යෙදුමෙන් කියවන්න

9. අසුභසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. අසුභසුත‍්තවණ‍්ණනා

9. අසුභ සූත්‍ර වර්ණනාව

නවමෙ වෙසාලියන‍්ති එවංනාමකෙ ඉත්‍ථිලිඞ‍්ගවසෙන පවත‍්තවොහාරෙ නගරෙ. තඤ‍්හි නගරං තික‍්ඛත‍්තුං පාකාරපරික‍්ඛෙපවඩ‍්ඪනෙන විසාලීභූතත‍්තා වෙසාලීති වුච‍්චති. ඉදම‍්පි ච නගරං සබ‍්බඤ‍්ඤුතං පත‍්තෙයෙව සම‍්මාසම‍්බුද‍්ධෙ සබ‍්බාකාරවෙපුල‍්ලතං පත‍්තන‍්ති වෙදිතබ‍්බං. එවං ගොචරගාමං දස‍්සෙත්‍වා නිවාසට‍්ඨානමාහ මහාවනෙ කූටාගාරසාලායන‍්ති. තත්‍ථ මහාවනං නාම සයංජාතං අරොපිමං සපරිච‍්ඡෙදං මහන‍්තං වනං. කපිලවත්‍ථුසාමන‍්තා පන මහාවනං හිමවන‍්තෙන සහ එකාබද‍්ධං අපරිච‍්ඡෙදං හුත්‍වා මහාසමුද‍්දං ආහච‍්ච ඨිතං. ඉදං තාදිසං න හොති, සපරිච‍්ඡෙදං මහන‍්තං වනන‍්ති මහාවනං. කූටාගාරසාලා පන මහාවනං නිස‍්සාය කතෙ ආරාමෙ කූටාගාරං අන‍්තොකත්‍වා හංසවට‍්ටකච‍්ඡන‍්නෙන කතා සබ‍්බාකාරසම‍්පන‍්නා බුද‍්ධස‍්ස භගවතො ගන්‍ධකුටීති වෙදිතබ‍්බා.

නව වැන්නෙහි - වෙසාලියං = මෙම නම ඇති ස්ත්‍රී ලිංගික නාමයක් වශයෙන් ව්‍යවහාරයට පැමිණි නගරයෙහි. ඒ නගරය වනාහී තුන්වරක්ම ප්‍රාකාර වළල්ල වර්ධනය කිරීමෙන් විශාල වී ඇති බැවින් “වේසාලි” යයි කියනු ලැබේ. මේ නගරයද සම්මා සම්බුදු රජාණන් වහන්සේ සර්වඥභාවයට පැමිණි කල්හිම සියලු අයුරින් විශාලත්වයට පැමිණියේ යයි දත යුතුය. මෙසේ ගොදුරු ගම පෙන්වා වාසය කරන ස්ථානය (මේ අයුරින්) කීය. මහාවනෙ කූටාගාර සාලායං = එහි “වනය” නම් ඉබේ හට ගත්තාවූ, (අන් අය විසින්) රෝපණය නොකරන ලද්දාවූ, වෙන් වී ඇති මහ වනයයි. කපිලවස්තු පුරය අසලින් මහවනය හිමවත සමග ඒකාබද්ධ කොටසක් බවට පත් වී (පසෙකින්) මහ සමුදුර දක්වා සීමා වී පැවතියේය. මෙය එවැන්නක් නොවේ. වෙන්ව පිහිටියාවූ විශාල වූ වනය යන අදහසින් “මහාවන” යයි යෙදේ. “කූටාගාරසාලා” යනු මහවනය ඇසුරු කොට කරන ලද ආරාමයෙහි කූටාගාරය (මුදුනක් සහිත ගෙය) පියස්සෙන් යුතුව කරන ලද, සර්ව ප්‍රකාරයෙන් සම්පූර්ණ වූ, භාග්‍යවත් බුදුන් වහන්සේ ගේ ගන්ධ කුටිය යයි දත යුත්තේය.

අනෙකපරියායෙන අසුභකථං කථෙතීති අනෙකෙහි කාරණෙහි අසුභාකාරසන්‍දස‍්සනප‍්පවත‍්තං කායවිච‍්ඡන්‍දනීයකථං කථෙති. සෙය්‍යථිදං – අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා…පෙ… මුත‍්තන‍්ති. කිං වුත‍්තං හොති? භික‍්ඛවෙ, ඉමස‍්මිං බ්‍යාමමත‍්තෙ කළෙවරෙ සබ‍්බාකාරෙනපි විචිනන‍්තො න කොචි කිඤ‍්චි මුත‍්තං වා මණිං වා වෙළුරියං වා අගරුං වා චන්‍දනං වා කුඞ‍්කුමං වා කප‍්පුරං වා වාසචුණ‍්ණාදිං වා අණුමත‍්තම‍්පි සුචිභාවං පස‍්සති, අථ ඛො පරමදුග‍්ගන්‍ධං ජෙගුච‍්ඡඅස‍්සිරිකදස‍්සනං කෙසලොමාදිනානප‍්පකාරං අසුචිමෙව පස‍්සති, තස‍්මා න එත්‍ථ ඡන්‍දො වා රාගො වා කරණීයො. යෙපි උත‍්තමඞ‍්ගෙ සිරසි ජාතා කෙසා නාම, තෙපි අසුභා චෙව අසුචිනො ච පටිකූලා ච. සො ච නෙසං අසුභාසුචිපටිකූලභාවො වණ‍්ණතොපි සණ‍්ඨානතොපි ගන්‍ධතොපි ආසයතොපි ඔකාසතොපීති පඤ‍්චහාකාරෙහි වෙදිතබ‍්බො. එවං ලොමාදීනම‍්පීති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.307) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ඉති භගවා එකමෙකස‍්මිං කොට‍්ඨාසෙ පඤ‍්චපඤ‍්චප‍්පභෙදෙන අනෙකපරියායෙන අසුභකථං කථෙති.

අනෙක පරියායෙන අසුභ තථං කථෙති = බොහෝ කරුණුවලින් අසුභ වූ ආකාරයන් දක්වමින් පැවති ශරීරය අවසන් කළ යුතුය යන කථාව කියයි. කෙසේද යත්: කයෙහි කෙස්, ලොම්, නිය, දත් -පෙ- මුත්‍ර යන මේවා ඇතැයි කියයි. කුමක් කියන ලද්දේ වේද? මහණෙනි, බඹයක් පමණ වූ මේ ශරීරයෙහි මහත් ආදරයකින් සොයා බලන්නේ නමුදු කිසිවෙක් හෝ කිසියම් මුතු හෝ මැණික් හෝ වෛරෝඩි හෝ අගිල් හෝ සඳුන් හෝ කොකුම් හෝ කපුරු හෝ සුවඳ කුඩු හෝ ස්වල්පවූ පිරිසිදු දෙයක් හෝ නො දකිති. එහෙත් ඉතා දුගඳ වූ පිළිකුල් වූ දැකීමට අප්‍රියවූ කෙසේ, නිය, ලොම් ආදී විවිධ අපිරිසිදු දෙයම දකිති. එබැවින් මෙහි කැමැත්තක් හෝ ඇලීමක් හෝ නොකළ යුතුය. හිස් මුදුනෙහි උපන් “කෙස්” නම් වූ යමක් වේද ඒවාද අසුබ අපිරිසිදු පිළිකුල් සහිතම වේ. ඒවායේ එම අසුබ, අපිරිසිදු, පිළිකුල් බව වර්ණයෙන් ද, සලකුණින් ද, ගඳින් ද, පිහිටීමෙන් ද, අවකාශයෙන් ද යන පස් ආකාරයෙන් දත යුතුය. මෙසේ “ලොම්” ආදිය පිළිබඳව ද සංක්ෂේප හැඳින්වීම මෙසේ වේ. විස්තරය වනාහී විශුද්ධි මාර්ගයෙහි කියන ලද පිළිවෙළින්ම දත යුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එක් එක් කොට්ඨාශයෙහි පහ පහ බැගින් වූ විවිධ ආකාරයෙන් අසුබය පිළිබඳ කථාව කියන සේක.

අසුභාය වණ‍්ණං භාසතීති උද‍්ධුමාතකාදිවසෙන අසුභමාතිකං නික‍්ඛිපිත්‍වා පදභාජනීයෙන තං විභජන‍්තො වණ‍්ණෙන‍්තො අසුභාය වණ‍්ණං භාසති. අසුභභාවනාය වණ‍්ණං භාසතීති යා අයං කෙසාදීසු වා උද‍්ධුමාතකාදීසු වා අජ‍්ඣත‍්තබහිද‍්ධාවත්‍ථූසු අසුභාකාරං ගහෙත්‍වා පවත‍්තස‍්ස චිත‍්තස‍්ස භාවනා වඩ‍්ඪනා ඵාතිකම‍්මං, තස‍්සා අසුභභාවනාය ආනිසංසං දස‍්සෙන‍්තො වණ‍්ණං භාසති, ගුණං පරිකිත‍්තෙති. සෙය්‍යථිදං – “අසුභභාවනාභියුත‍්තො, භික‍්ඛවෙ, භික‍්ඛු කෙසාදීසු වා වත්‍ථූසු උද‍්ධුමාතකාදීසු වා පඤ‍්චඞ‍්ගවිප‍්පහීනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං තිවිධකල්‍යාණං දසලක‍්ඛණසම‍්පන‍්නං පඨමජ‍්ඣානං පටිලභති. සො තං පඨමජ‍්ඣානසඞ‍්ඛාතං චිත‍්තමඤ‍්ජූසං නිස‍්සාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා උත‍්තමත්‍ථං අරහත‍්තං පාපුණාතී”ති.

අසුභාය වණ්ණාජ භාසති = ඉදිමුම් ආදී වශයෙන් අසුභ වූ මළසිරුර අත්හැර දමා පද බෙදිය යුතු තැන්හිදී ඒ ඒ (පද) බෙදමින් විස්තර කරමින් අසුබයෙහි වර්ණනාව කරයි. අසුභ භාවනාය වණ්ණං භාසති = කෙස් ආදියෙහි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ ආධ්‍යාත්මික බාහිර වස්තූන්හි අසුබවූ ආකාරය ගෙන පවතින්නාවූ සිතේ භාවනා කර්මය වැඩෙන්නේය. ඔහුට අසුභ භාවනාවෙහි ආනිසංසය දක්වමින් වර්ණනා කරයි, ගුණය විස්තර කරයි. කෙසේද යත්:- මහණෙනි, අසුභ භාවනාවෙහි නියුතු වූ භික්ෂුව කෙස් ආදී වස්තූන්හි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ පංචාංග රහිත වූ ද, පංචාංග සහිත වූ ද, තුන් ආකාරයකින් යහපත් වූ ද, දසවිධ ලක්ෂණයෙන් යුක්තවූ ද ප්‍රථම ධ්‍යානය උපදවා ගනියි. හේ තෙමේ ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත වූ එම චිත්ත මංජුසාව හේතුකොට ගෙන විදර්ශනා වඩා උතුම් වූ රහත් බවට පැමිණෙන්නේය.

ඉච‍්ඡාමහං, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුන‍්ති අහං, භික‍්ඛවෙ, එකං අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුං නිලීයිතුං එකකොව හුත්‍වා විහරිතුං ඉච‍්ඡාමීති අත්‍ථො. නාම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනාති යො අත‍්තනා පයුත‍්තවාචං අකත්‍වා මමත්‍ථාය සද‍්ධෙසු කුලෙසු පටියත‍්තපිණ‍්ඩපාතං නීහරිත්‍වා මය‍්හං උපනාමෙති, තං පිණ‍්ඩපාතනීහාරකං එකං භික‍්ඛුං ඨපෙත්‍වා නාම‍්හි අඤ‍්ඤෙන කෙනචි භික‍්ඛුනා වා ගහට‍්ඨෙන වා උපසඞ‍්කමිතබ‍්බොති.

ඉච්ඡාමහං භික්‍ඛවෙ අඩ්ඪමාසං පටිසල්ලීයිතුං = මහණෙනි, මම එක් අඩමසක් විවේකයෙන් විසීමට, වෙන්ව විසීමට, හුදෙකලා වී විසීමට කැමැත්තෙමි යන අර්ථයයි. නම්හිකෙනච් උපසඞ්කමිතබ්බො අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාත නීහාරකෙන = යමකු තමා ඉටු කිරීමට බැඳී සිටින පොරොන්දුව ඉටු නොකොට මා සඳහා සැදැහැවත් කුලයන්හි පිළියෙළ කරන ලද පිණ්ඩපාතය ගෙනැවිත් මා හට ලබා දෙන්නේ ද, පිණ්ඩපාතය ගෙන එන එම එකම භික්ෂුව හැර වෙනත් අන් කිසි භික්ෂුවක් හෝ ගිහියකු හෝ නොපැමිණිය යුතුය.

කස‍්මා පන එවමාහාති? අතීතෙ කිර පඤ‍්චසතා මිගලුද‍්දකා මහතීහි දණ‍්ඩවාගුරාදීහි අරඤ‍්ඤං පරික‍්ඛිපිත්‍වා හට‍්ඨතුට‍්ඨා එකතොයෙව යාවජීවං මිගපක‍්ඛිඝාතකම‍්මෙන ජීවිකං කප‍්පෙත්‍වා නිරයෙ උප‍්පන‍්නා. තෙ තත්‍ථ පච‍්චිත්‍වා පුබ‍්බෙ කතෙන කෙනචිදෙව කුසලකම‍්මෙන මනුස‍්සෙසු උප‍්පන‍්නා කල්‍යාණූපනිස‍්සයවසෙන සබ‍්බෙපි භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච ලභිංසු. තෙසං තතො මූලාකුසලකම‍්මතො අවිපක‍්කවිපාකා අපරාපරචෙතනා තස‍්මිං අඩ‍්ඪමාසබ‍්භන‍්තරෙ අත‍්තූපක‍්කමෙන ච පරූපක‍්කමෙන ච ජීවිතූපච‍්ඡෙදාය ඔකාසමකාසි. තං භගවා අද‍්දස. කම‍්මවිපාකො ච නාම න සක‍්කා කෙනචි පටිබාහිතුං. තෙසු ච භික‍්ඛූසු පුථුජ‍්ජනාපි අත්‍ථි, සොතාපන‍්නසකදාගාමිඅනාගාමිඛීණාසවාපි. තත්‍ථ ඛීණාසවා අප‍්පටිසන්‍ධිකා, ඉතරෙ අරියසාවකා නියතගතිකා සුගතිපරායණා, පුථුජ‍්ජනානං ගති අනියතා.

කුමක් නිසා මෙසේ වදාළෝද යත් - පෙර කලෙක පන්සියයක් මුව වැද්දෝ දඩු හා දැල් ආදියෙන් වනය වට කොට තුටු පහටු වී එක තැනක සිට දිවි ඇති තෙක් මුවන් හා පක්‍ෂීන් ඝාතනය කිරීමෙන් ජීවිකාව සිදුකොට නිරයෙහි උපන්හ. ඔව්හු එම නිරයෙහි පැසී පෙර කරන ලද කිසියම් වූ කුශල කර්මයකින් මිනිස් ලොව උපන්හ. යහපත් ඇසුරක් හේතු කොට ගෙන ඒ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ද, උපසම්පදාව ද ලැබූහ. ඔවුන්ගේ එම මුල් අකුසල කර්මයෙන් විපාක නොදී ඉතිරිවූ, භවයෙන් භවය පැමිණි කර්ම චේතනාවන් එම අඩ මස ඇතුළත තමන්ගේම ක්‍රියාවන් මගින් ද, අනුන්ගේ ක්‍රියාවන් මගින් ද ජීවිත වැනසී යාමට අවස්ථා ඇති වී තිබේ. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. කර්ම විපාකය නම් කිසිවකු විසින් හෝ වැළැක්වීමට නොහැක්කේය. ඒ භික්ෂූන් අතරෙහි වූ කලී පෘථග්ජනයෝ ද, සෝවාන් සකෘදාගාමී, අනාගාමි අර්හත් යන ඵල ලාභීහු ද වෙති. එහි ක්ෂීණාශ්‍රවයෝ පිළි සිඳීම් රහිත වෙති. ඉතිරි ආර්ය ශ්‍රාවකයෝ නැවත උපදින තැන නියත වී ඇත්තාහුය. පුහුදුන් අයගේ උත්පත්ති භවයන් නියත නැත.

අථ භගවා චින‍්තෙසි – “ඉමෙ අත‍්තභාවෙ ඡන්‍දරාගෙන මරණභයභීතා න සක‍්ඛිස‍්සන‍්ති ගතිං විසොධෙතුං, හන්‍ද නෙසං ඡන්‍දරාගප‍්පහානාය අසුභකථං කථෙමි. තං සුත්‍වා අත‍්තභාවෙ විගතච‍්ඡන්‍දරාගතාය ගතිවිසොධනං කත්‍වා සග‍්ගෙ පටිසන්‍ධිං ගණ‍්හිස‍්සන‍්ති, එවං තෙසං මම සන‍්තිකෙ පබ‍්බජ‍්ජා සාත්‍ථිකා භවිස‍්සතී”ති. තතො තෙසං අනුග‍්ගහාය අසුභකථං කථෙසි කම‍්මට‍්ඨානසීසෙන, නො මරණවණ‍්ණසංවණ‍්ණනාධිප‍්පායෙන. කථෙත්‍වා ච පනස‍්ස එතදහොසි – “සචෙ ඉමං අඩ‍්ඪමාසං මං භික‍්ඛූ පස‍්සිස‍්සන‍්ති, ‘අජ‍්ජ එකො භික‍්ඛු මතො, අජ‍්ජ ද‍්වෙ…පෙ… අජ‍්ජ දසා’ති ආගන‍්ත්‍වා ආරොචෙස‍්සන‍්ති, අයඤ‍්ච කම‍්මවිපාකො න සක‍්කා මයා වා අඤ‍්ඤෙන වා පටිබාහිතුං, ස‍්වාහං තං සුත්‍වාපි කිං කරිස‍්සාමි, කිං මෙ අනත්‍ථකෙන අනයබ්‍යසනෙන සුතෙන, හන්‍දාහං භික‍්ඛූනං අදස‍්සනං උපගච‍්ඡාමී”ති. තස‍්මා එවමාහ – “ඉච‍්ඡාමහං, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුං, නාම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනා”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. කෙසේද යත්, “මොව්හු මේ ආත්ම භාවයෙහි ආශාව නිසා මරණ බියෙන් බියපත් වූවාහු මතු භවයට යන ගමන පිරිසිදු කර ගැනීමට නො හැකිවන්නාහුය. එබැවින් ඔවුන් හට භව ආශාව ප්‍රහීන වනු පිණිස අසුබ බව පිළිබඳ කථාව කියමි. එය අසා ආත්ම භාවයෙහි ආශාව පහවීමෙන් භව ගමන පිරිසිදු කොට ස්වර්ගයෙහි පිළිසිඳ ගන්නාහුය. මෙසේ ඔවූන්හට මා වෙත පැවිදි වීම අර්ථවත් වන්නේය.” යනුයි. ඉක්බිති ඔවුන් හට අනුග්‍රහ පිණිස අසුබ බව පිළිබඳ කථාව වදාළහ. එයද කමටහන් පිළිබඳ අරමුණින් මිස මරණය පිළිබඳව වර්ණනා කිරීමේ අදහසින් නොවේ. දේශනා කිරීමෙන් පසු උන්වහන්සේට මෙසේ අදහස් විය. කෙසේද යත් : “ඉදින් අඩ මසකදී භික්ෂූහු මා දකිත් ද, (අතර කාලයෙහිදී) පැමිණ අද එක් භික්ෂු නමක් මිය ගියේය. අද දෙනමක් ද -පෙ- අද දස නමක්ද මිය ගියහ ආදී වශයෙන් දැනුම් දෙති. මා විසින් හෝ අන් අයකු විසින් හෝ මෙම කර්ම විපාකය වැළැක්විය නොහැක්කේය. මම එය අසා වුවද කුමක් කරන්නෙම් ද? අනර්ථකාරී වූ ව්‍යසනයක් ශ්‍රවණය කිරීමෙන් කුමක් සිදුවේද? ඒ නිසා මම භික්ෂූන්හට නො පෙනෙන තැනක් වෙත යා යුතු වෙමි” යනුයි. එබැවින් මෙසේ වදාළහ. “මහණෙනි. මම අඩමසක් විවේකීව විසීමට කැමැත්තෙමි, පිණ්ඩපාතය ගෙන එන්නාවූ එක් අයකු හැර වෙනත් කිසිවකු පැමිණිය යුතු නොවේ.”

අපරෙ පනාහු – “පරූපවාදවිවජ‍්ජනත්‍ථං එවං වත්‍වා පටිසල‍්ලීනො”ති. පරෙ කිර භගවන‍්තං උපවදිස‍්සන‍්ති – “අයං ‘සබ‍්බඤ‍්ඤූ අහං සද‍්ධම‍්මවරචක‍්කවත‍්තී’ති පටිජානමානො අත‍්තනොපි සාවකෙ අඤ‍්ඤමඤ‍්ඤං ඝාතෙන‍්තෙ නිවාරෙතුං න සක‍්කොති, කිං අඤ‍්ඤං සක‍්ඛිස‍්සතී”ති? තත්‍ර පණ‍්ඩිතා වක‍්ඛන‍්ති – “භගවා පටිසල‍්ලානමනුයුත‍්තො න ඉමං පවත‍්තිං ජානාති, කොචිස‍්ස ආරොචයිතාපි නත්‍ථි, සචෙ ජානෙය්‍ය අද‍්ධා නිවාරෙය්‍යා”ති. ඉදං පන ඉච‍්ඡාමත‍්තං, පඨමමෙවෙත්‍ථ කාරණං. නාස‍්සුධාති එත්‍ථ අස‍්සුධාති පදපූරණමත‍්තෙ අවධාරණත්‍ථෙ වා නිපාතො, නෙව කොචි භගවන‍්තං උපසඞ‍්කමීති අත්‍ථො.

අනුන්ගෙන් එල්ල වන දෝෂාරෝපණ දුරු කිරීම පිණිස මෙසේ කියා හුදෙකලාවූහයි අන් අය කීහ. “මම සර්වඥ වෙමි, මම සද්ධර්ම වර චක්‍රවර්ති වෙමි” යි තමා හඳුන්වා ගනිමින් මුන්වහන්සේ තමාගේ ශ්‍රාවකයන් එකිනෙකා ඝාතනය වන කල්හි එය වැළැක්වීමට නොහැක්කේ වෙයි. වෙනත් කුමක් නම් හැකි වන්නේ දැයි කියමින් බාහිර අය භාග්‍යවතුන් වහන්සේට අපවාද කියත්. එහිදී උගත් පුද්ගලයෝ මෙසේ කියති. “භාග්‍යවතුන් වහන්සේ විවේකීව හිඳිනා සේක් මේ පුවත නොදනිති, උන්වහන්සේට දැනුම් දෙන්නාවූ වෙනත් කිසිවෙක්ද නැත, ඉදින් දනිත් නම් ඒකාන්තයෙන් එය වළක්වන්නාහ” මේ කැමති වීම පමණක්ම (හෙවත් ඉචඡා මාත්‍රයම) මෙහි මුල්ම කාරණයයි. නාස්සුධා මෙහි අස්සුධා යනු පද පූරණ මාත්‍රයෙහි හෝ අවධාරණ මාත්‍රයෙහි නිපාතයකි. කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙත් ම ය.

අනෙකෙහි වණ‍්ණසණ‍්ඨානාදීහි කාරණෙහි වොකාරො අස‍්සාති අනෙකාකාරවොකාරො. අනෙකාකාරවොකිණ‍්ණො අනෙකාකාරෙන සම‍්මිස‍්සොති වුත‍්තං හොති. කො සො? අසුභභාවනානුයොගො, තං අනෙකාකාරවොකාරං. අසුභභාවනානුයොගමනුයුත‍්තා විහරන‍්තීති යුත‍්තප‍්පයුත‍්තා විහරන‍්ති. අට‍්ටීයමානාති තෙන කායෙන අට‍්ටා දුක‍්ඛිතා හොන‍්ති. හරායමානාති ලජ‍්ජමානා. ජිගුච‍්ඡමානාති ජිගුච‍්ඡං උප‍්පාදයමානා. සත්‍ථහාරකං පරියෙසන‍්තීති ජීවිතහරණකසත්‍ථං පරියෙසන‍්ති. න කෙවලඤ‍්ච තෙ සත්‍ථං පරියෙසිත්‍වා අත‍්තනා වා අත‍්තානං ජීවිතා වොරොපෙන‍්ති, මිගලණ‍්ඩිකම‍්පි පන සමණකුත‍්තකං උපසඞ‍්කමිත්‍වා, “සාධු නො, ආවුසො, ජීවිතා වොරොපෙහී”ති වදන‍්ති. එත්‍ථ ච අරියා නෙව පාණාතිපාතං කරිංසු, න සමාදපෙසුං, න සමනුඤ‍්ඤා අහෙසුං. පුථුජ‍්ජනා පන සබ‍්බමකංසු.

නොයෙක් වර්ණ සටහන් ආදී කරුණුවලින් ලාමක බවක් සිදු විය හැක්කේය. අනේකාකාර වොකාරො නොයෙක් අයුරින් ගැවසීගත්, නොයෙක් කරුණු මිශ්‍ර වූයේයයි කියන ලදී. ඒ කවරෙක්ද? අසුභ භාවනාවෙහි යෙදී සිටින තැනැත්තා. එය අනෙකාකාර ආකාරං අසුභ භාවනානුයොග මනුයුත්තා විහරන්ති = යොදන ලදුව, වඩාත් දැඩිසේ යොදන ලදුව වාසය කරත්. අට්ඨීයමානා = එම ශරීරයෙන් දුකට පත්වූවෝ වෙත්. හරායමානා = ලජ්ජාවෙමින් ජිගුච්ඡමානා = පිළිකුළ උපදවමින් සත්‍ථහාරකං පරියෙසන්ති = දිවි තොර කරවන ආයුධයක් පරීක්ෂා කරත්. හුදෙක් ආයුධය පිරික්සා තමාම තමා ජීවිතයෙන් තොර කරත්. මුවවසුරු පිඩක් සේ අගයෙන් තොර දුසිල්ශ්‍රමණයකු කරා එළඹ ඇවැත්නි, අප ජීවිතයෙන් තොර කරනු යහපතැයි කියත් ද. මෙහිදීද ආර්යයන් වහන්සේ පාණාතිපාතය නොමකළහ. සමාදන් ද නොවූහ. එකඟ ද නොවූහ. පුහුදුන් අය වනාහී සියල්ලම කළහ.

පටිසල‍්ලානා වුට‍්ඨිතොති තෙසං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං ජීවිතක‍්ඛයප‍්පත‍්තභාවං ඤත්‍වා තතො එකීභාවතො වුට‍්ඨිතො ජානන‍්තොපි අජානන‍්තො විය කථාසමුට‍්ඨාපනත්‍ථං ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි. කිං නු ඛො, ආනන්‍ද, තනුභූතො විය භික‍්ඛුසඞ‍්ඝොති ඉතො, ආනන්‍ද, පුබ‍්බෙ බහූ භික‍්ඛූ එකතො උපට‍්ඨානං ආගච‍්ඡන‍්ති, උද‍්දෙසං පරිපුච‍්ඡං ගණ‍්හන‍්ති, සජ‍්ඣායන‍්ති, එකපජ‍්ජොතො විය ආරාමො දිස‍්සති. ඉදානි පන අඩ‍්ඪමාසමත‍්තස‍්ස අච‍්චයෙන තනුභූතො විය තනුකො මන්‍දො අප‍්පකො විරළො විය ජාතො භික‍්ඛුසඞ‍්ඝො. කිං නු ඛො කාරණං? කිං දිසාසු පක‍්කන‍්තා භික‍්ඛූති?

පතිසල්ලානා වුට්ඨිතො = එම පන්සියයක් භික්ෂූන්ගේ ජීවිත කාලය ක්ෂය වීමට පැමිණි බව දැන එම ඒකී භාවයෙන් නැඟී සිටි සේක් දන්නාහු නමුදු නො දන්නාක්හු මෙන් කථාව ආරම්භ කිරීම පිණිස ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූහ. කිං නුඛො ආනන්‍ද, තනුභූතො විය භික්‍ඛු සංඝො = ආනන්දයෙනි, මින්පෙර බොහෝ භික්ෂූහු එකතු වී උපස්ථානය පිණිස පැමිණෙති. උදෙසීම, ප්‍රශ්න කිරීම කරගණිති. ආරාමය එකම පහනක් මෙන් දිස්වෙයි. දැන් අඩමසක් පමණ ඇවෑමෙන් පසු තුනී වූවාක් මෙනි. භික්ෂු සංඝයා අඩුවූයේ, මඳ වූයේ, අල්පවූයේ, විරල වූයේ මෙනි. කරුණ කුමක්ද? භික්ෂූහු බැහැර ගියාහුද? (යනුවෙන් විචාළහ)

අථායස‍්මා ආනන්‍දො කම‍්මවිපාකෙන තෙසං ජීවිතක‍්ඛයප‍්පත‍්තිං අසල‍්ලක‍්ඛෙන‍්තො අසුභකම‍්මට‍්ඨානානුයොගපච‍්චයා පන සල‍්ලක‍්ඛෙන‍්තො තථා හි පන, භන‍්තෙ භගවාතිආදිං වත්‍වා භික‍්ඛූනං අරහත‍්තප‍්පත‍්තියා අඤ‍්ඤං කම‍්මට‍්ඨානං යාචන‍්තො, සාධු, භන‍්තෙ, භගවාතිආදිමාහ. තස‍්සත්‍ථො – සාධු, භන‍්තෙ, භගවා අඤ‍්ඤං කාරණං ආචික‍්ඛතු, යෙන භික‍්ඛුසඞ‍්ඝො අරහත‍්තෙ පතිට‍්ඨහෙය්‍ය. මහාසමුද‍්දං ඔරොහණතිත්‍ථානි විය අඤ‍්ඤානිපි දසානුස‍්සති, දසකසිණ, චතුධාතුවවත්‍ථාන, බ්‍රහ‍්මවිහාර, ආනාපානස‍්සතිපභෙදානි බහූනි නිබ‍්බානොරොහණකම‍්මට‍්ඨානානි සන‍්ති, තෙසු භගවා භික‍්ඛූ සමස‍්සාසෙත්‍වා අඤ‍්ඤතරං කම‍්මට‍්ඨානං ආචික‍්ඛතූති අධිප‍්පායො.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ඒ භික්ෂූන්ගේ ජීවිතක්‍ෂය වීම කර්ම විපාකයෙන් සිදුවූයේ යයි නො සලකමින් අසුබ කමටහනට අනුගත වීමේ හේතුවෙන් සිදුවූයේ යයි සලකා තථාහි පන භන්තෙ භගවා = (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එසේමය) යන ආදිය කියා භික්ෂූන්ගේ රහත් භාවයට පැමිණීම සඳහා අන් කමටහනක් ඉල්වනුයේ සාධු භන්තෙ භගවා යන ආදිය කීය. එහි අර්ථය නම් ස්වාමීනි, යම් කරුණකින් භික්ෂු සංඝයා රහත් බැව්හි පිහිටන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු අන් කරුණක් දේශනා කරන සේක්වා (යි ඉල්ලා සිටියේය) මහ සමුදුරට බසින තොටුපොළ වල් බොහෝ ඇත්තාක් මෙන් නිවනට පැමිණීම සඳහා දස අනුස්සති, දස කසිණ, චතු ධාතු වවත්‍ථාන, බ්‍රහ්මවිහාර, ආනාපාන සති ආදී ප්‍රභේද ඇති අන්‍යවූ බොහෝ කමටහන් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒවායින් භික්ෂූන් සනසවා වෙනත් කමටහනක් උගන්වන සේක්වා යන අදහසයි.

අථ භගවා තථා කාතුකාමො ථෙරං උය්‍යොජෙන‍්තො තෙනහානන්‍දාතිආදිමාහ. තත්‍ථ වෙසාලිං උපනිස‍්සායාති වෙසාලියං උපනිස‍්සාය සමන‍්තා ගාවුතෙපි අඩ‍්ඪයොජනෙපි යාවතිකා විහරන‍්ති, තෙ සබ‍්බෙ සන‍්නිපාතෙහීති අත්‍ථො. සබ‍්බෙ උපට‍්ඨානසාලායං සන‍්නිපාතෙත්‍වාති අත‍්තනා ගන‍්තුං යුත‍්තට‍්ඨානං සයං ගන‍්ත්‍වා අඤ‍්ඤත්‍ථ දහරභික‍්ඛූ පහිණිත්‍වා මුහුත‍්තෙනෙව අනවසෙසෙ භික‍්ඛූ උපට‍්ඨානසාලායං සමූහං කත්‍වා. යස‍්සදානි, භන‍්තෙ, භගවා කාලං මඤ‍්ඤතීති එත්‍ථ අයමධිප‍්පායො – භගවා භික‍්ඛුසඞ‍්ඝො සන‍්නිපතිතො, එස කාලො භික‍්ඛූනං ධම‍්මකථං කාතුං, අනුසාසනිං දාතුං, ඉදානි යස‍්ස තුම‍්හෙ කාලං ජානාථ, තං කාතබ‍්බන‍්ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එසේ කරනු කැමති වූ සේක් තෙරුන් උනන්දු කරවන්නාහු තෙනහානන්‍ද යන ආදිය දෙසූහ. එහි - වෙසාලිං උපනිස්සාය = වේසාලිය ඇසුරු කොට ඒ අවටින් ගවුවක් ප්‍රමාණයෙහි ද, අඩ යොදුනක් ප්‍රමාණයෙහිද යම් පමණ (භික්ෂූන්) වෙසෙත් ද ඒ හැම දෙන රැස් කරවන්නැයි යන අර්ථයයි. සබ්බෙ උපට්ඨාන සාලායං සන්නිපාතෙත්‍වා = තමා ම යා යුතු තැනට තමාම ගොස් අන් තැන්හි බාල භික්ෂූන් යවා මොහොතකින්ම සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවෙහි රැස් කරවා. යස්සදානි භන්තෙ භගවා කාලං මඤ්ඤති = මෙහි අදහස මෙසේ වේ : භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා රැස්වුහ. දැන් භික්ෂූන් හට ධර්ම කථාව දේශනා කිරීමට කැමතිවන ඔබ වහන්සේ ඒ සඳහා කල් දන්නා සේක්වා යි ඇරයුම් කළේය.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි, අයම‍්පි ඛො, භික‍්ඛවෙති. ආමන‍්තෙත්‍වා ච පන භික‍්ඛූනං අරහත‍්තප‍්පත‍්තියා පුබ‍්බෙ ආචික‍්ඛිතඅසුභකම‍්මට‍්ඨානතො අඤ‍්ඤං පරියායං ආචික‍්ඛන‍්තො ආනාපානස‍්සතිසමාධීතිආදිමාහ. තත්‍ථ ආනාපානස‍්සතිසමාධීති ආනාපානපරිග‍්ගාහිකාය සතියා සද‍්ධිං සම‍්පයුත‍්තො සමාධි, ආනාපානස‍්සතියං වා සමාධි, ආනාපානස‍්සතිසමාධි. භාවිතොති උප‍්පාදිතො වඩ‍්ඪිතො වා. බහුලීකතොති පුනප‍්පුනං කතො. සන‍්තො චෙව පණීතො චාති සන‍්තො චෙව පණීතො චෙව. උභයත්‍ථ එවසද‍්දෙන නියමො වෙදිතබ‍්බො. කිං වුත‍්තං හොති? අයඤ‍්හි යථා අසුභකම‍්මට‍්ඨානං කෙවලං පටිවෙධවසෙන සන‍්තඤ‍්ච පණීතඤ‍්ච, ඔළාරිකාරම‍්මණත‍්තා පන පටිකූලාරම‍්මණත‍්තා ච ආරම‍්මණවසෙන නෙව සන‍්තං න පණීතං, න එවං කෙනචි පරියායෙන අසන‍්තො වා අප‍්පණීතො වා, අපිච ඛො ආරම‍්මණසන‍්තතායපි සන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො, පටිවෙධසඞ‍්ඛාතාය අඞ‍්ගසන‍්තතායපි, ආරම‍්මණපණීතතාය පණීතො අතිත‍්තිකරො, අඞ‍්ගපණීතතායපීති. තෙන වුත‍්තං “සන‍්තො චෙව පණීතො චා”ති.

අථඛො භගවා භික්‍ඛු ආමනෙතසි අයම්පි ඛො භික්‍ඛවෙ = ආමන්ත්‍රණය කොට භික්ෂූන්ගේ රහත් බවට පැමිණීම පිණිස පෙර කියන ලද අසුබ කමටහනින් වෙනස්වූ පිළිවෙළක් කියන්නාහු ආනාපාන සති සමාධි යන ආදිය කීහ. එහි ආනාපාන සති සමාධි = ආශ්වාස ප්‍රශ්වාසය ග්‍රහණය කරගත් සිහිය සමග යෙදුණ සමාධිය හෝ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ සිහිකල්පනාව තුළ පිහිටුවා ගත් සමාධිය ආනාපාන සති සමාධියයි. භාවිතො = උපදවන ලද්දේ හෝ වර්ධනය කරන ලද්දේ. බහුලීකතො - නැවත නැවත කරන ලද්දේ සන්තො චෙව පණීතො ච = ශාන්ත වූයේ ද, ප්‍රණීත වූයේද වෙයි. මේ ස්ථාන දෙකෙහිම වචනයෙන් නියම තත්ත්වය දත යුතුයි. කුමක් කියන ලද්දේදයත් - යම් සේ මේ අසුබ කමටහන හුදෙක් අවබෝධ කිරීම් වශයෙන් ශාන්ත හා ප්‍රණීත වේද එසේම ඕළාරික (පහත්) අරමුණු ඇති බව ද, උපන් කෙණෙහි ලැබෙන අරමුණු ඇති බව ද යන කරුණු අරමුණු වශයෙන් ශාන්ත ද ප්‍රණීත ද නොවේ. මෙසේ කිසියම් පිළිවෙළකින් ශාන්ත නො වන්නේ හෝ ප්‍රණීත නොවන්නේ හෝ නොවේ. තවද අරමුණෙහි ශාන්ත භාවය හේතුවෙන් ද ශාන්ත වූයේ වෙයි, නිවුනේ වෙයි. අවබෝධ කර ගැනීම නම් වූ අංගයෙහි ශාන්ත භාවය හේතුවෙන් ද, අරමුණෙහි ප්‍රණීත භාවය හේතුවෙන් ද ප්‍රණීතවූයේ ද, ප්‍රණීතභාවය සඳහා තෘප්තියට පත් නොවූයේ ද වෙයි. එහෙයින් “සන්තො” (ශාන්තවූ) යනු ද, “පණීතො” (ප්‍රණීතවූ) යනු ද කියන ලදී.

අසෙචනකො ච සුඛො ච විහාරොති එත්‍ථ පන නාස‍්ස සෙචනන‍්ති අසෙචනකො, අනාසිත‍්තකො අබ‍්බොකිණ‍්ණො පාටියෙක‍්කො ආවෙණිකො, නත්‍ථි එත්‍ථ පරිකම‍්මෙන වා උපචාරෙන වා සන‍්තතා, ආදිසමන‍්නාහාරතො පභුති අත‍්තනො සභාවෙනෙව සන‍්තො ච පණීතො චාති අත්‍ථො. කෙචි “අසෙචනකො”ති අනාසිත‍්තකො ඔජවන‍්තො, සභාවෙනෙව මධුරො”ති වදන‍්ති. එවමයං අසෙචනකො ච අප‍්පිතප‍්පිතක‍්ඛණෙ කායිකචෙතසිකසුඛප‍්පටිලාභාය සංවත‍්තනතො සුඛො ච විහාරොති වෙදිතබ‍්බො.

අසෙචනකොච සුඛොච විහාරො = මෙහිදී වනාහී මෙයටවත් කිරීමක් (බැහැරින් මිශ්‍රකිරීමක්) නැත යන අරුතින් අසෙචනකො (රසවත්ව ඇත) අනාසිත්තකො, අබ්බොකිණ්ණො, පාටියෙකො, ආවෙණිකො යන පද යෙදේ. මෙහි මූලික කටයුතු හෝ කලින් කළයුතු ක්‍රියාවන් හෝ නැත. ශාන්ත භාවය ආදී සිත එක්තැන් කිරීම ආදි කොට ඇති තමාගේ ස්වභාවයෙන් ශාන්තවූයේ ද, ප්‍රණීතවූයේ ද වෙයි, යන අර්ථයයි. ඇතැමෙක් “අසෙචනක” යන පදය සඳහා වත් කිරීමක් නැත්තේ යයි ද, ඕජෝ ගුණ යුක්ත වූයේයයි ද, ස්වභාවයෙන්ම මිහිරි යයි ද යනුවෙන් අරුත් දක්වති. මෙසේ වත් කිරීම සිදුනොකළ යුතු (බැහැරින් එකතු නොකළ යුතු) ගත්ගත් කෙනෙහි කායික හා චෛතසික සුවය ලැබීම පිණිස පැවැත්මෙන් සුව විහරණය සිදුවේයයි දත යුතුය.

උප‍්පන‍්නුප‍්පන‍්නෙති අවික‍්ඛම‍්භිතෙ. පාපකෙති ලාමකෙ. අකුසලෙ ධම‍්මෙති අකොසල‍්ලසම‍්භූතෙ ධම‍්මෙ. ඨානසො අන‍්තරධාපෙතීති ඛණෙනෙව අන‍්තරධාපෙති වික‍්ඛම‍්භෙති. වූපසමෙතීති සුට‍්ඨු උපසමෙති, නිබ‍්බෙධභාගියත‍්තා අනුපුබ‍්බෙන අරියමග‍්ගවුද‍්ධිප‍්පත‍්තො සමුච‍්ඡින්‍දති, පටිප‍්පස‍්සම‍්භෙතීති වුත‍්තං හොති. ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙති ආසාළ‍්හමාසෙ. ඌහතං රජොජල‍්ලන‍්ති අට‍්ඨ මාසෙ වාතාතපසුක‍්ඛාය ගොමහිංසාදිපාදප‍්පහාරසම‍්භින‍්නාය පථවියා උද‍්ධං හතං ඌහතං ආකාසෙ සමුට‍්ඨිතං රජඤ‍්ච රෙණුඤ‍්ච. මහා අකාලමෙඝොති සබ‍්බං නභං අජ‍්ඣොත්‍ථරිත්‍වා උට‍්ඨිතො ආසාළ‍්හජුණ‍්හපක‍්ඛෙ සකලං අඩ‍්ඪමාසං වස‍්සනකමෙඝො. සො හි අසම‍්පත‍්තෙ වස‍්සකාලෙ උප‍්පන‍්නත‍්තා අකාලමෙඝොති ඉධ අධිප‍්පෙතො. ඨානසො අන‍්තරාධාපෙති වූපසමෙතීති ඛණෙනෙව අදස‍්සනං නෙති පථවියං සන‍්නිසීදාපෙති. එවමෙව ඛොති ඔපම‍්මනිදස‍්සනමෙතං. තතො පරං වුත‍්තනයමෙව.

උප්පන්නුප්පන්නෙ = යටපත් නො කරන ලද පාපකෙ = ලාමක බැව්හි අකුසලෙ ධම්මෙ = අදක්ෂ බව නිසා හටගත් තත්ත්වයන්හි. ඨානසො අන්තරධාපෙති = ක්ෂණයකින්ම අතුරුදන් කරයි, යටපත් කරයි. වූපසමෙති = මනාව සන්සිඳුවයි. තියුණු අවබෝධයක් සහිත බැවින් අනුපිළිවෙළින් ආර්ය මාර්ගය වර්ධනය කර ගත්තේ (ක්ලේශයන්) සිඳදමයි, යටපත් කරයි යනුවෙන් ද කියන ලදී. ගිම්හානං පචඡිමෙ මාසෙ = ඇසළ මාසයෙහි. ඌහතං රජො ජල්ලං = අඩමස තුළ වාතයෙන් හා අවුවෙන් වියළී ගියාවූ ද, ගව මහිෂ ආදීන්ගේ පා පහරින් බිඳී ගියාවූද පොළවෙහි බිඳීමෙන් උඩට නැගුණ යන අදහසින් “ඌහත” යයි යෙදේ. අහසෙහි නැගුණ රජස් දුවිලි. (යන අදහසයි) මහා අකාල මෙඝො = මුලු අහස වසාගෙන පැතිරී නැගී සිටින්නාවූ ද, ඇසළ මස පුර පස මුලු අසමසම වැසි වස්වන්නාවූ ද වළාකුළ එය වනාහී වැසි කාලය නො පැමිණි කල්හි ඇතිවූවක් බැවින් අකාල මේඝය යයි මෙහිදී අදහස් කරන ලදී. ඨානසො අන්තරධාපෙති වූපසමෙති = ක්ෂණයකින් ම නො පෙනෙන බවට පමුණුවයි, පොළවෙහි වැතිරිමට සලස්වයි. එවමෙව ඛො = මෙය උපමා නිදර්ශනයයි. ඉන් පසු (පෙර) කියන ලද පිළිවෙළම වේ.