යෙදුමෙන් කියවන්න

1. අන‍්තවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. අන්ත වර්ගය

1. අන‍්ත සුත‍්තවණ‍්ණනා

1. අන්ත සූත්‍ර වර්ණනාව

අන‍්තවග‍්ගස‍්ස පඨමෙ අන‍්තාති කොට‍්ඨාසා. ඉදං සුත‍්තං චතුසච‍්චවසෙන පඤ‍්චක‍්ඛන්‍ධෙ යොජෙත්‍වා අන‍්තොති වචනෙන බුජ‍්ඣනකානං අජ‍්ඣාසයවසෙන වුත‍්තං.

අන්ත වර්ගයේ පළමු සූත්‍රයෙහි “අන්තා” යනු කොට්ඨාශයෝ ය. මේ සූත්‍රයේ චතුරාර්ය සත්‍ය වශයෙන් පංචස්කන්‍ධයෙහි යොදා “අන්ත” යන වචනයෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් අනුව දේශනා කරන ලදහ.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. දුක‍්ඛ සුත‍්තවණ‍්ණනා

2. දුක්ඛ සූත්‍ර වර්ණනාව

දුතියම‍්පි පඤ‍්චක‍්ඛන්‍ධෙ චතුසච‍්චවසෙන යොජෙත්‍වා දුක‍්ඛන‍්ති බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන කථිතං.

දෙවැනි සූත්‍රයේ - පංචස්කන්‍ධයේ චතුරාර්ය සත්‍ය වශයෙන් යොදා “දුක්ඛං” යනුවෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදහ.

දෙවන සූත්‍රයයි.

3. සක‍්කාය සුත‍්තවණ‍්ණනා

3. සක්කාය සූත්‍ර වර්ණනාව

තතියම‍්පි තථෙව සක‍්කායොති බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන කථිතං.

තෙවැනි සූත්‍රයේ - එසේම “සක්කායො” යනු අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දෙසන ලදී.

තෙවන සූත්‍රයයි.

4. පරිඤ‍්ඤෙය්‍ය සුත‍්තවණ‍්ණනා

4. පරිඤ්ඤෙය්‍ය සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පරිඤ‍්ඤෙය්‍යෙති පරිජානිතබ‍්බෙ සමතික‍්කමිතබ‍්බෙ. පරිඤ‍්ඤන‍්ති සමතික‍්කමං. පරිඤ‍්ඤාතාවින‍්ති තාය පරිඤ‍්ඤාය පරිජානිත්‍වා සමතික‍්කමිත්‍වා ඨිතං. රාගක‍්ඛයොතිආදීහි නිබ‍්බානං දස‍්සිතං.

සිවුවැනි සූත්‍රයේ - “පරිඤ්ඤෙය්‍ය” යනු විශේෂයෙන් දැනගත යුතු යනුයි. මනාව ඉක්මවිය යුතු. “පරිඤ්ඤෙය්‍ය” යනු ඉක්ම වූ. මනාව දැනගත් යනුයි. “පරිඤ්ඤාතාවිං” යනු ඒ පරිඥාවෙන් මනාව පිරිසිඳ දැන ඉක්මවා සිටි යනුයි. “රාගක්ඛයො” යනාදියෙන් නිවන දක්වන ලදී.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5-10. සමණ සුත‍්තාදිවණ‍්ණනා

5-10. සමණ ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමාදීසු චතූසු චත‍්තාරි සච‍්චානි කථිතානි. නවමදසමෙසු කිලෙසප‍්පහානන‍්ති. පඤ‍්චමාදීනි.

පස්වන සූත්‍රයේ සිට ඇති සූත්‍ර සතරෙහි (5, 6, 7, 8) චතුරාර්ය සත්‍යය පැවසේ. නවවන හා දසවන සූත්‍ර දෙකෙහි ක්ලේශ ප්‍රහාණය කියැවේ.

අන‍්තවග‍්ගො එකාදසමො (1).

පළමු අන්ත වර්ගයයි.