්වා පාසාණඵලකෙ නිසීදි. හත්ථීපි අවිදූරෙ ඨානෙ අට්ඨාසි. සත්ථා පච්ඡතො ඔලොකෙත්වා න කිඤ්චි අද්දස, එවං පුරතො ච උභයපස්සෙසු ච. අථස්ස “සුඛං වතාහං අඤ්ඤත්ර තෙහි භණ්ඩනකාරකෙහි වසාමී”ති චිත්තං උප්පජ්ජි. හත්ථිනොපි “මයා නාමිතසාඛං අඤ්ඤෙ ඛාදන්තා නත්ථී”තිආදීනි චින්තෙත්වා – “සුඛං වත එකකොව වසාමි, සත්ථු වත්තං කාතුං ලභාමී”ති චිත්තං උප්පජ්ජි. සත්ථා අත්තනො චිත්තං ඔලොකෙත්වා – “මම තාව ඊදිසං චිත්තං, කීදිසං නු ඛො හත්ථිස්සා”ති තස්සාපි තාදිසමෙව දිස්වා “සමෙති නො චිත්ත”න්ති ඉමං උදානං උදානෙසි –
එක් දිනක් බුදුපියාණන් වහන්සේ මුලු රෑම සක්මන් කර, ගල්තලාවෙහි වැඩහුන්හ. ඇතා ද නුදුරු තැනක සිටියේය. ශාස්තෲන් වහන්සේ පසුපස බලා කිසිවකු නුදුටු සේක. එසේම ඉදිරියෙහිද කිසිවකු නුදුටු සේක. දෙපැත්තෙහිද කිසිවකු නුදුටු සේක. එවිට උන්වහන්සේට “මම ඒකාන්තයෙන් සුවසේ වෙසෙමි. මෙහි කලහ කරන්නෝ නොමැත. එබැවින් සුවසේ වෙසෙමි”යි සිතක් පහළ වූ සේක. ඇතාටද “මවිසින් නැමූ අත්ත අනිකකු නොකයි” ආදි වශයෙන් “මම ද හුදකලාව සැපසේ වසමි. ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කිරීමට ඉඩ ලද්දෙමි”යි යන සිත පහළවිය. බුදුහු තමන්වහන්සේ සිත බලා “මට මෙබඳු සිතක් පහළවිය. ඇතුට කවර සිතක් වේද?”යි විමසා දැන ඔහුගේ සිතද එබඳුම බව දැන “අප දෙදෙන සම සිත් ඇත්තෝය”යි මේ ප්‍රීති වාක්‍යය පහළ කල සේක.
“එතං නාගස්ස නාගෙන, ඊසාදන්තස්ස හත්ථිනො; සමෙති චිත්තං චිත්තෙන, යදෙකො රමතී වනෙ”ති. (මහාව· 467);
“මේ නගුලිස වැනි දික් දත් ඇති හස්ති නාගයා සමග හුදකලාව වනයේ ඇලී වෙසෙන බුද්ධනාගයන් වහන්සේගේ සිතින් සිත සමාන වේ.”
අථ ඛො සම්බහුලා භික්ඛූති අථ එවං තථාගතෙ තත්ථ විහරන්තෙ පඤ්චසතා දිසාසු වස්සංවුත්ථා භික්ඛූ. යෙනායස්මා ආනන්දොති “සත්ථා කිර භික්ඛුසඞ්ඝං පණාමෙත්වා අරඤ්ඤං පවිට්ඨො”ති අත්තනො ධම්මතාය සත්ථු සන්තිකං ගන්තුං අසක්කොන්තා යෙනායස්මා ආනන්දො, තෙනුපසඞ්කමිංසු.
“අථ ඛො සම්බහුලා භික්ඛු” යනු ඉක්බිති මෙසේ තථාගතයන් වහන්සේ එහි වැඩවසන කල්හි පිටිසර වස් විසූ පන්සීයක් භික්ෂූහු “යෙනායස්මා ආනන්දො” ශාස්තෲන් වහන්සේ භික්ෂු සංඝයා බැහැර කර, කැළයට පිවිසි බැවින් තමාගේ ස්වභාවයෙන් බුදුරදුන් සමීපයට යෑමට අසමත් වූ තෙරවරු ආනන්ද තෙරුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියහ.
අනන්තරා ආසවානං ඛයොති මග්ගානන්තරං අරහත්තඵලං. විචයසොති විචයෙන, තෙසං තෙසං ධම්මානං සභාවවිචිනනසමත්ථෙන ඤාණෙන පරිච්ඡින්දිත්වාති අත්ථො. ධම්මොති සාසනධම්මො. චත්තාරො සතිපට්ඨානාතිආදි යෙ යෙ කොට්ඨාසෙ පරිච්ඡින්දිත්වා ධම්මො දෙසිතො, තෙසං පකාසනත්ථාය වුත්තං.
“අනන්තරා ආසවානං ඛයො” යනු මාර්ගයන්ගෙන් අනතුරුව ලබන අර්හත් ඵලයයි. “විචයසො” යනු පරීක්ෂාවෙන්ය. ඒ ඒ ධර්මයන්ගේ ස්වභාවය විමසීමට සමත් වූ ඥානයෙන් පිරිසිඳ දැන යන අර්ථයයි. “ධම්මො” යනු ශාසන ධර්මයයි. “චත්තාරො සතිපට්ඨානා” මුලින් යම් යම් දහම් කොටස් වෙන් වෙන් කොට ධර්මය දෙසන ලද ද එය ප්‍රකාශ කිරිම සඳහා කියන ලදී.
සමනුපස්සනාති දිට්ඨිසමනුපස්සනා. සඞ්ඛාරො සොති දිට්ඨිසඞ්ඛාරො සො. තතොජො සො සඞ්ඛාරොති තතො තණ්හාතො සො සඞ්ඛාරො ජාතො. තණ්හාසම්පයුත්තෙසු චිත්තෙසුපි චතූසු චිත්තෙසු එස ජායති. සාපි තණ්හාති සා දිට්ඨිසඞ්ඛාරස්ස පච්චයභූතා තණ්හා. සාපි වෙදනාති සා තණ්හාය පච්චයභූතා වෙදනා. සොපි ඵස්සොති සො වෙදනාය පච්චයො අවිජ්ජාසම්ඵස්සො. සාපි අවිජ්ජාති සා ඵස්සසම්පයුත්තා අවිජ්ජා.
“සමනුපස්සනා” යනු දෘෂ්ටි සමනුපස්සනාවයි. “සංඛාරොසො” යනු ඒ දෘෂ්ටි සංස්කාරයයි. “තතොජො සො සංඛාරො” යනු ඒ තණ්හාවෙන් ඒ සංස්කාරය ඉපදුණි යනුයි. තණ්හාව මනාව යෙදුණු සිත්වලින් ද ඒ සිවු සිත්වල එය උපදියි. “සාපිතණ්හා” යනු ඒ දෘෂ්ටි සංස්කාරයට ප්‍රත්‍යය වූ තෘෂ්ණාවයි. “සාපිවෙදනා” යන ඒ තණ්හාවට ප්‍රත්‍ය වූ වේදනාව. “සොපි ඵස්සො” යනු ඒ වේදනාවෙන් ප්‍රත්‍ය වූ අවිද්‍යා ස්පර්ශයයි. “සාපි අවිජ්ජා” ඒ ස්පර්ශය හා මනාව යෙදුණු අවිද්‍යාවයි.
නො චස්සං, නො ච මෙ සියාති සචෙ අහං න භවෙය්යං, මම පරික්ඛාරොපි න භවෙය්ය. නාභවිස්සං, න මෙ භවිස්සතීති සචෙ පන ආයතිම්පි අහං න භවිස්සාමි, එවං මම පරික්ඛාරොපි න භවිස්සති. එත්තකෙ ඨානෙ භගවා තෙන භික්ඛුනා ගහිතගහිතදිට්ඨිං විස්සජ්ජාපෙන්තො ආගතො පුග්ගලජ්ඣාසයෙනපි දෙසනාවිලාසෙනපි.
“නො චස්සං නො ච මෙ සියා” යන ඉදින් මම නොවන්නේ නම් මගේ පරිෂ්කාරාදිය ද නොවන්නේය යනුයි. “න භවිස්සාමී න මෙ භවිස්සතී” යනු ඉදින් මම අනාගතයේද නොවන්නෙම් නම් එලෙසින්ම මගේ පිරිකරද අනාගතයේ නොවන්නේ ය යනුයි. මෙපමණ තැන්හිදී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් විසින් ගත් ගත් දෘෂ්ටි පුද්ගල අදහස් වශයෙන් ද දේශනා විලාශයෙන් ද විහිදුවමින් විසඳමින් පැමිණි සේක.
තතොජො සො සඞ්ඛාරොති තණ්හාසම්පයුත්තචිත්තෙ විචිකිච්ඡාව නත්ථි, කථං විචිකිච්ඡාසඞ්ඛාරො තණ්හාතො ජායතීති? අප්පහීනත්තා. යස්ස හි තණ්හාය අප්පහීනාය සො උප්පජ්ජති, තං සන්ධායෙතං වුත්තං. දිට්ඨියාපි එසෙව නයො ලබ්භතියෙව චතූසු හි චිත්තුප්පාදෙසු සම්පයුත්තදිට්ඨි නාම නත්ථි. යස්මා පන තණ්හාය අප්පහීනත්තා සා උප්පජ්ජති, තස්මා තං සන්ධාය තත්රාපි අයමත්ථො යුජ්ජති. ඉති ඉමස්මිං සුත්තෙ තෙවීසතියා ඨානෙසු අරහත්තං පාපෙත්වා විපස්සනා කථිතා.
“තතොජො සො සංඛාරො” යනු තණ්හාව සම්ප්‍රයුක්ත වූ සිතෙහි සැකය ම නැත. කෙසේ නම් විචිකිච්ඡා සංස්කාරය තණ්හාවෙන් උපදී ද? ප්‍රහීන නොවන බැවිනි. තණ්හාවෙන් ප්‍රහීන නොවන බැවින් එය උපදියි. ඒ සඳහා කියන ලදී. දෘෂ්ටියෙහි ද මේ ක්‍රමය ම ලැබෙන්නේ ය. සතර චිතුප්පාදයන්හි සම්ප්‍රයුක්ත දෘෂ්ටියක් නම් නැත. යම්හෙයකින් තණ්හාවෙන් ප්‍රහීන නොවූ බැවින් එය උපදියි. එහෙයින් ඒ සඳහා මෙහිද මේ අර්ථය යෙදේ. මෙසේ මේ සූත්‍රයෙහි විසිතුන් තැනක රහත් බවට පැමිණ විදර්ශනාව කියන ලදී.
නවමං.
නවවන සූත්‍රය
10. පුණ්ණමාසුත්තවණ්ණනා
10. පුණ්ණමා සූත්‍ර වර්ණනාව
දසමෙ තදහුපොසථෙතිආදි පවාරණසුත්තෙ විත්ථාරිතමෙව. කිඤ්චිදෙව දෙසන්ති කිඤ්චි කාරණං. සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසීති කස්මා එවමාහ? සො කිර භික්ඛු පඤ්චසතභික්ඛුපරිවාරො. ආචරියෙ පන ඨිතකෙ පුච්ඡන්තෙ සචෙ තෙ භික්ඛූ නිසීදන්ති, සත්ථරි ගාරවං කතං හොති, ආචරියෙ අගාරවං. සචෙ උට්ඨහන්ති, ආචරියෙ ගාරවං කතං හොති, සත්ථරි අගාරවං. ඉති නෙසං චිත්තං අනෙකග්ගං භවිස්සති, දෙසනං සම්පටිච්ඡිතුං න සක්ඛිස්සන්ති. තස්මිං පන නිසීදිත්වා පුච්ඡන්තෙ තෙසං චිත්තං එකග්ගං භවිස්සති, දෙසනං සම්පටිච්ඡිතුං සක්ඛිස්සන්තීති ඤත්වා භගවා එවමාහ. ඉමෙ නු ඛො, භන්තෙති අයං ථෙරො පඤ්චන්නං භික්ඛුසතානං ආචරියො, පඤ්චක්ඛන්ධමත්තම්පි නප්පජානාතීති න වත්තබ්බො. පඤ්හං පුච්ඡන්තෙන පන “ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා, න අඤ්ඤෙ”ති එවං ජානන්තෙන විය හුත්වා පුච්ඡිතුං න වට්ටති, තස්මා අජානන්තො විය පුච්ඡති. තෙපි චස්ස අන්තෙවාසිකා “අම්හාකං ආචරියො ‘අහං ජානාමී’ති න කථෙති, සබ්බඤ්ඤුතඤ්ඤාණෙන පන සද්ධිං සංසන්දිත්වාව කථෙතී”ති සොතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිස්සන්තීතිපි අජානන්තො විය පුච්ඡති.
දසවන සූත්‍රයේ “තදහුපොසථෙ” යන්න මුල් පවාරණ සූත්‍රයෙහි විස්තර කරන ලද්දේම ය. “තදහුපොසථෙ” යන්න මුල් පවාරණ සූත්‍රයෙහි විස්තර කරන ලද්දේම ය. “කිඤ්චිදෙව දෙසං” කිසියම් කරුණක්ය. “සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකංඛසී” කුමක් නිසා මෙසේ කීසේක්ද? ඒ භික්ෂුවට පන්සීයක් භික්ෂූහු පිරිවර වෙති. ගුරුවරයා සිටගෙන විචාරන කල්හි ඉදින් ඒ භික්ෂූහු වාඩිවී සිටිත් නම් ශාස්තෲන් වහන්සේට ගෞරව කළෝ වෙත්. ගුරුවරයාට, අගෞරව කළෝ වෙත්. ඉදින් සෙසු භික්ෂූහු නැගී සිටියේ නම් ගුරුවරයාට ගෞරව කළෝ වෙත්. ශාස්තෲන් වහන්සේට අගෞරව කළහු වෙත්. මෙසේ වීනම් ඒ භික්ෂූන්ගේ සිත නොයෙක් අතට යන්නේය. දේශනාව පිළිගැනීමට නොහැකි වන්නෝය. එහි හිඳ ප්රශ්නය විචාළ විට ඔවුන්ගේ සිත් එකඟ වේ. දේශනාව මැනවින් පිළිගැනීමට හැකිවන්නේ යැයි දැන බුදුහු මෙසේ වදාළහ. “ඉමෙ නු ඛො භන්තෙ” මේ තෙරුන් වහන්සේ පන්සීයක් භික්ෂූන්ගේ ගුරුවරයා ලෙස සිටිමින් පංචස්කන්ධය පමණවත් නොදන්නේ යැයි නොකිව යුතුයි. ප්‍රශ්න විචාරන්නහු විසින් මේ පංච උපාදානා ස්කන්ධයෝ ‘අනිකක් නොවේ’ යැයි මෙසේ දැනගෙනම විචාරීමට සුදුසු නොවේ. එනිසා නොදන්නකු මෙන් විචාරයි. උන්වහන්සේගේ අන්තේවාසිකයෝ - “අපගේ ගුරුවරයා ‘ මම දන්නෙමි’ යි නොපවසයි. සර්වඥ ඥානය සමග ගලපමින්ම ප්‍රශ්න විචාරන්නේ” යැයි ඇසිය යුතු-ඇදහිය යුතු දෙයක් කර සිතන්නාහුයැ”යි නොදන්නකු මෙන් විචාරයි.
ඡන්දමූලකාති තණ්හාඡන්දමූලකා. න ඛො භික්ඛු තඤ්ඤෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධාති යස්මා ඡන්දරාගමත්තං පඤ්චක්ඛන්ධා න හොති, තස්මා ඉදං වුත්තං. යස්මා පන සහජාතතො වා ආරම්මණතො වා ඛන්ධෙ මුඤ්චිත්වා උපාදානං නත්ථි, තස්මා නාපි අඤ්ඤත්ර පඤ්චහි උපාදානක්ඛන්ධෙහි උපාදානන්ති වුත්තං. තණ්හාසම්පයුත්තස්මිඤ්හි චිත්තෙ වත්තමානෙ තංචිත්තසමුට්ඨානරූපං රූපක්ඛන්ධො, ඨපෙත්වා තං තණ්හං සෙසා අරූපධම්මා චත්තාරො ඛන්ධාති සහජාතතොපි ඛන්ධෙ මුඤ්චිත්වා උපාදානං නත්ථි. උපාදානස්ස පන රූපාදීසු අඤ්ඤතරං ආරම්මණං කත්වා උප්පජ්ජනතො ආරම්මණතොපි පඤ්චක්ඛන්ධෙ මුඤ්චිත්වා උපාදානං නත්ථි. ඡන්දරාගවෙමත්තතාති ඡන්දරාගනානත්තං. එවං ඛො භික්ඛූති එවං රූපාරම්මණස්ස ඡන්දරාගස්ස වෙදනාදීසු අඤ්ඤතරං ආරම්මණං අකරණතො සියා ඡන්දරාගවෙමත්තතා. ඛන්ධාධිවචනන්ති ඛන්ධාති අයං පඤ්ඤත්ති. අයං පන අනුසන්ධි න ඝටියති, කිඤ්චාපි න ඝටියති, සානුසන්ධිකාව පුච්ඡා, සානුසන්ධිකං විස්සජ්ජනං. අයඤ්හි ථෙරො තෙසං තෙසං භික්ඛූනං අජ්ඣාසයෙන පුච්ඡති, සත්ථාපි තෙසං තෙසං අජ්ඣාසයෙනෙව විස්සජ්ජෙති. සෙසං සබ්බත්ථ උත්තානමෙව.
“ජන්දමූලතා” යනු තණ්හා-ඡන්ද මූලික වූ යනුයි. “න ඛො භික්ඛු! තඤ්ඤෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා” යනු යම් හෙයකින් ඡන්දරාගය පමණ වූ පංචස්කන්ධය නොවේ. එනිසා මෙය කියන ලදී. යම් හෙයකින් සහජාත ප්‍රත්‍යයෙන් හෝ ආරම්මණයෙන් හෝ ස්කන්ධයන්ගෙන් මිදී උපාදානයක් නැත. “තස්මා නපි අඤ්ඤත්ර පඤ්චහි උපාදානක්ඛන්ධෙහි උපාදානං” යනුවෙන් කියන ලදී. තණ්හා සම්ප්‍රයුක්ත වූ සිත පවතින කල්හි ඒ සිත හටගන්නා රූපය, රූපස්කන්ධයයි. තණ්හාව අත්හැර සෙසු අරූප ධර්ම සතර ස්කන්ධ යැයි සහජාත වුවත් ස්කන්ධයන් හැර උපාදානයක් නම් නැත. උපාදානයේ වනාහී රූපාදියෙහි එක්තරා අරමුණක් කොට උපදින්නා වූ අරමුණින් ද පංචස්කන්ධය අත්හැර උපාදානයක් නම් නැත. “ඡන්දරාග වෙමත්තතා” යනු ඡන්දරාගයේ නානා ස්වභාවයයි. “එවං ඛො භික්ඛු” යනු මෙසේ රූපාරම්මණ වූත් ඡන්දරාගයේ වේදනාදී අන්‍ය වූ අරමුණක් නොකිරීමෙන් ඡන්දරාගයේ විවිධත්වය වන්නේය යනුයි. “ඛන්ධා ධිවචනං” යනු මේ ස්කන්ධයන්ගේ ප්රඥප්තියයි. (පැනවීමයි) මේ අනුසන්ධිය නොගැටේ. නොගැටුනත් ප්රශ්නය අනුසන්ධි සහිතවය. විසඳුමද අනුසන්ධි හෙවත් ගැලපීම් සහිතවය. මේ තෙරුන් වහන්සේ වනාහී ඒ ඒ භික්ෂූන්ගේ අදහස් අනුව විමසයි. ශාස්තෲන් වහන්සේද ඔවුන්ගේ අදහස් අනුවම එම ප්‍රශ්න විසඳන සේක. සෙසු පද විස්තර සැමතැන්හි ප්‍රකටමය.
දසමං.
දසවන සූත්‍රයයි.
ඉමස්ස ච පන වග්ගස්ස එකෙකස්මිං සුත්තෙ පඤ්චසතා පඤ්චසතා භික්ඛූ අරහත්තං පත්තාති.
මේ වර්ගයේ එක් එක් සූත්රාවසානයේදී පන්සීය බැගින් භික්ෂූහු රහත් බවට පත් වූහ.
ඛජ්ජනීයවග්ගො අට්ඨමො (3).
තෙවැනි ඛජ්ජනීය වර්ගයයි.