අනුරාධ සුත්තං
1. 2. 4. 4.
1. 2. 4. 4.
අනුරාධ සුත්තං
අනුරාධ සූත්‍රය
86. එවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරාධො භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරති. අථ ඛො සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙන ආයස්මා අනුරාධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරාධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං:
86. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙන් වන කිළියෙකැ වෙසෙති. එකලැ බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු:
යො සො ආවුසො අනුරාධ, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: හොති තථාගතො පරම්මරණා’ති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා’ති.
ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පැමිණිය යුතු උතුම් ඵලයට පැමිණ යම් ඒ තථාගත (සත්ත්වයෙක්) වේ ද, ඒ ( තථාගත සංඛහත ) සත්ත්වයා (ඔබගේ ශාස්තෘ වූ) තථාගතයෝ මේ සතර තන්හි ලා පනවන්නාහු පනවත් ද? (කවර සතර තැනෙකැ යත්:) “සත්ත්ව මරණින් මතු වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යි.
එවං වුත්තෙ ආයස්මා අනුරාධො තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොච: “යො සො ආවුසො තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණා’ති වා, ‘න හොති තථාගතො පරම්මරණා’ති වා ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා’ති වා ‘නෙ’ව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ ඒ පිරිවැජ්ජනට තෙල කීහ: ඇවැත්නි, යම් ඒ උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම් ඵලයට පැමිණි යම් සත්ත්ව වේ ද, (අපගේ ශාස්තෘ වූ) තථාගතයන් වහන්සේ ඒ සත්ත්වයා පනවනසේක් “සත්ත්ව මරණින් මතු වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යන මේ සතර තැන් හැර පනවති යි.
එවං වුත්තෙ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං: “සො චායං භික්ඛු නවො භවිස්සති. අචිරපබ්බජිතො, ථෙරො වා පන බාලො අව්යත්තො”ති.
මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු: “මෙ මහණ නවකයෙක් පැවිදි වැ නො බෝ කල් ඇත්තෙක් වන්නේය, (නැතහොත්) ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් හෝ වන්නේ යි”.
අථ ඛො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මතො අනුරාධස්ස අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි:
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට නවකවාදයෙන් බාල වාදයෙන් අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරුන්හට ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි තෙල අදහස විය:
“සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පඤ්හං පුච්ඡෙය්යුං. කථං බ්යාකරමානො නු ඛො’හං තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යං, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා”ති.
“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජියනට මම් කෙසේ විසඳා කියන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ( ලොව්තුරු) දහමට අනුලොම් වූ (පිළිවෙත්) දහමක් පවසන්නෙම් ද, කරුණු සහිත වූ කිසි යම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණේදැ”යි.
අථ ඛො ආයස්මා අනුරාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරාධො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකැත්පස් වැ හුන්හ. එකැත්පස් වැ හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.
“ඉදාහං භන්තෙ, භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරාමි. අථ ඛො භන්තෙ සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙනාහං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං:
වහන්ස, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලකැ වෙසෙමි. එකල්හි වහන්ස, බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙතැ එළැඹියහ. එළැඹ මා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ඒ අන්තොටු පිරිවැජියෝ මට තෙල කීහු:
යො සො ආවුසො, අනුරාධ, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා. -පෙ- “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
“ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් ඒ සත්ත්ව වේ ද, ඒ (යුෂ්මත් ශාස්තෘ වූ) තථාගතයෝ ඒ සත්ත්වයා මෙ සතර තන්හි ලා පනවන්නාහු ‘සත්ත්ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ පනවත්දැ”යි?
එවං වුත්තා’හං භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොචං: “යො සො ආවුසො, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණා”ති වා -පෙ- “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
මෙසේ කීකල්හි වහන්ස, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට තෙල කීමි: “ඇවැත්නි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් සත්ත්ව වේ ද, අස්මත් ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ ඒ සත්ත්වයා පනවන්නාහු සත්ත්ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ යන මේ සතර තැන හැර පනවනසේකැ”යි.
එවං වුත්තෙ භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං: “සො චා’යං භික්ඛු නවො භවිස්සති අචිරපබ්බජිතො ථෙරො වා පන බාලො අබ්යත්තො”ති.
වහන්ස, මෙසේ කීකල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට තෙල කීහු: “ඒ මේ මහණ නවකයෙක්, පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක් වන්නේය, ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් වන්නේ හෝ යි”.
අථ ඛො මං භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා නවවාදෙන බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. තස්ස මය්හං භන්තෙ, අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි:
වහන්ස, ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුදු බාලවාදයෙනුදු මට අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි ඒ මට මේ සිත විය:
“සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පඤ්හං පුච්ඡෙය්යුං, කථං බ්යාකරමානො නු ඛො’හං තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං. න ච භගවන්තං අබ්භාචික්ඛෙය්යං. ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්‍යා”ති.
“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජ්ජනට කෙසේ විසඳා කියන මම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ලොව්තුරු දහමට අනුලොම් වූ පිළිවෙත් දහමක් කියන්නෙම් ද, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණෙන්නේදැ”යි.
තං කිං මඤ්ඤසි අනුරාධ, “රූපං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද: “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද”? වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු ද”? වහන්ස, තෙල නො වේ මැයි.
වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
වේදනා ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස අනිත්‍ය යැ.
යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද”? වහන්ස, තෙල නො වේ මැයි.
තස්මාතිහ අනුරාධ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
එහෙයින් අනුරාධය, මෙහි ලා අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රුපයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රුපයකුත් වේ ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල ඇතිසැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... යම් කිසි සංස්කාර වේ ද ... අතීත-අනාගත-පච්චුප්පන්න අජ්ඣත්ත වේවයි බාහිර වේව්යි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි පණීත වේවයි යම් කිසි විඥානයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” මෙසේ තෙල යථාභූත කොට විදර්ශනාඥානයෙන් දැක්කයුතු. මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැනගනී.
තං කිං මඤ්ඤසි අනුරාධ, “රූපං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති. නො හෙතං භන්තෙ.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපය සත්ත්ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැයි.
තං කිං මඤ්ඤසි අනුරාධ, රූපස්මිං තථාගතොති සමනුපස්සසීති. නො හෙතං භන්තෙ.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපයෙහි සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
අඤ්ඤත්ර රූපා තථාගතො’ති සමනුපස්සසී”ති? නො හෙතං භන්තෙ.
රූපයෙන් බැහැරැ සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
වෙදනාය -පෙ- අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි -පෙ- විඤ්ඤාණස්මිං “තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
වේදනායෙහි ... වේදනායෙන් බැහැරැ ... සංඥායෙහි ... සංඥායෙන් බැහැරැ ... සංස්කාරයන්හි ... සංස්කාරයෙන් බැහැරැ ... විඥානයෙහි සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
අඤ්ඤත්ර විඤ්ඤාණා තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
විඥානයෙන් බැහැරැ සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
තං කිං මඤ්ඤසි අනුරාධ, රූපං - වෙදනා - සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
අනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද, රූපය-වේදනාව-සංඥාව-සංස්කාර-විඥානය සත්ත්ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
තං කිම්මඤ්ඤසි අනුරාධ, අයං සො අරූපී අවෙදනො අසඤ්ඤී අසඞ්ඛාරො අවිඤ්ඤාණො තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
අනුරාධය, ඒ කිමැයි හඟිහි ද? රූප නොවූ වේදනා නොවූ සංඥා නොවූ සංස්කාර නොවූ විඥාන නොවූ මේ පුද්ගල සත්ත්ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
එත්ථ ච තෙ අනුරාධ, දිට්ඨෙව ධම්මෙ සච්චතො ථෙතතො තථාගතෙ අනුපලබ්භියමානෙ කල්ලන්නු තෙ තං ව්යාකරණං “යො සො ආවුසො, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය “හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම්මරණා’ති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති? නො හෙතං භන්තෙ.
අනුරාධය මෙහි ලා මේ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්ත්වයකු නො ලැබෙන කල්හි “ඇවැත්නි උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණි යම් ඒ තථාගත (සත්ත්ව) වේ නම් තථාගතයෝ ඒ සත්ත්වයා පනවන්නාහු සත්ත්ව මරණින් මතු වෙයි හෝ සත්ත්ව මරණින් මතු නො වෙ යි හෝ සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ සත්ත්ව මරණින් මතු නො ද වෙයි, නො ද නො වෙ යි හෝ යන මේ සිවු තැනින් වෙන් ව පනව ති” යි තොපගේ ඒ විසඳීම නිසි ද? වහන්ස තෙල නො වේ මැ යි.
සාධු සාධු අනුරාධ, පුබ්බෙ චාහං අනුරාධ, එතරහි ච දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි දුක්ඛස්ස ච නිරොධන්ති.
අනුරාධය, මැනැවි මැනැවි. අනුරාධය පෙරදු දැනුදු මම් දුඃඛයත් දුඃඛනිරෝධයත් පනවමියි.