යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩොල්‍ය සුත‍්තං

1. 2. 3. 8.

1. 2. 3. 8.

පිණ‍්ඩොල්‍ය සුත‍්තං

පිණ්ඩෝල්‍ය සූත්‍රය

80. එවං මෙ සුතං එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො භගවා කිස‍්මිඤ‍්චිදෙව පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං පණාමෙත්‍වා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය කපිලවත්‍ථුං පිණ‍්ඩාය පාවිසි. කපිලවත්‍ථුස‍්මිං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාත පටික‍්කන‍්තො යෙන මහාවනං තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය, මහාවනං අජ‍්ඣොගහෙත්‍වා බෙලුවලට‍්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදි.

80. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කපිලවාස්තු පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණෙකැ ලා භික්‍ෂු සංඝයා බැහැර කොට දෙවන දින පෙවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසි සේක. කිඹුල්වතෙහි පිඬු පිණිස හැසිර බතින් පසු වැ පිණ්ඩපාතයෙන් වැළකී සේක් මහාවනය කරා දිවා විහාරය පිණිස එළැඹි සේක. මහාවනයට එළඹ නහඹුල් බෙලිරුකක් මුලැ දිවාවිහාරය පිණිස වැඩහුන් සේක.

අථ ඛො භගවතො රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ‘මයා ඛො භික‍්ඛුසඞ‍්ඝො පවාළ‍්හො. සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං. තෙසං මමං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො. සෙය්‍යථාපි නාම වච‍්ඡස‍්ස තරුණස‍්ස මාතරං අපස‍්සන‍්තස‍්ස සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො, එවමෙවං සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං තෙසං මමං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො. සෙය්‍යථාපි නාම බීජානං තරුණානං උදකං අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො, එවමෙවං සන‍්තෙත්‍ථ භික‍්ඛු නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං මමං අලභන‍්තානං දස‍්සනාය සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො. යන‍්නූනාහං යථෙව මයා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො, එවමෙවං එතරහි අනුග‍්ගහෙය්‍යං භික‍්ඛුසඞ‍්ඝන‍්ති.

එසඳ රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “මා විසින් බික්සඟනු බැහැර කරන ලදහ. මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනික වැ පැමිණි භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මව නොදක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් වේ ද, පෙරැළියෙක් වේ ද එපරිදි ම මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනාගත වූ භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි, පෙරැළියෙක් වේ. දිය නො ලබන තරුණබීජයන්ට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් ඇත් ද, පෙරැළියෙක් ඇත් ද, එ පරිදි මෙහි නවක වූ අළුත පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු ඇත් ද, දර්‍ශනය පිණිස මා නො ලබන ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. විපරිණාමයෙක් වේ. යම් පරිදි මා විසින් පෙර බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එ පරිදි ම මම දැන් බික්සඟනට අනුග්‍රහ කෙරෙම් නම් මනා මැ නු” යි.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවතො චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙවං බ්‍රහ‍්මලොකෙ අන‍්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.

එසඳ සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, යම් පරිදි බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ ද, දිගුකළ අත හෝ හකුළුවා ද එ පරිදි බඹ ලොවැ අතුරුදන් වූයේ බුදුන් ඉදිරියෙහි පහළ වී.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “එවමෙතං භගවා, එවමෙතං සුගත, භගවතා භන‍්තෙ, භික‍්ඛුසඞ‍්ඝො පවාළ‍්හො. සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො. සෙය්‍යථාපි නාම වච‍්ඡස‍්ස තරුණස‍්ස මාතරං අපස‍්සන‍්තස‍්ස සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො, එවමෙව සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො. සෙය්‍යථාපි නාම බීජානං තරුණානං උදකං අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො, එවමෙව සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං අලභන‍්තානං දස‍්සනාය සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිණාමො.

ඉක්බිති සහම්පතී බඹ උත්තරාසංගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භාග්‍යවතුන් වහන්ස, තෙල එසේම යැ. සුගතයන් වහන්ස, තෙල එසේ මැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු නෙරන ලදහ. මෙහි ළඟදී පැවිදි වූ මෙ සස්නට ළඟදී, පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මවු දෙන නො දක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වය හා විපර්‍ය්‍යාස හා ඇත් ද, එපරිදි ම මෙහි ළඟැදී පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු වෙති. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාභාවය වෙයි, විපර්‍ය්‍යාස වේ. දිය නො ලබන තරුණබීජවලට යම් පරිදි අන්‍යථාභාවය හා විපරිණාමය හා වේ ද, එපරිදි ම මෙහි පැවිදි නොබෝ කල් ඇති මේ සස්නට ළඟදී පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලබන ඔවුනට අන්‍යථාත්‍වය වෙයි. විපරිණාමය වේ.

අභිනන්‍දතු භන‍්තෙ, භගවා භික‍්ඛුසඞ‍්ඝං අභිවදතු භන‍්තෙ, භගවා භික‍්ඛුසඞ‍්ඝං. යථෙව භන‍්තෙ, භගවතා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො, එවමෙව එතරහි අනුග‍්ගණ‍්හාතු භික‍්ඛුසඞ‍්ඝන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් පිළිගන්නා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් පරිදි පෙරැ භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එපරිදි ම දැනුදු බික්සඟුන් සගන්නා සේක්වා” යි.

අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවතො අධිවාසනං විදිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි.

භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේ අධිවාසනා දැන බුදුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ.

අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන නිග්‍රොධාරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි යථා තෙ භික‍්ඛූ එකද‍්වීහිකාය සාරජ‍්ජමානරූපා යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යුං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් නිග්‍රෝධාරාමය කරා එළැඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ යම් පරිදි එ මහණහු තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු සැහැවි ඇත්හාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත් නම් එබඳු ඉදුහයක් කළසේක.

“තෙපි භික‍්ඛු එකද‍්වීහිකාය සාරජ‍්ජමානුරූපා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච: “අන‍්තමිදං භික‍්ඛවෙ, ජීවිකානං යදිදං පිණ‍්ඩොල්‍යං. අභිසාපොයං ලොකස‍්මිං පිණ‍්ඩොලො විචරසි පත‍්තපාණීති” තං ච ඛො එවං භික‍්ඛවෙ, කුලපුත‍්තා උපෙන‍්ති අත්‍ථවසිකා අත්‍ථවසං පටිච‍්ච, නෙව රාජාභිනීතා න චොරාභිනීතා න ඉණට‍්ටා න භයට‍්ටා න ආජීවිකාපකතා. අපි ච ඛො ඔතිණ‍්ණම‍්හා ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි දුක‍්ඛොතිණ‍්ණා දුක‍්ඛපරෙතා අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා’ති.

එ මහණහු ද තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුනට තෙල වදාළසේක: “මහණෙනි, ජීවිකාවන් අතුරින් මේ ජීවිකාව ලාමකය, එ කිමෙක යත්: පිඬුසිඟීම යැ. ‘පාත්‍රය ගත් ඇත් ඇති වැ පිඬු සිඟනු වැ හැසිරෙහි’ යන මේ ලෝකයෙහි ආක්‍රෝෂයෙකැ , මහණෙනි, කුලපුත්‍රයෝ හේතුවශඟ වූවාහු අර්‍ත්‍ථවශය නිසා මෙසේ ඒ පිඬු සිඟීමට පැමිණෙති. රාජනීතියෙන් අභිනීත වැ නො වෙත් මැ යැ, සොරුන් විසින් අභිනීත වැ නො වෙත් මැ යැ, ණයින් පෙළුනාහු නො වෙත් මැ යැ, භයින් පෙළුණාහු නො වෙත් මැ යැ, ජීවිකායෙන් පෙළුණාහු නො වෙත් මැ යි. වැළිත් ජාතියෙනුදු ජරාමරනයෙනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු බැසගතුම්හ. මෙසේ දුකට බටුම්හ. දුකින් පීඩිතයම්හ, (එයින්) මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මනා මැ නු” යි කියා යි.

එවං පබ‍්බජිතො චායං භික‍්ඛවෙ, කුලපුත‍්තො. සො ච හොති අභිජ‍්ඣාලු කාමෙසු තිබ‍්බසාරාගො ව්‍යාපන‍්නචිත‍්තො පදුට‍්ඨමනසඞ‍්කප‍්පො මුට‍්ඨස‍්සති අසම‍්පජානො අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තො පාකතින්‍ද්‍රියො. සෙය්‍යථාපි භික‍්ඛවෙ , ඡවාලාතං උභතො පදිත‍්තං මජ‍්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට‍්ඨත්‍ථං ඵරති, නාරඤ‍්ඤෙ කට‍්ඨත්‍ථං ඵරති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි ගිහිභොගා ච පරිහීනො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච න පරිපූරෙති.

මහණෙනි, මෙසේ පැවිදි වූ මේ කුලපුත්‍රයෙක් වේ ද, හේ ද අභිධ්‍යා බහුල වෙයි, කාමයෙහි තීව්‍රසංරාග ඇති වෙයි, විපන්සිත් ඇති වෙයි, දූෂිත සිත් ඇති වෙයි, මුෂිත ස්මෘති ඇති වෙයි, නිෂ්ප්‍රාඥ වෙයි, එකඟ නො වූ සිත් ඇති වෙයි, භ්‍රාන්ත සිත් ඇති වෙයි ප්‍රකෘති ඉඳුරන් ඇති වේ. මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළැගත්, මැද වැකි අශුචි ඇති සොහොන් පෙණ හෙල්ලෙක් ගමෙහි දර පිණිස වේවයි නොයෙ දේ ද වෙනෙහි කාෂ්ට පිණිස නො යෙදේ ද, මහණෙනි, මම මේ පුඟුලා එවන් උපමා ඇතියෙකැ යි කියමි. ගිහි භෝගයෙනුදු පිරිහීණැ, ශ්‍රමණාර්‍ත්‍ථය ද නො පුරයි.

තයො මෙ භික‍්ඛවෙ, අකුසලවිතක‍්කා: කාමවිතක‍්කො, ව්‍යාපාදවිතක‍්කො, විහිංසාවිතක‍්කො. ඉමෙ ච ඛො භික‍්ඛවෙ, තයො අකුසලවිතක‍්කා තං ක්‍ව අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති: චතූසු වා සතිපට‍්ඨානෙසු සුපතිට‍්ඨිතචිත‍්තස‍්ස විහරතො අනිමිත‍්තං වා සමාධිං භාවයතො.

මහණෙනි,මේ අකුශල විතර්‍කයෝ තුන් දෙනෙකි: කාමවිතර්‍කය යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසා විතර්‍ක යි. මහණෙනි, ඒ අකුශල විතර්‍කයෝ තුන්දෙන නිරවශේෂ වැ කොහි ලා නිරුද්ධ වෙත් ද යත්: සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති වැ වසනුවහට හෝ විදර්‍ශනා සමාධිය වඩනුවහට හෝ යැ.

යාවඤ‍්චිදං භික‍්ඛවෙ, අලමෙව අනිමිත‍්තො සමාධි භාවෙතුං. අනිමිත‍්තො භික‍්ඛවෙ, සමාධි භාවිතො බහුලීකතො මහප‍්ඵලො හොති මහානිසංසො.

මහණෙනි, භාවනාවශයෙන් වඩන්නට විදර්‍ශනා සමාධිය නිසි මැ යැ. මහණෙනි, වඩනාලද විදර්‍ශනා සමාධිය බහුලීකෘත වූයේ මහත්ඵල වෙයි, මහානිශංස වේ.

ද‍්වෙමා භික‍්ඛවෙ, දිට‍්ඨියො: භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච. තත්‍ර භික‍්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: “අත්‍ථි නු ඛො තං කිඤ‍්චි ලොකස‍්මිං යමහං උපාදියමානො න වජ‍්ජවා අස‍්ස”න‍්ති. සො එවං පජානාති: නත්‍ථි නු ඛො තං කිඤ‍්චි ලොකස‍්මිං යමහං උපාදියමානො න වජ‍්ජවා අස‍්සං. අහං ච රූපඤ‍්ඤෙව උපාදියමානො උපාදියෙය්‍යං,

මහණෙනි, මේ දෘෂ්ටීහු දෙදෙනෙකි: භවදෘෂ්ටිය විභවදෘෂ්ටිය ද කියායි. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් එබඳු යම්කිසිවක් ඇද්ද හෝ” යි. හේ මෙසේ නුවණින් දනියි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් ඒ කිසිදු ලොවැ නැති නු” යි. මම වැළිත් උපාදාන වශයෙන් ගන්නෙම් රූපය ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම්

වෙදනඤ‍්ඤෙව උපාදියමානො උපාදියෙය්‍යං. සඤ‍්ඤඤ‍්ඤෙව උපාදියමානො උපාදියෙය්‍යං. සඞ‍්ඛාරෙයෙව උපාදියමානො උපාදියෙය්‍යං. විඤ‍්ඤාණඤ‍්ඤෙව උපාදියමානො උපාදියෙය්‍යං. තස‍්ස මෙ අස‍්ස උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවෙය්‍යුං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො අස‍්ස.

වේදනාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංඥාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංස්කාරයන් ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් විඥානය ම උපාදාන කෙරෙමි. එබඳු මට උපාදාන හේතුයෙන් භවය වෙයි, භවහේතුයෙන් ජාතිය, ජාතිහේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාස යන මොහු හටගනිත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ, යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා ති? දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුමපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තාති”? නො හෙතං භන‍්තෙ, වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ, යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා ති? දුක‍්ඛං භන‍්තෙ. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම එසො’හමස‍්මි එසො මෙ අත‍්තාති”? නො හෙතං භන‍්තෙ.

මහණෙනි, එ කිසේ හඟිවු ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් “තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි එ නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙල නිසි නො වේ මැ යි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙලෙ නිසි නො වේ.

තස‍්මාතිහ භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙ සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං විඤ‍්ඤාණං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙ සො අත‍්තාති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, එහෙයින් යම් මැ රූපයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේ ද, අධ්‍යාත්ම හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි වේවයි හමියෙහි වේවයි යම් රූපයෙක් වේ ද, එ හැම රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... යම්කිසි විඥානයෙක් අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූයේ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද, එ හැම විඥාන“තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙතී” යි මෙය මෙසේ ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යි.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති. සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි. විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ සංරාග වශයෙන් නො ඇලෙයි. එ විරාග හේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි “විමුක්තියෙමි” යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ යැ, බඹසර වසන ලද, කරණී කරන ලද මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා කිසෙක් නැති” යි නුවණින් දනියි.