යෙදුමෙන් කියවන්න

වක‍්කලි සුත‍්තං

1. 2. 4. 5.

1. 2. 4. 5.

වක‍්කලි සුත‍්තං

වක්කලි සූත්‍රය

87. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා වක‍්කලි කුම‍්භකාරනිවෙසනෙ විහරති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො.

87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු කුඹල් කම්හලෙහි වැඩ වෙසෙති.

අථ ඛො ආයස‍්මා වක‍්කලි උපට‍්ඨාකෙ ආමන‍්තෙසි: එථ තුම‍්හෙ ආවුසො, යෙන භගවා තෙනුපසඞ‍්කමථ, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දථ. වක‍්කලි භන‍්තෙ භික‍්ඛු ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්‍දතීති. එවඤ‍්ච වදෙථ ‘සාධු කිර භන‍්තෙ, භගවා යෙන වක‍්කලි භික‍්ඛු තෙනුපසඞ‍්කමතු, අනුකම‍්පං උපාදායා”’ති.

එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ: ඇවැත්නි, එව, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙ වු. එළැඹැ “වහන්ස වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳිවු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවි යි. මෙසේත් කියවු” යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො වක‍්කලිස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්‍දති “සාධු කිර භන‍්තෙ, භගවා යෙන වක‍්කලි භික‍්ඛු තෙනුපසඞ‍්කමතු, අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරණුවන්ට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාගවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි ගිලන් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී, මෙසේත් කිය යි: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙනසේක් නම් මැනැවි” යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.

අථ ඛො භගවා නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙනායස‍්මා වක‍්කලි තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො ආයස‍්මා වක‍්කලි භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන මඤ‍්චෙන සමඤ‍්චොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ වඩන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ ධරූහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං වක‍්කලිං එතදවොච: “අලං වක‍්කලි, මා ත්‍වං මඤ‍්චෙන සමඤ‍්චොසි. සන‍්තිමානි ආසනානි පඤ‍්ඤත‍්තානි, තත්‍ථාහං නිසීදිස‍්සාමී”ති. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං වක‍්කලිං එතදවොච:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට තෙල වදාළසේක: “වක්කලි කම් නැත, තෙපි ඇඳෙන් නැගී සිටීමට නහමක් උත්සාහ ධරව. මෙ පනවනලද අසුන් ඇත, මම් එහි හිඳිමි”යි භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුන්හි හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්හට තෙල වදාළසේක:

කච‍්චි තෙ වක‍්කලි, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි තෙ දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති, නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති?

“වක්කලි කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි? කිම, දුක් වේදනා අඩු වේ ද, වැඩි නො වේ ද? මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැනෙයි ද, වැඩිවීම නො පැනේ ද?”

න මෙ භන‍්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.

“වහන්ස මට නො සැහිය හැක්කැ, නො යැපිය හැකි. මාගේ දැඩි දුක් වේදනා වැඩිවෙයි, අඩු නො වේ. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, නැවැත්ම නො පැනේ යි.

කච‍්චි තෙ වක‍්කලි, න කිඤ‍්චි කුක‍්කුච‍්චං න කොචි විප‍්පටිසාරොති? තග‍්ඝ මෙ භන‍්තෙ, අනප‍්පකං කුක‍්කුච‍්චං අනප‍්පකො විප‍්පටිසාරොති.

වක්කලි කිම තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්ප යයි.

කච‍්චි පන තං වක‍්කලි, අත‍්තා සීලතො න උපවදතීති? න ඛො මං භන‍්තෙ, අත‍්තා සීලතො උපවදතීති.

වක්කලි කිම තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ ද? වහන්ස, තෙමේ මට ශීලයෙන් උපවාද නො කෙරේ යයි.

නො චෙ කිර තං වක‍්කලි, අත‍්තා සීලතො උපවදති, අථ කිඤ‍්ච තෙ කුක‍්කුච‍්චං කො ච විප‍්පටිසාරොති? චිරපටිකාහං භන‍්තෙ, භගවන‍්තං දස‍්සනාය උපසඞ‍්කමිතුකාමො. නත්‍ථි ච මෙ කායස‍්මිං තාවතිකා බලමත‍්තා, යාවතාහං භගවන‍්තං දස‍්සනාය උපසඞ‍්කමෙය්‍යන‍්ති.

වක්කලි , ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිම, විපිළිසර කිම? වහන්ස, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙනු කැමැත්තෙමි. යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නේ නම් එපමණකුත් බලමාත්‍රයෙක් ම සිරුරෙහි නැති.

අලං වක‍්කලි, කිං තෙ ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන, යො ඛො වක‍්කලි, ධම‍්මං පස‍්සති සො මං පස‍්සති. යො මං පස‍්සති සො ධම‍්මං පස‍්සති. ධම‍්මං හි වක‍්කලි, පස‍්සන‍්තො මං පස‍්සති. මං පස‍්සන‍්තො ධම‍්මං පස‍්සති. තං කිං මඤ‍්ඤසි වක‍්කලි, “රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ.

වක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්‍මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්‍මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමෙකැයි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය.

යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය.

යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ,

යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය.

වෙදනා -පෙ- සඤ‍්ඤා - සඞ‍්ඛාරා - විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ -පෙ- එසො මෙ අත‍්තාති? නො හෙතං භන‍්තෙ.

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය.

තස‍්මා තිහ වක‍්කලි -පෙ- එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

වක්කලිය, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනි.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං වක‍්කලිං ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා උට‍්ඨායාසනා යෙන ගිජ‍්ඣකූටො පබ‍්බතො තෙන පක‍්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගී ගිජුකුළුපව්ව වෙත වැඩම කළ සේක.

අථ ඛො ආයස‍්මා වක‍්කලි අචිරපක‍්කන‍්තස‍්ස භගවතො උපට‍්ඨාකෙ ආමන‍්තෙසි: “එථ මං ආවුසො, මඤ‍්චකං ආරොපෙත්‍වා යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමථ. කථං හි නාම මාදිසො අන‍්තරඝරෙ කාලං කත‍්තබ‍්බං මඤ‍්ඤෙය්‍යා”ති.

එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කල්හි උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවූ. මා ඇඳකට නංවා ගෙන ඉසිගිලිපැස කළුගල්තලාව වෙත එළඹෙවු. කෙසේ මා වන්නෙක් ඇතුළුගම් කලුරිය කළයුතු කොට හඟනේ දැ’යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො වක‍්කලිස‍්ස පටිස‍්සුත්‍වා ආයස‍්මන‍්තං වක‍්කලිං මඤ‍්චකං ආරොපෙත්‍වා යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමිංසු.

ඇවැත්නි, එසේ යයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳකට නංවාගෙන ඉසිගිලි පස කළුගල්තලාව වෙත එළැඹියහ.

අථ ඛො භගවා තඤ‍්ච රත‍්තිං තඤ‍්ච දිවසාවසෙසං ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ විහාසි.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ රැයත් ඉතිරි දහවලත් ගිජිකුළු පව්වෙහි විසූ සේක.

අථ ඛො ද‍්වෙ දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ගිජ‍්ඣකූටං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො එකා දෙවතා භගවන‍්තං එතදවොච: වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු විමොක‍්ඛාය චෙතෙතී’ති. අපරා දෙවතා භගවන‍්තං එතදවොච: “සො හි නූන භන‍්තෙ, සුවිමුත‍්තො විමුච‍්චිස‍්සතී’ති, ඉදමවොචුං. තා දෙවතායො ඉදං වත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායිංසු.

ඉක්බිති රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්‍ණ ඇති දේවතාවෝ දෙදෙනෙක් මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ”යයි තෙල සැල කළේය. ඒ දේවතාවෝ මෙය කීහ. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු ලෝට එහි ම අතුරුදහන් වූහු.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, යෙන වක‍්කලි භික‍්ඛු තෙනුපසඞ‍්කමථ, උපසඞ‍්කමිත්‍වා වක‍්කලිං භික‍්ඛුං එවං වදෙථ: “සුණාවුසො වක‍්කලි, භගවතො වචනං ද‍්වින‍්නඤ‍්ච දෙවතානං. ඉමං ආවුසො රත‍්තිං ද‍්වෙ දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ගිජ‍්ඣකූටං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො ආවුසො එකා දෙවතා භගවන‍්තං එතදවොච: “වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු විමොක‍්ඛාය චෙතෙතී”ති. අපරා දෙවතා භගවන‍්තං එතදවොච: “සො හි නූන භන‍්තෙ සුවිමුත‍්තො විමුච‍්චිස‍්සතී”ති. භගවා ච තං ආවුසො වක‍්කලි, එවමාහ. “මා භායි වක‍්කලි, අපාපකං තෙ මරණං භවිස‍්සති අපාපිකා කාලකිරියා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, එව තෙපි වක්කලි මහණ වෙත එළඹෙවු. එළඹ වක්කලි මහණහට මෙසේ කියවු: ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේ ද දෙවියන් දෙදෙනකුන්ගේ ද වදන් අසව. ඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ තෙමේ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා” යයි මෙය සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ” යයි මෙය සැලකළේය. ඇවැත්නි වක්කලි භාග්‍යවතුන් වහන්සේ ද තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අල්ල්මක වන්නී යයි මෙසේ වදාළ සේකැ” යි.

එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා යෙනායස‍්මා වක‍්කලි තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං වක‍්කලිං එතදවොචුං: “සුණාවුසො වක‍්කලි, භගවතො වචනං ද‍්වින‍්නඤ‍්ච දෙවතාන”න‍්ති.

වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට “ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේත් දෙවියන් දෙදෙනකුන්ගේත් වදන් අසව” යි තෙල කීහු.

අථ ඛො ආයස‍්මා වක‍්කලි උපට‍්ඨාකෙ ආමන‍්තෙසි: “එථ මං ආවුසො, මඤ‍්චකා ඔරොපෙථ. කථං හි නාම මාදිසො උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා තස‍්ස භගවතො සාසනං සොතබ‍්බං මඤ‍්ඤෙය්‍යා”ති.

එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවු මා ඇඳෙන් බස්වවු, කෙසේ නම් මා වැනියෙක් උසසුනෙක හිඳ ඒ භාග්‍යවතුන් වහන්සේගේ හසුන් ඇසිය යුතු කොට හඟනේ දැ?යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො වක‍්කලිස‍්ස පටිස‍්සුත්‍වා ආයස‍්මන‍්තං වක‍්කලිං මඤ‍්චකා ඔරොපෙසුං.

ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳෙන් බැස්වූහ.

ඉමං ආවුසො රත‍්තිං ද‍්වෙ දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ගිජ‍්ඣකූටං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු, එකමන‍්තං ඨිතා ඛො ආවුසො, එකා දෙවතා භගවන‍්තං එතදවොච: “වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු විමොක‍්ඛාය චෙතෙතී”ති. අපරා දෙවතා භගවන‍්තං එතදවොච: ‘සො හි නූන භන‍්තෙ, සුවිමුත‍්තො විමුච‍්චිස‍්සතී”ති. භගවා ච තං ආවුසො වක‍්කලි, එවමාහ: “මා භායි වක‍්කලි, මා භායි වක‍්කලි, අපාපකං තෙ මරණං භවිස‍්සති, අපාපිකා කාලකිරියා”ති.

ඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ ය”යි තෙල සැලකළේය. ඇවැත්නි වක්කලිය, භාග්‍යවතුන් වහන්සේත් තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අලාමක වන්නී ය”යි මෙසේ වදාළ සේකැ යි.

තෙනහාවුසො මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දථ. “වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්‍දති. එවඤ‍්ච වදෙති: “රූපං අනිච‍්චං තාහං භන‍්තෙ, න කඞ‍්ඛාමි “යදනිච‍්චං තං දුක‍්ඛන‍්ති න විචිකිච‍්ඡාමි. යදනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං නත්‍ථි මෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති න විචිකිච‍්ඡාමි. වෙදනා අනිච‍්චා. තාහං භන‍්තෙ, න කඞ‍්ඛාමි. -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං තාහං භන‍්තෙ, න කඞ‍්ඛාමි. යදනිච‍්චං තං දුක‍්ඛන‍්ති න විචිකිච‍්ඡාමි. යදනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, නත්‍ථි මෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වා”ති න විචිකිච‍්ඡාමී”’ති.

ඇවැත්නි, එසේ වී නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල හිසින් වඳිවු. “වහන්ස වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳියි. මෙසේත් කියයි: (කෙසේ යැ යත්:) රූපය අනිත්‍යය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනාව අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන ස්වභාව ඇත්තේ නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි”යි.

එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො වක‍්කලිස‍්ස පටිස‍්සුත්‍වා පක‍්කමිංසු.

ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී නික්මැ ගියහ.

අථ ඛො ආයස‍්මා වක‍්කලි අචිරපක‍්කන‍්තෙසු තෙසු භික‍්ඛූසු සත්‍ථං ආහරෙසි.

ඉක්බිති ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් ගිය නො බෝ කල්හි සැතකින් ගලනළ සිඳගත්හ.

අථ ඛො තෙ භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: වක‍්කලි භන‍්තෙ, භික‍්ඛු ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදෙති: රූපං අනිච‍්චං. තාහං භන‍්තෙ, න කඞ‍්ඛාමි. යදනිච‍්චං තං දුක‍්ඛන‍්ති න විචිකිච‍්ඡාමි. යදනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං නත්‍ථි මෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති න විචිකිච‍්ඡාමි. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. තාහං භන‍්තෙ, න කඞ‍්ඛාමි. යදනිච‍්චං තං දුක‍්ඛන‍්ති න විචිකිච‍්ඡාමි. යදනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං නත්‍ථි මෙ තත්‍ථ ඡන්‍දො වා රාගො වා පෙමං වාති න විචිකිච‍්ඡාමීති.

එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ ය. දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳියි. මෙසේත් කියයි: රූපය අනිත්‍යය. එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥාන අනිත්‍ය යැ. වහන්ස, එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය වී නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නො කරමි”යි.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි. ආයාම භික‍්ඛවෙ, යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමිස‍්සාම. යත්‍ථ වක‍්කලිනා කුලපුත‍්තෙන සත්‍ථං ආහරිතන‍්ති. “එවං භන‍්තෙ”ති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම්හ වක්කලි කුලපුතු විසින් යම් තැනෙක දී සැතෙකින් ගලනල සිඳ ගන්නා ලද ද, ඒ ඉසිගිලිපස කළුගල් තලාව වෙත එළඹෙන්නෙමු යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

අථ ඛො භගවා සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං වක‍්කලිං දූරතොව මඤ‍්චකෙ විවත‍්තක‍්ඛන්‍ධං සෙමානං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපස කළුගල්තලාව වෙත එළැඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුණු කඳ ඇති ව ඇඳෙහි හෝනා ආයුෂ්මත් වක්කලි තෙරහු දුර දී ම දුටු සේක.

තෙන ඛො පන සමයෙන ධූමායිතත‍්තං තිමිරායිතත‍්තං ගච‍්ඡතෙව පුරිමං දිසං, ගච‍්ඡති පච‍්ඡිමං දිසං, ගච‍්ඡති උත‍්තරං දිසං, ගච‍්ඡති දක‍්ඛිණං දිසං, ගච‍්ඡති උද‍්ධං, ගච‍්ඡති අධො, ගච‍්ඡති අනුදිසං.

එ සමයෙහි දුමනබවෙක් අඳුරුබවෙක් පෙරදිගට යේ ම ය. පැසුළුදිගට යෙයි. උතුරු දිගට යෙයි. දකුණු දිගට යෙයි. උඩට යෙයි. යටට යෙයි. අනුදිගට යෙයි.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, එතං ධූමායිතත‍්තං තිමිරායිතත‍්තං ගච‍්ඡතෙව පුරිමං දිසං, ගච‍්ඡති පච‍්ඡිමං දිසං, ගච‍්ඡති උත‍්තරං දිසං, ගච‍්ඡති දක‍්ඛිණං දිසං, ගච‍්ඡති උද‍්ධං, ගච‍්ඡති අධො, ගච‍්ඡති අනුදිසන‍්ති? එවං භන‍්තෙ.

එ කල්හි භාග්‍යවතුන් වහන්න්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි පෙරදිගට යන පැළදිගට යන උතුරු දිගට යන දකුණු දිගට යන උඩට යන යටට යන අනුදිගට යන මේ දුමනබව අඳුරුබව දකිවු ද? වහන්ස, එසේ යැ.

එසො ඛො භික‍්ඛවෙ, මාරො පාපිමා වක‍්කලිස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං සමන්‍වෙසති, කත්‍ථ වක‍්කලිස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං පතිට‍්ඨිතන‍්ති.

මහණෙනි, තෙල පවිටු මරු ය. වක්කලි කුලපුතුගේ විඥානය කොහි පිහිටියේ දැ යි, වක්කලි කුලපුතුගේ විඥානය සොයයි.

අප‍්පතිට‍්ඨිතෙන ච භික‍්ඛවෙ, විඤ‍්ඤාණෙන වක‍්කලි කුලපුත‍්තො පරිනිබ‍්බුතොති.

මහණෙනි, වක්කලි කුලපුත් නො පිහිටි විඥානයෙන් පිරිනිවියේ යි වදාළසේක.