දුතිය රාහුල සුත‍්තං
1. 2. 4. 10.
1. 2. 4. 10.
දුතිය රාහුල සුත‍්තං
දෙවැනි රාහුල සූත්‍රය
92. සාවත්‍ථියං:
92. සැවැත්නුවර:
එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
කථංනු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති?
“වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්මවූ සන්හුන් වූ මොනොවට මිදුණු සිත වේ දැ?” යි
යං කිඤ‍්චි රාහුල, රූපං -පෙ- යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදාවිමුත‍්තො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා - යෙ කෙචි සඞ‍්ඛාරා - යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා අනුපාදා විමුත‍්තො හොති.
රාහුලය, ... යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත වැ මිදුණේ වෙයි. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙකුත් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
එවං ඛො රාහුල, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික‍්කන‍්තං සන‍්තං සුවිමුත‍්තන‍්ති.
රාහුලය, මෙසේ දන්නා මෙසේ දක්නා පුද්ගලහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර (දිට්ඨි) මමිංකාර (තණ්හා) මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්ම වූ සන්හුන් වූ මැනවින් මිදුණු සිත වේ යි.
ථෙරවග‍්ගො චතුත්‍ථො.
සිවුවැනි ථේර වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි උදානය:
ආනන්‍දො තිස‍්සො යමකො අනුරාධො ච වක‍්කලි අස‍්සජි ඛෙමකො ඡන‍්නො රාහුලා අපරෙ දුවෙති.
ආනන්‍ද, තිස්ස, යමක, අනුරාධ, වක්කලි, අස්සජි, ඛේමක, ඡන්න යන සූත්‍ර ද, අනෙක් රාහුල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.