ඵෙණපිණ‍්ඩූපම සුත‍්තං
1. 2. 5. 3.
1. 2. 5. 3.
ඵෙණපිණ‍්ඩූපම සුත‍්තං
ඵෙණ පිණ්ඩූපම සූත්‍රය
95. එකං සමයං භගවා අයුජ‍්ඣායං විහරති ගඞ‍්ගාය නදියා තීරෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: ‘භික‍්ඛවොති, භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං ගඞ‍්ගානදී මහන‍්තං ඵෙණපිණ‍්ඩං ආවහෙය්‍ය තමෙනං චක‍්ඛුමා පුරිසො පස‍්සෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය යොනිසො උපපරික‍්ඛෙය්‍ය. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායෙය්‍ය, තුච‍්ඡකඤ‍්ඤෙව, ඛායෙය්‍ය, අසාරකඤ‍්ඤෙව ඛායෙය්‍ය කිං හි සියා භික‍්ඛවෙ, ඵෙණපිණ‍්ඩෙ සාරො?
මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?
එවමෙව ඛො භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, තං භික‍්ඛු පස‍්සති නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායති තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති අසාරකඤ‍්ඤෙව ඛායති. කිං හි සියා භික‍්ඛවෙ, රූපෙ සාරො?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?
සෙය්‍යථාපි භික‍්ඛවෙ, සරදසමයෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ උදකෙ උදකබුබ‍්බුළං උප‍්පජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච. තමෙනං චක‍්ඛුමා පුරිසො පස‍්සෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය යොනිසො උපපරික‍්ඛෙය්‍ය. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායෙය්‍ය, තුච‍්ඡකඤ‍්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ‍්ඤෙව ඛායෙය්‍ය. කිං හි සියා භික‍්ඛවෙ, උදකබුබ‍්බුළෙ සාරො?
මහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?
එවමෙව ඛො භික‍්ඛවෙ, යා කාචි වෙදනා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, තං භික‍්ඛු පස‍්සති නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායති. තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, අසාරකඤ‍්ඤෙව ඛායති. කිං හි සියා භික‍්ඛවෙ, වෙදනාය සාරො?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ ඨිතෙ මජ‍්ඣන‍්තිකෙ කාලෙ මරීචි ඵන්‍දති. තමෙනං චක‍්ඛුමා පුරිසො පස‍්සෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය යොනිසො උපපරික‍්ඛෙය්‍ය. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායෙය්‍ය, තුච‍්ඡකඤ‍්ඤෙව ඛායෙය්‍ය අසාරකඤ‍්ඤෙව ඛායෙය්‍ය. කිං හි සියා භික‍්ඛවෙ, මරීචිකාය සාරො?
මහණෙනි, යම්සේ ගිම්කල පැසුළුමස මධ්‍යාහ්නයෙහි මිරිඟු සැලේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මිරිඟුව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. බලන, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, මිරිඟුවෙහි හරයක් වන්නේ ද?
එවමෙව ඛො භික‍්ඛවෙ, යා කාචි සඤ‍්ඤා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා -පෙ- යං දූරෙ සන‍්තිකෙ වා. තං භික‍්ඛු පස‍්සති නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායති. තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, අසාරකඤ‍්ඤෙව ඛායති. කිං හි සියා භික‍්ඛවෙ, සඤ‍්ඤාය සාරො?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ... යම් කිසි සංඥාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් සංඥාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, සංඥායෙහි හරයක් වන්නේ ද?
සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො සාරත්‍ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිණ‍්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්‍ය. සො තත්‍ථ පස‍්සෙය්‍ය මහන‍්තං කදලික‍්ඛන්‍ධං උජුං නවං අකුක‍්කුකජාතං තමෙනං මූලෙ ඡින්‍දෙය්‍ය, මූලෙ ඡෙත්‍වා අග‍්ගෙ ඡින්‍දෙය්‍ය, අග‍්ගෙ ඡෙත්‍වා පත‍්තවට‍්ටිං විනිබ‍්භුජෙය්‍ය. සො තත්‍ථ පත‍්තවට‍්ටිං විනිබ‍්භුජන‍්තො ඵෙග‍්ගුම‍්පි නාධිගච‍්ඡෙය්‍ය. කුතො සාරං? තමෙනං චක‍්ඛුමා පුරිසො පස‍්සෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය යොනිසො උපපරික‍්ඛෙය්‍ය. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායෙය්‍ය තුච‍්ඡකඤ‍්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ‍්ඤෙව ඛායෙය්‍ය. කිං හි සියා භික‍්ඛවෙ, කදලික‍්ඛන්‍ධෙ සාරො?
යම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද, හේ එහි ඇද නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ යැ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ යැ. මුල සිඳ අග සිඳින්නේ යැ. අග සිඳ, පත්වැටි ගලවන්නේ යැ. හේ එහි පත්වැටි ගලවනුයේ ඵලය ද නො ලබන්නේ ය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින, සිතන, නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යි. කිම, මහණෙනි, කෙසෙල් කඳෙහි හරයක් වන්නේ ද?
එවමෙව ඛො භික‍්ඛවෙ, යෙ කෙචි සඞ‍්ඛාරා අතීතානාගතපච‍්චුප‍්පන‍්නා අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන‍්තිකෙ වා, තං භික‍්ඛු පස‍්සති නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායති. තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, අසාරකඤ‍්ඤෙව ඛායති. කිං හි සියා භික‍්ඛවෙ, සඞ‍්ඛාරෙසු සාරො?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංස්කාර කෙනෙක් ඇද්ද, දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙකුත් ඇද්ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේ ද?
සෙය්‍යථාපි භික‍්ඛවෙ, මායාකාරො වා මායාකාරන‍්තෙවාසී වා චාතුම‍්මහාපථෙ මායං විදංසෙය්‍ය. තමෙනං චක‍්ඛුමා පුරිසො පස‍්සෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය යොනිසො උපපරික‍්ඛෙය්‍ය. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායෙය්‍ය, තුච‍්ඡකඤ‍්ඤෙව ඛායෙය්‍ය, අසාරකඤ‍්ඤෙව ඛායෙය්‍ය. කිං හි සියා භික‍්ඛවෙ, මායාය සාරො?
මහණෙනි, යම්සේ ඉඳුරුදැලියෙක් (විජ්ජාකරුවෙක්) හෝ ඉඳුරුදැලියකුගේ අතැවැස්සෙක් හෝ සිවුමංසලෙක මායාවක් (විජ්ජාවක්) දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්න් යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. කිමැ, මහණෙනි, මායාවෙහි හරයක් වන්නේ ද?
එවමෙව ඛො භික‍්ඛවෙ, යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, තං භික‍්ඛු පස‍්සති නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති. තස‍්ස තං පස‍්සතො නිජ‍්ඣායතො යොනිසො උපපරික‍්ඛතො රිත‍්තකඤ‍්ඤෙව ඛායති. තුච‍්ඡකඤ‍්ඤෙව ඛායති, අසාරකඤ‍්ඤෙව ඛායති. කිං හි සියා භික‍්ඛවෙ, විඤ‍්ඤාණෙ සාරො?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-වර්‍තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මහණ ඒ විඥානය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි, බොල් වූවක් සේ ම වැටහෙයි, හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, විඥානයෙහි හරයෙක් වන්නේ ද?
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති. විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං ‘විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතීති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (පස් කඳෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්‍රත්‍යවේක්‍ෂා ඥානය) වෙයි. ජාතික්‍ෂය විය. මහබඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.
ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතුදු තෙල ගාථා වදාළ සේක:
(1) ඵෙණපිණ‍්ඩූපමං රූපං වෙදනා බුබ‍්බුළූපමා මරීචිකූපමා සඤ‍්ඤා සඞ‍්ඛාරා කදලූපමා, මායූපමඤ‍්ච විඤ‍්ඤාණං දීපිතාදිච‍්චබන්‍ධුනා.
(1) රූපය පෙණපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක් වැන්න, විඥානය මායාවක් වැන්නැ යි ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.
(2) යථා යථා නං නිජ‍්ඣායති යොනිසො උපපරික‍්ඛති, රිත‍්තකං තුච‍්ඡකං හොති යො නං පස‍්සති යොනිසො.
(2) යමෙක් එය නුවණින් දකී ද, යම් යම් පරිද්දෙන් එය සිතා ද, නුවණින් පිරික්සා ද, එපරිද්දෙන් හිස් වූවක් බොල් වූවක් වෙයි.
(3) යො ඉමං කායං ගාරය‍්හං භූරිපඤ‍්ඤෙන දෙසිතං, පහානං තිණ‍්ණං ධම‍්මානං රූපං පස‍්සෙථ ඡඩ‍්ඩිතං.
(3) පතළ නුවණැති බුදුරජාණන් වහන්සේ විසින් ගැරහිය යුතු කොට දේශිත, (ආයු ආදී) දහම් තුනෙක ප්‍රහාණය ඇති, සොහොනෙහි දමන ලද රූපස්කන්‍ධ සංඛ්‍යාත මේ කාය යමෙක් දක්නේ ද,
(4) ආයු උස‍්මා ච විඤ‍්ඤාණං යදා කායං ජහන‍්තිමං අපවිද‍්ධො තදා සෙති පරභත‍්තං අචෙතනං.
(4) ආයුෂත් (ජිවිතේන්‍ද්‍රියත්) උණුසුමත් (කර්‍මජතේජෝධාතුවත්) විඥානයත් යම් කලෙක මේ කය හර දමා ද, එ කල්හි බැහැර කරණ ලද්දේ (කෘමිගණාදි) මෙරමා හට බත් ව අචේතන ව හොවී යි (දකියි)
(5) එතාදිසායං සන‍්තානො මායායං බාලලාපිනී, වධකො එස අක‍්ඛාතො සාරො එත්‍ථ න විජ‍්ජති.
(5) (මළහු පිළිබඳ) මේ ප්‍රවේණිය (ක්‍රියාවලිය) මෙ බඳු ය. මේ විඥානය බාලයන් ලවා මැනැවැ යි කියවන මායවෙකි. තෙල ස්කන්‍ධ (ඔවුනොවුන් නසාලන අර්‍ත්‍ථයෙන්) වධයෙකැ යි පවසන ලදී. මෙහි හරයෙක් නැති.
(6) එවං ඛන්‍ධෙ අවෙක‍්ඛෙය්‍ය භික‍්ඛු ආරද‍්ධවිරියො, දිවා වා යදි වා රත‍්ති සම‍්පජානො පතිස‍්සතො.
(6) ඇරැඹූ වෙර ඇති මහණ ඉඳින් දහවල් හෝ රැය හෝ මනා නුවණ ඇත්තේ එළඹ සිටි සිහි ඇත්තේ ස්කන්‍ධයන් මෙසේ බලන්නේ යි.
(7) පජහෙ සබ‍්බසංයොගං කරෙය්‍ය සරණත‍්තනො, චරෙය්‍යාදිත‍්තසීසොව පත්‍ථයං අච‍්චුතං පදන‍්ති.
(7) අච්‍යුත සඞ්ඛ්‍යාත නිවන පතනුයේ සියලු සංයෝජන දුරු කරන්නේ යැ, තමහට පිහිටක් කර ගන්නේ යැ, හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ යි.