යෙදුමෙන් කියවන්න

දුක‍්ඛ සුත‍්තං

1. 3. 1. 2.

1. 3. 1. 2.

දුක‍්ඛ සුත‍්තං

දුක්ඛ සූත්‍රය

104. සාවත්‍ථියං:

104. සැවැත්නුවර:

දුක‍්ඛඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි දුක‍්ඛසමුදයඤ‍්ච දුක‍්ඛනිරොධඤ‍්ච දුක‍්ඛනිරොධගාමිනිඤ‍්ච පටිපදං. තං සුණාථ.

මහණෙනි, තොපට දුක්ඛයත්, දුක්ඛසමුදයත්, දුක්ඛනිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් දේශනා කරන්නෙම්, එය අසවු.

කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛං:

මහණෙනි, දුක්ඛය කවරේ යැ යත්:

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං.

පඤ්චෝපාදානස්කන්‍ධ යි කියැයුතු වෙයි.

කතමෙ පඤ‍්ච,

කවර පසෙකැ යත්:

සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛං.

රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දුක්ඛය යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො:

මහණෙනි, දුක්ඛසමුදය කවරැ යත්:

යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. අයං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො.

පුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදය යි කියනු ලැබෙයි.

කතමො ච භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො:

මහණෙනි, දුක්ඛනිරෝධය කවරේ යැ යත්:

යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො, අයං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො.

ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාගනිරෝධයෙක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද මහණෙනි, මේ දුක්ඛනිරෝධ යි කියනු ලැබේ.

කතමො ච භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනීපටිපදා:

මහණෙනි, දුක්ඛනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:

අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති.

මේ අරිඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාව යයි කියනු ලැබේ යි.