5. පුප්ඵවග්ගො අට්ඨකථා
5. පුප්ඵ වර්ගය
1. නදී සුත්තවණ්ණනා
1. නදී සූත්‍ර වර්ණනාව
පුප්ඵවග්ගස්ස පඨමෙ පබ්බතෙය්යාති පබ්බතෙ පවත්තා. ඔහාරිනීති සොතෙ පතිතපතිතානි තිණපණ්ණකට්ඨාදීනි හෙට්ඨාහාරිනී. දූරඞ්ගමාති නික්ඛන්තට්ඨානතො පට්ඨාය චතුපඤ්චයොජනසතගාමිනී. සීඝසොතාති චණ්ඩසොතා. කාසාතිආදීනි සබ්බානි තිණජාතානි. රුක්ඛාති එරණ්ඩාදයො දුබ්බලරුක්ඛා. තෙ නං අජ්ඣොලම්බෙය්යුන්ති තෙ තීරෙ ජාතාපි ඔනමිත්වා අග්ගෙහි උදකං ඵුසන්තෙහි අධිඔලම්බෙය්යුං, උපරි ලම්බෙය්යුන්ති අත්ථො. පලුජ්ජෙය්යුන්ති සමූලමත්තිකාය සද්ධිං සීසෙ පතෙය්යුං. සො තෙහි අජ්ඣොත්ථටො වාලුකමත්තිකොදකෙහි මුඛං පවිසන්තෙහි මහාවිනාසං පාපුණෙය්ය.
පුප්ඵ වර්ගයේ පළමු සූත්‍රයේ - “පබ්බතෙය්ය” යනු පර්වතයේ පවතින යනුයි. “ඔහාරිණි” යනු නදී ප්රවාහයට වැටුණු වැටුණු තණපත්, කටුකබල් ආදිය පහළට ගෙනයන යනුයි. “දූරංගමා” යනු වැටුණු තැන් සිට යොදුන් සතරක් පහක් ගහගෙන යන යනුයි. “සීසසොතා” යනු සැඩ දියපහරකි. “කාසා” ආදී සියල්ල තෘණ ජාතීහුය. තණ වර්ගයි. “රුක්ඛා” යනු එරඬු ආදී දුර්වල ගස් වර්ගයන්ය. “තෙ නං අජ්ඣො ලම්බෙය්යුං” යනු එම ගස් ගංගා තීරයේ වැවී අග නැමෙමින් දියෙහි ස්පර්ශ වන පරිදි දැඩි සේ එල්බගෙන ඇත. මත්තෙහි එල්ලී සිටී යන අර්ථයි. “පලුජ්ජෙය්යුං” යනු මුලත් සමගම හිසේ වැටෙන්නේය යනුයි. එම ගස් පඳුරු වසා පැතිරගත් වැලි-මඩ ආදිය එම පුරුෂයාගේ මුවෙහි පිවිස, මහත් විනාසයක් ඇතිකරන්නේය.
එවමෙව ඛොති එත්ථ සොතෙ පතිතපුරිසො විය වට්ටසන්නිස්සිතො බාලපුථුජ්ජනො දට්ඨබ්බො, උභතොතීරෙ කාසාදයො විය දුබ්බලපඤ්චක්ඛන්ධා, “ඉමෙ ගහිතාපි මං තාරෙතුං න සක්ඛිස්සන්තී”ති තස්ස පුරිසස්ස අජානිත්වා ගහණං විය ඉමෙ ඛන්ධා “න මය්හං සහායා”ති බාලපුථුජ්ජනස්ස අජානිත්වා චතූහි ගාහෙහි ගහණං, ගහිතගහිතානං පලුජ්ජනත්තා පුරිසස්ස බ්යසනප්පත්ති විය චතූහි ගාහෙහි ගහිතානං ඛන්ධානං විපරිණාමෙ බාලපුථුජ්ජනස්ස සොකාදිබ්යසනප්පත්ති වෙදිතබ්බා.
“එවමෙව ඛො” මෙහි නදී පහරට වැටුණු පුරුෂයා මෙන් සසර පැවතීමට වැටුණු (එය ආශ්‍රය කරගත්) පුද්ගලයා දතයුතුයි. ගංතීර දෙකෙහි කසට ගස් මෙන් දුර්වල වූ පංචස්කන්ධය දතයුතුයි. මේවා අල්ලා ගත්තත් පිහිටක් නොවේ යැයි ඒ පුරුෂයා නොදැන එම දුර්වල ගස් අතු අල්ලා ගන්නාක් මෙන් මේ ස්කන්ධයෝ මට උපකාර නොවේයැයි නොදන්නා බාල පුහුදුන් පුද්ගලයාට සිවු වැදෑරුම් ග්රහණයන්ගෙන් අල්ලා ගනියි. ගත් ගත් දුබල ගස් බිඳීයෑම නිසා පුද්ගලයාට අධික ව්‍යසන-කරදර පැමිණෙන්නාක් මෙන්, සතර ග්රහණයන්ගෙන් දැඩිව අල්ලාගත් ස්කන්ධයන්ගේ වෙනස්වීමෙන් බාල පුහුදුන් පුද්ගලයෝ ශෝක ව්‍යසනාදී නොයෙක් දුක් විඳින්නේ යැයි දතයුතුයි.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. පුප්ඵ සුත්තවණ්ණනා
2. පුප්ඵ සූත්‍ර වර්ණනාව
දුතියෙ විවදතීති “අනිච්චං දුක්ඛං අනත්තා අසුභ”න්ති යථාසභාවෙන වදන්තෙන සද්ධිං “නිච්චං සුඛං අත්තා සුභ”න්ති වදන්තො විවදති. ලොකධම්මොති ඛන්ධපඤ්චකං. තඤ්හි ලුජ්ජනසභාවත්තා ලොකධම්මොති වුච්චති. කින්ති කරොමීති කථං කරොමි? මය්හඤ්හි පටිපත්තිකථනමෙව භාරො, පටිපත්තිපූරණං පන කුලපුත්තානං භාරොති දස්සෙති. ඉමස්මිං සුත්තෙ තයො ලොකා කථිතා. “නාහං, භික්ඛවෙ, ලොකෙනා”ති එත්ථ හි සත්තලොකො කථිතො, “අත්ථි, භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො”ති එත්ථ සඞ්ඛාරලොකො, “තථාගතො ලොකෙ ජාතො ලොකෙ සංවඩ්ඪො”ති එත්ථ ඔකාසලොකො කථිතො.
දෙවන සූත්‍රයේ “විවදති” යනු අනිත්‍යය, දුකය, අනාත්මය, අසුභ යැයි තත් වූ පරිද්දෙන් ලෝකස්වභාවය දේශනා කරන්නා සමග නිත්‍යය, සැපය, ආත්මය, සුභයැයි පවසන්නෝ වාද කරති. “ලොකධම්මො” යනු පංචස්කන්ධයයි. එහි පවතින කැඩෙන බිඳෙන ස්වභාවය නිසා ලෝකධර්මය යැයි කියයි. “කින්තකරොමි” කෙසේ කරම්ද යනුයි. මට වනාහි ප්‍රතිපත්ති කථාවම භාරය. ප්‍රතිපත්ති (පිළිවෙත්) පුරන කුලපුතුන්ගේ කාර්යභාරය යැයි දක්වයි. මේ සූත්‍රයේ දී තුන් ලෝකය ම පවසන ලදී. “නාහං භික්ඛවෙ ලොකෙනා” (මහණෙනි! මම ලෝකය සමග විවාද නොකරමි) යන මෙතැනදී සත්ත්ව ලෝකය අදහස් කරන ලදී. “අත්ථිලොකෙ ලොක ධම්මො” (ලෝකයේ මේ ලෝක ධර්මය ඇත) යන තැන්හිදී සංස්කාර ලෝකය අදහස් කරන ලදී. “තථාගතො ලොකෙ ජාතො ලොකෙ සංවද්ධො” (තථාගතයන් වහන්සේ ලොව ඉපිද, ලොව වැඩී) යන මෙතැන්හිදී අවකාශ ලෝකය අදහස් කරන ලදී.
දුතියං.
දෙවන සූත්‍රයයි.
3. ඵෙණපිණ්ඩූපම සුත්තවණ්ණනා
3. ඵෙණ පිණ්ඩූපම සූත්‍ර වර්ණනාව
තතියෙ ගඞ්ගාය නදියා තීරෙති අයුජ්ඣපුරවාසිනො අපරිමාණභික්ඛුපරිවාරං චාරිකං චරමානං තථාගතං අත්තනො නගරං සම්පත්තං දිස්වා එකස්මිං ගඞ්ගාය නිවත්තනට්ඨානෙ මහාවනසණ්ඩමණ්ඩිතප්පදෙසෙ සත්ථු විහාරං කත්වා අදංසු. භගවා තත්ථ විහරති. තං සන්ධාය වුත්තං “ගඞ්ගාය නදියා තීරෙ”ති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසීති තස්මිං විහාරෙ වසන්තො භගවා සායන්හසමයං ගන්ධකුටිතො නික්ඛමිත්වා ගඞ්ගාතීරෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො ගඞ්ගාය නදියා ආගච්ඡන්තං මහන්තං ඵෙණපිණ්ඩං දිස්වා, “මම සාසනෙ පඤ්චක්ඛන්ධනිස්සිතං එකං ධම්මං කථෙස්සාමී”ති චින්තෙත්වා පරිවාරෙත්වා නිසින්නෙ භික්ඛූ ආමන්තෙසි.
තෙවැනි සූත්‍රයේ - “ගංගාය නදියා තීරෙ” අයෝධ්‍යා පුරවැසියෝ අප්‍රමාණ වූ භික්ෂූන් පිරිවර කරගත් චාරිකාවේ හැසිරෙන තථාගතයන් වහන්සේ, තමාගේ නගරයට වැඩම කළ බව දැක; එක් ගංගාව නැවතී සිටින තැනක වූ, මහා කැළයෙන් සැරසුණු ප්‍රදේශයක බුදුපියාණන් වහන්සේ විහාරයක් කරවා දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරයි. ඒ නිසා “ගංගානම් ගං ඉවුරෙහි” යනුවෙන් පවසන ලදී. “තත්ර ඛො භගවා භිකඛු ආමන්තෙසි” යනු ඒ විහාරයේ වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ගඳකිළියෙන් නික්ම, ගංතෙර පැනවූ උතුම් බුදු අසුනෙහි හුන්සේක්, ගංගානම් ගඟෙහි පැමිණි මහත් වූ එක් පෙණපිඬක් දුටු සේක් - “මගේ සසුනෙහි පැවිදි වූවන්ට පස්කඳ ආශ්රිත වූ එක් ධර්මයක් දේශනා කරන්නෙමි”යි සිතා, පිරිවරාගෙන සිටින භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.
මහන්තං ඵෙණපිණ්ඩන්ති උට්ඨානුට්ඨානෙ බදරපක්කප්පමාණතො පට්ඨාය අනුසොතාගමනෙන අනුපුබ්බෙන පවඩ්ඪිත්වා පබ්බතකූටමත්තං ජාතං, යත්ථ උදකසප්පාදයො අනෙකපාණයො නිවසන්ති, එවරූපං මහන්තං ඵෙණපිණ්ඩං. ආවහෙය්යාති ආහරෙය්ය. සො පනායං ඵෙණපිණ්ඩො උට්ඨිතට්ඨානෙපි භිජ්ජති, ථොකං ගන්ත්වාපි, එකද්වියොජනාදිවසෙන දූරං ගන්ත්වාපි, අන්තරා පන අභිජ්ජන්තොපි මහාසමුද්දං පත්වා අවස්සමෙව භිජ්ජති. නිජ්ඣායෙය්යාති ඔලොකෙය්ය. යොනිසො උපපරික්ඛෙය්යාති කාරණෙන උපපරික්ඛෙය්ය. කිඤ්හි සියා, භික්ඛවෙ, ඵෙණපිණ්ඩෙ සාරොති, භික්ඛවෙ, ඵෙණපිණ්ඩම්හි සාරො නාම කිං භවෙය්ය? විලීයිත්වා විද්ධංසෙය්යෙව.
“මහන්තං පෙණපිණ්ඩං” යනු පැනනැගි තැනේදී ඩෙබර ඇටයක් හා සමාන වී පසුව අනුශ්රෝත ගමනයෙන් අනුපිළිවෙලින් වර්ධනය වී පර්වත කූටයක් පමණ වූ. යම්තැනක ජල සර්පාදී නොයෙක් ප්‍රාණීහු වාසය කරත්ද එබඳු වූ මහත් පෙනපිඬක් “ආවහෙය්ය” යනු ගෙනෙන්නේය යනුයි. ඒ මේ පෙනපිඬද නැගි නැගි තැන්හි බිඳෙයි. මද දුරක් ගොස් බිඳෙයි. නැතිනම් යොදුනක් දෙකක් හෝ ගොස් බිඳෙයි. ඇතැම් පෙනපිඬු අතරතුරදී නොබිඳීම මහමුහුද වෙත ගොස්, එහි දී අනිවාර්යයෙන්ම බිඳේ. “නිජ්ඣායෙය්ය” යනු බලන්නේය. සිතන්නේය යනුයි. “යොනිසො උපපරික්ඛෙය්ය” යන කරුණු හේතු සහිතව පරික්ෂා කර බලන්නේය යනුයි. “කිං හි භික්ඛවෙ ඵෙණපිණ්ඩෙ සාරො” යනු මහණෙනි, පෙණපිඬ හරයක් වන්නේ කෙසේද යනුයි. එය වියලී විනාශ වන්නේම ය.
එවමෙව ඛොති යථා ඵෙණපිණ්ඩො නිස්සාරො, එවං රූපම්පි නිච්චසාරධුවසාරඅත්තසාරවිරහෙන නිස්සාරමෙව. යථා ච සො “ඉමිනා පත්තං වා ථාලකං වා කරිස්සාමී”ති ගහෙතුං න සක්කා, ගහිතොපි තමත්ථං න සාධෙති, භිජ්ජති එව, එවං රූපම්පි නිච්චන්ති වා ධුවන්ති වා අහන්ති වා මමන්ති වා ගහෙතුං න සක්කා, ගහිතම්පි න තථා තිට්ඨති, අනිච්චං දුක්ඛං අනත්තා අසුභඤ්ඤෙව හොතීති එවං ඵෙණපිණ්ඩසදිසමෙව හොති. යථා වා පන ඵෙණපිණ්ඩො ඡිද්දාවඡිද්දො අනෙකසන්ධිඝටිතො බහූනං උදකසප්පාදීනං පාණානං ආවාසො, එවං රූපම්පි ඡිද්දාවඡිද්දං අනෙකසන්ධිඝටිතං, කුලවසෙනෙවෙත්ථ අසීති කිමිකුලානි වසන්ති, තදෙව තෙසං සූතිඝරම්පි වච්චකුටිපි ගිලානසාලාපි සුසානම්පි, න තෙ අඤ්ඤත්ථ ගන්ත්වා ගබ්භවුට්ඨානාදීනි කරොන්ති, එවම්පි ඵෙණපිණ්ඩසදිසං.
“එවමෙව ඛො” යම්සේ පෙනපිඬ නිස්සාර වූවක් වේද එසේම රූපය ද නිත්‍ය-සාර-ස්ථිර ආත්මසාර වශයෙන් ගත නොහැකි නිසරු වූවක් ම ය. යම්සේ ඔහුට මේ පෙනපිඬ, පාත්‍රයක් හෝ තලියක් හෝ සාදාගන්නෙමියි ගත නොහැක. ගත්ත ද එම ප්‍රයෝජනය ඉටුකර ගත නොහැක. පෙනපිඬ බිඳෙන්නේමය. එසේම රූපය ද නිත්‍යය. ස්ථිරය. මමය, මාගේය වශයෙන් ගත නොහැක. එසේ එය නොසිටියි. රූපය අනිත්‍යය. දුක්සහගතය. අනාත්මය. අසුභයක්ම වේ. මෙසේ රූපය පෙණපිඬක් හා සමාන ම වේ. යම්සේ පෙණපිඬ කුඩා මහත් සිදුරුවලින් යුතුව - නොයෙක් සන්ධිවලින් ගටනා ලදුව, බොහෝ ජලජ ජීවීන්ට වාසස්ථානයක්ව පවතී ද එසේම රූපයත් කුඩාමහත් සිදුරු සහිතව, නොයෙක් සන්ධිවලින් ගටනා ලදුයේ වේ. කුල වශයෙන් පමණක් මෙහි අසූවක් පණු වර්ග වාසය කරති. එසේම ඔවුන්ගේ වදන ගෙයද, වැසිකිළිය ද, රෝහලද, සුසානයද වනුයේ මේ ශරීරයමයි. රූපයමයි. ඔවුහු අන් තැනක ගොස් ගැබින් බිහිවීම් ආදිය සිදු නොකරති. මෙසේ පෙණපිඬක් හා සමානය.
යථා ච ඵෙණපිණ්ඩො ආදිතො බදරපක්කමත්තො හුත්වා අනුපුබ්බෙන පබ්බතකූටමත්තොපි හොති, එවං රූපම්පි ආදිතො කලලමත්තං හුත්වා අනුපුබ්බෙන බ්යාමමත්තම්පි ගොමහිංසහත්ථිආදීනං වසෙන පබ්බතකූටාදිමත්තං හොති මච්ඡකච්ඡපාදීනං වසෙන අනෙකයොජනසතපමාණම්පි, එවම්පි ඵෙණපිණ්ඩසදිසං. යථා ච ඵෙණපිණ්ඩො උට්ඨිතමත්තොපි භිජ්ජති, ථොකං ගන්ත්වාපි, දූරං ගන්ත්වාපි, සමුද්දං පත්වා පන අවස්සමෙව භිජ්ජති, එවමෙවං රූපම්පි කලලභාවෙපි භිජ්ජති අබ්බුදාදිභාවෙපි, අන්තරා පන අභිජ්ජමානම්පි වස්සසතායුකානං වස්සසතං පත්වා අවස්සමෙව භිජ්ජති, මරණමුඛෙ චුණ්ණවිචුණ්ණං හොති, එවම්පි ඵෙණපිණ්ඩසදිසං.
යම්සේ පෙනපිඬ ආරම්භයේදී ඩෙබර ඇටයක් වී පසුව අනුපිළිවෙලින් පර්වත කුටයක් පමණ වනුයේද මෙසේ රූපයත් මුලදී කලලයක් පමණ වී, පසුව අනුපිළිවෙලින් ආහාර ලැබ, බඹයක් පමණ ද ගව-මීහරක්-ඇත් ආදීන්ගේ වශයෙන් පර්වත කුටයක් පමණ ද වේ. මත්ස්‍ය-කැසුබු ආදීන්ගේ ශරීරයෙන් නොයෙක් යොදුන් සිය ගණනක් විශාල වේ. මෙසේ ද පෙනපිඬ හා සමානය. යම්සේ පෙනපිඬ හටගත් කෙණෙහි හෝ බිඳෙයි. ටිකදුරක් ගොස් හෝ බිඳෙයි. ඉතා දුර ගොස් හෝ මුහුදට පැමිණ අනිවාර්යයෙන්ම බිඳෙයි. මේ අයුරින් රූපය ද කලල අවස්ථාවේ බිඳී වැනසෙයි. අබ්බුද ආදී අවස්ථාවකදී හෝ නැතිනම් පරමායුෂ වූ වර්ෂ සීයක් ගතකර හෝ අනිවාර්යයෙන්ම බිඳී වැනසී යයි. මරණයේදී සුණුවිසුණුව යයි. මෙසේද පෙනපිඬක් හා සමානය.
කිඤ්හි සියා, භික්ඛවෙ, වෙදනාය සාරොතිආදීසු වෙදනාදීනං පුබ්බුළාදීහි එවං සදිසතා වෙදිතබ්බා. යථා හි පුබ්බුළො අසාරො එවං වෙදනාපි. යථා ච සො අබලො අගය්හූපගො, න සක්කා තං ගහෙත්වා ඵලකං වා ආසනං වා කාතුං, ගහිතොපි භිජ්ජතෙව, එවං වෙදනාපි අබලා අගය්හූපගා, න සක්කා නිච්චාති වා ධුවාති වා ගහෙතුං, ගහිතාපි න තථා තිට්ඨති, එවං අගය්හූපගතායපි වෙදනා පුබ්බුළසදිසා. යථා පන තස්මිං තස්මිං උදකබින්දුම්හි පුබ්බුළො උප්පජ්ජති චෙව භිජ්ජති ච, න චිරට්ඨිතිකො හොති, එවං වෙදනාපි උප්පජ්ජති චෙව භිජ්ජති ච, න චිරට්ඨිතිකා හොති. එකච්ඡරක්ඛණෙ කොටිසතසහස්සසඞ්ඛා උප්පජ්ජිත්වා නිරුජ්ඣති. යථා ච පුබ්බුළො උදකතලං, උදකබින්දුං, උදකජල්ලං, සඞ්කඩ්ඪිත්වා පුටං කත්වා ගහණවාතඤ්චාති චත්තාරි කාරණානි පටිච්ච උප්පජ්ජති, එවං වෙදනාපි වත්ථුං ආරම්මණං කිලෙසජල්ලං ඵස්සසඞ්ඝට්ටනඤ්චාති චත්තාරි කාරණානි පටිච්ච උප්පජ්ජති. එවම්පි වෙදනා පුබ්බුළසදිසා.
“කිංහි සියා භික්ඛවෙ වෙදනාය සාරො” යනාදියෙහි වේදනාදියේද දියබුබුල හා මෙසේ සමානත්වය දතයුතුයි. යම්සේ දියබුබුල අසාරවේද එලෙසින්ම වේදනාව ද සාරවත් දෙයක් නොවේ. යම්සේ එය දුර්වලද ගත නොහැකි ද එය රැගෙන ඵලකයක් හෝ අසුනක් හෝ කිරීමට නොහැකිද එය ගත් කෙනෙහි ම බිඳෙන්නේද වේ. මෙසේ වේදනාවද අබලය. බලයක් නැත. පැමිණ ගත නොහැක. නිත්‍ය-ස්ථිර වූවක් ලෙස ගත නොහැක. ගත්ත ද එසේ නොසිටියි. මෙසේ ප්‍රයෝජනයට ගත නොහැකි බැවින් වේදනාව ද දියබුබුලක් හා සමානය. යම්සේ ඒ ඒ දියබිඳුවෙහි දිය බුබුලක් උපදින්නේද බිඳෙන්නේ ද වේ. එය බොහෝ වේලා නොපවතියි. මෙසේ ම වේදනාව ද උපදින්නේ ද නිරුද්ධ වන්නේද බොහෝවේලා නොපවතින්නේ ද වේ. එක් ඇසුරු සැණෙක කෙළ ලක්ෂ ගණනක් වේදනාවෝ ඉපිද නිරුද්ධ වෙති. යම්සේ දියබුබුල, දියතලය, දියබිඳුවක්, ජල තට්ටුවක් ඇදගෙන හා බැඳගෙන වාතය අල්ලාගැනීමෙන් යන සතර කරුණින් උපදියි. මෙසේ වේදනාව ද වස්තුව, අරමුණ, කෙලෙස් තට්ටුව හා ස්පර්ශ-එකට ගැටීම් යන සතර කරුණින් උපදියි. මෙසේද වේදනාව දියබුබුලක් හා සමාන ය.
සඤ්ඤාපි අසාරකට්ඨෙන මරීචිසදිසා. තථා අගය්හූපගට්ඨෙන. න හි සක්කා තං ගහෙත්වා පිවිතුං වා න්හායිතුං වා භාජනං වා පූරෙතුං. අපිච යථා මරීචි විප්ඵන්දති, සඤ්ජාතූමිවෙගා විය ඛායති, එවං නීලසඤ්ඤාදිභෙදා සඤ්ඤාපි නීලාදිඅනුභවනත්ථාය ඵන්දති විප්ඵන්දති. යථා ච මරීචි මහාජනං විප්පලම්භෙති “පුණ්ණවාපි විය පුණ්ණනදී විය දිස්සතී”ති වදාපෙති, එවං සඤ්ඤාපි විප්පලම්භෙති, “ඉදං නීලකං සුභං සුඛං නිච්ච”න්ති වදාපෙති. පීතකාදීසුපි එසෙව නයො. එවං සඤ්ඤා විප්පලම්භනෙනාපි මරීචිසදිසා.
සංඥාව ද අසාර වූ අරුතින් මිරිඟුවක් හා සමානය. එසේම ප්‍රයෝජනයකට ගත නොහැකි අර්ථයෙන් ද මිරිඟුවකි. මිරිඟුවෙන් දියගෙන බීමට හෝ නෑමට භාජන පුරවා ගැනීමට නොහැක. තවද මිරිඟුව ද කම්පා වේ. දඟලයි. හටගත් රළ වේගයක් මෙන් වැටහේ. මෙසේ නිල් සංඥා ආදී භේද ඇති සංඥාව ද සිල් ආදිය අනුභව කිරීම් වශයෙන් සැලේ. කම්පා වේ. යම්සේ මිරිඟුව මහජනයාට විලාප කියවයි ද පිරුණු වැවක් මෙන් ද පිරුණු නදියක් මෙන් ද දක්නට ලැබේ යැයි කියත්. මෙසේ සංඥාව ද විපුලම්භයකි. මෙය නීල් වූවකි. සුභ වූ සුඛ සහගත වූ නිත්‍ය වූවකැයි පවසයි. පීත (කහ) ආදී සංඥා කසිණයන්හිද මේ ක්‍රමයයි. මෙසේ විපුලම්භනයෙන් සංඥාව මිරිඟුවක් හා සමානය.
අකුක්කුකජාතන්ති අන්තො අසඤ්ජාතඝනදණ්ඩකං. සඞ්ඛාරාපි අසාරකට්ඨෙන කදලික්ඛන්ධසදිසා, තථා අගය්හූපගට්ඨෙන. යථෙව හි කදලික්ඛන්ධතො කිඤ්චි ගහෙත්වා න සක්කා ගොපානසිආදීනං අත්ථාය උපනෙතුං, උපනීතම්පි න තථා හොති, එවං සඞ්ඛාරාපි න සක්කා නිච්චාදිවසෙන ගහෙතුං, ගහිතාපි න තථා හොන්ති. යථා ච කදලික්ඛන්ධො බහුපත්තවට්ටිසමොධානො හොති, එවං සඞ්ඛාරක්ඛන්ධො බහුධම්මසමොධානො. යථා ච කදලික්ඛන්ධො නානාලක්ඛණො. අඤ්ඤොයෙව හි බාහිරාය පත්තවට්ටියා වණ්ණො, අඤ්ඤො තතො අබ්භන්තරඅබ්භන්තරානං, එවමෙව සඞ්ඛාරක්ඛන්ධෙපි අඤ්ඤදෙව ඵස්සස්ස ලක්ඛණං, අඤ්ඤා චෙතනාදීනං, සමොධානෙත්වා පන සඞ්ඛාරක්ඛන්ධොව වුච්චතීති එවම්පි සඞ්ඛාරක්ඛන්ධො කදලික්ඛන්ධසදිසො.
“අක්කුසජානං” යනු ඇතුලත නොහටගත් ගණ දණ්ඩක් සංස්කාර ද අසාර වූ අරුතින් කෙහෙල්කඳක් හා සමානය. එසේම ප්‍රයෝජනයට ගත නොහැක. යම්සේ ගොණැස් ආදී දෙයක් සෑදීම සඳහා කෙසෙල්කඳේ කිසිවක් ගත නොහැක. එසේ ගත්තත් එය නොපවතියි. මෙසේ සංස්කාරයන් ද නිත්‍ය වශයෙන් ගැනීමට නොහැක. ගත්තද එසේම නොපවතියි. යම්සේ කෙසෙල්කඳ බොහෝ පත්‍ර-පතුරු ආදිය එකතුවී සෑදුනකි. මෙසේ සංස්කාර ස්කන්ධය ද බොහෝ ධර්මයන්ගේ එකතුවකි. යම්සේ කෙසෙල්කඳ නොයෙක් නොයෙක් ලක්ෂණ සහිත වූයේ ම පිටතින් පත්‍ර-පතුරු ආදියෙන් වර්ණවත්ය. එය අභ්‍යන්තර වශයෙන් හිස්ය. මෙසේම සංස්කාර ස්කන්ධය ද ස්පර්ශයේ ලක්ෂණ වශයෙන් අනිකක්මය. චේතනාදීන්ගේ වශයෙන් අනිකකි. එකතුකර සංස්කාර ස්කන්ධ යැයි කියනු ලැබේ. මෙසේ සංස්කාර ස්කන්ධය කෙසෙල්කඳක් හා සමානය.
චක්ඛුමා පුරිසොති මංසචක්ඛුනා චෙව පඤ්ඤාචක්ඛුනා චාති ද්වීහි චක්ඛූහි චක්ඛුමා. මංසචක්ඛුම්පි හිස්ස පරිසුද්ධං වට්ටති අපගතපටලපිළකං, පඤ්ඤාචක්ඛුම්පි අසාරභාවදස්සනසමත්ථං.
“චක්ඛුමාපුරිසො” යනු මස්+ඇසින් මෙන්ම ප්‍රඥාව නම් ඇසින් ද (පණැසින්) යන දෙඇසම ඇති පුද්ගලයාය. ඔහුගේ මසැස වනාහි දුරු වූ පටල බිබිලි-ගඩු ඇති පිරිසිදු වූවකි. (ප්‍රඥා) පැණැසද අසාරත්ත්වය දැකීමට සමත් වූවකි.
විඤ්ඤාණම්පි අසාරකට්ඨෙන මායාසදිසං, තථා අගය්හූපගට්ඨෙන. යථා ච මායා ඉත්තරා ලහුපච්චුපට්ඨානා, එවං විඤ්ඤාණං. තඤ්හි තතොපි ඉත්තරතරඤ්චෙව ලහුපච්චුපට්ඨානතරඤ්ච. තෙනෙව හි චිත්තෙන පුරිසො ආගතො විය ගතො විය ඨිතො විය නිසින්නො විය හොති. අඤ්ඤදෙව ච ආගමනකාලෙ චිත්තං, අඤ්ඤං ගමනකාලාදීසු. එවම්පි විඤ්ඤාණං මායාසදිසං. මායා ච මහාජනං වඤ්චෙති, යංකිඤ්චිදෙව “ඉදං සුවණ්ණං රජතං මුත්තා”ති ගාහාපෙති, විඤ්ඤාණම්පි මහාජනං වඤ්චෙති. තෙනෙව හි චිත්තෙන ආගච්ඡන්තං විය ගච්ඡන්තං විය ඨිතං විය නිසින්නං විය කත්වා ගාහාපෙති. අඤ්ඤදෙව ච ආගමනෙ චිත්තං, අඤ්ඤං ගමනාදීසු. එවම්පි විඤ්ඤාණං මායාසදිසං.
විඤ්ඤාණය ද අසාර වූ අර්ථයෙන් හා ප්‍රයෝජනයට ගත නොහැකි අර්ථයෙන් එසේම මායාවක් බඳුය. යම්සේ මායාව; ස්වල්ප වූ කෙටි වැටහීමක්-ආකාරයක් දක්වයිද විඤ්ඤාණයද එසේය. විඤ්ඤාණය ඊටද වඩා ස්වල්ප වූද සරලම එළඹ සිටීමක්ද වේ. එකම සිතින්ම පුරුෂයා පැමිණියාක් මෙන් ගියාක් මෙන් සිටියාක් මෙන් හුන්නාක් මෙන් වැටහේ. නමුත් සත්‍ය වශයෙන් පැමිණෙන කාලයේ සිත අනිකකි. ගිය කාලයේ සිත වෙනත් එකකි. සිටීමේදීත් හිඳීමේදීත් වෙන් වෙන් වූ සිත් පවතියි. මෙසේද විඤ්ඤාණය මායාව හා සමානය. මායාවද මහජනයා රවටයි. යම් කිසිවක් මෙය රන්ය, රිදීය, මුතුයැයි ජනයා රැවටී ගනියිද ගන්වයිද එසේම විඤ්ඤාණයද මහජනයා රවටයි. එකම සිතින් පැමිණීමත්, යෑමත්, සිටීමත් හා හිඳීමත් කළ බව අවබෝධ කරවයි. නමුත් සත්‍ය වශයෙන් පැමිණීමේදී සිත අනිකකි. යෑමේදී හා සෙසු ඉරියව්වලදී සිත අනිකක්මය. මෙසේ විඤ්ඤාණය ද මායාවක් හා සමානය.
භූරිපඤ්ඤෙනාති සණ්හපඤ්ඤෙන චෙව විපුලවිත්ථතපඤ්ඤෙන ච. ආයූති ජීවිතින්ද්රියං. උස්මාති කම්මජතෙජොධාතු. පරභත්තන්ති නානාවිධානං කිමිගණාදීනං භත්තං හුත්වා. එතාදිසායං සන්තානොති එතාදිසී අයං පවෙණී මතකස්ස යාව සුසානා ඝට්ටීයතීති. මායායං බාලලාපිනීති ය්වායං විඤ්ඤාණක්ඛන්ධො නාම, අයං බාලමහාජනලපාපනිකමායා නාම. වධකොති ද්වීහි කාරණෙහි අයං ඛන්ධසඞ්ඛාතො වධකො අඤ්ඤමඤ්ඤඝාතනෙනපි, ඛන්ධෙසු සති වධො පඤ්ඤායතීතිපි. එකා හි පථවීධාතු භිජ්ජමානා සෙසධාතුයො ගහෙත්වාව භිජ්ජති, තථා ආපොධාතුආදයො. රූපක්ඛන්ධො ච භිජ්ජමානො අරූපක්ඛන්ධෙ ගහෙත්වාව භිජ්ජති, තථා අරූපක්ඛන්ධෙසු වෙදනාදයො සඤ්ඤාදිකෙ. චත්තාරොපි චෙතෙ වත්ථුරූපන්ති එවං අඤ්ඤමඤ්ඤවධනෙනෙත්ථ වධකතා වෙදිතබ්බා.
“භූරිපඤ්ඤෙන” යන තියුණු ප්‍රඥා ඇති, එමෙන්ම මහත් පැතිරුණු ප්‍රඥාවෙන් වූවහු විසින්ය. යුක්ත “ආයූ” යනු ජීවිතින්ද්රියයි. (ජීවත්වීමේ ශක්තියයි.) “උස්මා” යනු කර්මජ තේජෝ ධාතුවයි. “පරභත්තං” යනු නානාවිධ වූ පණු වර්ගයන්ට ආහාර වී යනුයි. “එතාදිසායං සන්තානො” යනු මොහුගේ ප්‍රවේණිය (පැවැත්මේ ක්‍රියාවලිය) මෙබඳුය. මළ තැනැත්තා සොහොන දක්වා ගෙනයනු ලැබේ. “මායායං බාලලාපිනී” යනු මේ විඥාන ස්කන්ධය යහපත් දෙයකැයි බාලයන් ලවා කියවන මායාවක් නම් වේ. “වධකො” යනු කරුණු-හේතු දෙකකිනි. මේ ස්කන්ධ සංඛ්‍යාත වූ වධකයා ඔවුනොවුන් නසාලන බැවින්ද ස්කන්ධ ඇති කල්හි වධයක් මෙන් ප්‍රකටවන බැවින්ද එනම් වේ. එකම පඨවි ධාතුව බිඳෙන කල්හි සෙසු ධාතු ද රැගෙනම එය බිඳේ. ආපෝ ආදී ධාතු ද මෙසේමය. රූපස්කන්ධය බිඳෙනවිට අරූප ස්කන්ධය ද රැගෙන බිඳෙයි. එසේම අරූප ස්කන්ධාදියෙහි වේදනාදිය ද සංඥා ආදියේ මේ සතර ද “වස්තුව”, “රූපය” යැයි මෙසේ ඔවුනොවුන්ට පීඩාවීමෙන් මෙහි වධක බව දතයුතුයි.
ඛන්ධෙසු පන සති වධබන්ධනච්ඡෙදාදීනි සම්භවන්ති, එවං එතෙසු සති වධභාවතොපි වධකතා වෙදිතබ්බා. සබ්බසංයොගන්ති සබ්බං දසවිධම්පි සංයොජනං. අච්චුතං පදන්ති නිබ්බානං.
ස්කන්ධාදිය ඇති කල්හි වධබන්ධන-සිඳීම් ආදිය හටගනියි. මෙසේ මේ ස්කන්ධ පවත්නා කල්හි වධ ස්වභාවය ද වධකත්වය ද දතයුතුයි. “සබ්බ සංයොගං” යනු සියලු දසවැදෑරුම් වූ සංයෝජනයන්ය. “අචචුතංපදං” යන නිර්වාණයයි.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. ගොමය පිණ්ඩූපම සුත්තවණ්ණනා
4. ගොමය පිණ්ඩූපම සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සස්සතිසමන්ති සිනෙරුමහාපථවීචන්දිමසූරියාදීහි සස්සතීහි සමං. පරිත්තං ගොමයපිණ්ඩන්ති අප්පමත්තකං මධුකපුප්ඵප්පමාණං ගොමයඛණ්ඩං. කුතො පනානෙනෙතං ලද්ධන්ති. පරිභණ්ඩකරණත්ථාය ආභතතො ගහිතන්ති එකෙ. අත්ථස්ස පන විඤ්ඤාපනත්ථං ඉද්ධියා අභිසඞ්ඛරිත්වා හත්ථාරුළ්හං කතන්ති වෙදිතබ්බන්ති. අත්තභාවපටිලාභොති පටිලද්ධඅත්තභාවො. න යිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථාති අයං මග්ගබ්රහ්මචරියවාසො නාම න පඤ්ඤායෙය්ය.
සිවුවන සූත්‍රයේ - “සස්සතිසමං” යනු මහාමේරුව, මහපොළව, සඳ-හිරු ආදී සැමදා පවතින්නා වූ ශාස්වත වස්තු සමවූ යනුයි. “පරිත්තං ගොමය පිණ්ඩං” යනු අල්පමාත්‍ර වූ මීමලක් පමණ වූ ගොමපිඩක්ය. කොතැනින් මේ ගොමපිඩ ලැබුණේද? ගොම මැටි ගෑම පිණිස එළවූ ගොම ගොඩකින් ගන්නා ලදැයි ඇතැම්හු පවසති. මේ දේශනාවේ අර්ථ මනාව අවබෝධ කරවීමට ඍද්ධියෙන් මවා අතට පත්වූවක් කරන ලදැයි දතයුතුයි. “අත්තභාව පටිලාභො” යනු ලබන ලද ආත්මභාවයයි. “නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ” යනු මේ මාර්ග බ්‍රහ්මචරිය වාසය නම් නොපනවන්නේය යනුයි.
මග්ගො හි තෙභූමකසඞ්ඛාරෙ විවට්ටෙන්තො උප්පජ්ජති. යදි ච එත්තකො අත්තභාවො නිච්චො භවෙය්ය, මග්ගො උප්පජ්ජිත්වාපි සඞ්ඛාරවට්ටං විවට්ටෙතුං න සක්කුණෙය්යාති බ්රහ්මචරියවාසො න පඤ්ඤායෙථ.
මාර්ගය වනාහි ත්‍රෛභූමික සංස්කාරයන්ගේ සසර පැවැත්ම නැවැත්වීමෙන් ඇතිවේ. “ඉදින් මෙපමණ වූ හෝ ආත්මභාවය නිත්‍ය වන්නේ නම් මාර්ගය ඇතිවුවත් සංස්කාර වර්තය නැවැත්වීමට නොහැකි වන්නේයැ”යි බ්‍රහ්මචරිය වාසය නොපනවන්නේය.
ඉදානි සචෙ කොචි සඞ්ඛාරො නිච්චො භවෙය්ය, මයා මහාසුදස්සනරාජකාලෙ අනුභූතා සම්පත්ති නිච්චා භවෙය්ය, සාපි ච අනිච්චාති තං දස්සෙතුං භූතපුබ්බාහං භික්ඛු රාජා අහොසින්තිආදිමාහ. තත්ථ කුසාවතීරාජධානිප්පමුඛානීති කුසාවතීරාජධානී තෙසං නගරානං පමුඛා, සබ්බසෙට්ඨාති අත්ථො. සාරමයානීති රත්තචන්දනසාරමයානි. උපධානං පන සබ්බෙසං සුත්තමයමෙව. ගොණකත්ථතානීති චතුරඞ්ගුලාධිකලොමෙන කාළකොජවෙන අත්ථතානි, යං මහාපිට්ඨියකොජවොති වදන්ති. පටකත්ථතානීති උභතොලොමෙන උණ්ණාමයෙන සෙතකම්බලෙන අත්ථතානි. පටලිකත්ථතානීති ඝනපුප්ඵෙන උණ්ණාමයඅත්ථරණෙන අත්ථතානි. කදලිමිගපවරපච්චත්ථරණානීති කදලිමිගචම්මමයෙන උත්තමපච්චත්ථරණෙන අත්ථතානි. තං කිර පච්චත්ථරණං සෙතවත්ථස්ස උපරි කදලිමිගචම්මං අත්ථරිත්වා සිබ්බෙත්වා කරොන්ති. සඋත්තරච්ඡදානීති සහ උත්තරච්ඡදෙන, උපරි බද්ධෙන රත්තවිතානෙන සද්ධින්ති අත්ථො. උභතොලොහිතකූපධානීති සීසූපධානඤ්ච පාදූපධානඤ්චාති පල්ලඞ්කානං උභතොලොහිතකූපධානානි. වෙජයන්තරථප්පමුඛානීති එත්ථ වෙජයන්තො නාම තස්ස රඤ්ඤො රථො, යස්ස චක්කානං ඉන්දනීලමණිමයා නාභි, සත්තරතනමයා අරා, පවාළමයා නෙමි, රජතමයො අක්ඛො, ඉන්දනීලමණිමයං උපක්ඛරං, රජතමයං කුබ්බරං. සො තෙසං රථානං පමුඛො අග්ගො. දුකූලසන්දානානීති දුකූලසන්ථරානි. කංසූපධාරණානීති රජතමයදොහභාජනානි. වත්ථකොටිසහස්සානීති යථාරුචිතං පරිභුඤ්ජිස්සතීති න්හත්වා ඨිතකාලෙ උපනීතවත්ථානෙව සන්ධායෙතං වුත්තං. භත්තාභිහාරොති අභිහරිතබ්බභත්තං.
දැන් කිසි සංස්කාරයක් නිත්‍ය වන්නේ නම්, මවිසින් මහා සුදස්සන රජ දවස අනුභව කළ සම්පත් ද නිත්යවිය යුතුය. නමුත් එය අනිත්‍ය වූයේ යැයි එම පුවත දැක්වීමට “භූත පුබ්බාහං භික්ඛූ රාජා අහොසිං” යනාදිය වදාළහ. එහි “කුසාවතී රාජධානිප්පමුඛානී” යනු කුසාවතී රාජධානිය ඒ නගරයන්ගෙන් ප්රමුඛ විය. සියල්ලට ම ශ්‍රේෂ්ඨ විය යන අර්ථයි. “සාරමයානී” යනු රත්සඳුන් හරමය වූ යනුයි. හිස තබන කොට්ට සියල්ලම නූල්වලින්ම කරන ලදී. “ගොණකත්ථතානී” යනු සතරහලකට අධික වූ ගනකම ඇති කළු පලසින් අතුරන ලද මහා පිටක් වේද එය “කෝජව” යැයි කියත්. “පටිකත්ථතානි” යනු දෙපසින් ඉතා සියුම් ලෝමයෙන් කරන ලද සුදු කම්බිලි අතුරන ලද යනුයි. “කාදලිමිගපවරපච්චත්ථරණානී” යනු කෙසෙල්මුව සමින් කරන ලද උතුම් පලස්-ඇතිරිලි අතුරන ලද යනුයි. ඒ අතුරන ලද සුදු ඇතිරිලි මත කෙසෙල් මුවසම් අතුරා මසා කරන ලද පලස් “ස උත්තරච්ඡදානී” යනු ඇඳවියන් සහිතව මත්තෙහි බඳින ලද රතුවියන් සහිත යන අර්ථයි. “උභතො ලොහිතකූපධානානි” හිස්තබන හා පාතබන රතුපාට කොට්ට දෙපස තැබූ කවිච්චි ඇති යනුයි. “වෙජයන්ත රථප්පමුඛානි” යනු මෙහි වෛජයන්ත නම් ඒ රජුගේ රියයි. යමක රෝදවල ඉන්ද්රනීල මැණිකෙන් කල නාභිය වේද, සප්ත රත්නයෙන් කළ රෝද දැති වේද, පබලුමය නිම්වලල්ල වේද, රිදීමය අක්ෂය වේද, ඉන්ද්රනීල මාණික්‍යමය උප අක්ෂයන් ද, රිදීමය බොන් ලීය වේද, ඒ රථය ඒ සියලු රථ අතර ප්රමුඛ-අග්‍ර වේ. “දුකූල සන්දනානි” දුහුල් අතුරන ලද යනුයි. “කංසූපධාරණානි” යනු රිදීමය දොවන බඳුන්ය. “වත්ථ කොටි සහස්සානි” යනු කැමති පරිදි අනුභව කරන්නේ යැයි දිය නා සිටි කාලයේ එළවන ලද වස්ත්‍ර සඳහා ම මෙය කියන ලදී. “භත්තාභිහාරො” ඉදිරියට එළවිය යුතු බවත්ය.
යමහං තෙන සමයෙන අජ්ඣාවසාමීති යත්ථ වසාමි, තං එකඤ්ඤෙව නගරං හොති, අවසෙසෙසු පුත්තධීතාදයො චෙව දාසමනුස්සා ච වසිංසු. පාසාදකූටාගාරාදීසුපි එසෙව නයො. පල්ලඞ්කාදීසු එකංයෙව සයං පරිභුඤ්ජති, සෙසා පුත්තාදීනං පරිභොගා හොන්ති. ඉත්ථීසු එකාව පච්චුපට්ඨාති, සෙසා පරිවාරමත්තා හොන්ති. වෙලාමිකාති ඛත්තියස්ස වා බ්රාහ්මණියා, බ්රාහ්මණස්ස වා ඛත්තියානියා කුච්ඡිස්මිං ජාතා. පරිදහාමීති එකංයෙව දුස්සයුගං නිවාසෙමි, සෙසානි පරිවාරෙත්වා විචරන්තානං අසීතිසහස්සාධිකානං සොළසන්නං පුරිසසතසහස්සානං හොන්තීති දස්සෙති. භුඤ්ජාමීති පරමප්පමාණෙන නාළිකොදනමත්තං භුඤ්ජාමි, සෙසං පරිවාරෙත්වා විචරන්තානං චත්තාලීසසහස්සාධිකානං අට්ඨන්නං පුරිසසතසහස්සානං හොතීති දස්සෙති. එකථාලිපාකො හි දසන්නං ජනානං පහොති.
“යමහං තෙන සමයෙන අජ්ඣාවසාමි” යන යම්තැනක වසන්නෙම්ද එය එකම නගරය වේ යනුයි. ඉතිරි නගරයන්හි දූපුතුන් මෙන් දැඩි කම්කරුවෝ ද වාසය කළහ. ප්‍රාසාද-කුළු ගෙවල් ආදියෙහිද මෙසේමය. කවිච්චි ආදියේ ද එකක් ම රජු පරිහරණය කරයි. ඉතිරිය පුත්රාදීන්ගේ පරිහරණයට පවතියි. ස්ත්‍රීන් අතුරින් ද එක් තැනැත්තියක් ම ළඟට පැමිණෙන්නීය. සෙසු ස්ත්‍රීහු පිරිවරාගෙන සිටිනු පමණි. “වෙලාමිකා” යනු බමුණකුට දාව ක්ෂත්රිය කාන්තාවකගේ හෝ ක්ෂත්රියයෙකුට දාව බැමිණියකගේ කුසින් උපන් යනුයි. “පරිදහාමි” යනු එකම වස්ත්‍ර යුගලයක් පොරවමි. සෙසු වස්ත්‍ර පිරිවරාගෙන හැසිරෙන පුරුෂයන් සොළොස් ලක්ෂ අසූදාහකට වන්නේයැයි දක්වයි. “භුඤ්ජාමී” යනු උතුම් ප්‍රමාණයෙන් බත් නැලියක් පමණ අනුභව කරමි යනුයි. සෙසු බත් පිරිවරාගෙන හැසිරෙන අටලක්ෂ හතලිස් දාහක් පුරුෂයන්ට වේයැයි දක්වයි. එක් පිසූ නැලියක බත් පුරුෂයන් දස දෙනෙකුට ප්‍රමාණවත් වේ.
ඉති ඉමං මහාසුදස්සනකාලෙ සම්පත්තිං දස්සෙත්වා ඉදානි තස්සා අනිච්චතං දස්සෙන්තො ඉති ඛො භික්ඛූතිආදිමාහ. තත්ථ විපරිණතාති පකතිජහනෙන නිබ්බුතපදීපො විය අපණ්ණත්තිකභාවං ගතා. එවං අනිච්චා ඛො භික්ඛු සඞ්ඛාරාති එවං හුත්වාඅභාවට්ඨෙන අනිච්චා.
මෙසේ මේ මහාසුදස්සන රජදවස තිබූ සම්පත්ති දක්වා දැන් එහි අනිත්‍යභාවය දක්වන සේක් - “ඉති ඛො භික්ඛූ” යනාදිය වදාළහ. එහි “විපරිණතා” යනු ප්‍රකෘති දහනයෙන් නිවුණු පහනක් මෙන් නොපැණවූ බවට ගිය යනුයි. “එවං අනිච්චා ඛො භික්ඛූ සංඛාරා” යනු මෙසේ වී නොවීම් අර්ථයෙන් අනිත්‍යය යනුයි.
එත්තාවතා භගවා යථා නාම පුරිසො සතහත්ථුබ්බෙධෙ චම්පකරුක්ඛෙ නිස්සෙණිං බන්ධිත්වා අභිරුහිත්වා චම්පකපුප්ඵං ආදාය නිස්සෙණිං මුඤ්චන්තො ඔතරෙය්ය, එවමෙවං නිස්සෙණිං බන්ධන්තො විය අනෙකවස්සකොටිසතසහස්සුබ්බෙධං මහාසුදස්සනසම්පත්තිං ආරුය්හ සම්පත්තිමත්ථකෙ ඨිතං අනිච්චලක්ඛණං ආදාය නිස්සෙණිං මුඤ්චන්තො විය ඔතිණ්ණො. එවං අද්ධුවාති එවං උදකපුබ්බුළාදයො විය ධුවභාවරහිතා. එවං අනස්සාසිකාති එවං සුපිනකෙ පීතපානීයං විය අනුලිත්තචන්දනං විය ච අස්සාසවිරහිතා. ඉති ඉමස්මිං සුත්තෙ අනිච්චලක්ඛණං කථිතං.
මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ, යම්සේ පුරුෂයෙක් රියන් හතක් උස සපු ගසට හිණිමඟක් බැඳ, නැග සපුමල් ගෙන හිණිමග අත්හරිමින් බසින්නේ ද එලෙසින්ම හිණිමඟක් බඳින්නාක් මෙන් නොයෙක් වර්ෂ කෙළ ලක්ෂ ගණනකට ඉහතින් වූ මහාසුදස්සන රජුගේ සම්පත්තියට නැග, එම බස්නා සේක්. “එවං අනස්සාසිකා” යනු මෙසේ සිහිනෙන් බිවූ පානයක් මෙන් ද සිහිනෙන් ගෑ සඳුනක් මෙන් ද ආශ්වාද රහිතව යනුයි. මෙසේ මෙම සූත්‍රයේ අනිත්‍ය ලක්ෂණය කියන ලදී.
සිවුවන සූත්‍රයයි.
5. නඛසිඛොපම සුත්තවණ්ණනා
5. නඛසිඛොපම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ සබ්බං වුත්තනයමෙව.
පස්වන සූත්‍රයේ එන පදයන්ගේ අර්ථ මුලදී පැවසූ පරිදිමය.
පස්වන සූත්‍රයයි.
6. සුද්ධික සුත්තවණ්ණනා
6. සුද්ධික සූත්‍ර වර්ණනාව
ඡට්ඨං තථා බුජ්ඣනකස්ස අජ්ඣාසයෙන වුත්තං.
සවැනි සූත්‍රය ද එසේමය. අවබෝධ කරන්නාගේ අදහස අනුව දෙසන ලදී.
සවැනි සූත්‍රයයි.
7. ගද්දුලබද්ධ සුත්තවණ්ණනා
7. ගද්දුලබද්ධ සූත්‍ර වර්ණනාව
සත්තමෙ යං මහාසමුද්දොති යස්මිං සමයෙ පඤ්චමෙ සූරියෙ උට්ඨිතෙ මහාසමුද්දො උස්සුස්සති. දුක්ඛස්ස අන්තකිරියන්ති චත්තාරි සච්චානි අප්පටිවිජ්ඣිත්වා අවිජ්ජාය නිවුතානංයෙව සතං වට්ටදුක්ඛස්ස අන්තකිරියං පරිච්ඡෙදං න වදාමි. සා ගද්දුලබද්ධොති ගද්දුලෙන බද්ධසුනඛො. ඛීලෙති පථවියං ආකොටිතෙ මහාඛීලෙ. ථම්භෙති නිඛණිත්වා ඨපිතෙ ථම්භෙ. එවමෙව ඛොති එත්ථ සුනඛො විය වට්ටනිස්සිතො බාලො, ගද්දුලො විය දිට්ඨි, ථම්භො විය සක්කායො, ගද්දුලරජ්ජුයා ථම්භෙ උපනිබද්ධසුනඛස්ස ථම්භානුපරිවත්තනං විය දිට්ඨිතණ්හාය සක්කායෙ බද්ධස්ස පුථුජ්ජනස්ස සක්කායානුපරිවත්තනං වෙදිතබ්බං.
සත්වන සූත්‍රයේ - “යං මහා සමුද්දො” යනු යම් සමයක සූර්යයන් පස්දෙනෙකු පහළවූ කල්හි (නැගීසිටිවිට) මහමුහුද වියලේ යනුයි. “දුක්ඛස්ස අන්තකිරියං” යනු චතුරාර්ය සත්‍යය අවබෝධ නොකර, අවිද්‍යාවෙන් වසාගන්නා ලද්දේම සසර පවතින දුකෙහි අවසන් කිරීම, ක්ෂය කිරීම නොදෙසමි. “සාගද්දූලබද්ධො” යනු දම්වලින් බැඳි සුනඛයා යනුයි. “ඛීලෙ” යනු පොළවෙහි තලා මට්ටම් කළ මහා හුලකය. “ථම්භෙ” යනු හාරා තබන ලද, සිටවූ ටැඹෙහිය. “එවමෙව ඛො” යන මෙහි සුනඛයා මෙන් සසර පවතින සංසාරික වූ බාල පුහුදුන් පුද්ගලයාත් දම්වැල මෙන් දෘෂ්ටියත් (වැරදි පිළිගැනීම්) ටැඹ කණුව මෙන් සත්කාය දෘෂ්ටියත් (සිය කය සාර වශයෙන් ගැනීමත් දතයුතුයි. දම්වැලින් ටැඹෙහි බඳින ලද සුනඛයාගේ ටැඹ වටා දිවීම පමණක් වීම මෙන් දෘෂ්ටි තණ්හාවෙන් කය සාර වශයෙන් ගෙන බැඳුණු පුහුදුන් පුද්ගලයාගේ සිය ශරීරය වටා දිවීම දතයුතුයි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. දුතිය ගද්දුලබද්ධ සුත්තවණ්ණනා
8. දුතිය ගද්දුලබද්ධ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ තස්මාති යස්මා දිට්ඨිගද්දුලනිස්සිතාය තණ්හාරජ්ජුයා සක්කායථම්භෙ උපනිබද්ධො වට්ටනිස්සිතො බාලපුථුජ්ජනො සබ්බිරියාපථෙසු ඛන්ධපඤ්චකං නිස්සායෙව පවත්තති, යස්මා වා දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙන, තස්මා. චිත්තසංකිලෙසාති සුන්හාතාපි හි සත්තා චිත්තසංකිලෙසෙනෙව සංකිලිස්සන්ති, මලග්ගහිතසරීරාපි චිත්තස්ස වොදානත්තා විසුජ්ඣන්ති. තෙනාහු පොරාණා –
අටවන සූත්‍රයේ “තස්මා” යනු යම්හෙයකින් දෘෂ්ටි නම් දම්වැල නිසා තණ්හාව නම් රැහැනින් තම ශරීරය සාර වශයෙන් ගැනීම නම් ටැඹෙහි බඳිනා ලදුයේ, සසර පවත්නා බාල පුහුදුන් පුද්ගලයා සෑම ඉරියව්වකම ස්කන්ධ පංචකය නිසාම පවතියි. යම් හෙයකින් බොහෝ කාලයක පටන් මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටු වූයේද එහෙයිනි. “චිත්ත සංකි ලෙසා” යනු මනාසේ නාගත් සත්ත්වයෝ සිත කිලිටි වීමෙන්ම කිලුටට පත්වෙති යනුයි. අශුචි සහිත ශරීරයක් ඇති පුද්ගලයාගේ සිත පිරිසිදු නම් ඔහු පිරිසිදු සත්ත්වයෙකි. එනිසා පැරැන්නෝ මෙසේ කීහ.
“රූපම්හි සංකිලිට්ඨම්හි, සංකිලිස්සන්ති මාණවා; රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති, අනක්ඛාතං මහෙසිනා.
“මහර්ෂීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ ශරීරය කිලුටුකල්හි මානවයෝ කිලුටුවෙන බවත් ශරීරය පිරිසිදු කළ කල්හි පිරිසිදු වන බවත් නොදෙසූහ.”
“චිත්තම්හි සංකිලිට්ඨම්හි, සංකිලිස්සන්ති මාණවා; චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති, ඉති වුත්තං මහෙසිනා”ති.
“මහර්ෂීන් වහන්සේ මානවයෝ සිත කිලුටු වනවිට, කිලුටට පත්වන බවත් සිත පිරිසිදු වනවිට සත්ත්වයෝද පිරිසිදු බවට පත්වන බවත් වදාළහ.”
චරණං නාම චිත්තන්ති විචරණචිත්තං. සඞ්ඛා නාම බ්රාහ්මණපාසණ්ඩිකා හොන්ති, තෙ පටකොට්ඨකං කත්වා තත්ථ නානප්පකාරා සුගතිදුග්ගතිවසෙන සම්පත්තිවිපත්තියො ලෙඛාපෙත්වා, “ඉමං කම්මං කත්වා ඉදං පටිලභති, ඉදං කත්වා ඉද”න්ති දස්සෙන්තා තං චිත්තං ගහෙත්වා විචරන්ති. චිත්තෙනෙව චිත්තිතන්ති චිත්තකාරෙන චින්තෙත්වා කතත්තා චිත්තෙන චින්තිතං නාම. චිත්තඤ්ඤෙව චිත්තතරන්ති තස්ස චිත්තස්ස උපායපරියෙසනචිත්තං තතොපි චිත්තතරං. තිරච්ඡානගතා පාණා චිත්තෙනෙව චිත්තිතාති කම්මචිත්තෙනෙව චිත්තිතා. තං පන කම්මචිත්තං ඉමෙ වට්ටකතිත්තිරාදයො “එවං චිත්තා භවිස්සාමා”ති ආයූහන්තා නාම නත්ථි. කම්මං පන යොනිං උපනෙති, යොනිමූලකො තෙසං චිත්තභාවො. යොනිඋපගතා හි සත්තා තංතංයොනිකෙහි සදිසචිත්තාව හොන්ති. ඉති යොනිසිද්ධො චිත්තභාවො, කම්මසිද්ධා යොනීති වෙදිතබ්බා.
“මරණ නාම චිත්තං” යනු බ්‍රාහ්මණ, පාසාණ්ඩාදීන්ගේ සිත විවරණ චිත්ත” (සසර හැසිරෙන සිත) නම් වේ. ඔවුහු වස්ත්‍ර කොටුවක් සාදාගෙන, එහි නානාප්‍රකාර වූ සුගති දුගති වශයෙන් සැපසම්පත් හා විපත් පිළිබඳව ලියවා - “මේ කර්මය කොට මෙහි උපදියි.” “මේ ක්‍රියාව කොට මෙහි උපදියි” ආදී වශයෙන් දක්වමින් ඒ සිත ගෙන හැසිරෙති. “චිත්තෙනෙව චිත්තිතං” යනු විසිතුරු ආකාරයෙන් සිතා කරන ලද බැවින් සිතින්ම විසිතුරු කරන ලද යනුයි. “චිත්තඤ්ඤෙව චිත්තතරං” යනු ඒ සිතේ උපාය පර්යේෂණ සිත ඊටද වඩා විසිතුරුය යනුයි. “තිරච්ඡානගතා පාණා චිත්තෙනෙව චිත්තිතා” යනු කර්ම චිත්තයෙන්ම විසිතුරු කරන ලද යනුයි. ඒ කර්ම චිත්තය වනාහී මේ වටු-තිත්වටු ආදීන්ගේ “මෙසේ සිත් වන්නෙමු”යි උත්සාහ කිරීමක් නම් නැත. කර්මය විසින් සත්ත්වයා නියමිත යෝනියට පමුණුවයි. ඔවුන් චිත්තභාවයන් ඉන්පසු එම යෝනිය මුල් කරගෙන පවතී. යෝනියට සපැමිණි ඒ සත්ත්වයෝ ඒ ඒ යෝනියටම ගැලපෙන සිත් ඇත්තෝ වෙති. මෙසේ යෝනියෙන් සිදුකරන චිත්ත ස්වභාවය දතයුතුයි. කර්මයෙන් යෝනිය තීරණය කරන ලදැයි දතයුතුයි.
අපිච චිත්තං නාමෙතං සහජාතං සහජාතධම්මචිත්තතාය භූමිචිත්තතාය වත්ථුචිත්තතාය ද්වාරචිත්තතාය ආරම්මණචිත්තතාය කම්මනානත්තමූලකානං ලිඞ්ගනානත්තසඤ්ඤානානත්තවොහාරනානත්තාදීනං අනෙකවිධානං චිත්තානං නිප්ඵාදනතායපි තිරච්ඡානගතචිත්තතො චිත්තතරමෙව වෙදිතබ්බං.
තවද මේ සිත නම් සහජාත වූවකි. එක්ම උපන් ධර්ම චිත්තතාවයෙනුත්, භූමි චිත්තතාවයෙනුත්, වස්තු චිත්තතාවයෙනුත්, ද්වාර චිත්තතාවයෙනුත්, ආරම්මණ චිත්තතාවයෙනුත් කර්මය නානාවිධ වේ. කර්මයේ නානාවිධ භාවයෙන් කර්මය නානාකාර බව මුල් වූ ලිංග නානාවිධ බව, සංඥා නානාවිධ බව, ව්‍යවහාර නානාවිධ බව ආදී වශයෙන් අනේකවිධ වූ චිත්තයෝ නිෂ්පාදනය කිරීම් වශයෙන් තිරිසන් ගතවුවන්ගේ ද සිතින් සිත විසිතුරුම වේ යැයි දතයුතුයි.
රජකොති වත්ථෙසු රඞ්ගෙන රූපසමුට්ඨාපනකො. සො පන අඡෙකො අමනාපං රූපං කරොති, ඡෙකො මනාපං දස්සනීයං, එවමෙව පුථුජ්ජනො අකුසලචිත්තෙන වා ඤාණවිප්පයුත්තකුසලෙන වා චක්ඛුසම්පදාදිවිරහිතං විරූපං සමුට්ඨාපෙති, ඤාණසම්පයුත්තකුසලෙන චක්ඛුසම්පදාදිසම්පන්නං අභිරූපං.
“රජකො” යනු වස්ත්‍රයන්හි සායම් පොවා රූප අඳින්නෙක්ය. ඔහු අදක්ෂයෙක් නම් අප්‍රිය රූප අඳියි. දක්ෂයෙක් නම් ප්‍රිය වූ දර්ශනීය වූ රූප අඳියි. මේ අයුරින්ම පුහුදුන් පුද්ගලයා අකුසල් සිතින් හෝ ඥානය රහිත වූ කුසල් සිතින් හෝ චක්ෂු ආදී ඉන්ද්රිය සම්පත්වලින් හීන වූ විපරීත වූ විකෘති රූපයක් උපදවයි. ඥාන සම්ප්‍රයුක්ත (මනාව යෙදුණු) කුසල් සිතින් චක්ෂු ආදී ඉන්ද්රිය සම්පත් සහිත වූ ඉතා ලස්සන රූපයක් උපදවයි.
අට්ඨමං.
අටවන සූත්‍රයයි.
9. වාසිජටොපම සුත්තවණ්ණනා
9. වාසිජටොපම සූත්‍ර වර්ණනාව
නවමෙ සෙය්යථාපි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානීති ඉමා කණ්හපක්ඛසුක්කපක්ඛවසෙන ද්වෙ උපමා වුත්තා. තාසු කණ්හපක්ඛඋපමා අත්ථස්ස අසාධිකා, ඉතරා සාධිකාති. සුක්කපක්ඛඋපමාය එවං අත්ථො වෙදිතබ්බො – සෙය්යථාති ඔපම්මත්ථෙ නිපාතො, අපීති සම්භාවනත්ථෙ. උභයෙනාපි සෙය්යථා නාම, භික්ඛවෙති දස්සෙති. කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා දස වා ද්වාදස වාති එත්ථ පන කිඤ්චාපි කුක්කුටියා වුත්තප්පකාරතො ඌනාධිකානිපි අණ්ඩානි හොන්ති, වචනසිලිට්ඨතාය පන එවං වුත්තං. එවඤ්හි ලොකෙ සිලිට්ඨවචනං හොති. තානස්සූති තානි අස්සු, තානි භවෙය්යුන්ති අත්ථො. කුක්කුටියා සම්මා අධිසයිතානීති තාය ච ජනෙත්තියා කුක්කුටියා පක්ඛෙ පසාරෙත්වා තෙසං උපරි සයන්තියා සම්මා අධිසයිතානි. සම්මා පරිසෙදිතානීති කාලෙන කාලං උතුං ගණ්හාපෙන්තියා සුට්ඨු සමන්තතො සෙදිතානි උස්මීකතානි. සම්මා පරිභාවිතානීති කාලෙන කාලං සුට්ඨු සමන්තතො භාවිතානි, කුක්කුටගන්ධං ගාහාපිතානීති අත්ථො. කිඤ්චාපි තස්සා කුක්කුටියාති තස්සා කුක්කුටියා ඉමිනා තිවිධකිරියාකරණෙන අප්පමාදං කත්වා කිඤ්චාපි න එවං ඉච්ඡා උපජ්ජෙය්ය. අථ ඛො භබ්බාව තෙති අථ ඛො තෙ කුක්කුටපොතකා වුත්තනයෙන සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං භබ්බාව. තෙ හි යස්මා තාය කුක්කුටියා එවං තීහාකාරෙහි තානි අණ්ඩානි පරිපාලියමානානි න පූතීනි හොන්ති, යො නෙසං අල්ලසිනෙහො, සොපි පරියාදානං ගච්ඡති, කපාලං තනුකං හොති, පාදනඛසිඛා ච මුඛතුණ්ඩකඤ්ච ඛරං හොති, සයම්පි පරිණාමං ගච්ඡන්ති, කපාලස්ස තනුත්තා බහි ආලොකො අන්තො පඤ්ඤායති, තස්මා “චිරං වත මයං සඞ්කුටිතහත්ථපාදා සම්බාධෙ සයිම්හා, අයඤ්ච බහි ආලොකො දිස්සති, එත්ථ දානි නො සුඛවිහාරො භවිස්සතී”ති නික්ඛමිතුකාමා හුත්වා කපාලං පාදෙන පහරන්ති, ගීවං පසාරෙන්ති, තතො තං කපාලං ද්වෙධා භිජ්ජති. අථ තෙ පක්ඛෙ විධුනන්තා තංඛණානුරූපං විරවන්තා නික්ඛමන්තියෙව, නික්ඛමිත්වා ච ගාමක්ඛෙත්තං උපසොභයමානා විචරන්ති.
නවවන සූත්‍රයේ - “සෙය්යථාපි භික්ඛවෙ කුක්කුටියා අණ්ඩානී” මෙහිදී කලු පක්ෂය හා සුදු පක්ෂය වශයෙන් උපමා දෙකක් පවසන ලදී. ඒවා අතුරින් කළු පක්ෂයේ උපමාව අර්ථයෙන් හීනය. අනික අර්ථයෙන් පිරිපුන්ය. සුදු පක්ෂයේ (යහපත් පැත්තේ) උපමාවේ අර්ථ මෙසේ දතයුතුයි. “සෙය්යථා” යනු උපමා අර්ථයේ නිපාතයකි. “අපි” යන්න මෙහි ගෞරවාර්ථයේ යෙදුණි. පද දෙකම එක්වී “සෙය්යථාපි නාම භික්ඛවෙ!” (මහණෙනි! යම්සේ) යනුවෙන් දක්වයි. “කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා දවාදවා” යනු මෙහි කිකිළියට, කියන ලද ආකාරයෙන් ම නොව, ඊට වඩා අඩුවැඩි වශයෙන් බිත්තර දමයි. වාග් මධුරත්වය සඳහා මෙසේ කියන ලදී. (වචනයන්ගේ මටසිලුටු බව) මෙසේ ලොව මටසිලුටු වදන් සෑම බසකම ඇත. “නානස්ස” යනු “තානි අස්සු” ඒවායෙහි යන අර්ථයි. “කුක්කුටියා සම්මා අධිසයිතානි” යනු ඒ බිජු ඉපිද වූ කිකිළිය පියාපත් දිගහැර ඒ බිජු මත්තෙහි නිදන්නී මැනවින් රක්නා ලද්දීය යනුයි. “සම්මා පරිසෙදිතානි” යනු කලින් කලට ඍතු ගන්වමින් මනාව හාත්පස මැනවින් තෙත්කළ, මැනවින් උණුසුම් කළ යනුයි. “සම්මා පරිභාවිතානී” කලින් කලට මනාව හාත්පස වඩන ලද යනුයි. කුකුළු ගඳ මනාව ගන්වන ලද යන අර්ථයයි. “කිඤ්චාපි තස්සා කුක්කුටියා” යනු ඒ කිකිළිය මේ කටයුතු තුන සිදු කිරීමෙන් අප්‍රමාදීව ක්‍රියා කිරීමෙන් මෙසේ ආශාවක් පහළ නොවූවත් යනුයි. “අථඛො භබ්බාව තෙ” යනු ඉක්බිති ඒ කුකුළු පැටවු කී ලෙසින් ම සුවසේ නික්මීමට හැකියාව ලබත්මය යනුයි. මේ කිකිළියන් දෙදෙනාගෙන් මෙසේ තමා දැමූ බිජු තුන් අයුරින්ම මනාව පරිපාලනය කරන කිකිළියගේ බිත්තර කුණු නොවේ. ඒවා මැනවින් තෙත් වූයේ මුහුකුරා යයි. කටුව සිහින් වේ. පයේ නියපොතු ද මුවතුඩ ද රළු වේ. තමාම මුහුකුරා යෑමට පත් වේ. කටුව සිහින් වූ බැවින් ඒ අතරින් පිටත ලෝකයේ ඇති ආලෝකය පෙනේ. එනිසා බොහෝකලක් අත්පා හකුළුවාගෙන, සම්බාධ සහිතව නිදන අපට මේ පිටත ආලෝකය පෙනේ. එය දැන් අපට සැපවිහරණයක් වන්නේ යැයි නික්මෙනු කැමතිව කටුවට පයින් ගසති. ගෙල දිගු කරති. එවිට ඒ කටුව දෙකට බිඳේ. එවිට පියාපත් සොළවමින් ඒ ක්ෂණයට අනුරූපව තදකරමින් නික්මෙන්නේමය. නික්මී ගම-කෙත බබුළුවමින් හැසිරෙති.
එවමෙව ඛොති ඉදං ඔපම්මසම්පටිපාදනං. තං එවං අත්ථෙන සංසන්දිත්වා වෙදිතබ්බං – තස්සා කුක්කුටියා අණ්ඩෙසු තිවිධකිරියාකරණං විය හි ඉමස්ස භික්ඛුනො භාවානුයොගං අනුයුත්තකාලො, කුක්කුටියා තිවිධකිරියාසම්පාදනෙන අණ්ඩානං අපූතිභාවො විය භාවනානුයොගමනුයුත්තස්ස භික්ඛුනො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස අපරිහානි, තස්සා තිවිධකිරියාකරණෙන අල්ලසිනෙහපරියාදානං විය තස්ස භික්ඛුනො තිවිධානුපස්සනාසම්පාදනෙන භවත්තයානුගතනිකන්තිසිනෙහපරියාදානං, අණ්ඩකපාලානං තනුභාවො විය තස්ස භික්ඛුනො අවිජ්ජණ්ඩකොසස්ස තනුභාවො, කුක්කුටපොතකානං පාදනඛසිඛමුඛතුණ්ඩකානං ථද්ධඛරභාවො විය භික්ඛුනො විපස්සනාඤාණස්ස තික්ඛඛරවිප්පසන්න සූරභාවො, කුක්කුටපොතකානං පරිණාමකාලො විය භික්ඛුනො විපස්සනාඤාණස්ස පරිණාමකාලො වඩ්ඪිතකාලො ගබ්භග්ගහණකාලො, කුක්කුටපොතකානං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා පක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අභිනිබ්භිදාකාලො විය තස්ස භික්ඛුනො විපස්සනාඤාණගබ්භං ගණ්හාපෙත්වා විචරන්තස්ස තජ්ජාතිකං උතුසප්පායං වා භොජනසප්පායං වා පුග්ගලසප්පායං වා ධම්මස්සවනසප්පායං වා ලභිත්වා එකාසනෙ නිසින්නස්සෙව විපස්සනං වඩ්ඪෙන්තස්ස අනුපුබ්බාධිගතෙන අරහත්තමග්ගෙන අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා අභිඤ්ඤාපක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අරහත්තපත්තකාලො වෙදිතබ්බො. යථා පන කුක්කුටපොතකානං පරිණතභාවං ඤත්වා මාතාපි අණ්ඩකොසං භින්දති, එවං තථාරූපස්ස භික්ඛුනො ඤාණපරිපාකං ඤත්වා සත්ථාපි –
“එවමෙව ඛො” යනු මේ උපමා සැසඳීමයි. එය මෙසේ අර්ථයෙන් සසඳා අර්ථ දතයුතුයි. ඒ කිකිළිය බිත්තර කෙරෙහි තුන් කටයුතු සිදුකිරීම මෙන් මේ සසුනේ භික්ෂුව භාවනාවෙහි යෙදුණු කාලය දතයුතුයි. කිකිළිය බිජුවලට කළයුතු ක්‍රියා තුන නොකිරීමෙන් ඒවා කුණුවන්නාක් මෙන් භාවනා කිරීමෙහි යෙදුණු භික්ෂුවගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් විදර්ශනා ඥානය නොපිරිහේ. කිකිළිය ත්රිවිධක්රියා කිරීමෙන් තෙත් වූ සාරය සම්පූර්ණයෙන් ගෙන වැඩෙන බිත්තර මෙන් ඒ භික්ෂුව ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනය කිරීමෙන් භවත්‍රයට අනුගත වූ තෘෂ්ණා සාරය සම්පූර්ණයෙන් නැතිකිරීම දතයුතුයි. බිත්තර පාලනය කරන කටුවේ තුනී වීම මෙන් ඒ භික්ෂුවගේ අවිද්‍යා අණ්ඩකෝෂයේ තුනීවීම දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පා නිය මුවතුඩ ආදියේ තදවීම-රළුවීම මෙන් භික්ෂුවගේ විදර්ශනා ඥානයේ තියුණු ප්‍රකට ශූරභාවයෙන් දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පරිණාමයට (මුහුකුරා යන) කාලය මෙන් භික්ෂුවගේ විදර්ශනා ඥානයේ පරිණාමී කාලය, වැඩෙන කාලය හා ගර්භග්රහණ කාලය දතයුතුයි. කුකුළු පැටවුන්ගේ පා-නියවලින් හෝ මුවතුඩින් හෝ බිත්තර කටුව බිඳ, පියාපත් ගසා දමා සුවසේ බිජුවට මෙන් නික්මෙන අවස්ථාව මෙන් භික්ෂුවගේ විදර්ශනා ඥානය ගැබ්ගැන්වා හැසිරෙන්නහුට ඊට සුදුසු වූ සුදුසු වූ සෘතු හෝ සුදුසු වූ භෝජන හෝ සුදුසු වූ පුද්ගලයන් හෝ සුදුසු වූ ධර්ම ශ්‍රවණයන් හෝ ලැබ, එක් අසුනකම හුන්නේ- විදසුන් වඩා අනුපිළිවෙලින් අවබෝධ කරගත් අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව නම් බිත්තර කටුව දෙකඩ කර, අභිඥාවන් නමැති පියාපත් විහිදුවා සුවසේ රහත්බවට පත්වූ අවස්ථාව දතයුතුයි. යම්සේ කුකුළු පැටවුන්ගේ මුහුකුරා යන ස්වභාවය දැන මව ද බිත්තර කටුව බිඳින්නීය. එලෙසින්ම එබඳු භික්ෂුවගේ ඥානයේ මුහුකුරා ගිය බව දත් බුදුපියාණන් වහන්සේ ද,
“උච්ඡින්ද සිනෙහමත්තනො, කුමුදං සාරදිකංව පාණිනා; සන්තිමග්ගමෙව බ්රූහය, නිබ්බානං සුගතෙන දෙසිත”න්ති. (ධ· ප· 285) –
“ප්‍රාණීන්ට තමාගේ සෙනෙහස, බැඳීම සිඳ දැමීමට සරත් කාලයේ කුමුදු මලක් මෙන් සුගතයන් වහන්සේ විසින් දෙසු ශාන්ති මාර්ගයට යොමු කරවන නිවනම වදාරණු මැනවි.”
ආදිනා නයෙන ඔභාසං ඵරිත්වා ගාථාය අවිජ්ජණ්ඩකොසං පහරති. සො ගාථාපරියොසානෙ අවිජ්ජණ්ඩකොසං භින්දිත්වා අරහත්තං පාපුණාති. තතො පට්ඨාය යථා තෙ කුක්කුටපොතකා ගාමක්ඛෙත්තං උපසොභයමානා තත්ථ විචරන්ති, එවං අයම්පි මහාඛීණාසවො නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා සඞ්ඝාරාමං උපසොභයමානො විචරති.
ආදී වශයෙන් ආලෝකය පතුරුවමින් දෙසනු ලබන ගාථාවකින් අවිද්‍යාව නම් බිත්තර කටුවට පහර දෙන සේක. උන්වහන්සේ ගාථාව අවසානයේ අවිද්‍යාව නම් බිත්තර කටුව බිඳ, රහත් බවට පත්වන සේක. එතැන් පටන් ඒ කුකුළු පැටවුන් ගම්-කෙත් ශෝභමාන කරමින් සැරිසරන්නාක් මෙන් මේ ක්ෂීණාශ්රවයන් වහන්සේලා ද නිවන අරමුණු කරගත් ඵලසමවතට පැමිණිසේක් සංසාරාමාදිය ශෝභමාන කරමින් හැසිරෙති.
පලගණ්ඩස්සාති වඩ්ඪකිස්ස. සො හි ඔලම්බකසඞ්ඛාතං පලං ධාරෙත්වා දාරූනං ගණ්ඩං හරතීති පලගණ්ඩොති වුච්චති. වාසිජටෙති වාසිදණ්ඩකස්ස ගහණට්ඨානෙ. එත්තකං වත මෙ අජ්ජ ආසවානං ඛීණන්ති පබ්බජිතස්ස හි පබ්බජ්ජාසඞ්ඛෙපෙන උද්දෙසෙන පරිපුච්ඡාය යොනිසො මනසිකාරෙන වත්තපටිපත්තියා ච නිච්චකාලං ආසවා ඛීයන්ති. එවං ඛීයමානානං පන තෙසං “එත්තකං අජ්ජ ඛීණං, එත්තකං හිය්යො”ති එවමස්ස ඤාණං න හොතීති අත්ථො. ඉමාය උපමාය විපස්සනායානිසංසො දීපිතො. හෙමන්තිකෙනාති හෙමන්තසමයෙන. පටිප්පස්සම්භන්තීති ථිරභාවෙන පරිහායන්ති.
“පලගණ්ඩස්ස” යනු වඩුවෙකුගේය. ඔහු වනාහී එල්බෙන සංඛ්‍යාත වූ නැතිනම් ලඹ කැටය නම් වූ උපකරණය මත තීරණය කර දැව හෝ ගඩොල් තබනුයේ ‘පලගණ්ඩ’ (මේසන් වැඩ කරන්නා) නම් වේ. “වාසිජටෙ” වෑ දඬුව (වෑය) අල්ලා ගන්නා තැනය. (මිට) “එත්තකං වත මෙ අජ්ජ ආසවානං ඛීණං” යනු පැවිදි වූවහුට වනාහී පැවිදි වී සසර කෙටිකර ගැනීමෙන් දෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් වත් පිළිවෙත් පිරීමෙන් ද නිතරම ආශ්‍රව ක්ෂය වේ. මෙසේ ක්ෂය වනවිට එම ආශ්‍රවයන්ගේ මෙපමණ ප්‍රමාණයක් අද ක්ෂය විය, ඊයේ මෙපමණ ක්ෂය විය” යනුවෙන් උන්වහන්සේලාට ඇතිවන ඥානය නොමැත යන අර්ථයයි. මේ උපමාවෙන් විදර්ශනාවේ ආනිසංස දක්වන ලදී. “හෙමන්තිකෙන” යනු ශීත කාලයේ යනුයි. “පටිප්පස්සම්භන්ති” යනු ස්ථිර භාවයෙන් පිරිහී යති.
එවමෙව ඛොති එත්ථ මහාසමුද්දො විය සාසනං දට්ඨබ්බං, නාවා විය යොගාවචරො, නාවාය මහාසමුද්දෙ පරියාදානං විය ඉමස්ස භික්ඛුනො ඌනපඤ්චවස්සකාලෙ ආචරියුපජ්ඣායානං සන්තිකෙ විචරණං, නාවාය මහාසමුද්දොදකෙන ඛජ්ජමානානං බන්ධනානං තනුභාවො විය භික්ඛුනො පබ්බජ්ජාසඞ්ඛෙපෙන උද්දෙසපරිපුච්ඡාදීහි චෙව සංයොජනානං තනුභාවො, නාවාය ථලෙ උක්ඛිත්තකාලො විය භික්ඛුනො නිස්සයමුච්චකස්ස කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ වසනකාලො, දිවා වාතාතපෙන සංසුස්සනං විය විපස්සනාඤාණෙන තණ්හාස්නෙහසංසුස්සනං, රත්තිං හිමොදකෙන තෙමනං විය කම්මට්ඨානං නිස්සාය උප්පන්නෙන පීතිපාමොජ්ජෙන චිත්තතෙමනං, රත්තින්දිවං වාතාතපෙන චෙව හිමොදකෙන ච පරිසුක්ඛපරිතින්තානං බන්ධනානං දුබ්බලභාවො විය එකදිවසං උතුසප්පායාදීනි ලද්ධා විපස්සනාඤාණපීතිපාමොජ්ජෙහි සංයොජනානං භිය්යොසොමත්තාය දුබ්බලභාවො, පාවුස්සකමෙඝො විය අරහත්තමග්ගඤාණං, මෙඝවුට්ඨිඋදකෙන නාවාය බන්ධෙ පූතිභාවො විය ආරද්ධවිපස්සකස්ස රූපසත්තකාදිවසෙන විපස්සනං වඩ්ඪෙන්තස්ස ඔක්ඛායමානෙ පක්ඛායමානෙ කම්මට්ඨානෙ එකදිවසං උතුසප්පායාදීනි ලද්ධා එකපල්ලඞ්කෙන නිසින්නස්ස අරහත්තඵලාධිගමො, පූතිබන්ධනාවාය කඤ්චි කාලං ඨානං විය ඛීණසංයොජනස්ස අරහතො මහාජනං අනුග්ගණ්හන්තස්ස යාවතායුකං ඨානං, පූතිබන්ධනාවාය අනුපුබ්බෙන භිජ්ජිත්වා අපණ්ණත්තිකභාවූපගමො විය ඛීණාසවස්ස උපාදිණ්ණක්ඛන්ධභෙදෙන අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතස්ස අපණ්ණත්තිකභාවූපගමොති ඉමාය උපමාය සංයොජනානං දුබ්බලතා දීපිතා.
“එවමෙව ඛො” යනු උපමා සැසඳීමයි. මෙහි මහමුහුද මෙන් බුදුසසුන දැකිය යුතුයි. යෝගාවචර භික්ෂු නැව මෙනි. නැව මහමුහුදේ සම්පූර්ණයෙන්ම පවත්නාක් බඳු මෙන් මේ භික්ෂුව වස් පහකට අඩු කාලයේ ආචාර්ය-උපාධ්‍යාය යටතේ පුහුණුවීම දතයුතුයි. නැව මහා සමුද්‍රයේ තිබීමෙන් බන්ධනයන් තුනීවන්නාක් මෙන් භික්ෂුවගේ පැවිදි වීමෙන් උදෙසීම්-විමසීම් ආදියෙන් ම සංයෝජනයෝ තුනී වෙති. නැව ගොඩබිමට ගෙනා (නැගූ) කාලය මෙන් භික්ෂුවගේ නිසගැනීමෙන් මිදී කමටහන් ගෙන කැලයේ භාවනා කරන කාලය දතයුතුයි. දාවල අවු සුළඟින් පීඩාවීම්, ස්පර්ශ වීම් මෙන් විදර්ශනා ඥානයෙන් තණ්හා බැඳීම්වලට පීඩා වේ. ස්පර්ශ වේ. රාත්‍රියේ හිම දියෙන් තෙමීම මෙන් කමටහන් නිසා උපදින ප්‍රීති ප්‍රමෝදයෙන් සිත තෙමී යයි. රෑ-දාවල් අවුවැසි මගින් මෙන්ම හිමදියෙන් ද වියලීමෙන්, පිරිතැවීමෙන් බැඳුම් දුර්වල වන්නාක් මෙන් එක්දිනක් යෝග්‍ය වූ ඍතු ආදිය ලැබූ විදර්ශනා ඥානයෙන් හටගත් ප්‍රීති ප්‍රමෝදයෙන් සංයෝජනයන් බොහෝ සෙයින් දුර්වල වේ. වැසිකල වූ මේඝය මෙන් අර්හත් මාර්ග ඥානය දතයුතුයි. වැස්සෙන් වැටුණු ජලයෙන් නැවේ බැඳුම් කුණුවන්නාක් මෙන් ඇරඹු විදර්ශනාවේ අරුත්තහුගේ රූප සප්තකය ආදී වශයෙන් විදර්ශනාව වඩන්නේ එහි ඇතුල්වෙමින් එහි ඇතුල්වෙමින්-පිටවෙමින් විදර්ශනා කමටහන් වඩා එක්දිනක් යෝග්‍ය වූ ඍතු ආදිය ලැබ, එක් ආසනයකම හුන්නේ අර්හත් ඵලාධිගමය සිදුවේ. කුණුවූ බැඳීම් ඇති නැව ස්වල්ප කාලයක් තිබෙන්නාක් මෙන් සංයෝජන ක්ෂය කළ රහතන් වහන්සේ මහජනයාට අනුග්‍රහ පිණිස ආයු ඇතිතෙක් මෙලොව වැඩවසති. බැඳුම් කුණු වූ නැව අනුපිළිවෙලින් බිඳී නොපවතින ස්වභාවයට පත්වන්නාක් මෙන් රහතන් වහන්සේගේ තමාගේ යැයි ගත් ස්කන්ධ බිඳීයෑමෙන් අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන සේක් නොපවතින ස්වභාවයට පැමිණේ. මේ උපමාව යෙදීමෙන් සංයෝගයන්ගේ දුබලතාව ප්‍රකට කරන ලදී.
නවමං.
නවවන සූත්‍රයයි.
10. අනිච්චසඤ්ඤා සුත්තවණ්ණනා
10. අනිච්චසඤ්ඤා සූත්‍ර වර්ණනාව
දසමෙ අනිච්චසඤ්ඤාති අනිච්චං අනිච්චන්ති භාවෙන්තස්ස උප්පන්නසඤ්ඤා. පරියාදියතීති ඛෙපයති. සබ්බං අස්මිමානන්ති නවවිධං අස්මිමානං. මූලසන්තානකානීති සන්තානෙත්වා ඨිතමූලානි. මහානඞ්ගලං විය හි අනිච්චසඤ්ඤා, ඛුද්දානුඛුද්දකානි මූලසන්තානකානි විය කිලෙසා, යථා කස්සකො කසන්තො නඞ්ගලෙන තානි පදාලෙති, එවං යොගී අනිච්චසඤ්ඤං භාවෙන්තො අනිච්චසඤ්ඤාඤාණෙන කිලෙසෙ පදාලෙතීති ඉදමෙත්ථ ඔපම්මසංසන්දනං.
දසවන සූත්‍රයේ - “අනිච්චසඤ්ඤා” යනු අනිත්‍යයි. අනිත්‍යයි යනුවෙන් වඩන්නහුට උපන් සංඥාව. “පරියාදියති” යනු ක්ෂය වේ. ගෙවේ යනුයි. “සබ්බං අස්මිමානං” යනු නව වැදෑරුම් වූ අස්මි මානයයි. “මුලසන්නානකානි” යනු පැතිරසිටි සියලු මුල්මහනගුලක් මෙන් අනිත්‍ය සංඥාව දතයුතුයි. කුඩා අනුකුඩා වූ පැතිරගිය මුල් සමූහය මෙන් ක්ලේශයෝ දතයුතුයි. ගොවියා සීසානවිට නඟුලෙන් එම මුල් සිඳ දමන්නාක් මෙන් යෝගාවචර භික්ෂුව ද අනිත්‍ය සංඥාව වඩනුයේ, අනිත්‍ය සංඥා ඥානයෙන් ක්ලේශයන් වනසා දමනුයේ යැයි මෙහිදී උපමා සැසඳීමද දතයුතුයි.
ඔධුනාතීති හෙට්ඨා ධුනාති. නිද්ධුනාතීති පප්ඵොටෙති. නිච්ඡොටෙතීති පප්ඵොටෙත්වා ඡඩ්ඩෙති. ඉධාපි පබ්බජානි විය කිලෙසා, ලායනං නිච්ඡොටනං විය අනිච්චසඤ්ඤාඤාණන්ති ඉමිනා අත්ථෙන උපමා සංසන්දෙතබ්බා.
“මධුනාති” යනු යටට හළයි. සොලවයි යනුයි. “නිද්ධුනාති” යනු පොළයි යනුයි. “නිච්ඡෙදෙති” පොළා ඉවත දමයි යනුයි. මෙහිද ක්ලේශයෝ බබුස්තණ මෙනි. (සැවැන්න මුල්) කැපීම සිඳීම මෙන් අනිත්‍ය සංඥා ඥානය දතයුතුයි. මේ අර්ථයෙන් උපමාව සැසඳිය යුතුයි.
වණ්ටච්ඡින්නායාති තිණ්හෙන ඛුරප්පෙන වණ්ටච්ඡින්නාය. තදන්වයානි භවන්තීති තං අම්බපිණ්ඩිං අනුගච්ඡන්ති, තස්සා පතමානාය අම්බානි භූමියං පතන්ති. ඉධාපි අම්බපිණ්ඩි විය කිලෙසා, තිණ්හඛුරප්පො විය අනිච්චසඤ්ඤා, යථා ඛුරප්පෙන ඡින්නාය අම්බපිණ්ඩියා සබ්බානි අම්බානි භූමියං පතන්ති, එවං අනිච්චසඤ්ඤාඤාණෙන කිලෙසානං මූලභූතාය අවිජ්ජාය ඡින්නාය සබ්බකිලෙසා සමුග්ඝාතං ගච්ඡන්තීති, ඉදං ඔපම්මසංසන්දනං.
“වණ්ටච්ඡින්නා” යනු තියුණු ඊතලයකින් නටුව සිඳිනලද යනුයි. “තදත්ථයානි භවන්ති” යනු ඒ අඹවල්ල අනුව යයි. ඒ වැටෙන්නා වූ අඹ බිමට වැටේ. මෙහි අඹවල්ල මෙන් ක්ලේශයෝ දතයුතුයි. අනිත්‍ය සංඥාව තියුණු ඊතලයක් මෙනි. යම්සේ නටුවෙන් සිඳුණු අඹවල්ල ම, අඹවල්ලේ සියලුම අඹ බිමට වැටේ ද එලෙසින්ම අනිත්‍ය සංඥාවෙන් කෙලෙසුන්ට මූලික වූ අවිද්‍යාව නැසූකල්හි සියලුම කෙලෙස් වැනසීමට පැමිණේ. මේ උපමා සන්සන්දනය යි.
කූටඞ්ගමාති කූටං ගච්ඡන්ති. කූටනින්නාති කූටං පවිසනභාවෙන කූටෙ නින්නා. කූටසමොසරණාති කූටෙ සමොසරිත්වා ඨිතා. ඉධාපි කූටං විය අනිච්චසඤ්ඤා, ගොපානසියො විය චතුභූමකකුසලධම්මා, යථා සබ්බගොපානසීනං කූටං අග්ගං, එවං කුසලධම්මානං අනිච්චසඤ්ඤා අග්ගා. නනු ච අනිච්චසඤ්ඤා ලොකියා, සා ලොකියකුසලානං තාව අග්ගං හොතු, ලොකුත්තරානං කථං අග්ගන්ති? තෙසම්පි පටිලාභකරණත්ථෙන අග්ගන්ති වෙදිතබ්බා. ඉමිනා උපායෙන සබ්බාසු උපමාසු ඔපම්මසංසන්දනං වෙදිතබ්බං. පුරිමාහි පනෙත්ථ තීහි අනිච්චසඤ්ඤාය කිච්චං, පච්ඡිමාහි බලන්ති. දසමං.
“කූටං ගමා” යනු කැණිමඬලට ගියාහුය. “කූට නින්තා” යනු පිවිසීම් ස්වභාවයෙන් කැණිමඬලෙහි නැමී පවතියි යනුයි. “කූට සමොසරණා” යනු කැණිමඬල අනුව පැතිර සිටි යනුය. මෙහිද අනිත්‍ය සංඥාව කැණිමඬල මෙනි. සිවුභූමික කුසලධර්මයෝ ගොණැසි මෙනි. යම්සේ සියලු ගොණැසි අග් කැණිමඬලෙහි පිහිටියේ ද එසේම සියලු කුසල ධර්මයෝ අනිත්‍ය සංඥාව ප්‍රධානකොට ඇත. අනිත්‍ය සංඥාව ලෞකික හා ඒ ලෞකික කුසලයන්ට අග්‍ර ප්‍රධාන වූයේ ද ලෝකෝත්තර සිත්වල දී කෙසේනම් අග්‍ර වේද? ඒවායෙහි ද ලැබීම් කරන අර්ථයෙන් අග්රවූයේ යැයි දතයුතුයි. මේ ක්‍රමයෙන් සියලු උපමා සැසඳීම අවබෝධ කටයුතුයි. මෙහි මුල් උපමා තුනෙහිදී අනිත්‍ය සංඥාවේ කෘත්‍යය ද පසු උපමාවන්හි දී අනිත්‍ය සංඥාවේ ඵලයද දැක්වේ.
පුප්ඵවග්ගො දසමො (5).
පස්වන පුප්ඵ වර්ගයයි.
මජ්ඣිමපණ්ණාසකො සමත්තො.
මජ්ඣිම පණ්ණාසකය සමාප්තයි.