පරිඤ්ඤෙය්‍ය සුත්තං
1. 3. 1. 4.
1. 3. 1. 4.
පරිඤ්ඤෙය්‍ය සුත්තං
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
106. සාවත්ථියං:
106. සැවැත්නුවර:
පරිඤ්ඤෙය්‍යෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි පරිඤ්ඤඤ්ච පරිඤ්ඤාතාවිඤ්ච පුග්ගලං. තං සුණාථ.
මහණෙනි පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනීම ද, පිරිසිඳ දැන සිටි පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසවු.
කතමෙ ච භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා:
මහණෙනි, පිරිසිඳ දතයුතු දහම්හු කවරහ යත්:
රූපං භික්ඛවෙ, පරිඤ්ඤෙය්යො ධම්මො. වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා.
මහණෙනි, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. මහණෙනි, මොහු පිරිසිඳ දතයුතු දහම්හු යි කියනු ලැබෙති.
කතමා ච භික්ඛවෙ, පරිඤ්ඤා:
මහණෙනි, පිරිසිඳ දැනීම කවර යැ යත්:
යො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ, පරිඤ්ඤා.
මහණෙනි, යම් රාගය ක්ෂය කිරීමෙක් වේ ද, ද්වේෂය ක්ෂය කිරීමෙක් වේ ද, මෝහය ක්ෂය කිරීමෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දැනීම යි කියනු ලැබේ යි.
කතමො ච භික්ඛවෙ, පරිඤ්ඤාතාවී පුග්ගලො:
මහණෙනි, පිරිසිඳ දැන සිටි පුඟුල් කවරේ යැ යත්:
අරහා’තිස්ස වචනීයං. යො’යං ආයස්මා එවංනාමො එවංගොත්තො. අයං වුච්චති භික්ඛවෙ, පරිඤ්ඤාතාවී පුග්ගලොති.
රහත් තෙමේ යයි කියයුතු වෙයි. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මතෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දත් පුඟුල් යයි කියනු ලැබේ යි.