නඛසිඛොපම සුත‍්තං
1. 2. 5. 5.
1. 2. 5. 5.
නඛසිඛොපම සුත‍්තං
නඛසිඛොපම සූත්‍රය
97. සාවත්‍ථියං:
97. සැවැත්නුවර:
එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු, භගවන‍්තං එතදවොච:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
“අත්‍ථි නු ඛො භන‍්තෙ, කිඤ‍්චි රූපං යං රූපං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සති? අත්‍ථි නු ඛො භන‍්තෙ, කාචි වෙදනා -පෙ- කාචි සඤ‍්ඤා -පෙ- අත්‍ථි නු ඛො භන‍්තෙ, කෙචි සඞ‍්ඛාරා -පෙ- අත්‍ථි නු ඛො භන‍්තෙ, කිඤ‍්චි විඤ‍්ඤාණං යං විඤ‍්ඤාණං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සතීති?
වහන්ස, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස ... කිසි සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් ඇද්දැ” යි.
නත්‍ථි ඛො භික‍්ඛු, කිඤ‍්චි රූපං යං රූපං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සති. නත්‍ථි ඛො භික‍්ඛු, කාචි වෙදනා -පෙ- නත්‍ථි ඛො භික‍්ඛු, කාචි සඤ‍්ඤා -පෙ- නත්‍ථි ඛො භික‍්ඛු, කෙචි සඞ‍්ඛාරා -පෙ- නත්‍ථි ඛො භික‍්ඛු, කිඤ‍්චි විඤ‍්ඤාණං යං විඤ‍්ඤාණං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සතීති.
මහණ, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් නැත් ම යැ, මහණ, ... කිසි වේදනාවක් නැත්ම යැ, මහණ, ... කිසි සංඥාවක් නැත් ම යැ, මහණ, ... කිසි සංස්කාර කෙනෙක් නැත් ම යැ, මහණ, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
අථ ඛො භගවා පරිත‍්තං නඛසිඛායං පංසුං ආරොපෙත්‍වා තං භික‍්ඛුං එතදවොච: “එත‍්තකම‍්පි ඛො භික‍්ඛු, රූපං නත්‍ථි නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සති. එත‍්තකම‍්පි චෙ භික‍්ඛු, රූපං අභවිස‍්ස නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං, නයිදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යස‍්මා ච ඛො භික‍්ඛු, එත‍්තකම‍්පි රූපං නත්‍ථි නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, එත‍්තකාපි ඛො භික‍්ඛු, වෙදනා නත්‍ථි නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා සස‍්සතිසමං තථෙව ඨස‍්සති. එත‍්තකාපි චෙ භික‍්ඛු, වෙදනා අභවිස‍්ස නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා, නයිදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යස‍්මා ච ඛො භික‍්ඛු, එත‍්තිකාපි වෙදනා නත්‍ථි නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා, තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. එත‍්තිකාපි ඛො භික‍්ඛු, සඤ‍්ඤා නත්‍ථි -පෙ- එත‍්තකා පි ඛො භික‍්ඛු, සඞ‍්ඛාරා නත්‍ථි නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා සස‍්සතිසමං තථෙව ඨස‍්සන‍්ති, එත‍්තකාපි භික‍්ඛු, සඞ‍්ඛාරා අභවිස‍්සංසු නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා, නයිදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළෙහි නගා ඒ මහණහට තෙල වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයෙකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොපෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූ ද රූපයෙක් නැද්ද, ඒ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද වේදනාවක් නැත. මහණ, ඉදින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. මහණ, මෙ පමණ වූ ද සංඥාවක් නැත. ... මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද සංස්කාරකෙනෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් ඉදින් වූහු නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ
යස‍්මා ච ඛො භික‍්ඛු එත‍්තකාපි සඞ‍්ඛාරා නත්‍ථි නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිනාමධම‍්මා තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. එත‍්තකම‍්පි ඛො භික‍්ඛු විඤ‍්ඤාණං නත්‍ථි නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං සස‍්සතිසමං තථෙව ඨස‍්සති. එත‍්තකම‍්පි චෙ භික‍්ඛු, විඤ‍්ඤාණං අභවිස‍්ස නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං, නයිදං බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායෙථ සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යස‍්මා ච ඛො භික‍්ඛු, එත‍්තකම‍්පි විඤ‍්ඤාණං නත්‍ථි නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං, තස‍්මා බ්‍රහ‍්මචරියවාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛක‍්ඛයාය.
නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් නැත්තාහු ද එහෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම පැනෙයි. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද විඥානයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් නැද්ද, එ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
තං කිං මඤ‍්ඤසි භික‍්ඛු, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති?
මහණ, ඒ කිමැ යි හඟිහි ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
අනිච‍්චං භන‍්තෙ -පෙ- .
වහන්ස, අනිත්‍ය ය.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති?
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
අනිච‍්චං භන‍්තෙ -පෙ- .
වහන්ස, අනිත්‍ය ය.
තස‍්මාතිහ භික‍්ඛු -පෙ- එවං පස‍්සං භික‍්ඛු, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
මහණ, එ හෙයින් මෙහිලා ... මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ... මේ බැව් පිණිස අනෙකක් නැතැ”යි දැනගනී යි.