පඨම රාහුල සුත‍්තං
1. 2. 4. 9.
1. 2. 4. 9.
පඨම රාහුල සුත‍්තං
පළමුවැනි රාහුල සූත්‍රය
91. සාවත්‍ථියං:
91. සැවැත්නුවර:
අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච.
එ කල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
කථංනු ඛො භන‍්තෙ, ජානතො කථං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්තීති?
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිංකාර (දිට්ඨි) මමිංකාර ( තණ්හා) මාන යන අනුශය ධර්‍මයෝ නො වෙත් දැ යි”?
යං කිඤ‍්චි රාහුල, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං රූපං “නෙතං මම නෙසොහමස‍්මි න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කාචි වෙදනා
රාහුලය, අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල තතු සේ දකියි. යම්කිසි වේදනාවක් ...
-පෙ- යා කාචි සඤ‍්ඤා - යෙ කෙචි සඞ‍්ඛාරා - යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි න මෙ’සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති.
යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාරකෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල ඇති සැටි දකියි.
එවං ඛො රාහුල, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා න හොන‍්තී”ති.
රාහුල, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානානුසයෝ නො වෙති යි.