යෙදුමෙන් කියවන්න

දුතිය සමණ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 1. 6.

1. 3. 1. 6.

දුතිය සමණ සුත‍්තං

දුතිය සමණ සූත්‍රය

108. සාවත්‍ථියං:

108. සැවැත්නුවර:

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.

මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- පජානන‍්ති -පෙ- සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනිද්ද ... දනිද්ද ... තුමූ මැ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ වෙසෙත් යි.

1. 3. 1. 7.

1. 3. 1. 7.

සොතාපන‍්න සුත‍්තං

සෝතාපන්න සූත්‍රය

109. සාවත්‍ථියං:

109. සැවැත්නුවර:

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපූපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.

මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.

මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධම්මනියාම වශයෙන්) නියත වූ ( මතු තෙමඟ නමැති) සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි.

1. 3. 1. 8.

1. 3. 1. 8.

අරහන‍්ත සුත‍්තං

අරහන්ත සූත්‍රය

110. සාවත්‍ථියං:

110. සැවැත්නුවර:

පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.

මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙක් ද යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.

යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදා විමුත‍්තො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතො කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තොති.

මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත වැ මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ අර්‍හත් යැ, ක්‍ෂීණාස්‍රව යැ, වුසූ බඹසර ඇත්තේ යැ, කළ සිවුමඟ කිස ඇත්තේ යැ, බහා තැබූ පස්කඳ බර ඇත්තේ යැ, (මඟ පල) පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තේ යැ, ක්‍ෂය වී ගිය භවසංයෝජන ඇත්තේ යැ, මොනොවට දැන (සසරින්) මිදිණැ යි කියනු ලැබේ.