අවිජ්ජා සුත‍්තං
1. 3. 2. 1.
1. 3. 2. 1.
අවිජ්ජා සුත‍්තං
අවිජ්ජා සූත්‍රය
113. සාවත්‍ථියං:
113. සැවැත්නුවර:
අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “අවිජ‍්ජා අවිජ‍්ජා”ති භන‍්තෙ වුච‍්චති. කතමා නු ඛො භන‍්තෙ, අවිජ‍්ජා කිත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති.
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස:, අවිද්‍යා යැ යි, අවිද්‍යා යැ යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් (අවිද්‍යාවට ගියේ) අවිද්‍යාගත වේ ද?
ඉධ භික‍්ඛු අස‍්සුතවා පුථුජ‍්ජනො රූපං නප‍්පජානාති, රූපසමුදයං නප‍්පජානාති, රූපනිරොධං නප‍්පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං නප‍්පජානාති, වෙදනං නප‍්පජානාති -පෙ- සඤ‍්ඤං නප‍්පජානාති -පෙ- සඞ‍්ඛාරෙ නප‍්පජානාති -පෙ- විඤ‍්ඤාණං නප‍්පජානාති, විඤ‍්ඤාණසමුදයං නප‍්පජානාති, විඤ‍්ඤාණනිරොධං නප‍්පජානාති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං නප‍්පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අවිජ‍්ජා. එත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති.
මහණ මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපය නො දනී ද, රූපසමුදය නො දනී ද, රූප නිරෝධය නො දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව නො දනී ද, වේදනාව නො දනී ද, ... සඤ්ඤා නො දනී ද, ... සංඛාර නො දනී ද, … විඤ්ඤාණය නො දනී ද, විඤ්ඤාණසමුදය නො දනී ද, විඤ්ඤාණනිරෝධය නො දනී ද, විඤ්ඤාණනිරෝධගාමිනී පටිපදාව නො දනී ද, මහණෙනි, මේ අවිද්‍යා යි කියනු ලැබේ, මේ පමණෙකින් අවිද්‍යාගත ද වේ ය යි.
1. 3. 2. 2.
1. 3. 2. 2.
විජ‍්ජා සුත‍්තං
විජ්ජා සූත්‍රය
114. සාවත්‍ථියං:
114. සැවැත්නුවර:
එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “විජ‍්ජා විජ‍්ජා”ති භන‍්තෙ, වුච‍්චති. කතමා නු ඛො භන‍්තෙ, විජ‍්ජා කිත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති.
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, විද්‍යා යැ, විද්‍යා යැයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ කොපමණෙකින් විද්‍යාගතත් වේ ද?
ඉධ භික‍්ඛු, සුතවා අරියසාවකො රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරොධං පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං පජානාති. වෙදනං පජානාති -පෙ- සඤ‍්ඤං පජානාති -පෙ- සඞ‍්ඛාරෙ පජානාති -පෙ- විඤ‍්ඤාණං පජානාති, විඤ‍්ඤාණසමුදයං පජානාති, විඤ‍්ඤාණ නිරොධං පජානාති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති. අයං වුච‍්චති භික‍්ඛු, විජ‍්ජා. එත‍්තාවතා ච විජ‍්ජාගතො හොතීති.
මහණ මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනී ද, රූපසමුදය දනී ද, රූපනිරෝධය දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනී ද, වේදනාව දනී ද ... සඤ්ඤාව දනී ද ... සංඛාර දනී ද, ... විඤ්ඤාණය දනී ද විඤ්ඤාණසමුදය දනී ද, විඤ්ඤාණනිරෝධය දනී ද, විඤ්ඤාණ නිරෝධගාමිනීපටිපදාව දනී ද මහණ, මේ විද්‍යා යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගත ද වේ යයි.