යෙදුමෙන් කියවන්න

අනිච‍්චසඤ‍්ඤා සුත‍්තං

1. 2. 5. 10.

1. 2. 5. 10.

අනිච‍්චසඤ‍්ඤා සුත‍්තං

අනිච්චසඤ්ඤා සූත්‍රය

102. සාවත්‍ථියං:

102. සැවැත්නුවර:

අනිච‍්චසඤ‍්ඤා භික‍්ඛවෙ, භාවිතා බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියති. සබ‍්බං රූපරාගං පරියාදියති. සබ‍්බං භවරාගං පරියාදියති. සබ‍්බං අවිජ‍්ජං පරියාදියති. සබ‍්බං අස‍්මිමානං පරියාදියති, සමූහන‍්ති.

මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරදසමයෙ කස‍්සකො මහානඞ‍්ගලෙන කසන‍්තො සබ‍්බානි මූලසන‍්තානකානි සම‍්පදාලෙන‍්තො කසති. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියති. සබ‍්බං රූපරාගං පරියාදියති. සබ‍්බං භවරාගං පරියාදියති. සබ‍්බං අවිජ‍්ජං පරියාදියති. සබ‍්බං අස‍්මිමානං පරියාදියති සමූහන‍්ති.

මහණෙනි, යම්සේ ගොවියෙක් සරත්කල මහනගුලෙන් සාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සා ද, මහණෙනි, එසෙයින් ම අනිච්චසඤ්ඤාව වඩනා ලද්දී බහුල කරන ලද්දී සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, බබ‍්බජලායකො බබ‍්බජං ලායිත්‍වා අග‍්ගෙ ගහෙත්‍වා ඔධුනාති නිද‍්ධුනාති නිප‍්ඵොටෙති, එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා සබ‍්බං කාමරාගං -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ බබුස්තණ කපන්නෙක් බබුස්තණ කපා අගින් ගෙන යටට සලා ද, පොළා ද, පොළා පසෙක දමා ද, මහණෙනි, එසෙයින් ම භාවිත බහුලීකෘත අනිච්චසංඥාව සියලු කාමරාගය ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, අම‍්බපිණ‍්ඩියා වණ‍්ටච‍්ඡින‍්නාය යානි තත්‍ර අම‍්බානි වණ‍්ටුපනිබද‍්ධානි සබ‍්බානි තානි තදන්‍වයානි භවන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා බහුලීකතා සබ‍්බං කාමරාගං -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ අඹකැනෙක තුවටු සිඳි කල්හි එහි යම් තුවටුයෙහි බැඳුණු අඹ වේ නම් ඒ සියල්ල එය අනුව පවත්නේ (පතනය) වේ ද මහණෙනි, එසෙයින් ම ... නසයි. භාවිත බහුලීකෘත අනිත්‍යසංඥාව සියලු කාමරාගය ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො සබ‍්බා තා කූටඞ‍්ගමා කූටනින‍්නා කූටසමොසරණා, කූටං තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ කැණිමඩලට ගියාහු කැණිමඩලට නැමුණාහු කැණිමඩල අනුව පැතිර සිටියාහු වෙත් ද කැණිමඩල ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි. මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි මූලගන්‍ධා කාලානුසාරී. තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ යම් කිසි මුලගන්‍ධයෝ වෙද්ද? කළුඅගිල්ගඳ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි සාරගන්‍ධා ලොහිතචන්‍දනං තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ යම් කිසි හරගඳහු වෙද්ද? රත්සඳුන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි පුප‍්ඵගන්‍ධා වස‍්සිකං තෙසං අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද? දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි කුඩ‍්ඩරාජානො සබ‍්බෙ තෙ රඤ‍්ඤො චක‍්කවත‍්තිස‍්ස අනුයුත‍්තා භවන‍්ති. රාජා තෙසං චක‍්කවත‍්ති අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ යම් කිසි කුඩා රජහු වෙද්ද? ඒ සියල්ලෝ සක්විති රජුට අනුකූල වූවාහු වෙත, සක්විතිරජ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා සබ‍්බා තා චන්‍දිමප‍්පභාය කලං නාග‍්ඝන‍්ති සොළසිං, චන්‍දප‍්පභා තාසං අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා -පෙ- සමූහන‍්ති.

මහණෙනි, යම්සේ තාරක රූපයන්ගේ යම්කිසි කැලුම් වේ ද ඒ සියලු කැලුම් සඳ කැලුම්හි සොළොස් වන කලාවත් නො අගි ද, සඳ කැලුම් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච‍්චො නභං අබ‍්භුස‍්සුක‍්කමානො සබ‍්බං ආකාසගතං තමගතං අභිවිහච‍්ච භාසතෙ ච, තපතෙ ච, විරොචතෙ ච. එවමෙව ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා භාවිතා බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියති, සබ‍්බං රූපරාගං පරියාදියති, සබ‍්බං භවරාගං පරියාදියති, සබ‍්බං අවිජ‍්ජං පරියාදියති, සබ‍්බං අස‍්මිමානං පරියාදියති සමූහන‍්ති.

මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.

කථං භාවිතා ච භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා කථං බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියති -පෙ- සබ‍්බං අස‍්මිමානං පරියාදියති, සමූහන‍්ති.

මහණෙනි, කෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවා ද ... සියලු අස්මිමානය ගෙවා ද නසා ද යත්:

ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථගමොති, එවං භාවිතා ඛො භික‍්ඛවෙ, අනිච‍්චසඤ‍්ඤා එවං බහුලීකතා සබ‍්බං කාමරාගං පරියාදියති, සබ‍්බං රූපරාගං පරියාදියති, සබ‍්බං භවරාගං පරියාදියති, සබ‍්බං අවිජ‍්ජං පරියාදියති, සබ‍්බං අස‍්මිමානං පරියාදියති සමූහන‍්තීති.

රූපය මෙසේ යැ, රූපයේ හටගැන්ම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයාගේ හටගැන්ම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසා යි.

පුප‍්ඵවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි පුප්ඵ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

නදී පුප‍්ඵඤ‍්ච ඵෙණඤ‍්ච ගොමයඤ‍්ච නඛසිඛං සුද‍්ධිං ද‍්වෙ ච ගද‍්දුලා වාසිජටං අනිච‍්චතාති.

නදී, පුප්ඵ, ඵෙණපිණ්ඩොපම, ගොමයපිණ්ඩොපම, නඛසිඛොපම සුද්ධික සූත්‍ර ද ගද්දුලබද්ධ සූත්‍ර දෙක ද වාසිජට, අනිච්චසඤ්ඤා සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.

මජ‍්ඣිමපණ‍්ණාසකං සමත‍්තං.

මජ්ඣිමපණ්ණාසක නිමි.

තස‍්ස මජ‍්ඣිමපණ‍්ණාසකස‍්ස වග‍්ගුද‍්දානං:

ඒ මජ්ඣිමපණ්ණාසකයේ වර්‍ගනාමාවලිය:

උපයො අරහන‍්තො ච ඛජ‍්ජනීයො ථෙරසව‍්හයො පුප‍්ඵවග‍්ගෙන පණ‍්ණාසො දුතියො තෙන වුච‍්චති.

උපය, අරහන්ත, ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ගවලින් දුතිය පණ්ණාසක කියනු ලැබේ.