යෙදුමෙන් කියවන්න

4. ථෙරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. ථෙර වර්ගය

1. ආනන්‍ද සුත‍්තවණ‍්ණනා

1. ආනන්ද සූත්‍ර වර්ණනාව

ථෙරවග‍්ගස‍්ස පඨමෙ මන‍්තාණිපුත‍්තොති, මන‍්තාණියා නාම බ්‍රාහ‍්මණියා පුත‍්තො. උපාදායාති ආගම‍්ම ආරබ‍්භ සන්‍ධාය පටිච‍්ච. අස‍්මීති හොතීති අස‍්මීති එවං පවත‍්තං තණ‍්හාමානදිට‍්ඨිපපඤ‍්චත‍්තයං හොති. දහරොති තරුණො. යුවාති යොබ‍්බනෙන සමන‍්නාගතො. මණ‍්ඩනකජාතිකොති මණ‍්ඩනකසභාවො මණ‍්ඩනකසීලො. මුඛනිමිත‍්තන‍්ති මුඛපටිබිම‍්බං. තඤ‍්හි පරිසුද‍්ධං ආදාසමණ‍්ඩලං පටිච‍්ච පඤ‍්ඤායති. කිං පන තං ඔලොකයතො සකමුඛං පඤ‍්ඤායති, පරමුඛන‍්ති? යදි සකං භවෙය්‍ය, පරම‍්මුඛං හුත්‍වා පඤ‍්ඤායෙය්‍ය, අථ පරස‍්ස භවෙය්‍ය, වණ‍්ණාදීහි අසදිසං හුත්‍වා පඤ‍්ඤායෙය්‍ය. තස‍්මා න තං අත‍්තනො, න පරස‍්ස, ආදාසං පන නිස‍්සාය නිභාසරූපං නාම තං පඤ‍්ඤායතීති වදන‍්ති. අථ යං උදකෙ පඤ‍්ඤායති, තං කෙන කාරණෙනාති ? මහාභූතානං විසුද‍්ධතාය. ධම‍්මො මෙ අභිසමිතොති මයා ඤාණෙන චතුසච‍්චධම‍්මො අභිසමාගතො, සොතාපන‍්නොස‍්මි ජාතොති කථෙසි.

ථෙර වර්ගයේ පළමු සූත්‍රයේ “මන්තාණි පුත්තො” යනු මන්තාණි නම් බැමිණියගේ පුත්‍රයාය. “උපාදාය” යනු පැමිණ, අරබයා, සඳහා, නිසා යනුයි. “අස්මීති හොතී” යනු “මම වෙමි”යි මෙසේ පවතින තණ්හා-මාන-දෘෂ්ටි ප්‍රපංචත්‍රය වේ. “දහරො” යනු තරුණ වූ යනුයි. “යුවා” යනු යෞවන බවින් යුක්ත වූ යනුයි. “මණ්ඩනක ජාතියො” යනු සැරසෙන ස්වභාවයයි. සැරසීම් ස්වභාවයයි. “මුඛ නිමිත්තං” මුවෙහි පිළිබිඹුවයි. එය වනාහී පිරිසිදු වූ කැටපත් මණ්ඩලයක් මෙන් ප්‍රකට වේ. කිම එය බලන කල්හි සිය මුහුණ පෙනේද? නැතිනම් වෙනත් අයෙකුගේ මුහුණක් පෙනේද? ඉදින් සිය මුහුණ නම් ඉවතට හැරවී පෙනෙන්නේය. ඉක්බිති අනිකකුගේ වේනම් වර්ණාදියෙන් අසමාන වී පෙනෙන්නේය. එනිසා කැඩපතින් පෙනෙන රුව තමාගේද නොවේ. අනුන්ගේද නොවේ. කැඩපත නිසා සමාන වූම රූපයක් පෙනෙන්නේයැයි කියති. ඉක්බිති යමක් දියෙහි පෙනෙනුයේද ඒ කිනම් කරුණක් නිසාද? මහාභූතයන්ගේ ඉතා පිරිසිදු බව නිසයි. “ධම්මො මෙ අභිසමෙතා” මවිසින් ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන “සෝවාන් වූයෙමි”යි කියයි.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. තිස‍්ස සුත‍්තවණ‍්ණනා

2. තිස්ස සූත්‍ර වර්ණනාව

දුතියෙ මධුරකජාතො වියාති සඤ‍්ජාතගරුභාවො විය අකම‍්මඤ‍්ඤො. දිසාපි මෙති අයං පුරත්‍ථිමා අයං දක‍්ඛිණාති එවං දිසාපි මය‍්හං න පක‍්ඛායන‍්ති, න පාකටා හොන‍්තීති වදති. ධම‍්මාපි මං න පටිභන‍්තීති පරියත‍්තිධම‍්මාපි මය‍්හං න උපට‍්ඨහන‍්ති, උග‍්ගහිතං සජ‍්ඣායිතං න දිස‍්සතීති වදති. විචිකිච‍්ඡාති නො මහාවිචිකිච‍්ඡා. න හි තස‍්ස “සාසනං නිය්‍යානිකං නු ඛො, න නු ඛො”ති විමති උප‍්පජ‍්ජති. එවං පනස‍්ස හොති “සක‍්ඛිස‍්සාමි නු ඛො සමණධම‍්මං කාතුං, උදාහු පත‍්තචීවරධාරණමත‍්තමෙව කරිස‍්සාමී”ති.

දෙවැනි සූත්‍රයේ - “මධුරකජාතො විය” යනු හටගත් ගරුභාව ඇත්තාක් මෙන් අකර්මණ්‍ය වූයේ යනුයි. “දිසාපි මෙ” යනු මේ පෙරදිගයි. මේ දකුණු දිගයි. මෙසේ දිශාවන්ද මට නොවැටහේ යනුයි. ප්‍රකට නොවේයැයි කියයි. “ධම්මාපි මං නප්පටිභන්ති” යනු ‘පර්යාප්ති ධර්මය ද මට නොවැටහේ යනුයි. උත්ග්‍රහණය කළ දේද සජ්ඣායනා කළ දේද නොපෙනේ” යැයි කියයි. “විචිකිච්ඡා” යනු අපට මහා සැකයක් ඇත යනුයි. මේ ශාසනය සසරින් නික්මීම ගෙනදෙන්නක්ද? නැද්ද?යි සැක උපදියි. මෙසේ ඔහුට “මහණදම් කිරීමට හැකිද?” යන සැකය ඇතිවේ. නැතිනම් පාසිවුරු දැරිම පමණක්ම කරන්නෙමියි සිතයි.

කාමානමෙතං අධිවචනන‍්ති යථා හි නින‍්නං පල‍්ලලං ඔලොකෙන‍්තස‍්ස දස‍්සනරාමණෙය්‍යකමත‍්තං අත්‍ථි, යො පනෙත්‍ථ ඔතරති, තං චණ‍්ඩමීනාකුලතාය ආකඩ‍්ඪිත්‍වා අනයබ්‍යසනං පාපෙති, එවමෙවං පඤ‍්චසු කාමගුණෙසු චක‍්ඛුද‍්වාරාදීනං ආරම‍්මණෙ රාමණෙය්‍යකමත‍්තං අත්‍ථි, යො පනෙත්‍ථ ගෙධං ආපජ‍්ජති, තං ආකඩ‍්ඪිත්‍වා නිරයාදීසු එව පක‍්ඛිපන‍්ති. අප‍්පස‍්සාදා හි කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති ඉමං අත්‍ථවසං පටිච‍්ච “කාමානමෙතං අධිවචන”න‍්ති වුත‍්තං. අහමනුග‍්ගහෙනාති අහං ධම‍්මාමිසානුග‍්ගහෙහි අනුග‍්ගණ‍්හාමි. අභිනන්‍දීති සම‍්පටිච‍්ඡි. න කෙවලඤ‍්ච අභිනන්‍දි, ඉමං පන සත්‍ථු සන‍්තිකා අස‍්සාසං ලභිත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො කතිපාහෙන අරහත‍්තෙ පතිට‍්ඨාසි.

“කාමානමෙතං අධිවචනං” යනු යම් සේ නිම්නයක්, මඩවලක් බලන්නාට දැකීමට තරම් සිත්කලු දෙයක් නොමැති ද යමෙක් ඊට බසිත් ද ඔහු චණ්ඩ මාලු සමූහයා විසින් ඇද අනේක වූ ව්‍යසනයන්ට පමුණුවයි. මේ අයුරින් ම පඤ්චකාම ගුණයන්හි චක්‍ෂුද්වාරාදියේ අරමුණු ගැනීමෙහි සිත් අලවන බවක් පමණකුදු නැත. යමෙක් රූපයේ ගිජු බවට පැමිණේද ඔහු නිරයාදියට ඇදගෙන ගොස්ම දමති. “කාමයේ අල්ප වූ ආශ්වාදයක් ඇත. බොහෝ දුක් - බොහෝ කරදර ඇති කාමයෙහි ආදීනව අධිකය.” මේ අර්ථ වශයෙන් දකිමින් කාමයන්ට මේ තවත් වචනයකැයි කියන ලදී. “අහමාමිසධම්මානුග්ගහෙන” යනු මම ධර්ම-ආමිෂ අනුග්‍රහයන්ගෙන් අනුග්‍රහ කරමි යනුයි. “අභිනන්‍දති” යනු පිළිගත්තේය යනුයි. හුදෙක් සතුටු වීම පමණක් නොවේ. මොහු ශාස්තෲන් වහන්සේ සමීපයේ දී අස්වැසිල්ලක් ලැබ උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ කිහිප දිනකින්ම රහත්බවෙහි පිහිටියේය.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. යමක සුත‍්තවණ‍්ණනා

3. යමක සූත්‍ර වර්ණනාව

තතියෙ දිට‍්ඨිගතන‍්ති සචෙ හිස‍්ස එවං භවෙය්‍ය “සඞ‍්ඛාරා උප‍්පජ‍්ජන‍්ති චෙව නිරුජ‍්ඣන‍්ති ච, සඞ‍්ඛාරප‍්පවත‍්තමෙව අප‍්පවත‍්තං හොතී”ති, දිට‍්ඨිගතං නාම න භවෙය්‍ය, සාසනාවචරිකං ඤාණං භවෙය්‍ය. යස‍්මා පනස‍්ස “සත‍්තො උච‍්ඡිජ‍්ජති විනස‍්සතී”ති අහොසි, තස‍්මා දිට‍්ඨිගතං නාම ජාතං. ථාමසා පරාමාසාති දිට‍්ඨිථාමෙන චෙව දිට‍්ඨිපරාමාසෙන ච.

තෙවන සූත්‍රයේ - “දිට්ඨිගතං” යනු ඉදින් ඔහුට “මෙසේ සංස්කාරයෝ උපදිති. එමෙන්ම නිරුද්ධ වෙති. සංස්කාර පැවතීම ද නොපැවතීම ද වේ” යන හැඟීම වේනම් එය දෘෂ්ටිගතයක් නම් නොවන්නේය. ධර්මයෙහි ඥානයක් වන්නේ නම් “යම් හෙයකින් මේ සත්ත්‍වයා වැනසෙන්නේය. විනාශවන්නේය.” යන අදහස වේ නම් එය දෘෂ්ටිගතයක් වන්නේය යනුයි. “ථාමසාපරාමාස්ස” යනු දෘෂ්ටි වීර්යයෙන්ය. මෙන් ම දෘෂ්ටිය අල්ලා ගැනීමෙන්.

යෙනායස‍්මා සාරිපුත‍්තොති යථා නාම පච‍්චන‍්තෙ කුපිතෙ තං වූපසමෙතුං අසක‍්කොන‍්තා රාජපුරිසා සෙනාපතිස‍්ස වා රඤ‍්ඤො වා සන‍්තිකං ගච‍්ඡන‍්ති, එවං දිට‍්ඨිගතවසෙන තස‍්මිං ථෙරෙ කුපිතෙ තං වූපසමෙතුං අසක‍්කොන‍්තා තෙ භික‍්ඛූ යෙන ධම‍්මරාජස‍්ස ධම‍්මසෙනාපති ආයස‍්මා සාරිපුත‍්තො, තෙනුපසඞ‍්කමිංසු.

“යෙනායස්මා සාරිපුත්තො” යම්සේ ප්‍රත්‍යන්ත ජනපදයක කෝලහලයක් ඇතිවූ විට - එය සන්සිඳවීමට නොහැකි වූ විට රාජපුරුෂයෝ යුධ සේනාපති හෝ රජතුමා හමුවට යන්නේ ද මෙසේ දෘෂ්ටි ගැනීමෙන් මේ තෙරුන් වහන්සේ කෝපවූ කල්හි එය සන්සිඳවීමට නොහැකි වූ ඒ භික්‍ෂූහු යම්තැනක ධර්මරාජයන් වහන්සේගේ ධර්මසේනාපති වූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සිටිත් ද එතැනට පැමිණියහ.

එවංබ්‍යාඛොති තෙසං භික‍්ඛූනං සන‍්තිකෙ විය ථෙරස‍්ස සම‍්මුඛා පග‍්ගය‍්හ වත‍්තුං අසක‍්කොන‍්තො ඔලම‍්බන‍්තෙන හදයෙන “එවංබ්‍යාඛො”ති ආහ. තං කිං මඤ‍්ඤසි, ආවුසොති? ඉදං ථෙරො තස‍්ස වචනං සුත්‍වා, “නායං අත‍්තනො ලද‍්ධියං දොසං පස‍්සති, ධම‍්මදෙසනාය අස‍්ස තං පාකටං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තිපරිවට‍්ටං දෙසනං දෙසෙතුං ආරභි.

“එවං ව්‍යාඛො” යනු ඒ භික්‍ෂූන්ගේ සමීපයේ මෙන් සැරියුත් තෙරණුවන් ඉදිරියේ එය පැවසීමට අසමත්වූයේ සෙලවෙන හදවතින් “මෙසේ පවසමි”යි කීවේය.

තං කිං මඤ‍්ඤසි, ආවුසො යමක, රූපං තථාගතොති ඉදං කස‍්මා ආරද‍්ධං? අනුයොගවත‍්තං දාපනත්‍ථං. තිපරිවට‍්ටදෙසනාවසානස‍්මිඤ‍්හි ථෙරො සොතාපන‍්නො ජාතො. අථ නං අනුයොගවත‍්තං දාපෙතුං “තං කිං මඤ‍්ඤසී”තිආදිමාහ?

“තං කිං මඤ්ඤසි ආවුසො” සැරියුත් තෙරණුවෝ ඔහුගේ වදන් අසා “මොහු තමාගේ පිළිගැනීමෙහි (ලබ්ධියෙහි) දොසක් නොදකියි. ධර්මදේශනාවෙන් මොහුට එය වටහා දෙන්නෙමි”යි සිතා තිපරිවර්ත දේශනාව පැවැත්වීමට ඇරඹු සේක. “තං කිං මඤ්ඤසි ආවුසො යමක! රූපං තථාගතො” යනු මෙය කුමක් නිසා ඇරඹුවේද? යෙදීමට සුදුසු වත් පිළිවෙත් දීම පිණිසයි. තිපරිවර්ත දේශනාව අවසන්හි යමක තෙර සෝවාන් විය. ඉක්බිති ඔහුට යෙදිය යුතු වත් පිළිවෙත දීමට “නුඹ කුමක් සිතහුද?” යනාදිය දෙසූහ.

තථාගතොති සත‍්තො. රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ සම‍්පිණ‍්ඩෙත්‍වා “තථාගතො”ති සමනුපස‍්සසීති පුච‍්ඡති. එත්‍ථ ච තෙ, ආවුසොති ඉදං ථෙරස‍්ස අනුයොගෙ භුම‍්මං. ඉදං වුත‍්තං හොති – එත්‍ථ ච තෙ එත‍්තකෙ ඨානෙ දිට‍්ඨෙව ධම‍්මෙ සච‍්චතො ථිරතො සත‍්තෙ අනුපලබ‍්භියමානෙති. සචෙ තං, ආවුසොති ඉදමෙතං අඤ‍්ඤං බ්‍යාකරාපෙතුකාමො පුච‍්ඡති. යං දුක‍්ඛං තං නිරුද‍්ධන‍්ති යං දුක‍්ඛං, තදෙව නිරුද‍්ධං, අඤ‍්ඤො සත‍්තො නිරුජ‍්ඣනකො නාම නත්‍ථි, එවං බ්‍යාකරෙය්‍යන‍්ති අත්‍ථො.

“තථාගතො” යනු සත්ත්‍වයායි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්‍ධයේ සම්පිණ්ඩනයෙන් සත්ත්‍වයා යන සම්මුතිය දකින්නේද?යි අසයි. “එත්‍ථච තෙ ආවුසො” යන මෙය තෙරුන්ගේ පිළිපැදීමෙහි පිහිටීමයි. මෙය කියන ලද්දේ වේ. නුඹට මෙහිදී මෙපමණ තැනෙක්හිදී මෙලොවදීම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්ත්‍වයකු නොලැබෙන කල්හි. “සචෙ තං ආවුසො” යනු මෙය මෙයින් අන්‍ය වූවක් විවරණය කරනු කැමතිව විමසයි. “යං දුක්ඛං තං නිරුද්ධං” යනු යමක් දුක්සහගත නම් එයම නිරුද්ධ වේ. අනික් සත්ත්‍වයෙක්, නිරුද්ධ නොවන්නෙක් නම් නැත. මෙසේ විවරණය කරන්නේය යන අර්ථයි.

එතස‍්සෙව අත්‍ථස‍්සාති එතස‍්ස පඨමමග‍්ගස‍්ස. භිය්‍යොසොමත‍්තාය ඤාණායාති අතිරෙකප‍්පමාණස‍්ස ඤාණස‍්ස අත්‍ථාය, සහවිපස‍්සනකානං උපරි ච තිණ‍්ණං මග‍්ගානං ආවිභාවත්‍ථායාති අත්‍ථො. ආරක‍්ඛසම‍්පන‍්නොති අන‍්තොආරක‍්ඛෙන චෙව බහිආරක‍්ඛෙන ච සමන‍්නාගතො. අයොගක‍්ඛෙමකාමොති චතූහි යොගෙහි ඛෙමභාවං අනිච‍්ඡන‍්තො. පසය‍්හාති පසය‍්හිත්‍වා අභිභවිත්‍වා. අනුපඛජ‍්ජාති අනුපවිසිත්‍වා.

“එතස්සෙව අත‍්‍ථස්ස” මේ පළමු මාර්ගයේ. “භිය්‍යොසොමත්තාය” අතිරේක ප්‍රමාණ වූ ඥානයේ යහපත පිණිසයි. විදර්ශනා සහිත වූවන්ගේ මතු ත්‍රිවිධ මාර්ගයන් මනාව ප්‍රකට කිරීම සඳහා යන අර්ථය. “ආරක්ඛ සමපන්නො” යනු ඇතුලත ආරක්‍ෂාවෙන් මෙන්ම පිටත ආරක්‍ෂාවෙන්ද යුක්ත වූ යනුයි. “අයොගක්ඛෙමකාමො” යනු සතර යෝගයන්හි ක්‍ෂේම භාවය නොකැමති වන්නා වූ යනුයි. “පසය්හ” යනු මැඩපවත්වයි. යටපත් කර යනුයි. “අනුපඛජ්ජ” යනු ඇතුලට පිවිසී යනුයි.

පුබ‍්බුට‍්ඨායීතිආදීසු දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා ආසනතො පඨමතරං වුට‍්ඨාතීති පුබ‍්බුට‍්ඨායී. තස‍්ස ආසනං දත්‍වා තස‍්මිං නිසින‍්නෙ පච‍්ඡා නිපතති නිසීදතීති, පච‍්ඡානිපාතී. පාතොව වුට‍්ඨාය “එත‍්තකා කසිතුං ගච‍්ඡථ, එත‍්තකා වපිතු”න‍්ති වා සබ‍්බපඨමං වුට‍්ඨාතීති පුබ‍්බුට‍්ඨායී. සායං සබ‍්බෙසු අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානං ගතෙසු ගෙහස‍්ස සමන‍්තතො ආරක‍්ඛං සංවිධාය ද‍්වාරානි ථකෙත්‍වා සබ‍්බපච‍්ඡා නිපජ‍්ජනතොපි පච‍්ඡානිපාතී. “කිං කරොමි, අය්‍යපුත‍්ත ? කිං කරොමි අය්‍යපුත‍්තා”ති? මුඛං ඔලොකෙන‍්තො කිංකාරං පටිසාවෙතීති කිංකාරපටිස‍්සාවී. මනාපං චරතීති මනාපචාරී. පියං වදතීති පියවාදී. මිත‍්තතොපි නං සද‍්දහෙය්‍යාති මිත‍්තො මෙ අයන‍්ති සද‍්දහෙය්‍ය. විස‍්සාසං ආපජ‍්ජෙය්‍යාති එකතො පානභොජනාදිං කරොන‍්තො විස‍්සාසිකො භවෙය්‍ය. සංවිස‍්සත්‍ථොති සුට‍්ඨු විස‍්සත්‍ථො.

“පුබ්බුට්ඨායී” ආදියෙහි දුරදීම එනු දැක අසුනින් පළමුව නැගිටියි. “පුබ්බුට්ඨායී” නම් වේ. ඔහුට අසුන දී ඔහු හුන්කල්හි පසුව වැඩහිඳියි. වාඩිවෙයි යනු “පච්ඡානිපාතී” නම් වේ. උදෑසනම නැගිට මෙපමණ දෙන සීසෑමට යවු. මෙපමණ දෙන වැපිරීමට යවු ආදී ලෙස සැමට පළමුව නැගිටියි යනු “පුබ්බුට්ඨායි” නම් වේ. හවස සියල්ලෝම තම තමා වසන තැනට ගියකල්හි ගේ හාත්පස ආරක්‍ෂා සංවිධාන ඇතිකර, දොරවල් වසා සියල්ලන්ටම පසුව නිදයි යනු “පච්ඡානිපාතී” වේ. කුමක් කරම්දැයි ස්වාමියාගේ මුහුණ බලමින් කිම? කිම? යනුවෙන් නිතර අස්වයි ද එය “කිංකාරපටිස්සාවී” නම් වේ. මනාප වූ පරිදි හැසිරෙයි යනු “මනාපචාරී” නම් වේ. ප්‍රිය වූ දෙයක් පවසයි. “පියවාදී” “මිත්තතොපි නං සද්දහෙය්‍ය” යනු මොහු මගේ මිතුරෙක් යැයි අදහන්නේ ය යනුයි. “විස්සාසං ආපජ්ජෙය්‍ය” යනු හුදකලාව කෑම්බීම් ආදිය කරමින් විශ්වාසයට පැමිණියෙක් වන්නේය යනුයි. “සංවිස්සට්ඨො” යනු මනාව විශ්වාසී වූයේ.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – බාලගහපතිපුත‍්තො විය හි වට‍්ටසන‍්නිස‍්සිතකාලෙ අස‍්සුතවා පුථුජ‍්ජනො, වධකපච‍්චාමිත‍්තො විය අබලදුබ‍්බලා පඤ‍්චක‍්ඛන්‍ධා, වධකපච‍්චාමිත‍්තස‍්ස “බාලගහපතිපුත‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති උපගතකාලො විය පටිසන්‍ධික‍්ඛණෙ උපගතා පඤ‍්චක‍්ඛන්‍ධා, තස‍්ස හි “න මෙ අයං සහායො, වධකපච‍්චත්‍ථිකො අය”න‍්ති අජානනකාලො විය වට‍්ටනිස‍්සිතපුථුජ‍්ජනස‍්ස පඤ‍්චක‍්ඛන්‍ධෙ “න ඉමෙ මය‍්හ”න‍්ති අගහෙත්‍වා “මම රූපං, මම වෙදනා, මම සඤ‍්ඤා, මම සඞ‍්ඛාරා, මම විඤ‍්ඤාණ”න‍්ති ගහිතකාලො, වධකපච‍්චත්‍ථිකස‍්ස “මිත‍්තො මෙ අය”න‍්ති ගහෙත්‍වා සක‍්කාරකරණකාලො විය “මම ඉමෙ”ති ගහෙත්‍වා පඤ‍්චන‍්නං ඛන්‍ධානං න‍්හාපනභොජනාදීහි සක‍්කාරකරණකාලො, “අතිවිස‍්සත්‍ථො මෙ අය”න‍්ති ඤත්‍වා සක‍්කාරං කරොන‍්තස‍්සෙව අසිනා සීසච‍්ඡින්‍දනං විය විස‍්සත්‍ථස‍්ස බාලපුථුජ‍්ජනස‍්ස තිඛිණෙහි භිජ‍්ජමානෙහි ඛන්‍ධෙහි ජීවිතපරියාදානං වෙදිතබ‍්බං.

“එවමෙව ඛො” යනු මෙහි මේ උපමා සැසඳීමයි. සංසාරික පැවැත්මට යොමු වූ අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා මෙහි මෝඩ ගහපති යුතු මෙනි. අබල දුබල වූ පංචස්කන්‍ධය වධකයා වූ සතුරා මෙනි. වධක පසමිතුරා, මෝඩ ගහපති පුතුට “උපස්ථාන කරන්නෙමි” යි පැමිණි අවස්ථාව - ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහි පැමිණෙන්නා වූ පංචස්කන්‍ධය මෙනි. ඔහු විසින් “මේ සහායකයා මගේ වධකයා වන සතුරෙකි”යි නොදත් අවස්ථාව මෙන් සසර පැවැත්ම ආශ්‍රිත පුහුදුන් පුද්ගලයාගේ පංචස්කන්‍ධය “මෙය මගේ නොවේ” යැයි පිළිනොගෙන “රූපය මගේය, වේදනාව මගේය, සංඥාව මය, සංස්කාරයෝ මගේය, විඤ්ඤාණය මගේයැ”යි ගත් අවස්ථාව දතයුතුයි. වධක පසමිතුරාට “මේ මගේ මිතුරෙකි”යි පිළිගෙන සත්කාර කිරීම මෙන් “මේවා මගේය”යි ගෙන පස් ස්කන්‍ධයන්ට කෑම් බීම් ආදියෙන් සත්කාර කරන අවස්ථාව දතයුතුයි. “මොහු මාගේ දැඩි විශ්වාසියෙකි”යි දැක සත්කාර කරද්දීම බාල ගහපති පුත්‍රයාගේ විශ්වාසී පුරුෂයා තියුණු වූ කඩුවෙන් හිස සින්දාක් මෙන් බිඳෙන්නා වූ ස්කන්‍ධයන් විසින් ජීවිතය වනසා දැමීම දතයුතුයි.

උපෙතීති උපගච‍්ඡති. උපාදියතීති ගණ‍්හාති. අධිට‍්ඨාතීති අධිතිට‍්ඨති. අත‍්තා මෙති අයං මෙ අත‍්තාති. සුතවා ච ඛො, ආවුසො, අරියසාවකොති යථා පන පණ‍්ඩිතො ගහපතිපුත‍්තො එවං උපගතං පච‍්චත්‍ථිකං “පච‍්චත්‍ථිකො මෙ අය”න‍්ති ඤත්‍වා අප‍්පමත‍්තො තානි තානි කම‍්මානි කාරෙත්‍වා අනත්‍ථං පරිහරති, අත්‍ථං පාපුණාති, එවං සුතවා අරියසාවකොපි “න රූපං අත‍්තතො සමනුපස‍්සතී”තිආදිනා නයෙන පඤ‍්චක‍්ඛන්‍ධෙ අහන‍්ති වා මමන‍්ති වා අගහෙත්‍වා, “පච‍්චත්‍ථිකා මෙ එතෙ”ති ඤත්‍වා රූපසත‍්තකඅරූපසත‍්තකාදිවසෙන විපස‍්සනාය යොජෙත්‍වාව තතොනිදානං දුක‍්ඛං පරිවජ‍්ජෙත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පාපුණාති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“උපෙතී” යනු සමීපයට යයි යනුයි. “උපාදියතී” යනු ගනියි යනුයි. දැඩිව අල්ලා ගනියි. “අධිට්ඨාන” යනු දැඩිව සිටියි යනුයි. “අත්තාමෙ” යනු මගේ ආත්මය යැයි පවසමින්ය. “සුත්වා ච ඛො ආවුසො අරියසාවකො” යනු යම්සේ නුවණැති ගහපති පුත්‍රයා මෙසේ ළගට පැමිණි සේවක සතුරා “මොහු මගේ සතුරෙකි”යි දැන අප්‍රමාදීව ඒ ඒ කර්මාන්ත කරවා අනර්ථය දුරු කරයි. අර්ථයට-යහපතට පැමිණෙයි. මෙසේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ද “රූපය තමාගේ වශයෙන් නො සලකයි” ආදී වශයෙන් පංචස්කන්‍ධය ම “මමය-මාගේය” යනුවෙන් නොගෙන “මේ පංචස්කන්‍ධය මගේ සතුරෙකි”යි දැන රූප සප්තකය, අරූප සප්තකය ආදී වශයෙන් විදර්ශනාව යොදා ඉන් මරණය හා සමාන දුක් නැතිකර-දුරුකර, අග්‍රඵලය වූ රහත්බවට පත්වෙයි. සෙසු විස්තර ඉතා ප්‍රකටමය.

තතියං.

තෙවැනි සූත්‍රයයි.

4. අනුරාධ සුත‍්තවණ‍්ණනා

4. අනුරාධ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අරඤ‍්ඤකුටිකායන‍්ති තස‍්සෙව විහාරස‍්ස පච‍්චන‍්තෙ පණ‍්ණසාලායං. තං තථාගතොති තුම‍්හාකං සත්‍ථා තථාගතො තං සත‍්තං තථාගතං. අඤ‍්ඤත්‍ර ඉමෙහීති තස‍්ස කිර එවං අහොසි “ඉමෙ සාසනස‍්ස පටිපක‍්ඛා පටිවිලොමා, යථා ඉමෙ භණන‍්ති, න එවං සත්‍ථා පඤ‍්ඤාපෙස‍්සති, අඤ‍්ඤථා පඤ‍්ඤාපෙස‍්සතී”ති. තස‍්මා එවමාහ. එවං වුත‍්තෙ තෙ අඤ‍්ඤතිත්‍ථියාති එවං ථෙරෙන අත‍්තනො ච පරෙසඤ‍්ච සමයං අජානිත්‍වා වුත‍්තෙ එකදෙසෙන සාසනසමයං ජානන‍්තා ථෙරස‍්ස වාදෙ දොසං දාතුකාමා තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා ආයස‍්මන‍්තං අනුරාධං එතදවොචුං.

සිවුවන සූත්‍රයේ - “අරඤ්ඤකුටිකායං” යනු ඒ විහාරයේම ඈත කෙළවරක පන්සලක්ය. “තං තථාගතො” යනු ඒ තථාගත සත්ත්‍වයෙක් වේද උන්වහන්සේ නුඹගේ ශාස්තෲ වූ තථාගතයෝය. “අඤ්ඤත්‍රිමෙහි” යනු උන්වහන්සේට මෙසේ සිත්විය. “මොවුහු බුදුසසුනට ප්‍රතිපාක්‍ෂිකයෝය. විරුද්ධකාරයෝය. මොවුහු පවසන අයුරින් ශාස්තෲන් වහන්සේ ප්‍රකට නොවන්නේය. අනු අයුරකින් ප්‍රකට කරන්නෙමි”යි මෙසේ වදාළහ. “එවං වුත්තෙ තෙ අඤ්ඤතිත්‍ථියා” මෙසේ තෙරුන් විසින් තමාගේද අනුන්ගේද ආගමික ඉගැන්වීම් නොදන පිළිතුරු දුන් කල්හි, එක් පැත්තකින් පමණක් බුදුසමය දන්නා වූ තෙරුන්ගේ වාදයෙහි දොස් දක්වනු කැමති ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙසේ පැවසූහ.

තං කිං මඤ‍්ඤසි අනුරාධාති සත්‍ථා තස‍්ස කථං සුත්‍වා චින‍්තෙසි – “අයං භික‍්ඛු අත‍්තනො ලද‍්ධියං දොසං න ජානාති, කාරකො පනෙස යුත‍්තයොගො, ධම‍්මදෙසනාය එව නං ජානාපෙස‍්සාමී”ති තිපරිවට‍්ටං දෙසනං දෙසෙතුකාමො “තං කිං මඤ‍්ඤසි, අනුරාධා”තිආදිමාහ. අථස‍්ස තාය දෙසනාය අරහත‍්තප‍්පත‍්තස‍්ස අනුයොගවත‍්තං ආරොපෙන‍්තො තං කිං මඤ‍්ඤසි, අනුරාධ? රූපං තථාගතොතිආදිමාහ. දුක‍්ඛඤ‍්චෙව පඤ‍්ඤපෙමි, දුක‍්ඛස‍්ස ච නිරොධන‍්ති වට‍්ටදුක‍්ඛඤ‍්චෙව වට‍්ටදුක‍්ඛස‍්ස ච නිරොධං නිබ‍්බානං පඤ‍්ඤපෙමි. දුක‍්ඛන‍්ති වා වචනෙන දුක‍්ඛසච‍්චං ගහිතං. තස‍්මිං ගහිතෙ සමුදයසච‍්චං ගහිතමෙව හොති, තස‍්ස මූලත‍්තා. නිරොධන‍්ති වචනෙන නිරොධසච‍්චං ගහිතං. තස‍්මිං ගහිතෙ මග‍්ගසච‍්චං ගහිතමෙව හොති තස‍්ස උපායත‍්තා. ඉති පුබ‍්බෙ චාහං, අනුරාධ, එතරහි ච චතුසච‍්චමෙව පඤ‍්ඤපෙමීති දස‍්සෙති. එවං ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටමෙව කථිතං.

“තං කිං මඤ්ඤසි අනුරාධ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ උන්වහන්සේගේ කථාව අසා මෙසේ සිතු සේක. “මේ භික්‍ෂුව තමා පිළිගත් ලබ්ධියෙහි දොස් නොදනියි. මොහු කාරකයෙක් සිටීයැයි ගත් අදහස් ඇත්තෙකි. ධර්ම දේශනාවෙන් ම මොහුට මෙය අවබෝධ කරවමියි තිපරිවර්ත දේශනාව පවත්වනු කැමති සේක් “තං කිං මඤ්ඤසි අනුරාධ” යනාදිය දෙසූහ. ඉක්බිති උන්වහන්සේට, මෙම දේශනාවෙන් රහත්බවට පත්වීමට අවශ්‍ය වත්පිළිවෙත් මාර්ගය පෙන්වා ඊට යොමුකරන සේක් - “තං කිං මඤ්ඤසි අනුරාධ! රූපං තථාගතො” යනාදිය දෙසූහ. “දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි දුක්ඛස්සච නිරොධං” යනු සසර පවත්නා දුක මෙන්ම සසර පවත්නා දුකෙහි නිරෝධය වූ නිර්වාණය ද පනවමි. දේශනාකරමි. “දුක්ඛං” යන වචනයෙන් දුක්ඛ සත්‍යය ගන්නා ලදී. අදහස් කරන ලදී. එසේ ගත්කල්හි එම වචනයෙන් ම සමුදය සත්‍යය ද අදහස් කළා වේ. එහි මූලය වූ “නිරොධං” යන වචනයෙන් නිරෝධ සත්‍යය අදහස් කරන ලදී. එය ගත් කල්හි මාර්ග සත්‍යය ද අදහස් කළේ වේ. මේ ක්‍රමයෙන් මෙහිදී පෙර “අනුරාධය! මම දැන් චතුරාර්ය සත්‍යයම දේශනා කරමි”යි දැක්වූ සේක. මෙසේ මෙම සූත්‍රයෙහි සංසාරික පැවැත්ම හා නැවැත්වම දේශනා කරන ලදී.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. වක‍්කලි සුත‍්තවණ‍්ණනා

5. වක්කලි සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කුම‍්භකාරනිවෙසනෙති කුම‍්භකාරසාලායං. ථෙරො කිර වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා භගවන‍්තං දස‍්සනාය ආගච‍්ඡති. තස‍්ස නගරමජ‍්ඣෙ මහාආබාධො උප‍්පජ‍්ජි, පාදා න වහන‍්ති. අථ නං මඤ‍්චකසිවිකාය කුම‍්භකාරසාලං ආහරිංසු. සා ච සාලා තෙසං කම‍්මසාලා, න නිවෙසනසාලා. තං සන්‍ධාය වුත‍්තං “කුම‍්භකාරනිවෙසනෙ විහරතී”ති. බාළ‍්හගිලානොති අධිමත‍්තගිලානො. සමධොසීති සමන‍්තතො අධොසි, චලනාකාරෙන අපචිතිං දස‍්සෙසි. වත‍්තං කිරෙතං බාළ‍්හගිලානෙනපි බුඩ‍්ඪතරං දිස‍්වා උට‍්ඨානාකාරෙන අපචිති දස‍්සෙතබ‍්බා. තෙන පන “මා චලි මා චලී”ති වත‍්තබ‍්බො. සන‍්තිමානි ආසනානීති බුද‍්ධකාලස‍්මිඤ‍්හි එකස‍්සපි භික‍්ඛුනො වසනට‍්ඨානෙ “සචෙ සත්‍ථා ආගච‍්ඡිස‍්සති, ඉධ නිසීදිස‍්සතී”ති ආසනං පඤ‍්ඤත‍්තමෙව හොති අන‍්තමසො ඵලකමත‍්තම‍්පි පණ‍්ණසන්‍ථාරමත‍්තම‍්පි. ඛමනීයං යාපනීයන‍්ති කච‍්චි දුක‍්ඛං ඛමිතුං ඉරියාපථං වා යාපෙතුං සක‍්කාති පුච‍්ඡති. පටික‍්කමන‍්තීති නිවත‍්තන‍්ති. අභික‍්කමන‍්තීති අධිගච‍්ඡන‍්ති. පටික‍්කමොසානන‍්ති පටික‍්කමො එතාසං. සීලතො න උපවදතීති සීලං ආරබ‍්භ සීලභාවෙන න උපවදති. චිරපටිකාහන‍්ති චිරපටිකො අහං, චිරතො පට‍්ඨාය අහන‍්ති අත්‍ථො. පූතිකායෙනාති අත‍්තනො සුවණ‍්ණවණ‍්ණම‍්පි කායං භගවා ධුවපග‍්ඝරණට‍්ඨෙන එවමාහ. යො ඛො, වක‍්කලි, ධම‍්මන‍්ති ඉධ භගවා “ධම‍්මකායො ඛො, මහාරාජ, තථාගතො”ති වුත‍්තං ධම‍්මකායතං දස‍්සෙති. නවවිධො හි ලොකුත‍්තරධම‍්මො තථාගතස‍්ස කායො නාම.

පස්වන සූත්‍රයේ “කුම්භකාර නිවෙසනෙ” යනු කුම්භකාර ශාලාවෙහි තෙරුන් වහන්සේ වස් වැස නිමවී පවාරණය කොට, භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණේ. ඒ නුවර මැද දී උන්වහන්සේට මහා ආබාධයක් උපන්නේය. පාදයෝ ගමන් කිරිමට නොහැකි වෙයි. එවිට සෙසු ජනයා උන්වහන්සේ ඇඳක හොවා කුම්භකාර ශාලාවේ තැබූහ. ඒ ශාලාව ද කර්මාන්ත ශාලාවක් හෝ වාසය කරන ශාලාවක් නොවේ. ඒ සඳහා කියන ලදී. කුම්භකාර ශාලාවේ වාසය කරයි’ යනුවෙන්. “බාළ්හගිලානො” යනු දැඩිසේ රෝගාතුරවය. “සමධොසි” යනු හාත්පසින් යට වූ. සෙලවෙන ආකාරයෙන් ගෞරව දැක්වීම් දැක්වීය. මෙය ඉතා සුදුසුමය. දැඩිසේ ගිලන් වුවත් තමාට වඩා වැඩිමහල්ලෙකු දැක නැගිටින ආකාරයෙන් ගෞරව දැක්විය යුතුමය. ඔහු විසින් “නොසෙලවෙන්න. නොසෙලවෙන්න”යි කිව යුතුයි. “සන්ති මානි ආසනානි” යනු බුද්ධකාලයේ එක භික්‍ෂුවක් වසන තැන වුවත් ඉදින් ශාස්තෲන් වහන්සේ වැඩම කරන්නේ නම් “මෙහි හිඳින සේක්වා!”යි අසුනක් පැනවූයේම වේ. යටත් පිරිසෙන් ඵලකයක් මත හෝ තණපත් ඇතිරියක් මත හෝ මේ අසුන පනවනු ලැබේ. “ඛමනීයං යාපනීයං” “කිම දුක් වේදනා ඉවසිය හැකිද?” “ඉරියව් පැවැත්විය හැකිද?”යි විමසූ සේක යනුයි. “පටික්කමන්තී” යනු නැවතේ ද? අඩුවේද? යනුයි. “අභික්කමනත” යනු වැඩිවේද? ඉහල යයි ද? යනුයි. “පටික්කමොසානං” යනු මේවායේ ඉවත්වීම පසෙකට වීමයි. “සීලතො න උපදවති” යනු සීලය අරබයා ශීල භාවයෙන් උපවාද නොකරයි යනුයි. “චිරපටිකාහං” යනු “මම බොහෝ කාලයක පටන්”ය. “මීට පෙර බොහෝ කාලය සිට” යන අර්ථයි. “පූතිකායෙන” තමාගේ රන්වන් වූ කය පිළිබඳව මෙසේ නිති වැගිරෙන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “යෙ ඛො වක්කලී ධම්මං” යනු මෙහි භාග්‍යවතුන් වහන්සේ “මහරජ! ධර්මකාය නම් තථාගතයෝයැ”යි දෙසු බැවින් ධර්මකාය බව දක්වයි. ලෝකෝත්තර ධර්මයෙහි තථාගතයන් වහන්සේගේ “කය” නව වැදෑරුම් වේ.

ඉදානි ථෙරස‍්ස තිපරිවට‍්ටධම‍්මදෙසනං ආරභන‍්තො තං කිං මඤ‍්ඤසීතිආදිමාහ. කාළසිලාති කාළසිලාවිහාරො. විමොක‍්ඛායාති මග‍්ගවිමොක‍්ඛත්‍ථාය. සුවිමුත‍්තො විමුච‍්චිස‍්සතීති අරහත‍්තඵලවිමුත‍්තියා විමුත‍්තො හුත්‍වා විමුච‍්චිස‍්සති. තා කිර දෙවතා “යෙන නීහාරෙන ඉමිනා විපස‍්සනා ආරද‍්ධා, අනන‍්තරායෙන අරහත‍්තං පාපුණිස‍්සතී”ති ඤත්‍වා එවමාහංසු. අපාපකන‍්ති අලාමකං. සත්‍ථං ආහරෙසීති ථෙරො කිර අධිමානිකො අහොසි. සො සමාධිවිපස‍්සනාහි වික‍්ඛම‍්භිතානං කිලෙසානං සමුදාචාරං අපස‍්සන‍්තො “ඛීණාසවොම‍්හී”ති සඤ‍්ඤී හුත්‍වා “කිං මෙ ඉමිනා දුක‍්ඛෙන ජීවිතෙන? සත්‍ථං ආහරිත්‍වා මරිස‍්සාමී”ති තිඛිණෙන සත්‍ථෙන කණ‍්ඨනාළං ඡින්‍දි. අථස‍්ස දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජි. සො තස‍්මිං ඛණෙ අත‍්තනො පුථුජ‍්ජනභාවං ඤත්‍වා අවිස‍්සට‍්ඨකම‍්මට‍්ඨානත‍්තා සීඝං මූලකම‍්මට‍්ඨානං ආදාය සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණිත්‍වාව කාලමකාසි.

දැන් තෙරුන් වහන්සේට තිපරිවර්ත ධර්ම දේශනාව පැවැත්වීමට අරඹන සේක් “තං කිං මඤ්ඤසි” යනාදියව දේශනා කළ සේක. “කාළසිලා” යනු කාළසිලා නම් විහාරයයි. “විමොක්ඛාය” යනු මාර්ග විමෝක්‍ෂය (මිදීම) සඳහාය. “සුවිමුත්තො විමුච්චිස්සති” අර්හත් ඵල විමුක්තියෙන් මිදුනෙක් වී මිදෙන්නේ ය. ඒ දේවතාව වනාහී යම් ආකාරයකින් මේ විදර්ශනාව අරඹා අතරක් නැතිවම රහත්බවට පැමිණෙන්නේ යැයි දැන මෙසේ කියන ලදී. “අපාපකං” යනු ළාමක නොවූ යනුයි. “සත්‍ථා ආහාරෙසි” යනු තෙරුන් වහන්සේ වනාහී අධිමාන ඇත්තෙකි. ඔහු සමාධි විදර්ශනාවන්ගෙන් යටපත් කල කෙලෙස් ඇති බැවින්, කෙලෙසුන්ගේ හැසිරීමක් නොදක්නේ “මම රහතන් වහන්සේ කෙනෙකි යන සංඥාවෙන් (හැඟීමෙන්) “මට මේ දුක් සහගත වූ ජීවිතයෙන් කවර වැඩක්ද? ආයුධයක් ගෙන කපාගෙන මැරෙන්නෙමි”යි සිතා තියුණු වූ සැතකින් ගලනාලය කැපුවේය. එවිට ඔහුට බලවත් දුක්වේදනා ඇතිවිය. එවිට ඔහු එකෙනෙහිම තම පුහුදුන් බව දැන මුදානොහළ කමටහන් ඇති නිසා වහා මුල් කමටහන ගෙන සිහිපත් කරනුයේ රහත්බවට පත්වීම පිරිනිවන් පෑ සේක.

පච‍්චවෙක‍්ඛණා පනස‍්ස ච කථං අහොසීති? ඛීණාසවස‍්ස එකූනවීසති පච‍්චවෙක‍්ඛණා න සබ‍්බාව අවස‍්සං ලද‍්ධබ‍්බා, තිඛිණෙනාපි පන අසිනා සීසෙ ඡිජ‍්ජන‍්තෙ එකං ද‍්වෙ ඤාණානි අවස‍්සං උප‍්පජ‍්ජන‍්ති.

උන්වහන්සේ ප්‍රත්‍යවේක්‍ෂණාව කෙසේවීද? රහතන් වහන්සේට දහනවයක් ප්‍රත්‍යවේක්‍ෂණා ඇත. ඒකාන්තයෙන් ලැබිය යුතුයි. තියුණු කඩුවකින් හිස සිඳින කල්හි ඥාන එකක් හෝ දෙකක් ඒකාන්තයෙන්ම උපදියි.

විවත‍්තක‍්ඛන්‍ධන‍්ති පරිවත‍්තක‍්ඛන්‍ධං. සෙමානන‍්ති සයමානං. ථෙරො කිර උත‍්තානකො නිපන‍්නො සත්‍ථං ආහරි. තස‍්ස සරීරං යථාඨිතමෙව අහොසි. සීසං පන දක‍්ඛිණපස‍්සෙන පරිවත‍්තිත්‍වා අට‍්ඨාසි. අරියසාවකා හි යෙභුය්‍යෙන දක‍්ඛිණපස‍්සෙනෙව කාලං කරොන‍්ති. තෙනස‍්ස සරීරං යථාඨිතංයෙව අහොසි. සීසං පන දක‍්ඛිණපස‍්සෙන පරිවත‍්තිත්‍වා ඨිතං. තං සන්‍ධාය විවත‍්තක‍්ඛන්‍ධො නාම ජාතොතිපි වදන‍්ති. ධූමායිතත‍්තන‍්ති ධූමායනභාවං. තිමිරායිතත‍්තන‍්ති තිමිරායනභාවං. ධූමවලාහකං විය තිමිරවලාහකං විය චාති අත්‍ථො.

“විවත්තක්ඛන්‍ධං” යනු පෙරළුණු කඳ “සෙමානං” යනු නිදාසිටින. තෙරුන් වහන්සේ වනාහි උඩුකුරුව හොත්තේ සැතින් කපාගත්තේය. ඔහුගේ සිරුර සිටි පරිදිම තිබුණි. හිස දකුණු පැත්තට පෙරලී සිටියේය. ආර්ය ශ්‍රාවකයෝ බොහෝවිට දකුණැලයට හැරී පිරිනිවෙති. එහෙයින් ඔහුගේ සිරුර සිටි පරිදිම තිබුණේය. හිස පමණක් දකුණැලයට හැරී සිටියේය. ඒ සඳහා ‘පෙරළුණු කඳ ඇතිව’ යන්න යෙදුණි. “ධූමායිතත්තං” යනු දම්දමන බවකි. “තිමිරායිතත්තං” යනු අඳුරු වීගෙන යන බවයි. දුම් වලාවක් මෙන් අඳුරු වලාවක් මෙන් යන අර්ථයි.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. අස‍්සජි සුත‍්තවණ‍්ණනා

6. අස්සජි සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කස‍්සපකාරාමෙති කස‍්සපසෙට‍්ඨිනා කාරිතෙ ආරාමෙ. කායසඞ‍්ඛාරෙති අස‍්සාසපස‍්සාසෙ. සො හි තෙ චතුත්‍ථජ‍්ඣානෙන පස‍්සම‍්භිත්‍වා පස‍්සම‍්භිත්‍වා විහාසි. එවං හොතීති ඉදානි තං සමාධිං අප‍්පටිලභන‍්තස‍්ස එවං හොති. නො චස‍්සාහං පරිහායාමීති කච‍්චි නු ඛො අහං සාසනතො න පරිහායාමි? තස‍්ස කිර ආබාධදොසෙන අප‍්පිතප‍්පිතා සමාපත‍්ති පරිහායි, තස‍්මා එවං චින‍්තෙසි. සමාධිසාරකා සමාධිසාමඤ‍්ඤාති සමාධිංයෙව සාරඤ‍්ච සාමඤ‍්ඤඤ‍්ච මඤ‍්ඤන‍්ති. මය‍්හං පන සාසනෙ න එතං සාරං, විපස‍්සනාමග‍්ගඵලානි සාරං. සො ත්‍වං සමාධිතො පරිහායන‍්තො කස‍්මා චින‍්තෙසි “සාසනතො පරිහායාමී”ති. එවං ථෙරං අස‍්සාසෙත්‍වා ඉදානිස‍්ස තිපරිවට‍්ටං ධම‍්මදෙසනං ආරභන‍්තො තං කිං මඤ‍්ඤසීතිආදිමාහ.

සයවන සූත්‍රයේ - “කස්සපකාරාමෙ” යනු කස්සප සිටු විසින් කරවූ ආරාමයේය. “කාය සංඛාරෙ” යනු ආශ්වාස-ප්‍රශ්වාසයන්ය. ඔහු වනාහි චතුත්‍ථ ධ්‍යානයට සමවැදී වැඩහුන්හ. “එවං හොති” යනු දැන් එම සමාධිය නොලබන හෙයින් මෙසේ විය යනුයි. “නොචක්ඛාහං පරිහායාමි” “මම කෙසේ නම් සසුනින් නොපිරිහෙම්ද?” උන්වහන්සේ ආබාධ දෝෂයෙන්-දුක් වේදනාව ඇතුලට පිවිසි හෙයින් සමවතින් පිරිහුණු සේක. එනිසා මෙසේ සිතූහ. “සමාධි සාරකා සමාධි සාමඤ්ඤා” යනු සමාධියම සාරය ලෙසද ශ්‍රවන බව ලෙසද සිතයි යනුයි. මගේ සසුනෙහි මෙය සාර වශයෙන් නොගනියි. විදර්ශනා මාර්ග ඵලයන්ම සාර වශයෙන් ගනියි. එනිසා නුඹ සමාධියෙන් පිරිහෙන කල්හි “සසුනින්ද පිරිහේ” යැයි කුමක් නිසා සිතුවේද? මෙසේ තෙරුන් වහන්සේ අස්වසා, දැන් උන්වහන්සේට තිපර්වර්ත ධර්මදේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි” යනාදිය වදාළහ.

අථස‍්ස තිපරිවට‍්ටදෙසනාවසානෙ අරහත‍්තං පත‍්තස‍්ස සතතවිහාරං දස‍්සෙන‍්තො සො සුඛං චෙ වෙදනං වෙදයතීතිආදිමාහ. තත්‍ථ අනභිනන්‍දිතාති පජානාතීති සුඛවෙදනාය තාව අභිනන්‍දනා හොතු, දුක‍්ඛවෙදනාය කථං හොතීති? දුක‍්ඛං පත්‍වා සුඛං පත්‍ථෙති, යදග‍්ගෙන සුඛං පත්‍ථෙති, තදග‍්ගෙන දුක‍්ඛං පත්‍ථෙතියෙව. සුඛවිපරිණාමෙන හි දුක‍්ඛං ආගතමෙව හොතීති එවං දුක‍්ඛෙ අභිනන්‍දනා වෙදිතබ‍්බා. සෙසං පුබ‍්බෙ වුත‍්තනයමෙවාති.

එවිට උන්වහන්සේට තිපරිවර්ත ධර්මදේශනාව අවසන්හි රහත් බවට පත්වූ විට නිතර විහරණය කළයුතු අයුරු දක්වන සේක් “සො සුඛඤ්චෙ වෙදනං වෙදියති” යනාදිය වදාළහ. එහි “අනභිනන්‍දිතාති පජානාති” යනුවෙන් සැප වේදනාව නිසා පළමුව සතුටුවීම වෙත්වා. දුක් වේදනාවෙන් කෙසේ සැප ඇතිවේද? දුකට පත්වූ තැනැත්තා සැප ප්‍රාර්ථනා කරයි. යම්තැනක පටන් දුකට පත්වීද එතැන් පටන් සැප ප්‍රාර්ථනා කරන්නේමය. “සැප විපරිණාමයට පත්වීමෙන් දුක පැමිණෙන්නේ ම වේ.” මෙසේ දුකේදී සතුටුවීම දතයුතුයි. සෙසු පදාර්ථ හා විස්තර ඉතා ප්‍රකට ය.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. ඛෙමක සුත‍්තවණ‍්ණනා

7. ඛෙමක සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අත‍්තනියන‍්ති අත‍්තනො පරික‍්ඛාරජාතං. අස‍්මීති අධිගතන‍්ති අස‍්මීති එවං පවත‍්තා තණ‍්හාමානා අධිගතා. සන්‍ධාවනිකායාති පුනප‍්පුනං ගමනාගමනෙන. උපසඞ‍්කමීති බදරිකාරාමතො ගාවුතමත‍්තං ඝොසිතාරාමං අගමාසි. දාසකත්‍ථෙරො පන චතුක‍්ඛත‍්තුං ගමනාගමනෙන තංදිවසං ද‍්වියොජනං අද‍්ධානං ආහිණ‍්ඩි. කස‍්මා පන තං ථෙරා පහිණිංසු? විස‍්සුතස‍්ස ධම‍්මකථිකස‍්ස සන‍්තිකා ධම‍්මං සුණිස‍්සාමාති. සයං කස‍්මා න ගතාති? ථෙරස‍්ස වසනට‍්ඨානං අරඤ‍්ඤං සම‍්බාධං, තත්‍ථ සට‍්ඨිමත‍්තානං ථෙරානං ඨාතුං වා නිසීදිතුං වා ඔකාසො නත්‍ථීති න ගතා. “ඉධාගන‍්ත්‍වා අම‍්හාකං ධම‍්මං කථෙතූ”තිපි කස‍්මා පන න පහිණිංසූති? ථෙරස‍්ස ආබාධිකත‍්තා. අථ කස‍්මා පුනප‍්පුනං පහිණිංසූති? සයමෙව ඤත්‍වා අම‍්හාකං කථෙතුං ආගමිස‍්සතීති. ථෙරොපි තෙසං අජ‍්ඣාසයං ඤත්‍වාව අගමාසීති.

සත්වන සූත්‍රයේ - “අත්තනියං” යනු තමාගේ පිරිකර කෙරෙහි හටගත් යනුයි. “අස්මීති අධිගතං” යනු මම වෙමියි මෙසේ පැවති තණ්හා මානයන්ට පැමිණ යනුයි. “සන්‍ධා වනිකාය” යනු නැවත නැවත ගමනාගමනයෙන්ය. “උපසංකමි” යනු බදරිකාරාමයෙන් ගවුවක් පමණ දුරින් පිහිටි ඝෝෂිතාරාමයට පැමිණි සේක යනුයි. දාසක තෙරුන් වනාහී සතර වරක් එම මාවතෙහි ගමනාගමන කිරීමෙන් එදින යොදුන් දෙකක් පමණ දුර ඇවිද්දේය. කුමක් නිසා ඒ තෙරවරු පණිවුඩ යැවුවාහු ද? ප්‍රසිද්ධ ධර්මකථිකයකුගේ සමීපයෙන් ධර්මය අසමු” යි යනුවෙන් සිතා පණිවුඩ යැවූහ. තමා කුමක් හෙයින් නොගියාහුද? තෙරුන්ගේ වසන තැන වූ ආරණ්‍යය කරදර සහිතය. එහි සැටක් පමණ භික්‍ෂූහු සිටීමට හෝ හිඳීමට අවසර නොලබයි. එබැවින් ඔවුහු නොගියහ. මෙහි පැමිණ අපට ධර්මය දෙසත්වායි කුමක් හෙයින් දන්වා නොයැවුවාහු ද? තෙරුන්ගේ ආබාධ සහිත බව නිසයි. ඉක්බිති පසුව පුන පුනා පණිවුඩ යැවුවේ කවර හෙයින්ද? “තමන් වහන්සේම දැන අපට ධර්මදේශනා කිරීමට පැමිණෙන්නාහ”යි සිතූ හෙයිනි. තෙරුන් වහන්සේ ද ඔවුන්ගේ අදහස දැනගෙනම එහි වැඩියහ.

න ඛ‍්වාහං, ආවුසො, රූපන‍්ති යො හි රූපමෙව අස‍්මීති වදති, තෙන ඉතරෙ චත‍්තාරො ඛන්‍ධා පච‍්චක‍්ඛාතා හොන‍්ති. යො අඤ‍්ඤත්‍ර රූපා වදති, තෙන රූපං පච‍්චක‍්ඛාතං හොති. වෙදනාදීසුපි එසෙව නයො. ථෙරස‍්ස පන සමූහතො පඤ‍්චසුපි ඛන්‍ධෙසු අස‍්මීති අධිගතො, තස‍්මා එවමාහ. හොතෙවාති හොතියෙව. අනුසහගතොති සුඛුමො. ඌසෙති ඡාරිකාඛාරෙ. ඛාරෙති ඌසඛාරෙ. සම‍්මද‍්දිත්‍වාති තෙමෙත්‍වා ඛාදෙත්‍වා.

“නඛ්වාහං ආවුසො රූපං” යනු යමෙක් රූපයම “මම වෙමි”යි කියයි. මෙයින් ඉතිරි සතර ස්කන්‍ධය ම ප්‍රතික්‍ෂේප කරන ලදී. යමෙක් රූපය අත්හැර කියයි ද එයින් රූපය ප්‍රතික්‍ෂේප කරන ලද්දේ වේ. වේදනාදියෙහි ද මේ ක්‍රමයම දතයුතුයි. තෙරුන් වහන්සේ වනාහී සමූහ වශයෙන්ම පංචස්කන්‍ධයෙහි “මම වෙමි”යි අවබෝධ කරගෙන සිටින බැවින් මෙසේ වදාළහ. “හොතෙවා” යනු සිදුවේමය යනුයි. “අණුසහගතො” යනු සූක්‍ෂම වූ සියුම් වූ යනුයි. “ඌසෙ” යනු අළුගඳයි. “ඛාරෙ” යනු කරගඳයි. “සම්මද්දිත්‍වා” යනු තෙමා, සෝදා පිරිසිදු කර යනුයි.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – කිලිට‍්ඨවත්‍ථං විය හි පුථුජ‍්ජනස‍්ස චිත‍්තාචාරො, තයො ඛාරා විය තිස‍්සො අනුපස‍්සනා, තීහි ඛාරෙහි ධොතවත්‍ථං විය දෙසනාය මද‍්දිත්‍වා ඨිතො අනාගාමිනො චිත‍්තාචාරො, අනුසහගතො ඌසාදිගන්‍ධො විය අරහත‍්තමග‍්ගවජ‍්ඣා කිලෙසා, ගන්‍ධකරණ‍්ඩකො විය අරහත‍්තමග‍්ගඤාණං ගන්‍ධකරණ‍්ඩකං ආගම‍්ම අනුසහගතානං ඌසගන්‍ධාදීනං සමුග‍්ඝාතො විය අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසක‍්ඛයො, ගන්‍ධපරිභාවිතවත්‍ථං නිවාසෙත්‍වා ඡණදිවසෙ අන‍්තරවීථියං සුගන්‍ධගන්‍ධිනො විචරණං විය ඛීණාසවස‍්ස සීලගන්‍ධාදීහි දස දිසා උපවායන‍්තස‍්ස යථාකාමචාරො.

“එවමෙව ඛො” යනු මෙහි මේ උපමා සැසඳීමයි. කිලිටි වස්ත්‍රයක් මෙන් පුහුදුන් පුද්ගලයාගේ හිස් හැසිරීම දතයුතුයි. ත්‍රිවිධ ජලවර්ග මෙන් ත්‍රිවිධ අනුපස්සනාවන්ද ත්‍රිවිධ ජලයෙන් සේදූ වස්ත්‍රය මෙන් දේශනාවෙන් මැඩපවත්වාගෙන සිටි අනාගාමී චිත්ත චාරයද සියුම්ව පවතින අළු ආදී ගඳ මෙන් අර්හත් මාර්ගය වර්ජනය කරන ක්ලේශයෝද සුවඳ කරඬු මෙන් අර්හත් මාර්ග ඥානය ද දතයුතුයි. සුවඳ කරඬු ආදියේ දැමීමෙන් සියුම්ව පවතින අළුගඳ ආදිය සම්පූර්ණයෙන් නැසෙන්නාක් මෙන් අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් ක්‍ෂය වී ගඳ දුරුවූ පිරිසිදු වස්ත්‍රය හැඳ පොරවාගෙන උත්සව දිනයෙහි ඇතුලු වීථියේ සුවඳ හමමින් හැසිරීම මෙන් රහතන් වහන්සේගේ සිල්සුවඳ දසදිසාවෙහි කැමති පරිදි හමා යන්නේය.

ආචික‍්ඛිතුන‍්ති කථෙතුං. දෙසෙතුන‍්ති පකාසෙතුං. පඤ‍්ඤාපෙතුන‍්ති ජානාපෙතුං. පට‍්ඨපෙතුන‍්ති පතිට‍්ඨාපෙතුං. විවරිතුන‍්ති විවටං කාතුං. විභජිතුන‍්ති සුවිභත‍්තං කාතුං. උත‍්තානීකාතුන‍්ති උත‍්තානකං කාතුං. සට‍්ඨිමත‍්තානං ථෙරානන‍්ති තෙ කිර ථෙරෙන කථිතකථිතට‍්ඨානෙ විපස‍්සනං පට‍්ඨපෙත්‍වා උපරූපරි සම‍්මසන‍්තා දෙසනාපරියොසානෙ අරහත‍්තං පාපුණිංසු. ථෙරොපි අඤ‍්ඤෙන නීහාරෙන අකථෙත්‍වා විපස‍්සනාසහගතචිත‍්තෙනෙව කථෙසි. තස‍්මා සොපි අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං – “සට‍්ඨිමත‍්තානං ථෙරානං භික‍්ඛූනං අනුපාදාය ආසවෙහි චිත‍්තානි විමුච‍්චිංසු ආයස‍්මතො ඛෙමකස‍්ස චා”ති.

“ආචික්ඛිතුං” යනු කීමට-පැවසීමටය. “දෙසෙතුං” යනු ප්‍රකාශ කිරීමටය. “පඤ්ඤපෙතුං” දන්වන්නටය. “පට්ඨපෙතුං” පිහිටුවන්නටය. “විචරිතුං” විවර කිරීමටය. “විභජිතුං” මැනවින් බෙදා දැක්වීමටය. “උත්තානීකාතුං” ප්‍රකට වූවක් කිරීමටය. “සට්ඨිමත්තානං ථෙරානං” යනු ඔවුහු වනාහී තෙරුන් විසින් කියූ කියූ තැන්හි විදසුන්හි පිහිටා මතු මතු සිත් විමසා බලන්නාහු දේශනාව අවසානයේ රහත් බවට පත්වූහ. තෙරුන් වහන්සේ ද අනික් ආකාරයකින් කරුණු නොදක්වා විදර්ශනා සහගත වූ සිතින්ම දේශනාව පැවැත්වූ සේක. එනිසා උන්වහන්සේද රහත් බවට පත්වූහ. එනිසා “සට්ඨිමත්තානං ථෙරානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු ආයස්මතො ච ඛෙමකස්සාති”යි කියන ලදී.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. ඡන‍්න සුත‍්තවණ‍්ණනා

8. ඡන්න සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ආයස‍්මා ඡන‍්නොති තථාගතෙන සද‍්ධිං එකදිවසෙ ජාතො මහාභිනික‍්ඛමනදිවසෙ සද‍්ධිං නික‍්ඛමිත්‍වා පුන අපරභාගෙ සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා “අම‍්හාකං බුද‍්ධො අම‍්හාකං ධම‍්මො”ති එවං මක‍්ඛී චෙව පළාසී ච හුත්‍වා සබ්‍රහ‍්මචාරීනං ඵරුසවාචාය සඞ‍්ඝට‍්ටනං කරොන‍්තො ථෙරො. අවාපුරණං ආදායාති කුඤ‍්චිකං ගහෙත්‍වා. විහාරෙන විහාරං උපසඞ‍්කමිත්‍වාති එකං විහාරං පවිසිත්‍වා තතො අඤ‍්ඤං, තතො අඤ‍්ඤන‍්ති එවං තෙන තෙන විහාරෙන තං තං විහාරං උපසඞ‍්කමිත්‍වා. එතදවොච ඔවදන‍්තු මන‍්ති කස‍්මා එවං මහන‍්තෙන උස‍්සාහෙන තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා එතං අවොචාති? උප‍්පන‍්නසංවෙගතාය. තස‍්ස හි පරිනිබ‍්බුතෙ සත්‍ථරි ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි පෙසිතො ආයස‍්මා ආනන්‍දො කොසම‍්බිං ගන‍්ත්‍වා බ්‍රහ‍්මදණ‍්ඩං අදාසි. සො දින‍්නෙ බ්‍රහ‍්මදණ‍්ඩෙ සඤ‍්ජාතපරිළාහො විසඤ‍්ඤීභූතො පතිත්‍වා පුන සඤ‍්ඤං ලභිත්‍වා වුට‍්ඨාය එකස‍්ස භික‍්ඛුනො සන‍්තිකං ගතො, සො තෙන සද‍්ධිං කිඤ‍්චි න කථෙසි. අඤ‍්ඤස‍්ස සන‍්තිකං අගමාසි, සොපි න කථෙසීති එවං සකලවිහාරං විචරිත්‍වා නිබ‍්බින‍්නො පත‍්තචීවරං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා උප‍්පන‍්නසංවෙගො තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා එවං අවොච.

අටවන සූත්‍රයේ “ආයස්මා ඡන්නො” යනු තථාගතයන් වහන්සේ සමග එම දින උපන්, මහභිනික්මන් කරන දවස්හි එක්ව රජගෙයින් නික්මුණු, නැවත මෑත පසුකාලයේදී උන්වහන්සේ ළඟ පැවිදි වී “බුදුරජ මගේය”, “ධර්මය මගේය” යනුවෙන් සිතන පතන, මෙසේ ගුණමකු වූ එමෙන්ම අනුන්ගේ දොස් කියන්නෙකු වූ, සබ්‍රහ්මචාරීන්ට පරුෂ වදනින් ගැටුම් ඇතිකරන්නා වූ තෙරුන් වහන්සේය. “අවාපුරණං ආදාය” යනු යතුර ගෙන යනුයි. “විහාරෙන විහාරං උපසංකමිත්‍වා” යනු එක් විහාරයකට පිවිස ඉන් තව විහාරයකට, ඉන් තව විහාරයකට ආදී වශයෙන් ඒ ඒ විහාරයෙන් ඒ ඒ විහාරයට පැමිණ “එතදවොච-ඔවදනතුමං” කුමක් නිසා මෙසේ මහත් වූ උත්සාහයෙන් ඒ ඒ තැනට ගොස් මෙසේ කීවේද? උපන් සංවේග ඇති බැවිනි. ඔහුට ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි, ධර්ම සංග්‍රාහක තෙරුන් විසින් යැවූ ආයුෂ්මත් ආනන්ද හිමියෝ කොසබෑවට ගොස් බ්‍රහ්මදණ්ඩනය පැනවූහ. ඔහු බ්‍රහ්මදණ්ඩනය පැනවූ කල්හි හටගත් පිරිතැවීම් ඇතිවී සිහිවිසංඥව වැටී, නැවත සිහිලැබ-නැගිට එක් භික්‍ෂුවක් සමීපයට ගියේය. එම භික්‍ෂුව ඔහුත් සමග කිසිවක් කථා නොකළේය. වෙනත් භික්‍ෂුවක් ළඟට ගිය විට ද ඡන්න සමග උන්වහන්සේද කථා නොකළ සේක. තවත් භික්‍ෂුවක් ළඟට ගියේය. ඔහුද කථා නොකළේය. මෙසේ මුලු විහාරය පුරාම සිටි භික්‍ෂූන් ළඟට ගියත්, පිළිතුරක් නොලැබ කළකිරුණේ පාත්‍ර සිවුරු ගෙන බරණැසට අවුත් උපන් සංවේග ඇතිව ඒ ඒ තැන යමින් මෙසේ පැවසුහ.

සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති සබ‍්බෙ තෙභූමකසඞ‍්ඛාරා අනිච‍්චා. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති සබ‍්බෙ චතුභූමකධම‍්මා අනත‍්තා. ඉති සබ‍්බෙපි තෙ භික‍්ඛූ ථෙරං ඔවදන‍්තා අනිච‍්චලක‍්ඛණං අනත‍්තලක‍්ඛණන‍්ති ද‍්වෙව ලක‍්ඛණානි කථෙත්‍වා දුක‍්ඛලක‍්ඛණං න කථයිංසු. කස‍්මා? එවං කිර නෙසං අහොසි – “අයං භික‍්ඛු වාදී දුක‍්ඛලක‍්ඛණෙ පඤ‍්ඤාපියමානෙ රූපං දුක‍්ඛං…පෙ… විඤ‍්ඤාණං දුක‍්ඛං, මග‍්ගො දුක‍්ඛො, ඵලං දුක‍්ඛන‍්ති ‘තුම‍්හෙ දුක‍්ඛප‍්පත‍්තා භික‍්ඛූ නාමා’ති ගහණං ගණ‍්හෙය්‍ය, යථා ගහණං ගහෙතුං න සක‍්කොති, එවං නිද‍්දොසමෙවස‍්ස කත්‍වා කථෙස‍්සාමා”ති ද‍්වෙව ලක‍්ඛණානි කථයිංසු.

“සබ්බෙ සංඛාරා අනිච්චා” යන සියලු ත්‍රෛභූමික සංස්කාරයෝ අනිත්‍යයහ. “සබ්බෙ ධම්මා අනත්තා” යනු සියලු සිවුභූමික ධර්මයෝ අනාත්මය හ. මෙසේ ඒ සියලු ම භික්‍ෂූහු තෙරුන්ට අවවාද දෙමින් අනිත්‍ය හා අනාත්ම ලක්‍ෂණ දෙක පමණක්ම පැවසූහ. දුක්ඛ ලක්‍ෂණය පිළිබඳව කිසිවක් නො පැවසූහ. කුමක් නිසාද? උන්වහන්සේලාට මෙසේ සිතුණු බැවිනි. “මේ භික්‍ෂුව නිතර වාද කරන්නෙකි. දුක්ඛ ලක්‍ෂණය පෙන්වාදෙන කල්හි රූපය දුකයි -පෙ- විඤ්ඤාණය දුකයි, මාර්ගය දුකයි, ඵලය දුකයි යනුවෙන් ගන්නා නුඹලා දුකට පත් භික්‍ෂූහු යැයි අවබෝධ කරගන්නේය. මොහුට එසේ වැරදි අවබෝධයක් ගත නොහැකි සේ නිර්දෝෂ වූම පිළිතුරක් මොහුට දෙන්නෙමු”යි ලක්‍ෂණ දෙක පමණක්ම දෙසූහ.

පරිතස‍්සනා උපාදානං උප‍්පජ‍්ජතීති පරිතස‍්සනා ච උපාදානඤ‍්ච උප‍්පජ‍්ජති. පච‍්චුදාවත‍්තති මානසං, අථ කො චරහි මෙ අත‍්තාති යදි රූපාදීසු එකොපි අනත‍්තා, අථ කො නාම මෙ අත‍්තාති එවං පටිනිවත‍්තති “මය‍්හං මානස”න‍්ති. අයං කිර ථෙරො පච‍්චයෙ අපරිග‍්ගහෙත්‍වා විපස‍්සනං පට‍්ඨපෙසි, සාස‍්ස දුබ‍්බලවිපස‍්සනා අත‍්තගාහං පරියාදාතුං අසක‍්කුණන‍්තී සඞ‍්ඛාරෙසු සුඤ‍්ඤතො උපට‍්ඨහන‍්තෙසු “උච‍්ඡිජ‍්ජිස‍්සාමි විනස‍්සිස‍්සාමී”ති උච‍්ඡෙදදිට‍්ඨියා චෙව පරිතස‍්සනාය ච පච‍්චයො අහොසි. සො ච අත‍්තානං පාපතෙ පපතන‍්තං විය දිස‍්වා, “පරිතස‍්සනා උපාදානං උප‍්පජ‍්ජති, පච‍්චුදාවත‍්තති මානසං, අථ කො චරහි මෙ අත‍්තා”ති ආහ.

“පරිතස්සනා උපාදානං උප්පජ්ජති” යනු තැති ගැනීමත් දැඩිව අල්ලා ගැනීමත් උපදියි. ඇතිවේ යනුයි. “පච්චුදාවත්තති මානසං අථකො චරහි මෙ අත්තා” යනු ඉදින් රූපාදියෙහි තනිව ගත්තත් ආත්මයක් නැත. ඉක්බිති “මේ මගේ ආත්මයද?”යි මගේ සිත පෙරලෙයි යනුයි. මේ තෙරුන් වහන්සේ වනාහී ප්‍රත්‍ය පරිග්‍රහණය නොකොට විදර්ශනාවෙහි සිත පිහිටුවීය. ඒ මේ දුර්වල විදර්ශනාව ආත්මග්‍රාහීව සිටීමට නොහැකි වෙති. සංස්කාරයන් ශුන්‍ය වශයෙන් වැටහෙන කල්හි “නැසෙන්නෙමි. වැනසෙන්නෙමි”යි උච්ඡේද දෘෂ්ටිය මෙන්ම පිරිතැවීම ද ප්‍රත්‍ය හේතු වේ. ඔහු ද තමා ප්‍රපාතයේ වැටෙන්නෙකු මෙන් දැක “පිරිතැවීමෙන් උපාදානය උපදියි. මාගේ කුමක් වූ මාගේ ආත්මය හැසිරේ දැයි සිත පෙරළෙයි” යනුවෙන් පැවසීය.

න ඛො පනෙවං ධම‍්මං පස‍්සතො හොතීති චතුසච‍්චධම‍්මං පස‍්සන‍්තස‍්ස එවං න හොති. තාවතිකා විස‍්සට‍්ඨීති තත‍්තකො විස‍්සාසො. සම‍්මුඛා මෙතන‍්ති ථෙරො තස‍්ස වචනං සුත්‍වා, “කීදිසා නු ඛො ඉමස‍්ස ධම‍්මදෙසනා සප‍්පායා”ති? චින‍්තෙන‍්තො තෙපිටකං බුද‍්ධවචනං විචිනිත්‍වා කච‍්චානසුත‍්තං (සං· නි· 2.15) අද‍්දස “ඉදං ආදිතොව දිට‍්ඨිවිනිවෙඨනං කත්‍වා මජ‍්ඣෙ බුද‍්ධබලං දීපෙත්‍වා සණ‍්හසුඛුමපච‍්චයාකාරං පකාසයමානං ගතං, ඉදමස‍්ස දෙසෙස‍්සාමී”ති දස‍්සෙන‍්තො “සම‍්මුඛා මෙත”න‍්තිආදිමාහ.

“නඛො පනෙවං ධම්මං පස්සතො හොති” යනු චතුරාර්ය සත්‍ය ධර්මය දකින්නහුට මෙසේ නොවේ. “තාවතිකා විස්සට්ඨි” යනු එපමණ විශ්වාසයක් ඇත යනුයි. “සම්මුඛාමෙතං” තෙරුන් වහන්සේ ඔහුගේ වචනය අසා “කෙසේ මොහුට සුදුසු වූ ධර්ම දේශනාවක් පවත්වම්ද?”යි සිතමින් ත්‍රිපිටක බුදුවදන විමසා බලා “කච්චාන සූත්‍රය” තෝරාගත්හ. මෙය මුලසිටම දෘෂ්ටීන් ලිහා පැහැදිලි කරමින් මැදදී බුදුබලය ප්‍රකට කර ඉතා සියුම් ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකාශවන ගමනක් (දේශනාව) මොහුට දෙසන්නෙමියි දක්වනුයේ “සම්මුඛාමෙතං” යනාදිය පැවසූහ.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9-10. පඨම රාහුල සුත‍්තාදිවණ‍්ණනා

9-10. පළමුවැනි රාහුල ආදි සූත්‍ර වර්ණනා

නවමදසමානි රාහුලසංයුත‍්තෙ (සං· නි· 2.188) වුත‍්තත්‍ථානෙව. කෙවලං හෙතානි අයං ථෙරවග‍්ගොති කත්‍වා ඉධාගතානීති. නවමදසමානි.

නවවන හා දසවන සූත්‍ර රාහුල සංයුත්තයේ පැවසූ පරිදිම දතයුතුයි. හුදෙක් මෙම සූත්‍ර “ථෙර වර්ගය” යැයි නම් වූ බැවින් මෙහි ඇතුලත් කරන ලදි.

ථෙරවග‍්ගො නවමො (4).

සතරවන ථෙර වර්ගයයි.