යෙදුමෙන් කියවන්න

දුතිය ගද‍්දුලබද‍්ධ සුත‍්තං

1. 2. 5. 8.

1. 2. 5. 8.

දුතිය ගද‍්දුලබද‍්ධ සුත‍්තං

දුතිය ගද්දුලබද්ධ සූත්‍රය

100. සාවත්‍ථියං:

100. සැවැත්නුවර:

අනමතග‍්ගො’යං භික‍්ඛවෙ, සංසාරො. පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික‍්ඛවෙ, සා ගද‍්දුලබද‍්ධො දළ‍්හෙ ඛීලෙ වා ථම‍්භෙ වා උපනිබද‍්ධො. සො ගච‍්ඡති චෙපි තමෙව ඛීලං වා ථම‍්භං වා උපගච‍්ඡති. තිට‍්ඨති චෙපි තමෙව ඛීලං වා ථම‍්භං වා උපතිට‍්ඨති, නිසීදති චෙ’පි තමෙව ඛීලං වා ථම‍්භං වා උපනිසීදති, නිපජ‍්ජති. චෙපි තමෙව ඛීලං වා ථම‍්භං වා උපනිපජ‍්ජති.

මහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.

“එවමෙව ඛො භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපං “එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති. වෙදනං “එතං මම -පෙ- සඤ‍්ඤං “එතං මම -පෙ- සඞ‍්ඛාරෙ “එතං මම -පෙ- විඤ‍්ඤාණං ‘එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා”ති සමනුපස‍්සති. සො ගච‍්ඡති චෙ’පි ඉමෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උපගච‍්ඡති. තිට‍්ඨති චෙ’පි ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උපතිට‍්ඨති. නිසීදති චෙපි ඉමෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උපනිසීදති. නිපජ‍්ජති චෙපි ඉමෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උපනිපජ‍්ජති.

මහණෙනි, එලෙසින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වේදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධය වෙත මැ හොවී.

තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුනා අභික‍්ඛණං සකං චිත‍්තං පච‍්චවෙක‍්ඛිතබ‍්බං දීඝරත‍්තමිදං චිත‍්තං සංකිලිට‍්ඨං. රාගෙන දොසෙන මොහෙනාති. චිත‍්තසංකිලෙසා භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති. චිත‍්තවොදානා සත‍්තා විසුජ‍්ඣන‍්ති. දිට‍්ඨං වො භික‍්ඛවෙ, චරණං නාම චිත‍්තන‍්ති?

මහණෙනි, එ හෙයින් මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි සිය සිත නිතර පස්විකිය යුතු යි. මහණෙනි, සිත සකෙලෙස් වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙති. මහණෙනි, තොප විසින් චරණ නම් චිත්‍රය දක්නා ලද ද?

එවම‍්භන‍්තෙ.

වහන්ස, එසේ යැ.

තම‍්පි ඛො භික‍්ඛවෙ, චරණං චිත‍්තං චිත‍්තෙනෙව චිත‍්තිතං. තෙන’පි ඛො භික‍්ඛවෙ, චරණෙන චිත‍්තෙන චිත‍්තඤ‍්ඤෙව චිත‍්තතරං. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුනා අභික‍්ඛණං සකං චිත‍්තං පච‍්චවෙක‍්ඛිතබ‍්බං “දීඝරත‍්තමිදං චිත‍්තං සංකිලිට‍්ඨං රාගෙන දොසෙන මොහෙනා”ති. චිත‍්තසංකිලෙසා භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති. චිත‍්තවොදානා සත‍්තා විසුජ‍්ඣන‍්ති.

මහණෙනි, ඒ චරණචිත්‍රය ද සිතින් ම විසිතුරු කරණ ලද යැ. මහණෙනි, ඒ චරණ චිත්‍රයට ද වඩා සිත ම ඉතා විසිතුරු යි. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, සිත සකිලිටි වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.

නාහං භික‍්ඛවෙ, අඤ‍්ඤං එකනිකායම‍්පි සමනුපස‍්සාමි, එවං චිත‍්තං. යථයිදං භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා. තෙ’පි ඛො භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා චිත‍්තෙනෙව චිත‍්තිතා, තෙහි’පි ඛො භික‍්ඛවෙ, තිරච‍්ඡානගතෙහි පාණෙහි චිත‍්තඤ‍්ඤෙව චිත‍්තතරං. තස‍්මාතිහ භික‍්ඛවෙ, භික‍්ඛුනා අභික‍්ඛණං සකං චිත‍්තං පච‍්චවෙක‍්ඛිතබ‍්බං “දීඝරත‍්තමිදං චිත‍්තං සංකිලිට‍්ඨං රාගෙන දොසෙන මොහෙනා”ති. චිත‍්තසංකිලෙසා භික‍්ඛවෙ, සත‍්තා සංකිලිස‍්සන‍්ති. චිත‍්තවොදානා සත‍්තා විසුජ‍්ඣන‍්ති.

මහණෙනි, මේ තිරිසන්ගත ප්‍රාණීහු යම් බඳු වෙත් ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එක ද සමූහයක් මම නො දකිමි. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීහු ද සිතින් ම විසිතුරු වූහ. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීන්ට ද වඩා සිත ම ඉතා විසිතුරු යැ. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, කෙලෙසීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, රජකො වා චිත‍්තකාරකො වා සති රජනාය වා ලාඛාය වා හලිද‍්දියා වා නීලාය වා මඤ‍්ජෙට‍්ඨාය වා සුපරිමට‍්ටෙ වා ඵලකෙ භිත‍්තියා වා දුස‍්සපටෙ වා ඉත්‍ථිරූපං වා පුරිසරූපං වා අභිනිම‍්මිනෙය්‍ය සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො රූපඤ‍්ඤෙව අභිනිබ‍්බත‍්තෙන‍්තො අභිනිබ‍්බත‍්තෙති. වෙදනඤ‍්ඤෙව -පෙ- සඤ‍්ඤඤ‍්ඤෙව -පෙ- සඞ‍්ඛාරෙයෙව -පෙ- විඤ‍්ඤාණංයෙව අභිනිබ‍්බත‍්තෙන‍්තො අභිනිබ‍්බත‍්තෙති.

මහණෙනි, යම්සේ, රජකයෙක් වේවයි, සිත්තරෙක් වේවයි, රඳන් හෝ ලතු හෝ රන්වන් පැහැය හෝ නිල්පැහැය හෝ මදට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපිටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් වේවයි පුරුෂ රුවක් වේවයි මවන්නේද? මහණෙනි, එසෙයින් මැ අශ්‍රැතවත් පෘථග්ජන නිපදවන්නේ රූපය මැ නිපදවයි. වේදනාව මැ ... සංඥාව මැ ... සංස්කාර මැ ... නිපදවන්නේ විඥානය ම නිපදවයි.

තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?

මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ?යි.

අනිච‍්චං භන‍්තෙ -පෙ-.

වහන්ස, අනිත්‍ය ය. ...

වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා ති?

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය ය. ...

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං පස‍්සං -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි එ හෙයින් මෙහි ලා මෙසේ දක්නා ... මේ බැව් පිණිස අන්කිසෙක් නැතැ යි දැනගනී.