අසුභසුත්තං
10. 1. 9.
10. 1. 9.
අසුභසුත්තං
අසුභ සූත්‍රය
3757. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ, අද්ධමාසං පතිසල්ලීයිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
3757. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් භික්ෂූන්ට අසුභකථා වදාරන සේක. අසුභයෙහි ගුණ කියන සේක, අසුභභාවනාවෙහි ගුණ කියන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් එකලා ව වෙසෙන්නට කැමති වෙමි. පිණ්ඩාපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
අථ ඛො තෙ භික්ඛූ, භගවා අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසතීති අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. තෙ ඉමිනා කායෙන අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. දස’පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති, වීසතිම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. තිංසම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති.
එකල්හි ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් අසුභකථා වදාරන සේක, අසුභයෙහි ගුණ කියන සේක, අසුභ භාවනාවෙහි ගුණ කියන සේකැ යි නොයෙක් කරුණෙන් ගැවසී ගත් අසුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මේකයින් පීඩිතවන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. විසි මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. තිස් මහණ කෙනෙක් ද එක්දවසින් අවි ගනිත්.
අථ ඛො භගවා තස්ස අද්ධමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නු ඛො ආනන්ද, තනුභූතො විය භික්ඛුසඞ්ඝො”ති. තථාහි පන භන්තෙ, භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති. තෙච භන්තෙ, භික්ඛු: “භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසතී’ති අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. තෙ ඉමිනා කායෙන අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. දස’පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති, වීසතිම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. තිංසම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. සාධු භන්තෙ, භගවා පරියායං ආචික්ඛතු යථා’යං භික්ඛුසඞ්ඝො අඤ්ඤාය සණ්ඨහෙය්යා”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යම්සේ මේ භික්ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”යි.
තෙනහානන්ද, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “සන්නිපතිතො භන්තෙ, භික්ඛුසඞ්ඝො යස්සදානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති.
ආනන්ද, එසේ වී නම් යම් තාක් භික්ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස්කරව යි. එසේ ය වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් තාක් භික්ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් නම් ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඔ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; “වහන්ස, බික් සඟන තෙමේ රැස් වූයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ”යි.
අථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති. සෙය්යථාපි භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ ඌහතං රජොජල්ලං, තමෙනං මහාඅකාලමෙඝො ඨානසො අන්තරධාපෙති, වූපසමෙති, එවමෙව ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නො ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය ද වඩන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල්දහම් ද සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, යම්සේ ගිමන් සෙමෙහි පැසුළු (=ඇසළ) මස උඩ නැඟි රජස්දැලි වේ ද එය මහා අකල් වැස්ස සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, එසෙයින් ම ආනාපානසති සමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල් දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි සන්හිඳුවයි.
කථං භාවිතො භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො, සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො, උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති, වූපසමෙතීති.
මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වී උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: “මහණෙනි, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙ”මි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ පුනපුනා කරන ලද්දේ ශාන්තත් ප්රණීතත් පියවින් මිහිරිත් සුවවිහරණත් වෙයි. උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවා යි.