ඡන්න සුත‍්තං
1. 2. 4. 8.
1. 2. 4. 8.
ඡන‍්න සුත‍්තං
ඡන්න සූත්‍රය
90. එකං සමයං සම‍්බහුලා ථෙරා භික‍්ඛූ බාරාණසියං විහරන‍්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස‍්මා ඡන‍්නො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො අවාපුරණං ආදාය විහාරෙන විහාරං
90. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එ කල්හි ආයුෂ්මත් ඡන්න (ස්ථවිර) සවස්කල විවේකයෙන් නැගී සිටියේ යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට
උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොච: “ඔවදන‍්තු මං ආයස‍්මන‍්තො ථෙරා අනුසාසන‍්තු මං ආයස‍්මන‍්තො ථෙරා. කරොන‍්තු මෙ ආයස‍්මන‍්තො ථෙරා ධම‍්මිං කථං යථාහං ධම‍්මං පස‍්සෙය්‍යන‍්ති.
එළඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීය: යම් සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් ආයුෂ්මත් තෙරහු මට අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා” යි.
එවං වුත‍්තෙ ආයස‍්මන‍්තං ඡන‍්නං ථෙරා භික‍්ඛූ එතදවොචුං: “රූපං ඛො ආවුසො ඡන‍්න, අනිච‍්චං, වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. රූපං අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති.
මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාරයෝ අනිතයහ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි.
අථ ඛො ආයස‍්මතො ඡන‍්නස‍්ස එතදහොසි: මය‍්හම‍්පි ඛො එතං එවං හොති: “රූපං අනිච‍්චං, වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. රූපං අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති. අථ ච පන මෙ සබ‍්බසඞ‍්ඛාර සමථෙ සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගෙ තණ‍්හක‍්ඛයෙ විරාගෙ නිරොධෙ නිබ‍්බානෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති නාධිමුච‍්චති පරිතස‍්සනා උපාදානං උප‍්පජ‍්ජති, පච‍්චුදාවත‍්තති මානසං, අථ කො චරහි මෙ අත‍්තාති, න ඛො පනෙවං ධම‍්මං පස‍්සතො හොති. “කො නු ඛො මෙ තථා ධම‍්මං දෙසෙය්‍ය යථාහං ධම‍්මං පස‍්සෙය්‍ය”න‍්ති.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි. වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇලීම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැද ගනියි, නො පහදියි, නො සිටියි, නො බැඳෙයි, තැතිගැනුම ද දැඩි කොට ගැනුම ද උපදියි. වැලි කුමක් මාගේ ආත්මය දැ යි මා සිත පෙරළා එයි, දහම් දක්නහුට එසේ නො වෙයි, යම්සේ මම දහම් දක්නෙම් නම් එසෙයින් කවුරු නම් මට දහම් දෙසත් දැ”යි.
අථ ඛො ආයස‍්මතො ඡන‍්නස‍්ස එතදහොසි: “අයං ඛො ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති ච මෙ ආයස‍්මා ආනන්‍දො තථා ධම‍්මං දෙසෙතුං යථාහං ධම‍්මං පස‍්සෙය්‍යං, අත්‍ථි ච මෙ ආයස‍්මන‍්තෙ ආනන්‍දෙ තාවතිකා විස‍්සට‍්ඨි, යන‍්නූනාහං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍ය”න‍්ති.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසයක් ද මට ඇත්තේ ය. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි.
අථ ඛො ආයස‍්මා ඡන‍්නො සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන කොසම‍්බී ඝොසිතාරාමො, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ඡන‍්නො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “එකමිදාහං ආවුසො ආනන්‍ද, සමයං බාරාණසියං විහරාමි ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො අහං ආවුසො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො අවාපුරණං ආදාය විහාරෙන විහාරං උපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොචං: “ඔවදන‍්තු මං ආයස‍්මන‍්තො ථෙරා, අනුසාසන‍්තු මං ආයස‍්මන‍්තො ථෙරා, කරොන‍්තු මෙ ආයස‍්මන‍්තො ථෙරා ධම‍්මිං කථං යථාහං ධම‍්මං පස‍්සෙය්‍ය”න‍්ති.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිර සෙනසුන් සකසා තබා පා සිවුරු ගෙන කෝසබෑ නුවර ඝෝසිතාරාමරෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත් එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිර ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය: ඇවැත්නි, ආනන්‍දයෙනි, මම එක්කලෙක මේ බරණැස්නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වෙසෙමි. ඇවැත්නි, එ කල්හි මම සවස්කල විවේකයෙන් නැගීසිටියෙම් යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට එළැඹියෙමි. එළැඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීයෙමි: “යම් සේ මම දහම් දක්නෙම් නම් ආයුෂ්මත් තෙරහු මට එසේ අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා”යි.
එවං වුත‍්තෙ මං ආවුසො, ථෙරා භික‍්ඛූ එතදවොචුං: රූපං ඛො ආවුසො ඡන‍්න, අනිච‍්චං. වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. රූපං අනත‍්තා, වෙදනා අනත‍්තා, සඤ‍්ඤා අනත‍්තා, සඞ‍්ඛාරා අනත‍්තා, විඤ‍්ඤාණං අනත‍්තා. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති.
ඇවැත්නි, මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු මට ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නයෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිතයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
තස‍්ස මය‍්හං ආවුසො, එතදහොසි: “මය‍්හම‍්පි ඛො එතං එවං හොති: රූපං අනිච‍්චං, වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. රූපං අනත‍්තා, වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනත‍්තා. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති.
ඇවැත්නි, ඒ මට තෙල සිත වියැ: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
අථ ච පන මෙ සබ‍්බසඞ‍්ඛාරසමථෙ සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගෙ තණ‍්හක‍්ඛයෙ විරාගෙ නිරොධෙ නිබ‍්බානෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නිප‍්පසීදති න සන‍්තිට‍්ඨති නාධිමුච‍්චති. පරිතස‍්සනා උපාදානං උප‍්පජ‍්ජති. පච‍්චුදාවත‍්තති මානසං. අථ කො චරහි මෙ අත‍්තාති. න ඛො පනෙතං ධම‍්මං පස‍්සතො හොති. කො නු ඛො මෙ තථා ධම‍්මං දෙසෙය්‍ය යථාහං ධම‍්මං පස‍්සෙය්‍ය’න‍්ති.
වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇල්ම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැදගනියි, නො පහදියි, මැනවින් නො සිටියි, නො බැඳෙයි. තැතිගැනුමත් දැඩි කොට ගැනුමත් උපදියි. “වැලි කිමෙක් මාගේ ආත්මය දැ’ යි මා සිත පෙරළා එයි, සිවුසස් දහම් දක්නාහට තෙල නො ම වේ. යම්සේ මම දහම් දක්නෙම් නම් කවරෙක් මට එසේ දහම් දෙසන්නේ දැ”යි.
තස‍්ස මය‍්හං ආවුසො, එතදහොසි: “අයං ඛො ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ සත්‍ථු චෙව සංවණ‍්ණිතො සම‍්භාවිතො ච විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං. පහොති ච මෙ ආයස‍්මා ආනන්‍දො තථා ධම‍්මං දෙසෙතුං, යථාහං ධම‍්මං පස‍්සෙය්‍යං. අත්‍ථි ච මෙ ආයස‍්මන‍්තෙ ආනන්‍දෙ තාවතිකා විස‍්සට‍්ඨි. යන‍්නූනාහං යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමෙය්‍ය’න‍්ති. ඔවදතු මං ආයස‍්මා ආනන්‍දො, අනුසාසතු මං ආයස‍්මා ආනන්‍දො, කරොතු මෙ ආයස‍්මා ආනන්‍දො ධම‍්මිං කථං, යථාහං ධම‍්මං පස‍්සෙය්‍යන‍්ති.
ඇවැත්නි, ඒ මට තෙල තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසකුදු මට ඇත. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ’යි. යම්සේ මම දහම් දක්නෙම් එසේ ආයුෂ්මත් තෙරණුවෝ මට අවවාද කරන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට අනුශාසන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට දැහැමි කතා කරණ සේක්වා”යි.
එත‍්තකෙනපි මයං ආයස‍්මතො ඡන‍්නස‍්ස අත‍්තමනා අභිරද‍්ධා, තං ආයස‍්මා ඡන‍්නො ආවිඅකාසි. ඛීලං පභින්‍දි ඔදහාවුසො ඡන‍්න සොතං. භබ‍්බො’සි ධම‍්මං විඤ‍්ඤාතුන‍්ති. අථ ඛො ආයස‍්මතො ඡන‍්නස‍්ස තාවතකෙනෙව උළාරං පීතිපාමොජ‍්ජං උප‍්පජ‍්ජි භබ‍්බො කිරස‍්මි ධම‍්මං විඤ‍්ඤාතු”න‍්ති.
මෙ පමණෙකිනුදු අපි ආයුෂ්මත් ඡන්නහට සතුටු වම්හ, ආයුෂ්මත් ඡන්න විසින් ආරාධිතයම්හ. ආයුෂ්මත් ඡන්න එය හෙළි කළේ යැ. (මාන) හුල බින්දේ ය. ඡන්නයෙනි, කන් යොමු කර, දහම් දැනගන්නට සුදුස්සෙහි. එකල්හි ආයුෂ්මත් ඡන්නහට “දහම් දැනගන්නට සුදුස්සෙමි”යි එ පමණෙකින් ම උදාරප්‍රීති ප්‍රමෝද්‍යය උපන.
සම‍්මුඛා මෙතං ආවුසො ඡන‍්න, භගවතො සුතං සම‍්මුඛා ච පටිග‍්ගහිතං කච‍්චානගොත‍්තං භික‍්ඛුං ඔවදන‍්තස‍්ස “ද‍්වයනිස‍්සිතො ඛොයං කච‍්චාන, ලොකො යෙභුය්‍යෙන අත්‍ථිතඤ‍්චෙව නත්‍ථිතඤ‍්ච, ලොකසමුදයං ඛො කච‍්චාන, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා ලොකෙ නත්‍ථිතා, සා න හොති. ලොකනිරොධං ඛො කච‍්චාන, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා ලොකෙ අත්‍ථිතා, සා න හොති. උපයුපාදානාභිනිවෙසවිනිබන්‍ධො ඛො’යං කච‍්චාන, ලොකො යෙභුය්‍යෙන, තඤ‍්චායං උපයුපාදානං චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයං න උපෙති. න උපාදියති න අධිට‍්ඨාති ‘අත‍්තා මෙ’ති. දුක‍්ඛමෙව උප‍්පජ‍්ජමානං උප‍්පජ‍්ජති. දුක‍්ඛං නිරුජ‍්ඣමානං නිරුජ‍්ඣතීති. න කඞ‍්ඛති න විචිකිච‍්ඡති. අපරපච‍්චයා ඤාණමෙවස‍්ස එත්‍ථ හොති. එත‍්තාවතා ඛො කච‍්චාන, සම‍්මාදිට‍්ඨි හොති.
ඇවැත්නි, ඡන්නයෙනි, කච්චානගොත්ත මහණහට අවවාද කරණ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් තෙල අසන ලද වෙයි, හමුයෙහි ම පිළිගන්නා ලද ද වෙයි: කච්චානය මෙලෝ වැසි තෙමේ බෙහෙවින් ඇති බව ද නැති බව ද යන දෙක ඇසුරු කළේ ය. කච්චායනය, ලෝකයේ හටගැන්ම තතුසේ විදසුන් නුවණින් දක්නහුට ලොව යම් නැති බවෙක් වේ නම් එය නො වෙයි. කච්චානය ලොකනිරොධය තතු සේ මනා නුවණින් දක්නහුට ලොව යම් ඇති බවෙක් වේ නම් එය නො වේ. කච්චායනය, මේ ලෝවැසි තෙමේ (තණ්හාදී කාමාදි) උපය උපාදාන විනිබන්‍ධ ඇත්තේ යැ. මේ තෙමේ ඒ උපය උපාදාන දෙකට ද සිතේ පිහිටීම ඇතුළත පිවිසීම අනුසය යන මොවුන්ට ද නො පැමිණේ. මාගේ ආත්මය යි නො ගනී. නො පිහිටයි. උපදනේ දුක ම උපදී. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ යයි සැක නො කෙරේ. විචිකිච්ඡා නො කෙරේ. පරප්‍රත්‍යය රහිත බැවින් ඔහුට මෙහි ලා දැනීම ම වෙයි. කච්චානය, මෙතෙකින් සම්මාදිට්ඨිය වෙයි.
“සබ‍්බමත්‍ථී”ති ඛො කච‍්චාන, අයමෙකො අන‍්තො. “සබ‍්බං නත්‍ථී”ති ඛො අයං දුතියො අන‍්තො. එතෙ තෙ කච‍්චාන, උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණංසොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.
කච්චානය, “සියල්ල ඇතැ”යි යන මෙය අන්තයෙකැ. “සියල්ල නැතැ”යි යන මෙය දෙවෙනි අන්ත යයි. කච්චානය, තෙල අන්ත දෙකට නො පැමිණ තථාගතයෝ මැදුම් මගින් දහම් දෙසති. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වන්නාහ. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වෙයි.
අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස‍්සනිරොධො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ‍්හානිරොධො, තණ‍්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණංසොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති.
අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධ වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ නිරෝධය වේ යයි.
එවමෙතං ආවුසො ආනන්‍ද හොහි, යෙසං ආයස‍්මන‍්තානං තාදිසා සබ්‍රහ‍්මචාරයො අනුකම‍්පකා අත්‍ථකාමා ඔවාදකා අනුසාසකා. ඉදඤ‍්ච පන මෙ ආයස‍්මතො ආනන්‍දස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා ධම‍්මො අභිසමෙතොති.
ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති අවවාද කරණ අනුශාසනා කරණ ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් ඔහු මෙසේ වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ දම්දෙසුන් අසා මා විසින් දහම් අවබෝධ කරණ ලද්දේ යයි.