යෙදුමෙන් කියවන්න

අන‍්ත සුත‍්තං

1. 3. 1. 1.

1. 3. 1. 1.

අන‍්ත සුත‍්තං

අන්ත සූත්‍රය

103. සාවත්‍ථියං:

103. සැවැත්නුවර:

චත‍්තාරො මෙ භික‍්ඛවෙ, අන‍්තා. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ අන්ත සතරෙකි. කවර සතරෙකැ යත්:

සක‍්කායන‍්තො, සක‍්කායසමුදයන‍්තො, සක‍්කායනිරොධන‍්තො, සක‍්කායනිරොධගාමිනීපටිපදන‍්තො.

සක්කාය අන්ත යැ, සක්කායසමුදය අන්ත යැ, සක්කායනිරෝධ අන්ත යැ, සක්කාය නිරොධගාමිනීපටිපදා අන්ත යයි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායන‍්තො:

මහණෙනි, සක්කාය අන්තය කවරැ යත්:

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං,

පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.

කතමෙ පඤ‍්ච,

කවර පසෙකැ යත්:

සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායන‍්තො.

එනම්: රූපෝපාදානස්කන්‍ධ යැ, වේදනෝපාදානස්කන්‍ධ යැ, සංඥෝපාදානස්කන්‍ධ යැ, සංස්කාරෝපාදානස්කන්‍ධ යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කායඅන්ත යයි කියනු ලැබෙයි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායසමුදයන‍්තො,

මහණෙනි, සක්කායසමුදය අන්තය කවරැ යත්:

යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායසමුදයන‍්තො.

පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාව ය, භවතෘෂ්ණාව ය, විභවතෘෂ්ණාව යි. මහණෙනි, මේ සක්කායසමුදය අන්ත යයි කියනු ලැබෙයි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායනිරොධන‍්තො,

මහණෙනි, සක්කායනිරෝධ අන්තය කවරැ යත්:

යො තස‍්සා යෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායනිරොධන‍්තො.

ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ අන්ත යයි කියනු ලැබෙයි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායනිරොධගාමිනීපටිපදන‍්තො,

මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදා අන්තය කවරැ යත්:

අයමෙ ව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායනිරොධගාමිනීපටිපදන‍්තො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො අන‍්තාති.

මේ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ නම්: සම්මාදිට්ඨි යැ, සම්මාසංකප්ප යැ, සම්මාවාචා යැ, සම්මාකම්මන්ත යැ, සම්මාආජීව යැ, සම්මාවායාම යැ, සම්මාසති යැ, සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරොධගාමිනිපටිපදා අන්ත යයි කියනු ලැබේ. මහණෙනි, මේ අන්ත සතර යි.