ඛෙමක සුත‍්තං
1. 2. 4. 7.
1. 2. 4. 7.
ඛෙමක සුත‍්තං
ඛේමක සූත්‍රය
89. එකං සමයං සම‍්බහුලා ථෙරා භික‍්ඛූ කොසම‍්බියං විහරන‍්ති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ඛෙමකො බදරිකාරාමෙ විහරති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො.
89. එක්කලෙක බොහෝ වූ ස්ථවිර භික්‍ෂූහු කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු බදරිකාරාමයෙහි වෙසෙති.
අථ ඛො ථෙරා භික‍්ඛූ සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතා ආයස‍්මන‍්තං දාසකං ආමන‍්තෙසුං: “එහි ත්‍වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික‍්ඛු තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා ඛෙමකං භික‍්ඛුං එවං වදෙහි: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “කච‍්චිතෙ ආවුසො ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති? පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති?
එ කල්හි ස්ථවිර භික්‍ෂූහු සවස්කලැ විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතූහ: “ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක තෙරුන් වෙත එළැඹෙවු. එළැඹැ ඛේමක තෙරුනට මෙසේ කියවු. ඇවැත්නි, ඛේමකයෙනි, ස්ථවිර භික්‍ෂූහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙද්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනේ ද? වැඩීම නො පෙනේ දැ” යි?
“එවමාවුසොති ඛො ආයස‍්මා දාසකො ථෙරානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ඛෙමකො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: කච‍්චි තෙ ආවුසො ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති? පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම? තොපට ඉවසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙත් ද? නො වැඩෙත් ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනෙයි ද? වැඩීම නො පෙනේ දැ” යි?
න මෙ ආවුසො ඛමනීයං න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.
ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
අථ ඛො ආයස‍්මා දාසකො යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොච: ඛෙමකො ආවුසො, භික‍්ඛු එවමාහ: “න මෙ ආවුසො ඛමනීයං න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමොති.
ඉක්බිති ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
එහි ත්‍වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික‍්ඛු තෙනුපසඞ‍්කම. උපසඞ‍්කමිත්‍වා ඛෙමකං භික‍්ඛුං එවං වදෙහි “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො, ඉමෙසු ආයස‍්මා ඛෙමකො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සතීති?
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරෙන් කිසිවෙක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
එවමාවුසොති ඛො ආයස‍්මා දාසකො ථෙරානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ඛෙමකො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මා ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙසු ආයස‍්මා ඛෙමකො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු කිඤ‍්චි අත‍්තනාං වා අත‍්තනියං වා සමනුපස‍්සතීති.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කී ය: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙසු ඛොහං ආවුසො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු න කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සාමීති.
ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි යි.
අථ ඛො ආයස‍්මා දාසකො යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොච: ඛෙමකො ආවුසො භික‍්ඛු එවමාහ: “පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙසු ඛොහං ආවුසො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු න කිඤ‍්චි අත‍්තං වා අත‍්තනියං වා සමනුපස‍්සාමීති.
ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි යි.
එහි ත්‍වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික‍්ඛු තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා ඛෙමකං භික‍්ඛුං එවං වදෙහි: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. නො චෙ කිරායස‍්මා ඛෙමකො ඉමෙසු පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සති. තෙන’හායස‍්මා ඛෙමකො අරහං ඛීණාසවොති.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද? එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ යි.
එවමාවුසොති ඛො ආයස‍්මා දාසකො ථෙරානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ඛෙමකො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ඛෙමකං එතදවොච: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො, නො චෙ කිරායස‍්මා ඛෙමකො ඉමෙසු පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු. කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සති, තෙන’හායස‍්මා ඛෙමකො අරහං ඛීණාසවොති.
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඉදින් ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධය අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද, එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ” යි.
පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙසු ඛොහං ආවුසො, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු න කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සාමි, නචම‍්හි අරහං ඛීණාසවො, අපි ච මෙ ආවුසො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ‘අස‍්මී’ති අධිගතං, “අයමහමස‍්මී”ති ච න සමනුපස‍්සාමීති.
ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද (දෘෂ්ටි විසින්) නො දකිමි යි.
අථ ඛො ආයස‍්මා දාසකො යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථෙරෙ භික‍්ඛූ එතදවොච: “ඛෙමකො ආවුසො: භික‍්ඛු එවමාහ “පඤ‍්චිමෙ ආවුසො උපාදානක‍්ඛන්‍ධා වුත‍්තා භගවතා, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො, ඉමෙසු ඛො’හං ආවුසො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු න කිඤ‍්චි අත‍්තානං වා අත‍්තනියං වා සමනුපස‍්සාමි. න චම‍්හි අරහං ඛීණාසවො, අපිච මෙ ආවුසො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අස‍්මී’ති ‘අධිගතං, අයමහමස‍්මීති ච න සමනුපස‍්සාමී’ති.
ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි යි.
එහි ත්‍වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික‍්ඛු තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා ඛෙමකං භික‍්ඛුං එවං වදෙහි: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: ‘යමෙතං ආවුසො ඛෙමක, ‘අස‍්මී’ති වදෙසි, කිමෙතං ‘අස‍්මී’ති වදෙසි? රූපං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදෙසි? වෙදනං ‘අස‍්මී’ති වදෙසි අඤ‍්ඤත්‍ර වෙදනාය ‘අස‍්මී’ති වදෙසි? සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි ‘අස‍්මී’ති වදෙසි? විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, ‘අස‍්මී’ති වදෙසි, කිමෙතං ‘අස‍්මී’ති වදෙසී’ති?
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළැඹැ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි’යි කියවු ද, රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව මම වෙමි’යි කියවු ද? වේදනාවෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? සංඥාව ... සංස්කාර මම වෙමි යි කියවු ද? සංස්කාරයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? විඥානය මම වෙමි යි කියවු ද? විඥානයයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියවු නම් තෙල කුමක් මම් වෙමි යි කියවු දැ? යි.
එවමාවුසොති ඛො ආයස‍්මා දාසකො ථෙරානං භික‍්ඛූනං පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ඛෙමකො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු. “යමෙතං ආවුසො ඛෙමක, ‘අස‍්මී’ති වදෙසි, කිමෙතං ‘අස‍්මී’ති වදෙසි? රූපං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදෙසි? වෙදනං -පෙ- සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, ‘අස‍්මී’ති වදෙසි, කිමෙතං ‘අස‍්මී’ති වදෙසීති?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිවදන් අස්වා ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කී ය: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි තෙල යමක් ‘වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි යි කියවු ද? රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් මම ‘වෙමි’ යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියනු නම් තෙල කුමක් වෙමි යි කියවු දැ? යි.
අලං ආවුසො දාසක, කිං ඉමාය සන්‍ධාවනිකාය, ආහරාවුසො දණ‍්ඩං අහමෙව යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමිස‍්සාමීති.
ඇවැත්නි, දාසකයෙනි, කම් නැත. මේ පුනපුනා ගමනාගමනින් කිම? ඇවැත්නි සැරයටිය ගෙනෙව. මම ඒ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹෙන්නෙමි යි.
අථ ඛො ආයස‍්මා ඛෙමකො දණ‍්ඩමොලුබ‍්භ යෙන ථෙරා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ථෙරෙහි භික‍්ඛූහි සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ඛෙමකං ථෙරා භික‍්ඛූ එතදවොචුං: “යමෙතං ආවුසො ඛෙමක. ‘අස‍්මී’ති වදෙසි. කිමෙතං ‘අස‍්මී’ති වදෙසි? රූපං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදෙසි? වෙදනං - සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදෙසි? අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, “අස‍්මී”ති වදෙසි? කිමෙතං “අස‍්මී”ති වදෙසීති?
ඉක්බිති ආයුෂ්මත් ඛේමක ස්ථවිර තෙමේ සැරයටිය එල්බ ගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළැඹියේ යැ. එළැඹැ ස්ථවිර භික්‍ෂූන් සමග සතුටු වියැ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේමකයන්ට ස්ථවිර භික්‍ෂූහු මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් මම වෙමි’යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු ද? රූපය ‘මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘මම වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි යි’ කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් ‘මම වෙමි’ යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු දැ? යි.
න ඛො’හං ආවුසො, රූපං ‘අස‍්මී’ති වදාමි නපි අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදාමි. න වෙදනං ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර වෙදනාය ‘අස‍්මී’ති වදාමි. න සඤ‍්ඤං - න සඞ‍්ඛාරෙ ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා අස‍්මීති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ‘අස‍්මී’ති අධිගතං “අයමහමස‍්මී”ති න ච සමනුපස‍්සාමි.
ඇවැත්නි, මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. වේදනාව ‘මම වෙමි’යි නො කියමි. වේදනාවෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. සංඥාව ... සංස්කාර ... ‘මම වෙමි’යි නො කියමි. සංස්කාරයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. මේ ‘මම වෙමි’යි ද නො දකිමි.
සෙය්‍යථාපි ආවුසො, උප‍්පලස‍්ස වා පදුමස‍්ස වා පුණ‍්ඩරීකස‍්ස වා ගන්‍ධො. යො නු ඛො එවං වදෙය්‍ය: “පත‍්තස‍්ස ගන්‍ධොති වා වණ‍්ණස‍්ස ගන්‍ධොති වා කිඤ‍්ජක‍්ඛස‍්ස ගන්‍ධොති වා සම‍්මා නු ඛො සො වදමානො වදෙය්‍යා’ති?
ඇවැත්නි, යම්සේ උපුලෙක හෝ පියුමෙක හෝ හෙළ පියුමෙක හෝ ගඳෙක් වේ ද, යමෙක් වනාහි පෙත්තෙහි ගඳ යයි හෝ වර්‍ණයෙහි ගඳ යයි හෝ රේණුයෙහි ගඳ යයි හෝ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනා කොට කියන්නේ දැ යි?
නො හෙතං ආවුසො.
ඇවැත්නි, තෙල නො වේ ම ය.
යථා කථම‍්පනාවුසො, සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති?
ඇවැත්නි, මැනැවින් පවසන්නෙක් ඒ කෙසේ නම් පවසන්නේ ද?
පුප‍්ඵස‍්ස ගන්‍ධොති ඛො ආවුසො, සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති.
ඇවැත්නි, මැනවින් පවසන්නෙක් මලෙහි ගඳ යයි පවසන්නේ යි.
එවමෙව ඛොහං ආවුසො, න රූපං ‘අස‍්මී’ති වදාමි, නපි අඤ‍්ඤත්‍ර රූපා ‘අස‍්මී’ති වදාමි. න වෙදනං - න සඤ‍්ඤං - න සඞ‍්ඛාරෙ - න විඤ‍්ඤාණං ‘අස‍්මී’ති වදාමි. නපි අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා ‘අස‍්මී’ති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ‘අස‍්මී’ති අධිගතං අයමහමස‍්මීති න ච සමනුපස‍්සාමි.
ඇවැත්නි, එසෙයින් ම මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් පිටත අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. වේදනාව … නො කියමි. සංඥාව ... නො කියමි. සංස්කාර ... නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි.
කිඤ‍්චාපි ආවුසො, අරියසාවකස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සඤ‍්ඤොජනානි පහීනානි භවන‍්ති අථ ඛ‍්වස‍්ස හොතියෙව පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති මානො ‘අස‍්මී’ති ඡන්‍දො ‘අස‍්මී’ති අනුසයො අසමූහතො. සො අපරෙන සමයෙන පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සී විහරති “ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථගමො, ඉති වෙදනා - ඉති සඤ‍්ඤා - ඉති සඞ‍්ඛාරා - ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථගමොති. තස‍්ස ඉමෙසු පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතො යොපිස‍්ස හොති පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති මානො ‘අස‍්මී’ති ඡන්‍දො ‘අස‍්මී’ති අනුසයො අසමූහතො, සොපි සමුග‍්ඝාතං ගච‍්ඡති.
ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවකහට ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණු සහගත වූ ‘මම වෙමි’ යන මානය, ‘මම වෙමි’ යන ඡන්‍දය, ‘මම වෙමි’ යන අනුශය නො නසන ලද වෙයි. අපරභාගයෙහි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යයි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය (හටගැනීම හා විනාශය) දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත (සියුම්) වූ ‘මම වෙමි’යි පවත්නා යම් මානයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් අනුසයෙක් නො නස්නා ලද වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
සෙය්‍යථාපි ආවුසො, වත්‍ථං සංකිලිට‍්ඨං මලග‍්ගහිතං. තමෙනං සාමිකා රජකස‍්ස අනුප‍්පදජ‍්ජුං. තමෙනං රජකො ඌසෙ වා ඛාරෙ වා ගොමයෙ වා සම‍්මද‍්දිත්‍වා අච‍්ඡෙ උදකෙ වික‍්ඛාලෙති. කිඤ‍්චා’පි තං හොති වත්‍ථං පරිසුද‍්ධං පරියොදාතං, අථ ඛ‍්වස‍්ස හොතෙව අණුසහගතො ඌසගන්‍ධො වා ඛාරගන්‍ධො වා ගොමයගන්‍ධො වා අසමූහතො. තමෙනං රජකො සාමිකානං දෙති. තමෙනං සාමිකා ගන්‍ධපරිභාවිතෙ කරණ‍්ඩකෙ නික‍්ඛිපන‍්ති. යො’පිස‍්ස හොති අණුසහගතො ඌසගන්‍ධො වා ඛාරගන්‍ධො වා ගොමයගන්‍ධො වා අසමූහතො, සො’පි සමුග‍්ඝාතං ගච‍්ඡති.
ඇවැත්නි, යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වස්ත්‍රයෙක් වේ ද, තෙල වස්ත්‍රය හිමියෝ රජකයාහට දෙන්නාහු ය. රජක තෙමේ තෙල වස්ත්‍රය අළුදියෙහි හෝ කරදියෙහි හෝ ගොමදියෙහි මැඩ පහන්දියෙහි සෝදාලයි. ඒ වත පිරිසුදු වූයේ හාත්පසින් බබළන්නේ නමුදු වැලිත් එහි අණුසහගත (සියුම්) වූ අළුගඳ හෝ කරගඳ හෝ ගොමගඳ හෝ නො නටුයේ වෙයි. රජක තෙමේ තෙල වස්ත්‍රය හිමියන්ට දෙයි. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවෙක බහා තබත්, එහි අණුසහගත (සියුම්) නො නට යම් අළු ගඳෙක් හෝ කර ගඳෙක් හෝ ගොම ගඳෙක් හෝ වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
එවමෙව ඛො ආවුසො, කිඤ‍්චාපි අරියසාවකස‍්ස පඤ‍්චොරම‍්භාගියානි සඤ‍්ඤොජනානි පහීනානි භවන‍්ති, අථ ඛ‍්වස‍්ස හොතියෙව පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති, මානො ‘අස‍්මී’ති, ඡන්‍දො ‘අස‍්මී’ති අනුසයො අසමූහතො. සො අපරෙන සමයෙන පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සී විහරති. “ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථගමොති. තස‍්ස ඉමෙසු පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතො යො’පිස‍්ස හොති පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අණුසහගතො ‘අස‍්මී’ති, මානො ‘අස‍්මී’ති, ඡන්‍දො ‘අස‍්මී’ති අනුසයො අසමූහතො, සොපි සමුග‍්ඝාතං ගච‍්ඡතීති.
ඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත වූ (සියුම් වූ) සහමුලින් නො නස්නා ලද ‘මම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ ම ය. හේ අපරභාගයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ. වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ ... විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යැයි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි සියුම් වූ සහමුලින් නො නස්නා ලද ‘වෙමි’ යි පවත්නා යම් මානයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් ඡන්‍දයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් අනුසයෙකුත් නො නටුයේ ද හෙ ද සහමුලින් නැසීමට යේ.
එවං වුත‍්තෙ ථෙරා භික‍්ඛූ ආයස‍්මන‍්තං ඛෙමකං එතදවොචුං: “න ඛො මයං ආයස‍්මන‍්තං ඛෙමකං විහෙසාපෙඛා ආපුච‍්ඡිම‍්හා අපි චායස‍්මා ඛෙමකො පහොති තස‍්ස භගවතො සාසනං විත්‍ථාරෙන ආචික‍්ඛිතුං දෙසෙතුං පඤ‍්ඤපෙතුං පට‍්ඨපෙතුං විවරිතුං විභජිතුං උත‍්තානීකාතුං. තයිදං ආයස‍්මතා ඛෙමකෙන තස‍්ස භගවතො සාසනං විත්‍ථාරෙන අචික‍්ඛිතං දෙසිතං පඤ‍්ඤපිතං පට‍්ඨපිතං විවරිතං විභජිතං උත‍්තානීකතන‍්ති.
මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමකයන්ට මෙය කීහු: අපි ආයුෂ්මත් ඛේමකයන් වෙහෙසෙනු කැමැත්තෝ නො විචාළම්හ. එහෙත් ආයුෂ්මත් ඛේමක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්න විස්තර වශයෙන් කියන්නට දේශනා කරන්නට පනවන්නට පිහිටු වන්නට විවරණය කරන්නට බෙදන්නට උඩුහුරු කරන්නට පොහෝනේ යැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයුෂ්මත් ඛේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේ යැ. දේශනා කරණ ලද්දේ යැ. පනවන ලද්දේ යැ. පිහිටුවන ලද්දේ යැ. විවරණ කරන ලද්දේ යැ. බෙදන ලද්දේ යැ. උඩුහුරු කරණ ලද්දේ”යි.
ඉදමවොච ආයස‍්මා ඛෙමකො. අත‍්තමනා ථෙරා භික‍්ඛූ ආයස‍්මතො ඛෙමකස‍්ස භාසිතං අභිනන්‍දුං.
ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්හ.
ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ සට‍්ඨිමත‍්තානං ථෙරානං භික‍්ඛූනං අනුපාදාය ආසවෙහි චිත‍්තානි විමුච‍්චිංසු ආයස‍්මතො ච ඛෙමකස‍්සාති.
මේ වෙය්‍යාකරණය (නිග්ගාථක සූත්‍රය) බණන කල්හි සැටක් පමණ ස්ථවිර භික්‍ෂුන්ගේත් ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේත් සිත් උපාදාන රහිත වැ කෙලෙසුන්ගෙන් මිදුණේ යි.