යෙදුමෙන් කියවන්න

තිස‍්ස සුත‍්තං

1. 2. 4. 2.

1. 2. 4. 2.

තිස‍්ස සුත‍්තං

තිස්ස සූත්‍රය

84. සාවත්‍ථියං:

84. සැවැත්නුවර:

තෙන ඛො පන සමයෙන ආයස‍්මා තිස‍්සො භගවතො පිතුච‍්ඡාපුත‍්තො සම‍්බහුලානං භික‍්ඛූනං එවමාරොචෙති; “අපි මෙ ආවුසො, මධුරකජාතො විය කායො දිසාපි මෙ න පක‍්ඛායන‍්ති. ධම‍්මාපි මං නප‍්පටිභන‍්ති. ථිනමිද‍්ධඤ‍්ච මෙ චිත‍්තං පරියාදාය තිට‍්ඨති. අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. හොති ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡාති”.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ (පියාගේ සහෝදරියගේ) පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ කියති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි. (අකර්‍මණ්‍ය ය.) දිශාවෝ ද මට නො පැහැදිලියහ. දහම්හු (පර්‍ය්‍යාප්තිධර්‍මයෝ) ද මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන සිටියි, නො ඇලුණෙම් ම බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ” යයි.

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “ආයස‍්මා භන‍්තෙ, තිස‍්සො භගවතො පිතුච‍්ඡාපුත‍්තො සම‍්බහුලානං භික‍්ඛූනං එවමාරොචෙති: ‘අපි මෙ ආවුසො, මධුරකජාතො විය කායො. දිසා’පි මෙ න පක‍්ඛායන‍්ති. ධම‍්මාපි මං නප‍්පටිභන‍්ති. ථිනමිද‍්ධඤ‍්ච මෙ චිත‍්තං පරියාදාය තිට‍්ඨති. අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. හොති ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡාති.”

එ කල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ ආරෝචනා කෙරෙති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි, දිශාවෝත් මට නො පැහැදිලියහ. දහම්හුත් මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන ගෙන සිටියි, නො ඇලුණෙම් බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ ය” කියා යි.

අථ ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි. එහි ත්‍වං භික‍්ඛු, මම වචනෙන තිස‍්සං භික‍්ඛුං ආමන‍්තෙහි: “සත්‍ථා තං ආවුසො තිස‍්ස ආමන‍්තෙතී”ති. එවං භන‍්තෙති, ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා යෙනායස‍්මා තිස‍්සො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං තිස‍්සං එතදවොච: “සත්‍ථා තං ආවුසො තිස‍්ස ආමන‍්තෙතී”ති. “එවමාවුසො”ති ඛො ආයස‍්මා තිස‍්සො තස‍්ස භික‍්ඛුනො පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං තිස‍්සං භගවා එතදවොච:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ, එව තොප මාගේ වචනයෙන් “ඇවැත්නි, තිස්සයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි තිස්ස මහණහු අමතව”යි. වහන්ස, එසේ යයි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් තිස්සසයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් තිස්සයනට “ඇවැත්නි, තිස්සයෙනි ශාස්තෲන් වහන්සේ තොප අමතන් සේකැ” යි තෙල කීය. ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ “ඇවැත්නි, එසේය”යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස්වැ හුන් ආයුෂ්මත් තිස්ස තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වලා සේක:

සච‍්චං කිර ත්‍වං තිස‍්ස, සම‍්බහුලානං භික‍්ඛූනං එවමාරොචෙසි: අපි මෙ ආවුසො මධුරකජාතො විය කායො දිසාපි මෙ න පක‍්ඛායන‍්ති. ධම‍්මාපි මං නප‍්පටිභන‍්ති. ථිනමිද‍්ධඤ‍්ච මෙ චිත‍්තං පරියාදාය තිට‍්ඨති. අනභිරතො ච බ්‍රහ‍්මචරියං චරාමි. හොති ච මෙ ධම‍්මෙසු විචිකිච‍්ඡාති? එවං භන‍්තෙ,

තිස්ස, තෙපි බොහෝ භික්‍ෂුන්ට මෙසේ සැලකළහු යනු සබැ ද? ඇවැත්නි, මාගේ කාය හටගත් බර ඇත්තක් මෙනි, දිශා ද මට නො පැහැදිළියැ, දහම්හු ද මය නො වටහත්, ථීනමිද්ධය ද ම සිත මැඩගෙන සිටියි. නො ඇලුණෙම් ම බඹසර හැසිරෙමි. දහම්හි මට විචිකිච්ඡා ද වෙයි කියා යි. වහන්ස, එසේ යැ.

තං කිං මඤ‍්ඤසි තිස‍්ස, රූපෙ අවිගතරාගස‍්ස අවිගතච‍්ඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස, තස‍්ස රූපස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? එවම‍්භන‍්තෙ. සාධු සාධු තිස‍්ස, එවං හෙතං තිස‍්ස, හොති යථා තං රූපෙ අවිගතරාගස‍්ස.

තිස්ස, එ කිමෙකැයි හඟිවු ද? රූපයෙහි පහ නොවූ රග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් එ රූපයාගේ විපරිණාම අන්‍යථාභාව (වෙනස්වීම) හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි තිස්ස. තිස්ස, රූපයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.

වෙදනාය අවිගතරාගස‍්ස -පෙ- අවිගතතණ‍්හස‍්ස වෙදනාය විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? එවං භන‍්තෙ, සාධු සාධු තිස‍්ස, එවං හෙතං තිස‍්ස, හොති යථා තං වෙදනාය අවිගතරාගස‍්ස.

වේදනායෙහි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් හට ඒ වේදනාවගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනවි, තිස්ස. තිස්ස, වේදනායෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.

සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු අවිගතරාගස‍්ස -පෙ- අවිගතතණ‍්හස‍්ස තෙසං සංඛාරානං විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? එවං භන‍්තෙ, සාධු සාධු තිස‍්ස, එවං හෙතං තිස‍්ස, හොති යථා තං සංඛාරෙසු අවිගතරාගස‍්ස.

සංඥායෙහි ... සංස්කාරයන්හි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනවි මැනවි, තිස්ස. තිස්ස, සංස්කාර විෂයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.

විඤ‍්ඤාණෙ අවිගතරාගස‍්ස අවිගතඡන්‍දස‍්ස අවිගතපෙමස‍්ස අවිගතපිපාසස‍්ස අවිගතපරිළාහස‍්ස අවිගතතණ‍්හස‍්ස, තස‍්ස විඤ‍්ඤාණස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? එවං භන‍්තෙ. සාධු සාධු තිස‍්ස, එවං හෙතං තිස‍්ස, හොති යථා තං විඤ‍්ඤාණෙ අවිගතරාගස‍්ස.

විඥානයෙහි පහ නොවූ රාග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, විඥානයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.

තං කිං මඤ‍්ඤසි තිස‍්ස, රූපෙ විගතරාගස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස, තස‍්ස රූපස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? නො හෙතං භන‍්තෙ. සාධු සාධු තිස‍්ස, එවං හෙතං තිස‍්ස, හොති: යථා තං රූපෙ විගතරාගස‍්ස.

තිස්ස, ඒ කිමැයි හඟි ද? රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලහට එ රූපයාගේ වෙනස් වීමෙන් අන් අයුරු වීමෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, තෙල නො වේ මැයි. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, රූපයෙහි පහ වූ රාග ඇති පුඟුල්හට යම්සේ නම් තෙල එසේ මැ වෙයි.

වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු -පෙ- විඤ‍්ඤාණෙ විගතරාගස‍්ස විගතඡන්‍දස‍්ස විගතපෙමස‍්ස විගතපිපාසස‍්ස විගතපරිළාහස‍්ස විගතතණ‍්හස‍්ස, තස‍්ස විඤ‍්ඤාණස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? නො හෙතං භන‍්තෙ. “සාධු සාධු තිස‍්ස, එවං ‘හෙතං තිස‍්ස, හොති යථා තං විඤ‍්ඤාණෙ විගතරාගස‍්ස.

වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ වෙනස් වීම් අන් පරිදි වීම් හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, මෙය නො වේ මැ යි. තිස්ස මැනැවි මැනැවි. තිස්ස, විඥානයෙහි පහ වූ රාග ඇති පුද්ගලහට යම්සේ නම් තෙල එසේ ම වෙයි.

තං කිං මඤ‍්ඤසි තිස‍්ස, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ,

තිස්ස, එ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තාති? නො හෙතං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල “මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? අනිච‍්චං භන‍්තෙ.

වේදනාව .. සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? දුක‍්ඛං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තංසමනුපස‍්සිතුං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති? නො හෙතං භන‍්තෙ.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.

“තස‍්මාතිහ තිස‍්ස, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

තිස්ස, එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු.

එවං පස‍්සං තිස‍්ස, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති -පෙ- විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.

තිස්ස, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.

සෙය්‍යථාපි තිස‍්ස, ද‍්වෙ පුරිසා, එකො පුරිසො අමග‍්ගකුසලො එකො පුරිසො මග‍්ගකුසලො. තමෙනං සො අමග‍්ගකුසලො පුරිසො අමුං මග‍්ගකුසලං පුරිසං මග‍්ගං පුච‍්ඡෙය්‍ය. සො එවං වදෙය්‍ය: “අම‍්භො පුරිස, අයං මග‍්ගො. තෙන මුහුත‍්තං ගච‍්ඡ. තෙන මුහුත‍්තං

තිස්ස, යම්සේ පුරුෂයෝ දෙදෙනෙක් වෙද්ද, එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි අදක්‍ෂ යැ. එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි දක්‍ෂ යැ. ඒ මේ අමග්ගකුසල (මඟ නොදත්) පුරුෂ මේ මග්ගකුසල (මඟ දත්) පුරුෂයාගෙන් මග පුළුවුස්නේ ය. හෙ මෙසේ කියන්නේ ය. භවත් පුරුෂය, මේ මගය. එයින් මොහොතක් යා, එයින් මොහොතක්

ගන‍්ත්‍වා දක‍්ඛිස‍්සසි ද‍්විධා පථං. තත්‍ථ වාමං මුඤ‍්චිත්‍වා දක‍්ඛිණං ගණ‍්හාහි. තෙන මුහුත‍්තං ගච‍්ඡ. තෙන මුහුත‍්තං ගන‍්ත්‍වා දක‍්ඛිස‍්සසි තිබ‍්බං වනසණ‍්ඩං. තෙන මුහුත‍්තං ගච‍්ඡ. තෙන මුහුත‍්තං ගන‍්ත්‍වා දක‍්ඛිස‍්සසි මහන‍්තං නින‍්නං පල‍්ලලං. තෙන මුහුත‍්තං ගච‍්ඡ. තෙන මුහුත‍්තං ගන‍්ත්‍වා දක‍්ඛිස‍්සසි සොබ‍්භං පපාතං. තෙන මුහුත‍්තං ගච‍්ඡ. තෙන මුහුත‍්තං ගන‍්ත්‍වා දක‍්ඛිස‍්සසි සමං භූමිභාගං රමණීයං.

ගොස් දෙමං සන්‍ධියක් දක්නෙහි, එහි වම මුදා දකුණ ගනු, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් ගන වනලැහැබක් දක්නෙහි, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් මහත් වූ ගැඹුරු ප්‍රපාතයක් මඩවගුරක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් හෙබක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් සිත්කලු සම භූමි භාගයක් දක්නෙහි.

උපමා ඛො ම්‍යායං තිස‍්ස, කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයං චෙත්‍ථ අත්‍ථො: පුරිසො අමග‍්ගකුසලොති ඛො තිස‍්ස, පුථුජ‍්ජනස‍්සෙතං අධිවචනං. ‘පුරිසො මග‍්ගකුසලොති’ ඛො තිස‍්ස, තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ‘ද‍්විධාපථොති ඛො තිස‍්ස, විචිකිච‍්ඡායෙතං අධිවචනං. ‘වාමො මග‍්ගො’ති ඛො තිස‍්ස, අට‍්ඨඞ‍්ගිකස‍්සෙතං මිච‍්ඡාමග‍්ගස‍්ස අධිවචනං සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨියා මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස මිච‍්ඡාවාචාය මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස මිච‍්ඡාආජීවස‍්ස මිච‍්ඡාවායාමස‍්ස මිච‍්ඡාසතියා මිච‍්ඡාසමාධිස‍්ස. දක‍්ඛිණො මග‍්ගොති ඛො තිස‍්ස, අරියස‍්සෙතං අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨියා සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචාය සම‍්මාකම‍්මන‍්තස‍්ස සම‍්මාආජීවස‍්ස සම‍්මාවායාමස‍්ස සම‍්මාසතියා සම‍්මාසමාධිස‍්ස. ‘තිබ‍්බො වනසණ‍්ඩො’ති ඛො තිස‍්ස, අවිජ‍්ජායෙතං අධිවචනං. ‘මහන‍්තං නින‍්නං පල‍්ලලන‍්ති’ ඛො තිස‍්ස, කාමානමෙතං අධිවචනං. ‘සොබ‍්භො පපාතොති’ ඛො තිස‍්ස, කොධූපායාසස‍්සෙතං අධිවචනං. ‘සමො භූමිභාගො රමණීයොති’ ඛො තිස‍්ස, නිබ‍්බානස‍්සෙතං අධිවචනං.

තිස්ස, අරුත් හැඟවීම පිණිස ම විසින් මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යි. තිස්ස, ‘අමාර්‍ගකුශල’ (මඟ නොදත්) පුරුෂ යන තෙල පුහුදුන්හට නමෙකි. තිස්ස, ‘මාර්‍ග කුශල’ (මඟ දත්) පුරුෂ යනු තෙල අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන්ට නමෙකි. තිස්ස, ‘දෙමංසන්‍ධිය’ යන තෙල විචිකිච්ඡාවට නමෙකි. තිස්ස ‘වම් මඟ ය’ යන තෙල අෂ්ටාංගික මිථ්‍යාමාර්‍ගයට නමෙකි. එනම්: මිච්ඡාදිට්ඨියට ය, මිච්ඡාසංකප්පයට ය, මිච්ඡාවචනයට ය, මිච්ඡාකම්මන්තයට ය, මිච්ඡාආජිවයට ය, මිච්ඡාවායාමයට ය, මිච්ඡාසතියට ය, මිච්ඡාසමාධියට යි. තිස්ස, ‘දකුණු මඟ’ යනු තෙල ආර්‍ය අෂ්ටාංගිකමාර්‍ගයට නමෙකි. එනම්: සම්මාදිට්ඨියට ය, සම්මාසංකප්පයට ය, සම්මාවාචාවට ය, සම්මාකම්මන්තයට ය, සම්මාආජිවයට ය, සම්මාවායාමයට ය, සම්මාසතියට ය, සම්මාසමාධියට යි. තිස්ස, ‘ගන වනලැහැබ’ යනු තෙල අවිද්‍යාවට නමෙකි. තිස්සය ‘මහත් ගැඹුරු මඩවගුර’ යනු තෙල කාමයන්ට නමෙකි. තිස්ස, හෙබ ය (ප්‍රපාතය) යනු තෙල ක්‍රෝධ උපායාස දෙකට නමෙකි. තිස්ස, ‘සිත්කලු සම භුමිභාගය’ යානු තෙල නිවනට නමෙකි.

අභිරම තිස‍්ස, අභිරම තිස‍්ස, අහමොවාදෙන අහමනුග‍්ගහෙන අහමනුසාසනීයාති, ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා තිස‍්සො භගවතො භාසිතං අභිනන්‍දීති.

තිස්ස, (බඹසරෙහි) ඇලෙව. තිස්ස, ඇලෙව. මම අවවාදයෙන් (පිහිට වෙමි). මම අනුග්‍රහයෙන් (පිහිට වෙමි). මම අනුශාසනායෙන් (පිහිට වෙමි) යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.