දුතිය ඡන්දරාග සුත්තං
1. 3. 1. 10.
1. 3. 1. 10.
දුතිය ඡන්දරාග සුත්තං
දුතිය ඡන්දරාග සූත්‍රය
112. සාවත්ථියං:
112. සැවැත්නුවර:
රූපෙ භික්ඛවෙ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
මහණෙනි, රූපයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් වේ ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ වෙද්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යැ.
වෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
වේදනායෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් අත් ද, යම් උපයඋපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන-අභිනිවේස-අනුසයයයෝ ඇත් ද, ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය.
සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි යම් ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් ඇත් ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ ඇත්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණු වන ලද්දේ තු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යයි.
අන්තවග්ගො පඨමො.
පළමු වැනි අන්ත වර්ග යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
අන්තො දුක්ඛඤ්ච සක්කායො පරිඤ්ඤෙය්යා සමණා දුවෙ, සොතාපන්නො අරහා ච දුවෙ ඡන්දරාගියාති.
අන්ත, දුක්ඛ, සක්කාය, පරිඤ්ඤෙය්‍ය යන සූත්‍ර සතර යැ, සමණසූත්‍ර දෙක යැ, සෝතාපන්න අරහන්ත සූත්‍ර දෙක යැ, ඡන්දරාග සූත්‍රදෙක දැ යි සූත්‍ර දශයෙකි.