යෙදුමෙන් කියවන්න

යමක සුත‍්තං

1. 2. 4. 3.

1. 2. 4. 3.

යමක සුත‍්තං

යමක සූත්‍රය

85. එවං මෙ සුතං, එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

85. ම විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති.

තෙන ඛො පන සමයෙන යමකස‍්ස නාම භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති තථාහං භගවතා ධම‍්මං, දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා’ති.

එසමයෙහි යමක නම් මහණහට යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන.

අස‍්සොසුං ඛො සම‍්බහුලා භික‍්ඛූ යමකස‍්ස කිර නාම භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා”ති.

බොහෝ භික්‍ෂූහු යමක නම් මහණහට යම්සේ රහත් මහණ කාබුන් මරණින් සිඳේ ද වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිගතයෙක් උපනැ යි ඇසූහ.

අථ ඛො තෙ භික‍්ඛූ යෙනායස‍්මා යමකො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා යමකෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං යමකං එතදවොචුං: “සච‍්චං කිර තෙ ආවුසො යමක, එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා”ති.

එකලැ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන්ට “ඇවැත්නි, යමකයෙනි, “රහත් මහණ යම්සේ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එපරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ? යි කීහ.

එවං ඛො’හං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා’ති.

ඇවැත්නි, යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි.

මා ආවුසො, යමක එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය: “ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා”ති.

ඇවැත්නි, යමකයෙනි, නහමක් මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේට නහමක් අභූතයෙන් චෝදනා කරවු. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම නො ම මැනැවි. “රහත් මහණ කය බිඳීමෙන් සිඳෙයි, වැනසෙයි මරණින් මතු නො වේ යි”, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නහමක් වදාරන සේකැ යි.

එවම‍්පි ඛො ආයස‍්මා යමකො තෙහි භික‍්ඛූහි වුච‍්චමානො තථෙව තං පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණාති.”

ආයුෂ්මත් යමක තෙමේ ඒ භික්‍ෂූන් විසින් මෙසේ ද කියනු ලබන්නේ යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිය එසේ ම දෘෂ්ටි ස්ථාමයෙන්, දෘෂ්ටි පරාමර්‍ශනයෙන් පිවිසගෙන වහරයි.

යතො ඛො තෙ භික‍්ඛූ නාසක‍්ඛිංසු ආයස‍්මන‍්තං යමකං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං. අථඛො තෙ භික‍්ඛූ උට‍්ඨායාසනා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොචුං: යමකස‍්ස නාම ආවුසො සාරිපුත‍්ත, භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: “තථා’හං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා’ති. සාධායස‍්මා සාරිපුත‍්තො යෙන යමකො භික‍්ඛු තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස‍්මා සාරිපුත‍්තො තුණ‍්හීභාවෙන.

යම් කලෙක ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් ඒ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නො හැකි වූවාහු ද, එ කල්හි ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙනුවන්ට තෙල සැලකළහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, යමක නම් මහණහට යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස යමක මහණහු වෙත එළැඹෙත් නම් මැනැව යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා යමකො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා යමකෙන සද‍්ධිං සම‍්මොදි සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං යමකං එතදවොච: සච‍්චං කිර තෙ ආවුසො යමක, එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං? තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා”ති.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි, යමකයෙනි, යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ යි?

එවඤ‍්ච ඛොහං ආවුසො, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි: “යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා”ති.

ඇවැත්නි, “යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි.

තං කිං මඤ‍්ඤසි? ආවුසො, යමක, “රූපං නිච‍්චං වා අනිච‍්චං වා”ති. අනිච‍්චං ආවුසො.

ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ.

“යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති? දුක‍්ඛං ආවුසො.

යමෙක් අනිත්‍ය නම්, එය දුක් හෝ සුව හෝ වේ ද? ඇවැත්නි, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං ආවුසො,

යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට නිසි ද? ඇවැත්නි, තෙල නිසි නො වේ ම යැ.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං ආවුසො,

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ .

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා”ති? දුක‍්ඛං ආවුසො.

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යි. ඇවැත්නි, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං ආවුසො.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ ම ය.

තස‍්මාතිහාවුසො යමක, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ’සො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

ඇවැත්නි, යමකයෙනි, එහෙයින් මෙ ලොවැ අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රුපයකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේය”යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ඇත් ද ... අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේය”යි මෙසේ තෙල තතු සේ විවසුන් නුවණින් දැක්කයුතු.

එවං පස‍්සං ආවුසො යමක, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී”ති.

ඇවැත්නි, යමකයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනියි.

තං කිං මඤ‍්ඤසි ආවුසො යමක, ‘රූපං තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය සත්ත්‍වයා ය යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

වේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

තං කිං මඤ‍්ඤසි ආවුසො යමක, රූපස‍්මිං “තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

ඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

අඤ‍්ඤත්‍ර රූපා තථාගතොති සමනුපස‍්සසී’ති? නො හෙතං ආවුසො.

රූපයෙන් වෙන් වැ සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

වෙදනාය -පෙ- අඤ‍්ඤත්‍ර වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි -පෙ- විඤ‍්ඤාණස‍්මිං තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

වේදනායෙහි ... වේදනායෙන් වෙන් වැ ... සංඥායෙහි ... සංඥායෙන් වෙන් වැ ... සංස්කාරයන්හි ... සංස්කාරයන් ගෙන් වෙන් වැ ... විඥානයෙහි ... සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

අඤ‍්ඤත්‍ර විඤ‍්ඤාණා තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

විඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.

තං කිං මඤ‍්ඤසි ආවුසො යමක, අයං සො අරූපී අවෙදනො අසඤ‍්ඤී අසඞ‍්ඛාරො අවිඤ‍්ඤාණො තථාගතොති සමනුපස‍්සසීති. නො හෙතං ආවුසො.

ඇවැත්නි, යමකයෙනි, කිමැයි හඟිවු ද, රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය සත්ත්‍වයා යි දකිවු දැයි? ඇවැත්නි, මෙය නො වේ ම ය.

තං කිං මඤ‍්ඤසි ආවුසො, යමක, රූපං -පෙ- වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං තථාගතො’ති සමනුපස‍්සසීති? නො හෙතං ආවුසො.

ඇවැත්නි, යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද? රූප නො වූ වේදනා නො වූ සංඥා නො වූ සංස්කාර නො වූ විඥාන නො වූ ඒ මේ ධර්‍මය සත්ත්‍වයා ය යි දකිවු දැයි? ඇවැත්නි, තෙල නො වේ ම ය.

එත්‍ථ ච තෙ ආවුසො යමක දිට‍්ඨෙව ධම‍්මෙ සච‍්චතො ථෙතතො තථාගතෙ අනුපලබ‍්භියමානෙ කල‍්ලං නු තෙ තං වෙය්‍යාකරණං “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික‍්ඛු කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණාති? අහු ඛො මෙතං ආවුසො සාරිපුත‍්ත, පුබ‍්බෙ අවිද‍්දසුනො පාපකං දිට‍්ඨිගතං ඉදඤ‍්ච පන මෙ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා තඤ‍්චෙව පාපකං දිට‍්ඨිගතං පහීනං, ධම‍්මො ච මෙ අභිසමෙතොති.

ඇවැත්නි, යමකයෙනි, මෙහි ලා මේ අත්බැව්හි ම තොපට සත්‍ය විසින් ස්ථිර විසින් සත්ත්‍වයකු නො ලැබෙන කල්හි යම්සේ රහත් මහණ කාය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි” යි තොපගේ ඒ පැවසීම සුදුසු ද? ඇවැත්නි ශාරිපුත්‍රනි, නුවණ නැති මට පෙර මේ ලාමක දෘෂ්ටිය විය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා ඒ ලාමක දෘෂ්ටිය පහ වැ ගියේ ය. ම විසින් ධර්‍මය ද අවබෝධ කරණ ලද්දේ” යයි.

සචෙ තං ආවුසො යමක, එවං පුච‍්ඡෙය්‍යුං: “යො සො ආවුසො යමක, භික‍්ඛු අරහං ඛීණාසවො සො කායස‍්ස භෙදා පරම‍්මරණා කිං හොතීති එවං පුට‍්ඨො ත්‍වං ආවුසො යමක, කින‍්ති බ්‍යාකරෙය්‍යාසී”ති?

ඇවැත්නි, යමකයෙනි, ඉඳින් තොප මෙසේ විචාරන්නාහු නම් (එනම්): “ඇවැත් යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත් යමකයෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමෙකැයි විසඳා කියන්නහු ද?

සචෙ මං ආවුසො එවං පුච‍්ඡෙය්‍යුං: “යො සො ආවුසො යමක, භික‍්ඛු අරහං ඛීණාසවො සො කායස‍්ස භෙදා පරම‍්මරණා කිං හොතී”ති? එවං පුට‍්ඨො’හං ආවුසො, එවං බ්‍යාකරෙය්‍යං: රූපං ඛො ආවුසො අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තං නිරුද‍්ධං, තදත්‍ථගතං. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං යදනිච‍්චං තං දුක‍්ඛං යං දුක‍්ඛං තං නිරුද‍්ධං තදත්‍ථගතන‍්ති”. එවං පුට‍්ඨො’හං ආවුසො, එවං බ්‍යාකරෙය්‍යන‍්ති.

ඇවැත්නි ඉඳින් මා මෙසේ පුළුවුස්නාහු නම්: ඇවැත්නි යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත්නි මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි: “ඇවැත්නි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද, එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ”. මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි යි.

සාධු සාධු ආවුසො යමක, තෙනහාවුසො යමක, උපමන‍්තෙ කරිස‍්සාමි එතස‍්සෙව අත්‍ථස‍්ස භිය්‍යොසොමත‍්තාය ඤාණාය.

ඇවැත්නි යමකයෙනි, මැනවි. මැනවි. ඇවැත්නි, යෙමකයෙනි, එසේ වී නම් මේ අරුත (මේ ප්‍රථම මාර්‍ගය) ම බෙහෙවින් දැනීම පිණිස තොපට උපමාවක් කරන්නෙමි:

සෙය්‍යථාපි ආවුසො යමක, ගහපති වා ගහපතිපුත‍්තො වා අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො, සො ච ආරක‍්ඛසම‍්පන‍්නො. තස‍්ස කොචිදෙව පුරිසො උප‍්පජ‍්ජෙය්‍ය අනත්‍ථකාමො අහිතකාමො අයොගක‍්ඛෙමකාමො ජීවිතා වොරොපෙතුකාමො. තස‍්ස එවමස‍්ස: “අයං ඛො ගහපති වා ගහපතිපුත‍්තො වා අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො, සො ච ආරක‍්ඛසම‍්පන‍්නො. න ව්‍යා සුකරො පසය‍්හ ජීවිතා වොරොපෙතුං. යන‍්නූනාහං අනුපඛජ‍්ජ ජීවිතා වොරොපෙය්‍ය’න‍්ති. සො තං ගහපතිං වා ගහපතිපුත‍්තං වා උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: “උපට‍්ඨහෙය්‍යං තං භන‍්තෙ”ති. තමෙනං සො ගහපති වා ගහපතිපුත‍්තො වා උපට‍්ඨාපෙය්‍ය. සො උපට‍්ඨහෙය්‍ය පුබ‍්බුට‍්ඨායී පච‍්ඡානිපාතී කිඞ‍්කාරපටිස‍්සාවී මනාපචාරී පියවාදී. තස‍්ස සො ගහපති වා

“ඇවැත්නි යමකයෙනි, යම් සේ ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති ගැහැවියෙක් ගො ගැහැවිපුතෙක් හෝ වේ ද, හේ ද ආරක්‍ෂා සම්පන්න ය. ඔහුට අවැඩ කැමැති අහිත කැමැති සිවු උපායෙන් ක්‍ෂේමභාවය නො කැමැති (උවදුරු කැමැති) දිවි තොර කරනු කැමැති කිසියම් පුරුෂයෙක් උපදනේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භෝග ඇත්තේය. හේ ද ආරක්‍ෂා සම්පන්න ය. මැඩ දිවි තොර කරන්නට සුකර නො වේ. මම ඇතුළට පිවිස දිවි තොර කරන්නෙම් නම් මැනැවැ”යි හේ ඒ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත හෝ එළැඹ “හිමි, මුබට උවැටන් කරන්නෙමි”යි මෙසේ කියන්නේ ය. ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ඒ මොහු ලව උවැටන් කරවාගන්නේ ය. හේ පළමු නැඟී සිටින්නේ පසු ව හොවින්නේ කුම් කෙරෙම් දැ?යි පුළුවුස්නේ මනවඩන දෑ කරනුයේ පියවදන් බණනුයේ උවැටන් කරන්නේ යි ඔහුගේ ඒ ගැහැවි හෝ

ගහපතිපුත‍්තො වා මිත‍්තතො’පි නං සද‍්දහෙය්‍ය සුහජ‍්ජතො ‘පි නං සද‍්දහෙය්‍ය තස‍්මිං විස‍්සාසං ආපජ‍්ජෙය්‍ය. යදා ඛො ආවුසො තස‍්ස පුරිසස‍්ස එවමස‍්ස: “සංවිස‍්සට‍්ඨො ඛො ම්‍යායං ගහපති වා ගහපතිපුත‍්තො වාති.” අථ නං රහොගතං විදිත්‍වා තිණ‍්හෙන සත්‍ථෙන ජීවිතා වොරොපෙය්‍ය.

ගැහැවිපුත් හෝ මිතුරු සෙයිනුදු ඔහු හදහන්නේ ය. සුහද සෙයිනුදු ඔහු හදහන්නේ ය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේ ය. ඇවැත්නි, යම් කලෙක ඒ පුරුෂහට “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ මා කෙරෙහි ඉතා විශ්වාස ඇත්තේ ය”යි මෙසේ අදහස් වන්නේ ද, එ කල්හි ඔහු එකලා වූවහු දැන තියුණු සැතින් දිවි තොර කරන්නේ යි.

තං කිං මඤ‍්ඤසි ආවුසො යමක, යදා’පි සො පුරිසො අමුං ගහපතිං වා ගහපතිපුත‍්තං වා උපසඞ‍්කමිත්‍වා එවමාහ: “උපට‍්ඨහෙය්‍යං තං භන‍්තෙ”ති, තදාපි සො වධකොව. වධකඤ‍්ච පන සන‍්තං න අඤ‍්ඤාසි. “වධකො මෙ”ති. යදා’පි සො උපට‍්ඨාති පුබ‍්බුට‍්ඨායී පච‍්ඡානිපාතී කිඞ‍්කාරපටිස‍්සාවී මනාපචාරී පියවාදී. තදා’පි සො වධකොව. වධකඤ‍්ච පන සන‍්තං න අඤ‍්ඤාසි. “වධකො මෙ”ති. යදා’පි නං රහොගතං විදිත්‍වා තිණ‍්හෙන සත්‍ථෙන ජීවිතාවොරොපෙති. තදා’පි සො වධකොව. වධකඤ‍්ච පන සන‍්තං න අඤ‍්ඤාසි. “වධකො මෙ”ති. එවමාවුසොති.

ඇවැත්නි යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද, යම් කලෙක ඒ පුරිස් තෙමේ මේ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත එළඹැ “හිමි, මුබට උවැටන් කරම් දැ”යි මෙසේ කී ද, ඒ කල්හිත් හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙකත් හේ පළමු නැගී සිටින්නේ පසුව හොවින්නේ කුම් කෙරෙම් දැ යි පිළිවදන් අස්වන්නේ මනාප දෑ කරන්නේ, පියවදන් බණන්නේ උවටන් කෙරේ ද, එ කල්හිදු හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙක්හිදු එකලා වූ ඔහු දැන තියුණු සැතින් දිවි තොර කෙරෙ ද, එකල්හිදු හෙ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේ ය. ඇවැත්නි, එසේ ය යි.

එවමෙව ඛො ආවුසො අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. සො අනිච‍්චං රූපං ‘අනිච‍්චං රූපන‍්ති යථාභූතං නප‍්පජානාති. අනිච‍්චං වෙදනං ‘අනිච‍්චා වෙදනාති යථාභූතං නප‍්පජානාති. අනිච‍්චං සඤ‍්ඤං “අනිච‍්චා සඤ‍්ඤාති යථාභූතං නප‍්පජානාති. අනිච‍්චෙ සඞ‍්ඛාරෙ ‘අනිච‍්චා සඞ‍්ඛාරාති යථාභූතං නප‍්පජානාති. අනිච‍්චං විඤ‍්ඤාණං ‘අනිච‍්චං විඤ‍්ඤාණන‍්ති යථාභූතං නප‍්පජානාති.

ඇවැත්නි, එසෙයින් ම ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්මය යි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානවත් හෝ යි හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයයෙහි ආත්මය ඇතැයි හෝ දකී. අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වූ වේදනාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වූ සංඥාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වූ සංස්කාරය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥානය යි තතු සේ නො දනී.

දුක‍්ඛං රූපං ‘දුක‍්ඛං රූපන‍්ති යථාභූතං නප‍්පජානාති. දුක‍්ඛං වෙදනං -පෙ- දුක‍්ඛං සඤ‍්ඤං -පෙ- දුක‍්ඛෙ සඞ‍්ඛාරෙ -පෙ- දුක‍්ඛං විඤ‍්ඤාණං ‘දුක‍්ඛං විඤ‍්ඤාණන‍්ති යථාභූතං නප‍්පජානාති.

දුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ නො දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ නො දනී.

අනත‍්තං රූපං ‘අනත‍්තා රූපන‍්ති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං වෙදනං අනත‍්තා වෙදනාති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං සඤ‍්ඤං -පෙ- අනත‍්තෙ සඞ‍්ඛාරෙ අනත‍්තා සඞ‍්ඛාරාති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං විඤ‍්ඤාණං අනත‍්තං විඤ‍්ඤාණ”න‍්ති යථාභූතං නප‍්පජානාති.

අනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ නො දනියි, අනාත්ම වූ වේදනාව අනාත්ම වූ වේදනාව යයි තතු සේ නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර අනාත්ම වූ සංස්කාර යි තතු සේ නො දනියි. අනාත්මවූ විඥානය අනාත්මවූ විඥානය යි තතු සේ නො දනී.

සඞ‍්ඛතං රූපං සඞ‍්ඛතං රූපන‍්ති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං වෙදනං සඞ‍්ඛතා වෙදනාති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛතෙ සඞ‍්ඛාරෙ සඞ‍්ඛතා සඞ‍්ඛාරා”ති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං විඤ‍්ඤාණං සඞ‍්ඛතං විඤ‍්ඤාණන‍්ති යථාභූතං නප‍්පජානාති.

සංඛත රූපය සංඛත රූප යයි තතු සේ නො දනියි, සංඛත වේදනාව සංඛත වේදනාව යයි තතු සේ නො දනියි, සංඛත සඤ්ඤාව ... සංඛත සංඛාර සංඛත සංඛාර යයි තතු සේ නො දනියි, සංඛත විඤ්ඤාණය සංඛත විඤ්ඤාණ යයි තතු සේ නො දනී.

වධකං රූපං වධකං රූපන‍්ති යථාභූතං නප‍්පජානාති. වධකං වෙදනං -පෙ- වධකං සඤ‍්ඤං -පෙ- වධකෙ සඞ‍්ඛාරෙ -පෙ- වධකා සඞ‍්ඛාරාති යථාභූතං නප‍්පජානාති. වධකං විඤ‍්ඤාණං වධකං විඤ‍්ඤාණන‍්ති යථාභූතං නප‍්පජානාති.

වධක රූපය වධක රූප යයි තතු සේ නො දනියි, වධක වේදනාව ... වධක සඤ්ඤාව ... වධක සංඛාර වධක සංඛාර යයි තතු සේ නො දනී, වධක විඤ්ඤාණය වධක විඤ්ඤාණ ය යි තතු සේ නො දනී.

සො රූපං උපෙති උපාදියති අධිට‍්ඨාති ‘අත‍්තා මෙ’ති. වෙදනං උපෙති උපාදියති අධිට‍්ඨාති ‘අත‍්තා මෙති’. සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ උපෙති උපාදියති අධිට‍්ඨාති ‘අත‍්තා මෙ’ති. විඤ‍්ඤාණං උපෙති උපාදියති අධිට‍්ඨාති ‘අත‍්තා මෙ’ති. තස‍්සිමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා උපෙතා උපාදින‍්නා දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති.

හේ රූපය මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, (එහි) පිහිටයි. වේදනාව මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, පිහිටයි. සංඥාව මාගේ ආත්මය යි … සංස්කාරයන් දෘෂ්ටි විසින් පැමිණෙයි ගනී පිහිටයි. විඥානය මාගේ ආත්මය යි පැමිණෙයි දැඩි වැ ගනියි, පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ දීර්‍ඝ රාත්‍රියෙහි උපගත වූවාහු දැඩි වැ ගන්නා ලද්දහු අහිත පිණිස දුක් පිණිස පවතිත්.

සුතවා ච ඛො ආවුසො අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං -පෙ- න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ -පෙ- න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.

ඇවැත්නි, ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. ආත්මය රූපවත් යි හෝ නො දකියි, රූපය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී. වේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දකියි. ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී.

සො අනිච‍්චං රූපං අනිච‍්චං රූපන‍්ති යථාභූතං පජානාති. අනිච‍්චං වෙදනං -පෙ- අනිච‍්චං සඤ‍්ඤං -පෙ- අනිච‍්චෙ සඞ‍්ඛාරෙ -පෙ- අනිච‍්චං විඤ‍්ඤාණං අනිච‍්චං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.

හේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ දනියි, අනිත්‍ය වූ වේදනාව ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ... අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥාන යයි තතු සේ දනී.

දුක‍්ඛං රූපං දුක‍්ඛං රූපන‍්ති යථාභූතං පජානාති. දුක‍්ඛං වෙදනං -පෙ- දුක‍්ඛං සඤ‍්ඤං -පෙ- දුක‍්ඛෙ සඞ‍්ඛාරෙ -පෙ- දුක‍්ඛං විඤ‍්ඤාණං දුක‍්ඛං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.

දුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ දනී.

අනත‍්තං රූපං අනත‍්තා රූපන‍්ති යථාභූතං පජානාති. අනත‍්තං වෙදනං -පෙ- අනත‍්තං සඤ‍්ඤං -පෙ- අනත‍්තෙ සඞ‍්ඛාරෙ -පෙ- අනත‍්තං විඤ‍්ඤාණං අනත‍්තා විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.

අනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය අනාත්ම වූ විඥානය යි තතු සේ දනී.

සඞ‍්ඛතං රූපං සඞ‍්ඛතං රූපන‍්ති යථාභූතං පජානාති. සඞ‍්ඛතං වෙදනං -පෙ- සඞ‍්ඛතං සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛතෙ සඞ‍්ඛාරෙ -පෙ- සඞ‍්ඛතං විඤ‍්ඤාණං සඞ‍්ඛතං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.

සංඛත වූ රූපය සංඛත වූ රූප යයි තතු සේ දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය සංඛත වූ විඥාන යයි තතු සේ දනී.

වධකං රූපං වධකං රූපන‍්ති යථාභූතං පජානාති. වධකං වෙදනං -පෙ- වධකං සඤ‍්ඤං -පෙ- වධකෙ සඞ‍්ඛාරෙ -පෙ- වධකං විඤ‍්ඤාණං වධකං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.

වධක වූ රූපය වධක වූ රූප යයි තතු සේ දනියි, වධක වූ වේදනාව ... වධක වූ සංඥාව ... වධක වූ සංස්කාර ... වධක වූ විඥානය වධක වූ විඥානය යයි තතු සේ දනී.

සො රූපං න උපෙති, න උපාදියති, න අධිට‍්ඨාති, අත‍්තා මෙති. වෙදනං න උපෙති -පෙ- සඤ‍්ඤං න උපෙති -පෙ- සඞ‍්ඛාරෙ න උපෙති -පෙ- විඤ‍්ඤාණං න උපෙති, න උපාදියති, න අධිට‍්ඨාති අත‍්තා මෙ’ති. තස‍්සිමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අනුපෙතා අනුපාදින‍්නා දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තන‍්තීති.

හේ රූපය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. වේදනාව (මාගේ ආත්මය යි) නො පැමිණෙයි ... සංඥාව නො පැමිණෙයි ... සංස්කාරයන් නො පැමිණෙයි ... විඥානය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපගත නො වූවාහු දැඩි වැ නො ගන්නා ලද්දාහු දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස පවතිත් යයි.

එවමෙතං ආවුසො සාරිපුත‍්ත හොති. යෙසං ආයස‍්මන‍්තාදිසා සබ්‍රහ‍්මචාරිනො අනුකම‍්පකා අත්‍ථකාමා ඔවාදකා අනුසාසකා. ඉදඤ‍්ච පන මෙ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති.

ඇවැත්නි ශාරිපුත්‍රනි, යම් කෙනකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති ඔවදන් දෙන අනුශාසන කරන ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් තෙල මෙසේ වෙයි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ ධර්‍මදේශනාව අසා මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ යයි.

ඉදමවොච ආයස‍්මා සාරිපුත‍්තො. අත‍්තමනො ආයස‍්මා යමකො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දීති.

ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක ස්ථවිර තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.