යෙදුමෙන් කියවන්න

පාරිලෙය්‍යක සුත‍්තං

1. 2. 3. 9.

1. 2. 3. 9.

පාරිලෙය්‍යක සුත‍්තං

පාරිලෙය්‍යක සූත්‍රය

81. එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා, පත‍්තචීවරමාදාය කොසම‍්බියං පිණ‍්ඩාය පාවිසි. කොසම‍්බියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො සාමං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං එකො අදුතියො චාරිකං පක‍්කාමි.

81. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන කොසඹෑ පුරයට පිඬු පිණිස පිවිසිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකිසේක් තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා පා සිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට (-නො විචාරා) එකලා වැ දෙවන මහණකු නැති වැ චාරිකාවට වැඩිසේක.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු අචිරපක‍්කන‍්තස‍්ස භගවතො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “එසා’වුසො ආනන්‍ද, භගවා සාමං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං එකො අදුතියො චාරිකං පක‍්කන‍්තොති.

ඉක්බිති අන්‍යතර මහණෙක් බුදුන් වැඩි නොබෝ වේලෙහි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ ය, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “ඇවැත් ආනන්‍දයෙනි, එව, භාග්‍යවතුන් වහන්සේ තුමූ ම සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උවටු මහණුන් නො අමතා බික්සඟුන් නො විචාරා එකලා වැ පසු මහණකු නැති වැ චාරිකාවට නික්ම වැඩිසේකැ” යි.

යස‍්මිං ආවුසො සමයෙ භගවා සාමං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං එකො අදුතියො චාරිකං පක‍්කමති, එකොව භගවා තස‍්මිං සමයෙ විහරිතුකාමො හොති. න භගවා තස‍්මිං සමයෙ කෙනචි අනුබන්‍ධිතබ‍්බො හොතීති.

ඇවත, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට පශ්චාත් ශ්‍රමණයකු නැති වැ ඒකාකී වැ චාරිකාවට බැස යන සේක් ද, එකල භාග්‍යවතුන් වහන්සේ එකලා වැ ම වසනු කැමැති සේක. එකල්හි යම් මැ කෙනෙකුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ලුහුබැඳියයුතු නො වෙති” යි.

අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්‍යකං තදවසරි. තත්‍ර සුදං භගවා පාරිලෙය්‍යකෙ විහරති භද‍්දසාලමූලෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන ආයස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචුං: “චිරස‍්සුතා ඛො නො ආවුසො ආනන්‍ද භගවතො සම‍්මුඛා ධම‍්මීකථා ඉච‍්ඡාම මයං ආවුසො ආනන්‍ද, භගවතො සම‍්මුඛා ධම‍්මිං කථං සොතුන‍්ති”.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරනසේක් පාරිලෙය්‍යකවනය කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පාරිලෙය්‍යකවනයෙහි භද්‍ර වූ සල්රුකක්මුල වැඩ වසනසේක. එසඳ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහු: “ඇවැත්නි, අනඳ තෙරණුවනි, අප විසින් බුදුන් හමුයෙහි දැහැමිකථා ඇසූ බොහෝ කල් ඇත. ඇවැත්නි, අනඳ තෙරණුවනි, අපි බුදුන් හමුයෙහි දැහැමි කථාවක් අසන්නට කැමැතියම්හ” යි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො තෙහි භික‍්ඛූහි සද‍්ධිං යෙන පාරිලෙය්‍යකං භද‍්දසාලමූලං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි. සමාදපෙසි. සමුත‍්තෙජෙසි. සම‍්පහංසෙසි.

එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මහණුන් සමග පාරිලෙය්‍යක වනයෙහි වූ භද්‍රශාලමූලය වෙත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුන්හට දැහැමි කථායෙන් කරුණු දැක් වූ සේක, සමාදන් කරවූ සේක, තෙද ගැන්වූ සේක, පින වූ සේකි.

තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “කථං නු ඛො ජානතො කථං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතී”ති.

එකල එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. “කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය වේ දැ” යි.

අථ ඛො භගවා තස‍්ස භික‍්ඛුනො චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය භික‍්ඛූ ආමන‍්තෙසි: “විචයසො දෙසිතො භික‍්ඛවෙ, මයා ධම‍්මො: විචයසො දෙසිතා චත‍්තාරො සතිපට‍්ඨානා. විචයසො දෙසිතා චත‍්තාරො සම‍්මප‍්පධානා. විචයසො දෙසිතා චත‍්තාරො ඉද‍්ධිපාදා. විචයසො දෙසිතානි පඤ‍්චින්‍ද්‍රියානි. විචයසො දෙසිතානි පඤ‍්චබලානි. විචයසො දෙසිතා සත‍්තබොජ‍්ඣඞ‍්ගා. විචයසො දෙසිතො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. එවං විචයසො ඛො දෙසිතො භික‍්ඛවෙ, මයා ධම‍්මො. එවං විචයසො දෙසිතෙ ඛො භික‍්ඛවෙ, මයා ධම‍්මෙ අථ ච පනිධෙකච‍්චස‍්ස භික‍්ඛුනො එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “කථං නු ඛො ජානතො කථං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතී”ති.

එසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය සිය සිතින් දැන මහණුන් ඇමතූ සේක: “මහණෙනි, මා විසින් විචය නුවණින් දහම් දෙසන ලද: විචය නුවණින් සතර සීවටන්හු දෙසන ලදහ. විචයනුවණින් සතර සම්‍යක්ප්‍රධන්හු දෙසන ලදහ. විචය නුවණින් සතර ඍද්ධි පාදයෝ දෙසන ලදහ. විචයනුවණින් පඤ්චේන්‍ද්‍රියෝ දෙසන ලදහ, විචයනුවණින් පඤ්බලයෝ දෙසන ලදහ, විචයනුවණින් සප්ත බොධ්‍යංගයෝ දෙසන ලදහ. විචයනුවණින් අරීඅටඟිමඟ දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසත් ම, වැලිත් මෙහි ලා ඇතැම් මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හත් මාර්‍ගඥානයට අනන්තර ව (ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත) අර්‍හත්ඵලඥානය වේ දැ’ යි (කියා යි).

කථං ච භික‍්ඛවෙ, ජානතො කථං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති: ඉධ භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති. යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවොති: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා තතොජො සො සඞ‍්ඛාරො.

මහණෙනි, කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද යත්: මහණෙනි, මෙහි බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ශුද්ධ රූපය ම ආත්මවශයෙන් දක්නේ ය, මහණෙනි, යම් ඒ දිට්ඨි සමනුපස්සනායෙක් වේ ද, ඒ සංස්කාර වේ. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනාවෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් හටගත්තේ ය.

ඉති ඛො භික‍්ඛවෙ, සොපි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සාපි තණ‍්හා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. සාපි වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. සොපි ඵස‍්සො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සාපි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ වේදනා ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ ස්පර්‍ශ ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසෙයිනුදු දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර වැ අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති අපි ච ඛො රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා. තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ, සොපි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සාපි තණ‍්හා -පෙ- සාපි වෙදනා -පෙ- සො’පි ඵස‍්සො -පෙ- සා’පි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

රූපය ආත්මය යි නො ම දකියි. වැලිදු ආත්මය රූපවත් කොට දකී. මහණෙනි යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් එ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් උපන. මහණෙනි, මෙසේ මේ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද, ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසේ දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති වැ අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. අපි ච ඛො අත‍්තනි රූපං සමනුපස‍්සති. යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා. තතොජො සො සඞ‍්ඛාරො.

රූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො දකියි, වැලිදු රූපය ආත්මයෙහි ලා දකී. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙන් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන.

ඉති ඛො භික‍්ඛවෙ, සොපි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සාපි තණ‍්හා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා, සාපි වෙදනා -පෙ- සො’පි ඵස‍්සො -පෙ- සා’පි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

මහණෙනි, ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. එ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, න අත‍්තනි රූපං සමනුපස‍්සති. අපි ච ඛො රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො

රූපය ආත්මය වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි පිහිටියේ ය යි නො මැ දකී. වැළි දු ආත්මය රූපයෙහි ලා දකියි. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද

කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ, සොපි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සාපි තණ‍්හා -පෙ- සාපි වෙදනා -පෙ- සොපි ඵස‍්සො -පෙ- සාපි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිද්‍යා සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද … ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, න අත‍්තනි රූපං සමුනුපස‍්සති, න රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. අපි ච ඛො වෙදනං අත‍්තතො සමනුපස‍්සති. -පෙ- (යථා රූපක‍්ඛන්‍ධෙ විත්‍ථාරො එවං උපරි චත‍්තාරො ඛන්‍ධා විත්‍ථාරෙතබ‍්බා.) අපි ච ඛො වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො අත‍්තනි වෙදනං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො වෙදනාය අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති. -පෙ- අපි ච ඛො සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති -පෙ- අපි ච ඛො සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති -පෙ- අපි ච ඛො සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති -පෙ- අපි ච ඛො විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති -පෙ- අපි ච ඛො විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති.

රූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො ම දකියි, ආත්මය රූපයෙහි ලා නො ම දකී. වැළි දු වේදනාව ආත්ම ය යි දකියි … (රූපස්කන්‍ධයෙහි විස්තරය සේ මතු ස්කන්‍ධ සතර ම විස්තර කටයුතු යි.) වැළි දු ආත්මය වේදනා ඇත්තෙකැ යි දකි … වැළි දු වේදනාව ආත්මයෙහි ලා දකී ... වැළි දු ආත්මය වේදනායෙහි ලා දකී ... වැළි දු සංඥාව ම ආත්ම වශයෙන් දකී … වැළිදු ආත්මය සංඥා ඇත්තෙකැ යි දකී ... වැළිදු සංඥාව ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය සංඥාවෙහි ලා දකී ... වැළිදු සංස්කාරම ආත්ම ය යි දකී … වැළිදු ආත්මය සංස්කාර ඇත්තෙකැ යි දකී ... වැළිදු සංස්කාර ආත්මයෙහි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු විඥානය ම ආත්ම ය යි දකී ... වැළිදු ආත්මය විඥාන ඇත්තෙකැයි දකී ... වැලිදු විඥානය ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය විඥානයෙහි ලා දකී.

යා ඛො පන සා භික‍්ඛවෙ, සමනුපස‍්සනා, සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා. තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ, සො’පි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සා’පි තණ‍්හා -පෙ- සාපි වෙදනා -පෙ- සො’පි ඵස‍්සො -පෙ- සාපි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

මහණෙනි, යම් ඒ සමනුපස්සනාවක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන. ඒ සංස්කාරය එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි රූපං සමනුපස‍්සති න රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි වෙදනං සමනුපස‍්සති න වෙදනාය අත‍්තානං සමනුපස‍්සති. න සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, න සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති. න සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති. න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. න සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති. න සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති. න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. න විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති. න විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති.

මහණෙනි, රූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො මැ දකියි, රූපයෙහි ලා ආත්මය නො ම දකී. වේදනාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි නො ම දකි යි, වේදනාව ආත්මයෙහි ලා නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය නො ම දකී. සංඥාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකියි, සංඥාව ආත්මයෙහි ලා නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය නො ම දකී. සංස්කාර ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි නො ම දකියි, සංස්කාර ආත්මයෙහි ලා නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය නො ම දකී. විඥානය ආත්ම ය යි නො ම දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී.

අපි ච ඛො එවං දිට‍්ඨි හොති: “සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො”ති. යා ඛො පන සා භික‍්ඛවෙ, සස‍්සතදිට‍්ඨි සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජා සම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා. තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ සො’පි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො සාපි තණ‍්හා -පෙ- සා’පි වෙදනා -පෙ- සො’පි ඵස‍්සො -පෙ- සා’පි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

වැලිදු “ඒ මම ආත්මය වෙමි, ඒ මම ලෝකය වෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි” යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ ශාශ්වත දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන, ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ ද දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි රූපං සමනුපස‍්සති න රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. න විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති. න විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. නා’පි එවං දිට‍්ඨි හොති. සො අත‍්තා සො ලොකො සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො’ති. අපි ච ඛො එවං දිට‍්ඨි හොති: “නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි’ න මෙ භවිස‍්සතී”ති. යා ඛො පන සා භික‍්ඛවෙ, උච‍්ඡෙදදිට‍්ඨි සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන, භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ, සො’පි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසම‍්පන‍්නො. සාපි තණ‍්හා, සාපි වෙදනා -පෙ- සොපි ඵස‍්සො -පෙ- ‘සාපි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා එවම‍්පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොති.

රූපය ආත්ම විසින් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැ යි නො ම දකියි, රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ... නො ම දකී … සංඥාව ... නො ම දකී … සංස්කාර ... නො ම දකී. විඥානය ... ආත්ම වශයෙන් නො ම දකියි. ආත්මය විඥානවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි” වැලිදු මෙබඳු දෘෂ්ටි ඇත්තේ ද නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” කියා යි. මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාරය යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන, ඒ සංස්කාර එයින් (ඒ තෘෂ්ණායෙන්) හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.

න හෙව ඛො රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි රූපං සමනුපස‍්සති න රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති න අත‍්තනි වෙදනං සමනුපස‍්සති න වෙදනාය අත‍්තානං සමනුපස‍්සති. න සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, න සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති. න සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති. න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. න සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති. න සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති. න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. න විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. න අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති. න විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති.

රූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රුපවත්ය යි නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැයි නො ම දකියි. රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ආත්ම වශයෙන් නො ම දකි යි, ආත්මය වේදනාවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා වේදනාව ඇතැ යි නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය ඇතැයි නො ම දකී. සංඥාව ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකී. ආත්මයෙහි ලා සංඥාව පවතී ය යි නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. සංස්කාර ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය, සංස්කාරවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා සංස්කාර පවතී ය යි නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. විඥානය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය විඥානවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය පවතී යයි නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය පවතී යයි නො ම දකියි.

නා’පි එවං දිට‍්ඨි හොති. ‘සො අත‍්තා සො ලොකො, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මොති. නා’පි එවං දිට‍්ඨි හොති: “නො චස‍්සං නො ච මෙ සියා න භවිස‍්සාමි න මෙ භවිස‍්සතී”ති. අපි ච ඛො “කඞ‍්ඛී හොති වෙචිකිච‍්ඡී අනිට‍්ඨඞ‍්ගතො සද‍්ධම‍්මෙ”. යා ඛො පන සා භික‍්ඛවෙ, කඞ‍්ඛිතා වෙචිකිච‍්ඡිතා අනිට‍්ඨඞ‍්ගතතා සද‍්ධම‍්මෙ, සඞ‍්ඛාරො සො. සො පන සඞ‍්ඛාරො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො: අවිජ‍්ජාසම‍්ඵස‍්සජෙන භික‍්ඛවෙ, වෙදයිතෙන ඵුට‍්ඨස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස උප‍්පන‍්නා තණ‍්හා, තතොජො සො සඞ‍්ඛාරො. ඉති ඛො භික‍්ඛවෙ, සො’පි සඞ‍්ඛාරො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සා’පි තණ‍්හා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. සා’පි වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. සො’පි ඵස‍්සො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො. සා’පි අවිජ‍්ජා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා. එවං පි ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතීති.

මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙනසුලු යෙමි” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. වැලි දු සැක කරනසුලු වූයේ විචිකිච්ඡා ඇත්තේ සදහම්හි නිමාවට නො ගියේ වෙයි. මහණෙනි, යම් ඒ සැක කරන සුලු බවෙක් විචිකිච්ඡා ඇති බවෙක් සදහම්හි නිමාවට නො ගිය බවෙක් වේ නම් එය සංස්කාරය යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත්, වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන. ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාරත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ වේදනාත් අනිත්‍ය ය, සංඛත, පටිච්චසමුප්පන්න ය. ඒ ස්පර්‍ශත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ අවිද්‍යාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න යි. මහණෙනි, මෙසේත් දන්නා මෙසේත් දක්නා මහණහට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව අර්‍හත්ඵලඥානය වේ යි.