අස්සජි සුත්තං
1. 2. 4. 6.
1. 2. 4. 6.
අස්සජි සුත්තං
අස්සජි සූත්‍රය
88. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අස්සජි කස්සපකාරාමෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො.
88. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුඃඛිත වූවාහු දැඩි සේ ගිලන් වූවාහු කස්සපකාරාමයෙහි (කසුප් සිටු විසින් කරවන ලද අරම්හි) වැඩවෙසෙති.
අථ ඛො ආයස්මා අස්සජි උපට්ඨාකෙ ආමන්තෙසි “එථ තුම්හෙ ආවුසො යෙන භගවා තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ “අස්සජි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙථ: “සාධු කිර භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො අස්සජිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: අස්සජි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති. එවං ච වදෙති. සාධු කිර භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
එ කල්හි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. “ඇවැත්නි, එවු, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළබෙවු: “වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුකට පැමිණියේ යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් දොහොත් මුදුන් තබා වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳිවු. මෙසේත් කියවු “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ”යි. ඇවැත්නි, එසේ යයි ඒ භික්ෂූහු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුඃඛිත යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිස් මුදුනින් වඳියි. මෙසේත් කියයි: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ යි. භාග්‍යවතුන් වහන්සේ මුවින් නො බැණ ඉවසූ සේක.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා අස්සජි භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චෙන සමඤ්චොසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල ඵලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් අස්සජි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දරන අයුරක් දැක්වූහ.
අථ ඛො භගවා ආයස්මන්තං අස්සජිං එතදවොච: අලං අස්සජි, මා ත්වං මඤ්චෙන සමඤ්චොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං අස්සජිං එතදවොච: “කච්චි තෙ අස්සජි ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’ති?
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කම් නැත. තෙපි ඇඳෙන් නැගී සිටීමට උත්සාහ නො දරවු. පනවන ලද මේ අසුන් ඇත. මම් එහි හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කිම. තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පැනෙයි ද? වැඩීම නො පැනේ දැ යි?
න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දුක් වේදනාවෝ වැඩෙති. නො පිරිහෙති. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, පිරිහීම නො පැනේ යි.
කච්චි තෙ අස්සජි න කිඤ්චි කුක්කුච්චං න කොචි විප්පටිසාරොති?
අස්සජිය කිම? තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? යි.
තග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං අනප්පකො විප්පටිසාරොති.
වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්පය යි.
කච්චි පන තං අස්සජි, අත්තා සීලතො න උපවදතීති?
අස්සජි කිම, තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි?
න ඛො මං භන්තෙ, අත්තා සීලතො උපවදතීති.
වහන්ස, මට ශීලයෙන් උපවාද නො කෙරේ ය යි.
නො චෙ කිර තං අස්සජි අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච තෙ කුක්කුච්චං, කො ච විප්පටිසාරොති?
අස්සජිය, ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිමෙක් ද? විපිළිසර කිමෙක් දැ? යි.
පුබ්බෙ ඛ්වාහං භන්තෙ, ගෙලඤ්ඤෙ පස්සම්භෙත්වා කායසඞ්ඛාරෙ විහරාමි, සොහං තං සමාධිං නප්පටිලභාමි. තස්ස මය්හං භන්තෙ, තං සමාධිං අප්පටිලභතො එවං හොති “නො ච ඛ්වාහං පරිහායාමීති.
වහන්ස, පෙර මම ගිලන්බැව්හි කායසංඛාරයන් (අස්සාස පස්සාස දෙක) සන්හිඳුවා වෙසෙමි. මම ඒ සමාධිය නො පිළිලබමි. වහන්ස, ඒ සමාධිය නොපිළි ලබන මට “මම නො ද පිරිහෙම් දැ?”යි මෙ බඳු සිතෙක් වෙයි.
යෙ තෙ අස්සජි, සමණබ්රාහ්මණා සමාධිසාරකා සමාධි සාමඤ්ඤා තෙසං තං සමාධිං අප්පටිලභතං එවං හොති “නො චස්සු මයං පරිහායාමා”ති.
අස්සජි, සමාධිය සාර කොට ඇති සමාධිය ශ්‍රමණ බව කොට ඇති යම් ඒ මහණ බමුණෝ වෙත් නම් ඒ සමාධිය නො පිළිලබන ඔවුන්ට “අපි පිරිහෙන්නමෝ නො වමු දැ”යි මෙ බඳු සිතෙක් වෙයි.
තං කිං මඤ්ඤසි අස්සජි, රූපං නිච්චං වා අනිච්චං වාති?
අස්සජි, ඒ කිමෙකැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද?
අනිච්චං භන්තෙ -පෙ-.
වහන්ස, අනිත්‍ය ය ...
වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච්චං භන්තෙ -පෙ-.
වහන්ස අනිත්‍ය ය ...
තස්මාතිහ අස්සජි -පෙ- එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
අස්සජි, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී.
සො සුඛං චෙ වෙදනං වෙදියති සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති. අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති.
හේ ඉඳින් සුව වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දනියි, නො පතන ලදැ යි දනියි. ඉඳින් දුක් වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. නොබැසගන්නා ලදැ යි දැනගනියි, නොපතන ලදැ යි දැනගනියි, ඉඳින් නොදුක් නොසුව වේදනාවක් විඳී ද එම අනිත්‍ය ය යි දැනගනියි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දැනගනියි, නො පතන ලදැ යි දැනගනී.
සො සුඛං චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති, අදුක්ඛම සුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. සො කායපරියන්තිකඤ්චෙ වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකඤ්චෙ වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
ඉඳින් හේ සුව වේදනාවක් විඳී නම් (තණ්හා වසයෙන්) නො යෙදී එය විඳියි. ඉඳින් දුක් වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. ඉඳින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. හේ කය හිමි කොට ඇති වේදනාවක් විඳී නම් කය හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, ඉඳින් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳී නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනී.
සෙය්යථාපි අස්සජි, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය. තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය. එවමෙව ඛො අස්සජි භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමී’ති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
අස්සජි, යම් සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එම තෙලත් වැටියත් ගෙවී යෑමෙන් ප්‍රත්‍යය රහිත වැ නිවෙන්නේ ද, අස්සජි, එසෙයින් ම මහණ කය හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ කය හිමි කොට ඇති වේදනාවක් වේදනාවක් විඳිමි යි දැනගනියි, දිවි හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි. කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනි යි.