සමණ සුත‍්තං
1. 3. 1. 5.
1. 3. 1. 5.
සමණ සුත‍්තං
සමණ සූත්‍රය
107. සාවත්‍ථියං:
107. සැවැත්නුවර:
පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච, සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො.
මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති. න මෙතෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා, න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ නො දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ ය යි ද සම්මත නො වෙති. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකම්හි ඵලය හෝ බමුණුකම්හි ඵලය හෝ මේ අත්බැව්හි ම තුමූ ම මැනවින් දැන පසක් කොට එයට එළැඹැ නො ද වෙසෙති.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානන‍්ති. තෙ ඛො මෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා, තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ යයි ද සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණකමේ ඵලයත් බමුණුකමේ ඵලයත් මේ අත්බැව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹැ වෙසෙති යි.