වාසිජටොපම සුත‍්තං
1. 2. 5. 9.
1. 2. 5. 9.
වාසිජටොපම සුත‍්තං
වාසිජටොපම සූත්‍රය
101. සාවත්‍ථියං:
101. සැවැත්නුවර:
ජානතො’හං භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස‍්සතො.
මහණෙනි, මම දන්නා දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි, නො දක්නාහට නො කියමි.
කිඤ‍්ච භික‍්ඛවෙ, ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති:
මහණෙනි, කුමක් දන්නා කුමක් දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ යැ යත්:
ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා - ඉති සඞ‍්ඛාරා - ඉති විඤ‍්ඤාණං. ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථගමොති. එවං ඛො භික‍්ඛවෙ, ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොති.
රූපය මෙසේ යැ, රූපසමුදය (-හට ගැනීම) මෙසේ යැ, රූප අස්තංගමය (-අභාවය) මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තංගමය මෙසේ යි. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ.
භාවනානුයොගමනනුයුත‍්තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො විහරතො කිඤ‍්චා’පි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යා”ති, අථ ඛ‍්වස‍්ස නෙව අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති.
භාවනානුයෝගයෙහි යෙදී වාස කරන මහණහට “මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මනා” යි ඉදින් මෙබඳු රිසියෙක් උපදනේ ද, එසේ නමුදු ඔහුගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන් ගෙන් නො මිදෙයි.
තං කිස‍්ස හෙතු,
ඒ කවර හෙයිනැ යත්:
කිස‍්ස අභාවිතත‍්තා?
නො වඩනා ලද හෙයිනැ යි කියයුතු යි.
අභාවිතත‍්තා තිස‍්ස වචනීයං.
කුමක් නො වඩනා ලද හෙයිනැ යත්:
අභාවිතත‍්තා චතුන‍්නං සතිපට‍්ඨානානං, අභාවිතත‍්තා චතුන‍්නං සම‍්මප‍්පධානානං, අභාවිතත‍්තා චතුන‍්නං ඉද‍්ධිපාදානං, අභාවිතත‍්තා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං, අභාවිතත‍්තා පඤ‍්චන‍්නං බලානං, අභාවිතත‍්තා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං, අභාවිතත‍්තා අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
සතර සතිපට්ඨාන නො වඩනාලද හෙයිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද හෙයිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද හෙයිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද හෙයිනැ, පඤ්චබල නො වඩනාලද හෙයිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද හෙයිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද හෙයිනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා තානස‍්සු කුක‍්කුටියා න සම‍්මා අධිසයිතානි න සම‍්මා පරිසෙදිතානි න සම‍්මා පරිභාවිතානි. කිඤ‍්චා’පි තස‍්සා කුක‍්කුටියා එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙය්‍යු”න‍්ති. අථ ඛො අභබ‍්බා’ව තෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, කිකිළිය විසින් ඒ මතුයෙහි ලැගැ මොනොවට නො රක්නා ලද්දාහු මොනොවට උණුසුම් නො ගන්වන ලද්දාහු මොනොවට කුකුළුගඳ නො ගන්වන ලද්දාහු වෙති. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් උපදනේ ද? එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට අසමත්හු මැ යි.
තං කිස‍්ස හෙතු?
ඒ කුම් හෙයිනැ යත්:
තථා හි පන භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා තානි කුක‍්කුටියා න සම‍්මා අධිසයිතානි න සම‍්මා පරිසෙදිතානි න සම‍්මා පරිභාවිතානි.
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළිය ගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් නොලගින ලද්දාහු යැ, මැනැවින් උණුසුම් නොගන්වන ලද්දාහු යැ, මැනැවින් නොවඩන ලද්දාහු යි. (එහෙයිනි).
එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනානුයොගමනනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යාති, අථ ඛ‍්වස‍්ස නෙව අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති.
මහණෙනි, එසෙයින් ම භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි කෙසේ හෝ මෙබඳු ආශාවක් උපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් නො මැ මිදෙයි.
තං කිස‍්ස හෙතු?
ඒ කවර හෙයින යත්:
අභාවිතත‍්තාතිස‍්ස වචනීයං.
නොවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කිස‍්ස අභාවිතත‍්තා:
කුමක් නොවඩනා ලද බැවිනැ යත්:
අභාවිතත‍්තා චතුන‍්නං සතිපට‍්ඨානානං, අභාවිතත‍්තා චතුන‍්නං සම‍්මප‍්පධානානං, අභාවිතත‍්තා චතුන‍්නං ඉද‍්ධිපාදානං, අභාවිතත‍්තා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං, අභාවිතත‍්තා පඤ‍්චන‍්නං බලානං, අභාවිතත‍්තා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං, අභාවිතත‍්තා අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
සතර සතිපට්ඨාන නො වඩනාලද බැවිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද බැවිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද බැවිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද බැවිනැ, පඤ්චබල නො වඩනාලද බැවිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද බැවිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද බැවිනි.
භාවනානුයොගමනුයුත‍්තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය, ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යාති, අථ ඛ‍්වස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති.
මහණෙනි, භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද? එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
තං කිස‍්ස හෙතු?
ඒ කවර හෙයින යත්:
භාවිතත‍්තාතිස‍්ස වචනීයං.
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කිස‍්ස භාවිතත‍්තා:
කුමක් වඩන ලද බැවිනැ යත්:
භාවිතත‍්තා චතුන‍්නං සතිපට‍්ඨානානං, භාවිතත‍්තා චතුන‍්නං සම‍්මප‍්පධානානං, භාවිතත‍්තා චතුන‍්නං ඉද‍්ධිපාදානං, භාවිතත‍්තා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං, භාවිතත‍්තා පඤ‍්චන‍්නං බලානං, භාවිතත‍්තා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං, භාවිතත‍්තා අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
සතර සීවටන් වඩන ලද බැවිනැ, සතර සම්මප්පධාන වඩනාලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත්ත බොජ්ඣංග වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා තානස‍්සු කුක‍්කුටියා සම‍්මා අධිසයිතානි, සම‍්මා පරිසෙදිතානි, සම‍්මා පරිභාවිතානි. කිඤ‍්චා’පි තස‍්සා කුක‍්කුටියා න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙයය්‍යු”න‍්ති. අථ ඛො භබ‍්බාව තෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසක් හෝ වෙත් ද, ඒවා කිකිළිය විසින් මැනවින් ලගිනා ලද්දාහු මැනවින් උණුසුම් ගන්වන ලද්දාහු මැනවින් වඩන ලද්දාහු වෙත් ද,. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට සමර්‍ත්‍ථහු මැ යි.
තං කිස‍්ස හෙතු?
ඒ කවර හෙයිනැ යත්:
තථා හි පන භික‍්ඛවෙ, කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා තානස‍්සු කුක‍්කුටියා සම‍්මා අධිසයිතානි සම‍්මා පරිසෙධිතානි සම‍්මා පරිභාවිතානි.
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළියගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් ලගින ලද්දෝ, මැනැවින් උණුසුම් ගන්වන ලද්දෝ, මැනැවින් වඩන ලද්දෝ වන්නාහු ය. (එහෙයිනි).
එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනානුයොගමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චා’පි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චෙය්‍යා”ති, අථ ඛ‍්වස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති.
මහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනැවැ යි. ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
තං කිස‍්ස හෙතු?
ඒ කුම් හෙයින යත්:
භාවිතත‍්තාතිස‍්ස වචනීයං.
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කිස‍්ස භාවිතත‍්තා?
කුමක් වඩන ලද බැවිනැ යත්:
භාවිතත‍්තා චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා චතුන‍්නං සම‍්මප‍්පධානානං, භාවිතත‍්තා චතුන‍්නං ඉද‍්ධිපාදානං, භාවිතත‍්තා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං, භාවිතත‍්තා පඤ‍්චන‍්නං බලානං, භාවිතත‍්තා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං, භාවිතත‍්තා අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස.
සතර සීවටන් වඩන ලද බැවිනැ, සිවුසම්පධන් වඩන ලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත් බොජඟ වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, පලගණ‍්ඩස‍්ස වා පලගණ‍්ඩන‍්තෙවාසිස‍්සවා වා වාසිජටෙ දිස‍්සන‍්තෙ වා අඞ‍්ගුලිපදානි දිස‍්සන‍්ති අඞ‍්ගුට‍්ඨපදා, නො ච ඛ‍්වස‍්ස එවං ඤාණං හොති; “එත‍්තකං වත මෙ අජ‍්ජ වාසිජටං ඛීණං එත‍්තකං හිය්‍යො, එත‍්තකං පරෙ”ති. අථ ඛ‍්වස‍්ස ඛීණෙ ඛීණංත්‍වෙව ඤාණං හොති.
මහණෙනි, යම්සේ වඩුවකුගේ හෝ වඩු අතවැස්සකුගේ හෝ වෑමිටෙහි ඇඟිලි සටහන් හෝ මහපටැඟිලි සටහන් හෝ දක්නා ලැබේ ද, ඔහුට “මාගේ වෑමිට අද මෙ පමණ ගෙවිණැ, ඊයේ මෙ පමණ ගෙවිණැ, පෙර දවස මෙ පමණ ගෙවිණැ” යි මෙසේ දැනීම නො ද වෙයි. එතෙකුදු වුවත් ගෙවුණු කල්හි ගෙවුණේ ම යයි දැනුම ඔහුට වෙයි.
එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනානුයොගමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො කිඤ‍්චාපි න එවං ඤාණං හොති: “එත‍්තකං වත මෙ අජ‍්ජ ආසවානං ඛීණං, එත‍්තකං හිය්‍යො, එත‍්තකං පරෙ”ති. අථ ඛ‍්වස‍්ස ඛීණෙ ඛීණංත්‍වෙව ඤාණං හොති.
මහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහුට “මාගේ ආස්‍රවයන් ගෙන් අද මෙ තෙක් ගෙවිණැ, ඊයේ මෙ තෙක් ගෙවිණැ, පෙර දවස මෙ තෙක් ගෙවිණැ” යි ඉදින් මෙ බඳු දැනීමෙක් නො වෙයි. එහෙත් ඔහුට ක්‍ෂය වූ කල්හි ක්‍ෂය වූයේ ම යයි දැනුම වෙයි.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, සාමුද‍්දිකාය නාවාය වෙත‍්තබන්‍ධනබද‍්ධාය ඡම‍්මාසානි උදකෙ පරියාදාය හෙමන‍්තිකෙන ථලං උක‍්ඛිත‍්තාය වාතාතපපරෙතානි බන්‍ධනානි. තානි පාවුස‍්සකෙන මෙඝෙන අභිප‍්පවුට‍්ඨානි අප‍්පකසිරෙනෙ පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්ති.
මහණෙනි, වේවැල්බැඳුමෙන් බඳනා ලද සමසක් දියෙහි රැඳුණු හිමත්කල ගොඩට නඟන ලද මුහුදෙහි වූ නැවක අවුසුළඟින් පහළ බැඳුම් වේ ද, ඒ බන්‍ධනයෝ වසිකල මේඝයෙන් වෙසෙසින් තෙමුණාහු පහසුවෙන් දුබල වෙති. දිරායෙති.
එවමෙව ඛො භික‍්ඛවෙ, භාවනානුයොගමනුයුත‍්තස‍්ස භික‍්ඛුනො විහරතො අප‍්පකසිරෙනෙව සඤ‍්ඤොජනානි පටිප‍්පස‍්සම‍්භන‍්ති පූතිකානි භවන‍්තීති.
මහණෙනි, එසෙයින් ම භාවනානුයෝගයෙහි වෙසෙන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙති. දිරායෙති යි. (නො පැනෙන බවට යෙති.)