යෙදුමෙන් කියවන්න

පුණ‍්ණමාසුත‍්තං

1. 2. 3. 10.

1. 2. 3. 10.

පුණ‍්ණමාසුත‍්තං

පුණ්ණමා සූත්‍රය

82. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ‍්ණරසෙ පුණ‍්ණාය පුණ‍්ණමාය රත‍්තියා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අජ‍්ඣොකාසෙ නිසින‍්නො හොති.

82. එක් සමයෙකැ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාම නම් මුවරමාපහයෙහි මහත් භික්‍ෂු සංඝයා සමඟ වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එදින උපෝසථය වූ පසළොස්වක් දිනයෙහි (මාස ආදිය පිරුණු බැවින්) පූර්‍ණ වූ සඳ යුත් රැයෙහි “බික්සඟන විසින් පිරිවරන ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “පුච‍්ඡෙය්‍යාහං භන‍්තෙ, භගවන‍්තං කිඤ‍්චිදෙව දෙසං, සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ‍්හස‍්ස වෙය්‍යාකරණායාති.” “තෙන හි ත්‍වං භික‍්ඛු, සකෙ ආසනෙ නිසීදිත්‍වා පුච‍්ඡ යදාකඞ‍්ඛසීති.”

එකල්හි එක්තරා මහණෙක් හුනස්නෙන් නැගිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, ඉඳින් මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් පිළිවිසීමට අවකාශ දෙන සේක් නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් කිසි දෙසක් (කරුණක්) විචාරන්නෙමි” යි. මහණ, එසේ වී නම් තෙපි සිය අසුන්හි හිඳ යමක් කැමැත්තහු විචාරව” යි.

එවං භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා සකෙ ආසනෙ නිසීදිත්‍වා භගවන‍්තං එතදවොච: “ඉමෙ නු ඛො භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධොති”. “ඉමෙ ඛො භික‍්ඛු, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධොති.

ඒ මහණ “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සිය අසුන්හි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මොහු පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ ඔහු කවරහ යත්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි, මහණ, මොහු ම පඤ්චෝපාදානස්කන්‍ධයෝ ය. ඔහු කවරහ යත්, රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ’ යි.

සාධු භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා භගවන‍්තං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. “ඉමෙ ඛො පන භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා කිම‍්මූලකාති? “ඉමෙ ඛො භික‍්ඛු, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ඡන්‍දමූලකා”ති. “සාධු භන‍්තෙ”ති ඛො සො භික‍්ඛු

ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ”යි. මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාඡන්‍දය මුල් කොට ඇතියහ යි. ඒ මහණ, “වහන්ස, මැනැවැ” යි

භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා භගවන‍්තං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි: “තඤ‍්ඤෙව නු ඛො භන‍්තෙ, උපාදානං තෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා උදාහු අඤ‍්ඤත්‍ර පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙහි උපාදානන‍්ති?” “න ඛො භික‍්ඛු, තඤ‍්ඤෙව උපාදානං තෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා න’පි අඤ‍්ඤත්‍ර පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙහි උපාදානං, අපි ච යො තත්‍ථ ඡන්‍දරාගො තං තත්‍ථ උපාදානන‍්ති.”

භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, ඒ පඤ්චෝපාදානස්කන්‍ධ කෙතෙක් ඇද්ද උපාදානය එම වේ ද? නැතහොත් උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ දැයි? මහණ එම උපාදාන ඒ පඤ්චෝපාදානස්කන්‍ධ නො වේ යි, උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ ද නො වෙයි. වැලිදු එහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.

සාධු භන‍්තෙති, ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා භගවන‍්තං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි: “සියා පන භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙසු ඡන්‍දරාගවෙමත‍්තතාති? “සියා භික‍්ඛූති” භගවා අවොච. “ඉධ භික‍්ඛු එකච‍්චස‍්ස එවං හොති: එවංරූපො සියං අනාගතමද‍්ධානං, එවංවෙදනො සියං අනාගතමද‍්ධානං, එවංසඤ‍්ඤො සියං අනාගතමද‍්ධානං, එවංසඞ‍්ඛාරො සියං අනාගතමද‍්ධානං, එවංවිඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති. එවං ඛො භික‍්ඛු, සියා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙසු ඡන්‍දරාගවෙමත‍්තතාති.

ඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොට භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වන්නේ දැ යි? වන්නේය මහණ, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙහි ඇතැමකුට මෙසේ අදහසෙක් වෙයි: “මතුකල මෙබඳු රූ ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇතියෙකිම් වෙමි යි. මහණ, මෙසේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වේ යි.

“සාධු භන‍්තෙ”ති ඛො සො භික‍්ඛු -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. “කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, ඛන්‍ධානං ඛන්‍ධාධිවචන”න‍්ති? යං කිඤ‍්චි භික‍්ඛු රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, අයං වුච‍්චති රූපක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, අයං වුච‍්චති විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. එත‍්තාවතා ඛො භික‍්ඛු, ඛන්‍ධානං ඛන්‍ධාධිවචනන‍්ති”.

“වහන්ස, මැනැවැ” යි ඒ මහණ මතුයෙහි පැනයක් විචාළේ ය. වහන්ස, ස්කන්‍ධයනට ස්කන්‍ධ ප්‍රඥප්තිය කෙතෙකින් වේ දැ යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේ වයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයකුත් ඇත්ද, මෙ රූපස්කන්‍ධ ය යි කියනු ලැබෙයි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මේ විඥානස්කන්‍ධ ය යි කියනු ලැබේ. මහණ ස්කන්‍ධයන්ට ස්කන්‍ධප්‍රඥාප්තිය මෙතෙකින් වේ යි.

“සාධු භන‍්තෙති” ඛො සො භික‍්ඛු -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. “කො නු ඛො භන‍්තෙ, හෙතු කො පච‍්චයො රූපක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය? කො හෙතු කො පච‍්චයො වෙදනාක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය? කො හෙතු කො පච‍්චයො සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය? කො හෙතු කො පච‍්චයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය? කො හෙතු කො පච‍්චයො විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනායා”ති? චත‍්තාරො ඛො භික‍්ඛු, මහාභූතා හෙතු, චත‍්තාරො මහාභූතා පච‍්චයො රූපක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය. ඵස‍්සො හෙතු ඵස‍්සො පච‍්චයො වෙදනාක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය. ඵස‍්සො හෙතු ඵස‍්සො පච‍්චයො සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය. ඵස‍්සො හෙතු, ඵස‍්සො පච‍්චයො සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනාය. නාමරූපං හෙතු නාමරූපං පච‍්චයො විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනායා”ති.

“වහන්ස, මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද? වේදනාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, සංඥාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, විඥානස්කන්‍ධ ප්‍රඥප්තියෙහි හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරෙ දැ යි? මහණ, රූපස්කන්‍ධයෙහි ප්‍රඥප්තියට සතර මහාභූතයෝ හේතුහ, සතර මහාභූතයෝ ප්‍රත්‍යයහ. වේදනා ස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය; ස්පර්‍ශඥාස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය ; සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය. විඥානස්කන්‍ධ ප්‍රඥප්තියට නාමරූප හේතු ය, නාමරූප ප්‍රත්‍යයයි.

“සාධු භන‍්තෙ”ති ඛො සො භික‍්ඛු -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. “කථං නු ඛො භන‍්තෙ, සක‍්කායදිට‍්ඨි හොතීති? “ඉධ භික‍්ඛු, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති රූපවන‍්තං වා අත‍්තානං

ඒ මහණ “වහන්ස, මැනැව” යි ... මතු පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සත්කායදෘෂ්ටි වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන

සමනුපස‍්සති අත‍්තනි වා රූපං සමනුපස‍්සති රූපස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සති. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං සමනුපස‍්සති අත‍්තනි වා විඤ‍්ඤාණං සමනුපස‍්සති විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සති. එවං ඛො භික‍්ඛු, සක‍්කායදිට‍්ඨි හොතී”ති.

තෙමේ රූපය ආත්ම වශයෙන් නුනුවණින් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි. රූපය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි, ආත්මය රූපයෙහි පිහිටියේ ය යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි. විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි. ආත්මය විඥානයෙහි පිහිටියේ ය යි හෝ දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි වෙයි.

“සාධු භන‍්තෙ”ති, ඛො සො භික‍්ඛු -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි. “කථං පන භන‍්තෙ, සක‍්කායදිට‍්ඨි න හොතී”ති? “ඉධ භික‍්ඛු, සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි වා රූපං සමනුපස‍්සති න රූපස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සති. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි වා විඤ‍්ඤාණං සමනුපස‍්සති න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං සමනුපස‍්සති, එවං ඛො භික‍්ඛු, සක‍්කායදිට‍්ඨි න හොතීති.

ඒ මහණ “වහන්ස, මැනැවැ” යි මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සක්කායදෘෂ්ටි නො වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරිෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. වේදනාව ... නො දකි ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට නො දකියි, ආත්මයෙහි විඥානය පවතී ය යි නො දකියි, විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි නො වේ යි.

“සාධු භන‍්තෙ”ති, ඛො සො භික‍්ඛු -පෙ- උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි: “කො නු ඛො භන‍්තෙ, රූපස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණං, කො වෙදනාය -පෙ- කො සඤ‍්ඤාය -පෙ- කො සඞ‍්ඛාරානං -පෙ- කො විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො, කො ආදීනවො, කිං නිස‍්සරණන‍්ති”?

“වහන්ස , මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපයෙහි ආස්වාද කවරේ ද? ආදීනව කිමෙක් ද? නිස්සරණ කිමෙක් ද? වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්ගේ ... විඥානයෙහි ආස්වාද කවරෙ ද? ආදීනව කවරේ ද? නිස්සරණ කවරේ දැ? යි.

“යං ඛො භික‍්ඛු, රූපං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං රූපස‍්ස අස‍්සාදො. යං රූපං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං රූපස‍්ස ආදීනවො. යො රූපස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං ඉදං රූපස‍්ස නිස‍්සරණං. යං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං අයං වෙදනාය අස‍්සාදො. යා වෙදනා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්‍දරාග විනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං වෙදනාය නිස‍්සරණං, යං සඤ‍්ඤං පටිච‍්ච -පෙ- යෙ සඞ‍්ඛාරෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං අයං සඞ‍්ඛාරානං අස‍්සාදො. යෙ සඞ‍්ඛාරා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං සඞ‍්ඛාරානං ආදීනවො. යො සඞ‍්ඛාරෙසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං ඉදං සඞ‍්ඛාරානං නිස‍්සරණං, යං විඤ‍්ඤාණං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං අයං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො. යං විඤ‍්ඤාණං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අයං විඤ‍්ඤාණස‍්ස ආදීනවො. යො විඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං ඉදං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණ”න‍්ති.

මහණ, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යි. යම් රූපයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වනසුලු ද, මේ රූපයෙහි ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ නම් මේ රූපයෙහි නිස්සරණ යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වේදනාවෙහි ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවෙහි ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද මේ වේදනායෙහි නිස්සරණ යි. සංඥාව නිසා යම් ... සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ සංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්හි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ විඥානයාගේ ආදීනව යි විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.

“සාධු භන‍්තෙ”ති, ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා භගවන‍්තං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි: “කථං නු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බ නිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්තී”ති? යං කිඤ‍්චි භික‍්ඛු රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං

“වහන්ස, මැනව” යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ විඥාන සහිත කයෙහි ද, බැහැර සියලු නිමිත්තයන්හි ද, අහංකාර මමංකාර මානානුසය ධර්‍මයෝ නො වෙද්ද” යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය

“නෙතං මම නෙසො’හමස‍්මි න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං විඤ‍්ඤාණං නෙතං මම නෙසො’හමස‍්මි න මෙ’සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. එවං ඛො භික‍්ඛු, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාර මානානුසයා න හොන‍්තීති.

“තෙල මාගේ නො වේ”යි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති”යි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයෙහිත් අහංකාර මමංකාර මානාසුසය ධර්‍මයෝ නො වෙත් යි.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “ඉති කිර භො රූපං අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. අනත‍්තකතානි කම‍්මානි කථමත‍්තානං ඵුසිස‍්සන‍්තීති.

එ කල්හි එක්තරා මහණකුහට “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, (එහෙයින්) අනාත්මක වැ කළ කර්‍මයෝ කෙසේ නම් ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි (තමා කරා පැමිණෙත් දැ යි) මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.

අථ ඛො භගවා තස‍්ස භික‍්ඛුනො චෙතසා චෙතො පරිවිතක‍්කමඤ‍්ඤාය භික‍්ඛූ ආමන‍්තෙසි: “ඨානං ඛො පනෙතං භික‍්ඛවෙ, විජ‍්ජති: යං ඉධෙකච‍්චො මොඝපුරිසො අවිද‍්වා අවිජ‍්ජාගතො තණ‍්හාධිගතෙන චෙතසා සත්‍ථුසාසනං අතිධාවිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය: “ඉති කිර භො රූපං අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. අනත‍්තකතානි කම‍්මානි කථමත‍්තානං ඵුසිස‍්සන‍්තී”ති. පටිපුච‍්ඡාවිනීතා ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ, තත්‍ර තත්‍ර තෙසු තෙසු ධම‍්මෙසු”.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ ලෝකයෙහි නුවණ නැති අවිද්‍යාවට පැමිණි ඇතැම් හිස් පුරුෂයෙක් “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, අනාත්මක වැ කරන ලද කර්‍මයෝ කෙසේ ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි” තෘෂ්ණායෙන් මඩනා ලද සිතින් බුදුසසුන ඉක් මැ යායුතු කොට හඟනේ ද (එහෙයින්) මහණෙනි, තෙපි ඒ ඒ තන්හි මාගේ ඒ ඒ දහමෙහි පිළිවිස හික්මුණාහු ය.

“තං කිංමඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වා”ති? අනිච‍්චං භන‍්තෙ.

මහණෙනි, ඒ කෙසේ හැඟිවු ද රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.

“යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති? දුක‍්ඛං භන‍්තෙ.

යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ,

යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා”ති? අනිච‍්චං භන‍්තෙ.

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යම් දෙයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

“යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

යම් දැයෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං “නෙතං මම නෙසො’හමස‍්මි න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං විඤ‍්ඤාණං: ‘නෙතං මම නෙසො’හමස‍්මි න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, එහෙයින් අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... සංඥාවක් ... සංස්කාර කෙනෙක් ... අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් වේ ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දැක්කයුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති වෙදනායපි නිබ‍්බින්‍දති සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති. විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති’ ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං. කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.”

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාර කෙරෙහිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. විරාගහේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි දැනුම වෙයි. ජාතිය ගෙවිණ, මඟ බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළමනා අන්කිසෙක් නැත යි දැනගනියි.

ඛජ‍්ජනීයවග‍්ගො තතියො.

තෙවැනි ඛජ්ජනීය වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අස‍්සාදො ද‍්වෙ සමුදයා - අරහන‍්තෙහි අපරෙ දුවෙ සීහො ඛජ‍්ජන පිණ‍්ඩොල්‍යං පාරිලෙය්‍යෙන පුණ‍්ණමාති.

අස්සාද සූත්‍රය, සමුදය සූත්‍ර දෙකය, අනෙක් අරහන්ත සූත්‍ර දෙක ය, සීහෝපම සූත්‍රය, ඛජ්ජනීය සූත්‍ර ය, පිණ්ඩෝල්‍ය සූත්‍ර ය, පාරිලෙය්‍ය සූත්‍ර ය, පුණ්ණමා සූත්‍ර ය යි ඛජ්ජනීය වර්‍ගයෙහි සූත්‍ර දසයෙකි.