යෙදුමෙන් කියවන්න

සක‍්කාය සුත‍්තං

1. 3. 1. 3.

1. 3. 1. 3.

සක‍්කාය සුත‍්තං

සක්කාය සූත්‍රය

105. සාවත්‍ථියං:

105. සැවැත්නුවර:

සක‍්කායඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි සක‍්කායසමුදයඤ‍්ච සක‍්කායනිරොධඤ‍්ච සක‍්කායනිරොධගාමිනිඤ‍්ච පටිපදං. තං සුණාථ.

මහණෙනි, තොපට සක්කායයත්, සක්කායසමුදයයත්, සක්කායනිරෝධයත්, සක්කාය නිරොධගාමිනීපටිපදාවත් දේශනා කරන්නෙමි, එය අසවු.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායො:

මහණෙනි, සක්කාය කවරැ යත්:

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං.

පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.

කතමෙ පඤ‍්ච,

කවර පසෙකැ යත්:

සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. අයං වුච‍්චති, භික‍්ඛවෙ, සක‍්කායො.

රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කාය යයි කියනු ලැබේ යි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායසමුදයො:

මහණෙනි, සක්කායසමුදය කවරැ යත්:

යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායසමුදයො.

පුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරණ යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ සක්කායසමුදය යයි කියනු ලැබෙ යි.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායනිරොධො:

මහණෙනි, සක්කායනිරෝධය කවරේ යැ යත්:

යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො, අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායනිරොධො.

ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, සක‍්කායනිරොධගාමිනී පටිපදා:

මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, සක‍්කායනිරොධගාමිනී පටිපදාති.

මේ අරීඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරෝධගාමිනී පටිපදා යි කියනු ලැබෙ යි.