යෙදුමෙන් කියවන්න

පඨම ඡන්‍දරාග සුත‍්තං

1. 3. 1. 9.

1. 3. 1. 9.

පඨම ඡන්‍දරාග සුත‍්තං

පඨම ඡන්‍දරාග සූත්‍රය

111. සාවත්‍ථියං:

111. සැවැත්නුවර:

රූපෙ භික‍්ඛවෙ, යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා තං පජහථ. එවං තං රූපං පහීනං භවිස‍්සති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවංකතං ආයතිං අනුප‍්පාදධම‍්මං.

මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරණ ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වන්නේ යැ.

වෙදනාය යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ‍්හා තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස‍්සති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.

වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා වෙයි. උසුන් මුල් ඇති වෙයි, හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද වෙයි, යළි නොහටගන්නක් කරන ලද වෙයි. මතු නූපදනා ස්වභාව ඇති වෙයි.

සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරෙසු යො ඡන්‍දො යො රාගො යා නන්‍දි යා තණ‍්හා තං පජහථ. එවං තෙ සංඛාරා පහීනා භවිස‍්සන‍්ති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා.

සංඥායෙහි ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දාහු නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇති වන්නාහු ය.

විඤ‍්ඤාණෙ යො ඡන්‍දො යො රාගො යා නන්‍දී යා තණ‍්හා තං පජහථ. එවං තං විඤ‍්ඤාණං පහීනං භවිස‍්සති උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවංකතං ආයතිං අනුප‍්පාදධම‍්මන‍්ති.

විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල් ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යි.