යෙදුමෙන් කියවන්න

නදී සුත‍්තං

1. 2. 5. 1.

1. 2. 5. 1.

නදී සුත‍්තං

නදී සූත්‍රය

93. සාවත්‍ථියං:

93. සැවැත්නුවර:

සෙය්‍යථාපි භික‍්ඛවෙ, නදී පබ‍්බතෙය්‍යා ඔහාරිනී දූරඞ‍්ගමා සීඝසොතා. තස‍්සා උභොසු තීරෙසු කාසා චෙපි ජාතා අස‍්සු. තෙ නං අජ‍්ඣොලම‍්බෙය්‍යුං, කුසා චෙපි ජාතා අස‍්සු. තෙ නං අජ‍්ඣොලම‍්බෙය්‍යුං. බබ‍්බජා චෙපි ජාතා අස‍්සු. තෙ නං අජ‍්ඣොලම‍්බෙය්‍යුං. බීරණා චෙපි ජාතා අස‍්සු. තෙ නං අජ‍්ඣොලම‍්බෙය්‍යුං. රුක‍්ඛා චෙපි ජාතා අස‍්සු. තෙ නං අජ‍්ඣොලම‍්බෙය්‍යුං.

මහණෙනි, යම්සේ පර්‍වතයෙන් ගලා බස්නා, දියෙහි වැටුණු වැටුණු දෑ පහළට ගෙන යන, දුරට ගමන් කරන, වේගවත් ජලධාරා ඇති නදියක් වේ ද, ඉදින් එහි දෙතෙර හටගත් වැලුක් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් කුශ තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් බබුස් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් සුවඳහොට තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් (එරඬු ආදී දුබල) වෘක්‍ෂයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහු ය.

තස‍්සා පුරිසො සොතෙන වුය‍්හමානො කාසෙ චෙපි ගණ‍්හෙය්‍ය, තෙ පලුජ‍්ජෙය්‍යුං. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජෙය්‍ය. කුසෙ චෙපි ගණ‍්හෙය්‍ය තෙ පලුජ‍්ජෙය්‍යුං. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජෙය්‍ය බබ‍්බජෙ චෙපි ගණ‍්හෙය්‍ය තෙ පලුජ‍්ජෙය්‍යුං. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජෙය්‍ය. බීරණෙ චෙපි ගණ‍්හෙය්‍ය තෙ පලුජ‍්ජෙය්‍යුං. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජෙය්‍ය. රුක‍්ඛෙ චෙපි ගණ‍්හෙය්‍ය. තෙ පලුජ‍්ජෙය්‍යුං. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජෙය්‍ය.

ඒ නදියේ සැඩ පහරින් පහතට ගෙන යනු ලබන (පාවෙන) පුරුෂයෙක් ඉදින් ඒ වැලුක් එල්බ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙන්නේ ය. ඉදින් කුසතණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් බුබුස් තණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් සුවඳහොට ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් රුක් ගන්නේ ද, ඒ රුක් සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ.

එවමෙව ඛො භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං, තස‍්ස තං රූපං පලුජ‍්ජති. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජති.

මහණෙනි, එසෙයින් ම බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් ආත්මය හෝ, රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හි දකියි. ඔහට ඒ රූපය නැසෙයි. හෙ ඒ නිදාන කොට ඇති මහත් වනසට පැමිණෙයි.

වෙදනං අත‍්තතො සමනුපස‍්සති -පෙ- වෙදනාය වා අත‍්තානං. තස‍්ස සා වෙදනා පලුජ‍්ජති. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජති. සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. සඞ‍්ඛාරවන‍්තං වා අත‍්තානං. අත‍්තනි වා සඞ‍්ඛාරෙ. සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. තස‍්ස තෙ සඞ‍්ඛාරා පලුජ‍්ජන‍්ති. සො තතො නිදානං අනයව්‍යසනං ආපජ‍්ජති. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං. අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. තස‍්ස තං විඤ‍්ඤාණං පලුජ‍්ජති. සො තතො නිදානා අනයව්‍යසනං ආපජ‍්ජති.

වේදනාව ආත්ම යයි දකියි ... වේදනාවේ ආත්මය පවතී යයි හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව නැසෙයි. හෙ ඒ හේතු කොට ඇති මහත් වනසට පැමිණෙයි. සංඥාව ... සංස්කාර ආත්මය යි දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යි හෝ සංස්කාරයන්හි ආත්මය පවතී යි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ නැසෙති, හෙ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙයි. විඥානය ආත්මය යි දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යි හෝ විඥානයෙහි ආත්මය පවතී යි හෝ දකියි, ඔහුගේ ඒ විඥානය නැසෙයි. හේ ඒ හේතු කොට බලවත් දුකට පැමිණේ.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ ද?යි.

අනිච‍්චං භන‍්තෙ,

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති?

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?

දුක‍්ඛං භන‍්තෙ,

වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: “එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තාති?”.

යෙමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සැහැවි නම් එය “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ?”යි.

නො හෙතං භන‍්තෙ,

වහන්ස, මෙය යුතු නො වේ ම ය.

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති?

වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වෙත් ද, අනිත්‍ය හෝ වෙත් දැ?යි.

අනිච‍්චං භන‍්තෙ -පෙ-.

වහන්ස, අනිත්‍ය ය ...

තස‍්මාතිහ භික‍්ඛවෙ -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, එහෙයින් මෙහි ... මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.